ආර්ථික සංවර්ධනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආර්ථික සංවර්ධනය යනු රටක හෝ කලාපයක, රට වාසීන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඇති ආර්ථික ධනයයි. ප්‍රතිපත්ති දර්ශනයන්ගේ සිට බැලූ විට ආර්ථික සංවර්ධනය, රැකියා නිර්මාණය සහ රැකියා අවස්ථා රඳවා ගැනීම සහ ආදායම් වර්ධනය හෝ වර්ධනයට උදව් කිරීම සහ බදු පදනම මඟින් ජීවිතයේ ගුණාත්මක බව සහ ආර්ථික සුභ සාධනය දියුණු කිරීමට සොයාගත් උත්සාහයක් ලෙස නිර්වචනය කළ හැකිය.

ආර්ථික වර්ධනයත් සහ ආර්ථික සංවර්ධනයක් අතර කැපී පෙනෙන වෙනස්කම් ඇත. ආර්ථික වර්ධනය, ජාතික ආදායම, දළ දේශීය නිෂ්පාදනය හෝ ඒක පුද්ගල ආදායම වැනි නිශ්චිත මිනුම් දඬුහි වැඩිවීමක් මඟින් පෙන්නුම් කරන බවයි. ජාතික ආදායම හෝ නිෂ්පාදනය යනුවෙන් පොදුවේ ව්‍යවහාර කරනුයේ ගෘහස්ථ ආර්ථිකයෙහි මුළු වටිනාකම් එකතු කිරීමේ නිෂ්පාදනය මිනුම් පදයෙන් එය දළ දේශීය නිෂ්පාදනය යනුවෙන් ද හඳුන්වයි. (GDP) ජාතියක GDP (දළ දේශීය නිෂ්පාදනය) හි නැඟීම ආර්ථික විද්‍යාවේ දී, ආර්ථික වර්ධනය ලෙස නම් කරයි.

බොහෝවිට ආර්ථික සංවර්ධනය මඟින් ඊට වඩා වැඩි යමක් අදහස් කරයි. එය සත්‍ය වශයෙන්ම සාක්ෂරතා අනුපාතය, ආයු අපේක්ෂාව, දරිද්‍රතා අනුපාතය වැනි විවිධ වූ දර්ශකයන්ගේ වර්ධනයක් යොමු කරයි. GDP යනු ආර්ථික සුභ සාධනයේ නිශ්චිත මිනුමක් වුවත් එයට සමාජ සාධාරණත්වය, නිදහස, පාරිසරික ගුණාත්මක බව යන වැදගත් දෘෂ්ටීන් ඇතුළත් නොවේ. ආර්ථික වර්ධනයෙන් ඇති එකතු නිශ්චිත මිනුමකින්වත් ආර්ථික සංවර්ධනයට ප්‍රමාණවත් නිර්වචනයක් ලබා ගත නොහැක.

‍අනෙකුත් දේවල් අතරින්, ආර්ථික සංවර්ධනයෙහි තාවකාලික සමාජ විද්‍යාත්මක අධ්‍යනයන් කාර්මික ආර්ථික නවීකරණය වඩා ඉහල සංවිධානාත්මක හේතූන්හි ප්‍රකට න්‍යායන් සහ එයට සම්බන්ධ නූතන සමාජයෙහි ව්‍යාපාරික සංවර්ධන දෘෂ්ටීන් ආවරණය කරයි. එය ඓතිහාසික සහ සන්සන්දනාත්මක කෝණයන්ගේ සිට සමාජ විද්‍යාත්මක වර්ගයේ ගවේෂණයන් සම්බන්ධ ව්‍යාපාර සංවිධාන සහ ව්‍යාපාර සංවර්ධනයන් අනුගමනය කරයි. වෙළඳපොළ සහ කළමණාකරණ සේවක සම්බන්ධතාහි නිශ්චිත අයිතීන්හි විප්ලවය (වර්ධනය, නවීකරණය) සහ සංස්කෘතික වෙනත් ජාතීන් සම්බන්ධ සමානතා සහ අසමානතා පවතින තාවකාලික බටහිර සමාජයන්හි කාර්මික සංවිධාන, කාර්මික ආර්ථික වර්ධනයේ මට්ටමේ සහ ජාත්‍යන්තර වශයෙන් පෙන්නුම් කරන සැලකිය යුතු වෙනස්කම් හි ස්වභාවය සහ හේතූන් යන විෂය සම්බන්ධයෙන් එය “විදේශීය ආයෝජන සහ ශ්‍රම නිෂාපදන මට්ට‍ම්හි කැපී පෙනෙ‍න ලෙස සමහර රටවල්වලට වඩා අනෙකුත් රටවල් ඉහලින් සිටින්නේ මන්ද?”

ආර්ථික සංවර්ධනයේදි අධික බදු අය කිරීම[සංස්කරණය]

මෙය ප්‍රධාන වශයෙන් බදු දිමනා අවකරණ (abetment),මුදල් ආපසු දීහ හා ප්‍රතිපාදනයන් ආරක්ෂනයට පවතී. අධික බදු (Devbeclos) නැවත ගෙවීම් හා ආපසු මුදල් දිම යනාදි ගෙවීමට අමතරව දඩයක් අඩංගු ක්‍රමයන්ගෙන් වෙනස් වේ. බදු සහන පෙන්වා රැකියාවකට හෝ ආයෝජනයක් ආකර්ෂනය කර ගැනිමේ ක්‍රමය වසර විස්සකට වැඩි කාලයක් පුරා වර්ධනය වී ඇත. ආයතනයේ වර්ධනය මනින විවිධ පිමානයන් අඩංගු කර ඒ අනුව බදු සහන පබා දේ. ‍මෙම මිනුම් නම්,

1. වසර 5-10 අතර ඇතිකප නව රැකියා අවස්ථා
2. වාර්ෂික පඩි
3. යම් කාලපරිච්ඡේදයක සිදුකල ප්‍රාග්ධනය ආයෝජනයන්
4. යම් කාලපරිච්ඡේදයක සිදුකල වත්කම් වල ක්ෂය කිරීම්

අනෙකුත් මිනුම් ලෙස ප්‍රධාන කාර්යාලය එක් තැනක යම් කාලයක් තබා ගැනීම, නිෂ්පාදනයේ වර්ධය හෝ නිෂ්පාදිතයක වියදමේ අඩුවීම, වෙලඳපොලට යම් තාක්ෂනයක් ගෙන්විමේ අවශ්‍යතාවය ආදී කරැණු අඩංගු වේ. යම් ආයතනයක් ඉහත මිනුම් වල නියමිත අංගයන් සපුරාලීමට අසමත් වුවහොත් එම ආයතනයට අධික බද්දක් අයකර බදු සහන අවලංගු කිරීම බලධාරින්ට කල හැක. මෙහිදි ආයතනයට අදාල සහනය නැවත ගෙවිමටත්, තව අමතර දඩයක් බදු අධිකාරියට ගෙවිය යුතුවේ. බදු සහනයක් දී ඇති බැවින් අඩු ක්‍රියාකාර ආයතනයන්ට අධික බද්ධක් අයකිරීම සාර්වත්‍ර වේ.

අධි (Devbeclos) යනු ආර්ථික වර්ධනය හා සමජ වර්ධනය හා සමජ සුබසාධනය අතර පවතින ගිවිසුමකි.

අධි බදු තද මත භේදයට තුඩු දෙන කරුණක් වන නමුත් සමාජයට ප්‍රයෝජනයක් සහිත ක්‍රියාකාරිත්වයක් ගැන සහතිකයක් වේ.

ආර්ථික සංවර්ධන ආකෘති[සංස්කරණය]

බොහෝ ආර්ථීක වර්ධන ආකෘති ගොඩ නැගී ඇති පධාන කොටස් තුන නම්: (1) නිෂ්පාදන ශ්‍රිතය (2) ඉතිරිකිරීම් ශ්‍රිතය (3) ශ්‍රම සැපයුම් ශ්‍රිතය (ජනගහන වර්ධනයට සම්බන්ධවූ) ඉතිරිකිරීම් ශ්‍රිතය සමග, ආර්ථික වර්ධන අනුපාතය, S/β යන්නට සමාන වේ. (S යනු ඉතිරිකිරීම් අනුපාතයද, β යනු ප්‍රාග්ධන-නිමවුම් අනුපාතයද, වේ.) තාක්ෂණය මගින් ප්‍රාග්ධන-නිමවුම් අනුපාතය කෙටිකාලයේදී ස්ථාවරව තබාගන්නේ යයි උපකල්පනය කල විට, ඉතිරි කරණ ලද සියලුම දේ ආයෝජනය කරන්නේය යන පදනම මත, ආර්ථික වර්ධන අනුපාතය, ඉතිරිකිරීම් අනුපාතය මගින් සම්පූර්ණයෙන්ම තිරණය වේ.

හැරඩ්-ඩෝමා ආකෘතිය[සංස්කරණය]

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය (g), ජාතික ඉතිරිකිරීම් අනුපාතය (s) මත ඍජුවමද, ජාතික ප්‍රාග්ධන නිමවුම් අනුපාතය (k) මත පථිලෝමවද, රඳා පවතින අතර එම නිසා එය, g = s/k, ලෙස ලියනු ලැබේ. මෙම ශිතාත්මක සම්බන්ධතාවය හැරඩ්-ඩෝමා ආකෘතිය මගින් නිරූපණය කරණු ලබයි. ආර්ථික විදඥයන් දෙදෙනෙකු විසින් සිදුකල වර්ධන ක්‍රියාවලිය පිළිබඳ විශ්ලේෂණයන්ගේ සංකලනයකින්, සමීකරණයට මේ නම ලැබී ඇත (බ්‍රිතාන්‍යයේ ශ්‍රිමත් රෝයි හැරඩ් හා එක්සත් ජනපදයේ ඉව්සි ඩෝමා). පශ්චාත් යුධ සමය ආරම්භයේදී, ආර්ථික සැලසුම්කරණයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල්, හැරඩ් ඩෝමා ආකෘතිය සුලභව භාවිතා කරණ ලදී. මෙහිදී ඉලක්කගත වර්ධන අනුපාතයක් ඇතිවිට අවශ කරණු ලබන ඉතිරිකිරීම් අනුපාතය පසක්වේ.

බහිර්ජන වර්ධන ආකෘතිය[සංස්කරණය]

රොබට් සෝලෝ හා අනෙකුත් අයගේ බහිර්ජන වර්ධන ආකෘතිය (හෝ නව සම්භව වර්ධන ආකෘතිය) මගින්, තාක්ෂණික වෙනසේ කාර්භාරය පිළිබඳව අවධාරණය ඇති කරණ ලදී. හැරඩ් ඩෝමා ආකෘතියේදී මෙන් ‍නොව, මෙහිදී ඉතිරිකිරීම් අනුපාතය මගින් ආදායම් මට්ටම පමණක් තිරණය කරණු ලබන නමුත් ආර්ථික වර්ධනය තීරණය කරණු නොලැබේ. ‍‍මෙම ආකෘතිය මගින් ලබාගත් වර්ධන මිණුමේ මූලාශ්‍ර මගින් ආර්ථික වර්ධනයේදී, ප්‍රාග්ධන සම්පාදනයේ (හැරඩ් ඩෝමා ආකෘතියේදී මෙන්) හා තාක්ෂණික වෙනසේ (නව සම්භව ආකෘතියේදී මෙන්) සාපේක්ෂ වැදගත්කම ඉස්මතු කරණ ලදි. 19 වන සියවස අවසානයේ හා 20 වන සියවස ආරම්භයේදී, එක්සත් ජනපද ආර්ථික වර්ධනයෙන් සියයට 90 ක් පමණ තාක්ෂණික වෙනස මගින් ඇතිවූ බව සෝලෝ (1957) මූලික අධනයෙන් පෙන්වා දෙන ලදී. සංවර්ධනය වෙමින් පවත්නා රටවල සිදුකල ප්‍රතක්ෂමූල අධනයන් මගින් ‍මෙයට වඩා වෙනස් ප්‍රථිඵල පෙන්වා ඇත. (චෙන් ඊ.කේ.වයි., 1979 ආසියානු රටවල අතිවර්ධනය)

නැගෙනහිර ආසියාවේ ආර්ථික වර්ධනය, අනුපාණය (නවෝත්පාදන) මත නොව, වෙහෙසීම (වැඩියෙන් යෙදවුම් භාවිතය) මත පදනම් වේය, යන මතය දැරූ කෘග්මන් (1994) බලන්න. (ක්රූග්මන්, පී; 1994 ආසියානු හාස්කමේ මිථව, විදේශ සම්බන්ධතා, 73)

එසේද වුවත්, නැගී එන රටවල් ඇතුළු, අපගේ පශ්චාත් කාර්මික ආර්ථිකයන්වලද, වර්තමානයේ, ආර්ථික සංවර්ධනය, නවෝත්පාදනය හා දැණුම මත බෙහෝදුරට පදනම් වේ. වපාර කලඹ නිර්මාණය කිරීම මෙහිදී භාවිතා වන උපායන්ගෙන් එකකි. ඉතා ප්‍රචලිත උදාහරණයක් ලෙස, රජය විසින් මෘදුකාංග තාක්ෂණික උදන ඇතුළු මෘදුකාංග කර්මාන්තය ධෛමත්කරණු ලබන, ඉන්දියාවේ බැංග්ලෝර් දැක්විය හැකිය.

ප්‍රාදේශීය ප්‍රතිපත්ති[සංස්කරණය]

Diagram of key components of a strong regional cluster, U.S. Economic Development Administration [1]

ආර්ථික සංවර්ධන ප්‍රථිපත්ති එහි පුළුල් අර්ථයෙන් ගත් කල, ප්‍රධාන අංශ 3 ක් ආවරණය කරනු ලබයි.

• මිල ස්ථායීතාවය, ඉහළ සේවා නියුක්තිය හා තිරසාර වර්ධනය, වැනි පුළුල් ආර්ථීක අරමුණු ඉටුකර ගැනීමට රජයන් පොරොන්දුවේ. එවැනි ප්‍රයත්නයන්ට මූල හා ෆිස්කල් ප්‍රතිපත්ති, මූල ආයතන රෙගුලාසි, වෙළඳ හා බදු ප්‍රතිපත්ති අයත්වේ.

• මහාමාර්ග, උදන, පහසු මිලට නිවාස, අපරාධ මැඩලීම හා K-12 අධපනය වැනි පාදක වහමය පහසුකම් හා සේවා ලබාදෙන වැඩසටහන්.

• වපාර මූලයනය, අලෙවි කළමනාකරණය, අවට සංවර්ධනය, සුළු පරිමාණ වපාර සංවර්ධනය, වපාර සුරක්ෂිත කිරීම හා පුළුල් කිරීම, තාක්ෂණය හුවමාරුව, හා තත්‍ය දේපල සංවර්ධනය මගින් ගන්නා විශේෂ උත්සාහයන් තුලින්, රැකියා නිර්මාණය කිරිම හා සුරක්ෂිත කිරීම. මෙ‍ම තුන්වන වර්ගය ආර්ථික සංවර්ධන වෘත්තිකයන්ගේ මූලික අවධානය යොමුවූ කරුණකි.

ආර්ථික සංවර්ධකයන්

ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති එහි පුළුල් අර්ථයෙන් ගත් කල, ප්‍රධාන අංශ 3 ක් ආවරණය කරනු ලබයි.


  • මිල ස්ථායීතාවය, ඉහළ සේවා නියුක්තිය හා තිරසාර වර්ධනය, වැනි පුළුල් ආර්ථීක අරමුණු ඉටුකර ගැනීමට රජයන් පොරොන්දුවේ. එවැනි ප්‍රයත්නයන්ට මූල හා ෆිස්කල් ප්‍රතිපත්ති, මුල්‍ය ආයතන රෙගුලාසි, වෙළෙඳ හා බදු ප්‍රතිපත්ති අයත්වේ.
  • මහාමාර්ග, උද්‍යාන, පහසු මිලට නිවාස, අපරාධ මැඩලීම හා K-12 අධ්‍යාපනය වැනි පාදක ව්‍යුහමය පහසුකම් හා සේවා ලබාදෙන වැඩසටහන්.
  • ව්‍යාපාර මූල යනය, අලෙවි කළමනාකරණය, අවට සංවර්ධනය, සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, ව්‍යාපාර සුරක්ෂිත කිරීම හා පුළුල් කිරීම, තාක්ෂණය හුවමාරුව, හා නිත්‍ය දේපල සංවර්ධනය මගින් ගන්නා විශේෂ උත්සාහයන් තුළින්, රැකියා නිර්මාණය කිරිම හා සුරක්ෂිත කිරීම. මෙම තුන්වන වර්ගය ආර්ථික සංවර්ධන වෘත්තිකයන්ගේ මූලික අවධානය යොමුවූ කරුණකි.

ආර්ථික සංවර්ධකයෝ[සංස්කරණය]

ආර්ථික සංවර්ධනය, ඉතා ඉහළින් විශේෂිත වෘත්තීකයන්ගේ වෘත්තීය කර්මාන්තයක් බවට පරිනාමය වී ඇත. මෙම වෘත්තීකයන්ට ප්‍රධාන කාර්යභාර්යන් දෙකක් ඇත: පළමුවැන්න, ප්‍රතිපත්ති සම්පාදනයේදී නායකත්වය සැපයීම වන අතර දෙවැන්න, ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති පාලනය කිරීමයි. ආර්ථික සංවර්ධනය වෘත්තීකයන්, සාමාන්‍යයෙන් රාජ්‍ය, පළාත් පාලන, නගර සභා මට්ටමේ රාජ්‍ය ආයතනවල හෝ ප්‍රාදේශීය, පළාත් හෝ රාජ්‍ය බදු මුදල් වලින් අර්ධ වශයෙන් අරමුදල් සපයනු ලබන අර්ධ රාජ්‍ය සංවිධානවල, සේවය කරනු ලබයි. මෙම ආර්ථීක සංවර්ධන සංවිධාන (EDOS) තනි ආයතන ලෙස ක්‍රියාකරන අතර ඇතැම් අවස්ථා වලදී පළාත් පාලන ආයතනවල දෙපාර්තමේන්තු ලෙස ක්‍රියාකරනු ලබයි. නව ආර්ථීක අවස්ථාවන් සොයා ගැනීමත්, ඔවුන් සතුව පවත්නා ව්‍යාපාර ධනය සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ කාර්යභාරය වේ. ආර්ථික සංවර්ධනය, ප්‍රධාන කාර්යභාරය කර නොගත් විවිධ ආයතනද ආර්ථික සංවර්ධකයන් සමග හවුලේ කටයුතු කරති. මේවාට, ප්‍රවෘත්ති මාධ්‍යය, පදනම්, උපයෝගීතා, පාසල්, සෞඛ්‍ය සේවා සැපයුම්කරුවන්, ඇදහිලිමත පදනම් වූ සංවිධාන, හා විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන හා පර්යේෂණ ආයතන ඇතුළත් වේ.

මෙම නිසා ඉතා ඉහළ මට්ටමින් විශේෂීකරණය වූ කර්මාන්තය තුළ, වෘත්තීය ආර්ථික සංවර්ධකයන් 20,000 කට වැඩි පිරිසක් සේවා නියුක්තව සිටිති. වොෂින්ටන් නුවර ප්‍රධාන කාර්යාලය පිහිටි, ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන සභාව (IEDC),ආර්ථික සංවර්ධකයින්ට තම වෘත්තීයේ තත්ත්වය ඉහළ නංවා ගනිමින් රැකියාව ඵලදායීව කරගෙන යාමට උපකාර කිරීම සඳහා කැපවුණු, ලාභ නොලබන ආයතනයකි. එක්සත් ජනපදය තුළ හා ජාත්‍යන්තරව සාමාජිකයන් 4500 කට වැඩි පිරිසක් සමග විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන ප්‍රජාවට, එමගින් සේවා සපයනු ලැබේ. පළාත්, රාජ්‍ය, පළාත්පාලන, ග්‍රාමීය, නාගරික හා ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන සංවිධාන, වාණිජ මණ්ඩල, තාක්ෂණ සංවර්ධන නියෝජ්‍ය ආයතන, උපයෝගීතා සමාගම්, අධ්‍යාපන ආයතන, උපදේශකයින් හා ප්‍රතිසංවර්ධන බලධාරීන්ගේ සිට සම්පූර්ණ වෘත්තීය පරාසය, සාමාජිකත්වය මගින් නිරූපණය කරනු ලබයි. බොහෝ රටවල ආර්ථික සංවර්ධන වෘත්තීකයන්ගෙන් සමන්විත සංගම් පවතින අතර ඒවාද IEDC සමග සමීපව කටයුතු කරනු ලබයි.

වර්තමාන ගෝලීය ලෝකය තුළ නව ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රජාවන්, රාජ්‍ය හා රටවල් අතර තීව්ර තරගයක් පවතී. ව්‍යාපාර ආකර්ශනය කරගැනීමට හා සුරක්ෂිත කර ගැනීම සඳහා වන මෙම අරගලය විභව ව්‍යාපාර සඳහා බොහෝ විවිධ ආර්ථීක දිරිගැන්වීම් භාවිතා කිරීම මගින් තවදුරටත් වේගවත් කරනු ලබයි. ආර්ථික සංවර්ධන සංවිධාන විසින් භාරගන්නා විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි IEDC මගින් විශේෂ අවධානයක් යොමු කරන අතර ඔවුන්ට තරඟ කිරීමට හා තිරසාර ප්‍රජාවක් වීමට උපකාර කරයි. මීට අමතරව, ප්‍රජා හැඩගැන්වීම් උපකරණ හා තොරතුරු පද්ධති මාර්ගකයන් ප්‍රජාවත්කම් වලට එරෙහිව අනෙක් ප්‍රජාවන් මැනීම සඳහා භාවිතා කිරීම ආර්ථීක සංවර්ධනයේ වැදගත් අංගයකි. රැකියා නිර්මාණය, ආර්ථික නිමැවුම් හා බදු පදනම ඉහළ දැමීම, ඉතා පොදු මිණුම් උපකරන වේ. මැනීම සලකනු ලබන විට රැකියා නිර්මාණය නොකිරීම සඳහා ආර්ථික සංවර්ධකයන් මත අනවශ්‍ය අවධාරණයක් තබා ඇත. කෙසේ වුවද සත්‍ය ආර්ථීක සංවර්ධකයන් නියම ලෙස රැකියා නිර්මාණය නොකරන නමුත්, පවත්නා ව්‍යාපාර සඳහා සහ නව ව්‍යාපාර සඳහා එසේ කිරීමට පහසුකම් සපයයි. එමනිසා ආර්ථික සංවර්ධකයන් ව්‍යාපාර ආයතන වලට තම අරමුණු කරා ලගාවීම සඳහා සහාය වීමට තරම් ප්‍රමාණවත් ආර්ථික සංවර්ධන වැඩසටහන් පවතීයයි තහවුරු කර ගත යුතුය. එවැනි වැඩසටහන් සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති මගින් නිර්මාණය කිරීමට සහ ප්‍රාදේශීය, පළාත්, රාජ්‍ය හා ජාතික මට්ටමින් නිර්මාණය කිරීමට හැකිවිය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_සංවර්ධනය&oldid=419652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි