ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම
අරාබි–ඊශ්‍රායෙල ගැටුම කොටසකි
West Bank & Gaza Map 2007 (Settlements).png
බටහිර ඉවුර සහ ගාසා තීරුව අසබඩ, මධ්‍ය ඊශ්‍රායෙලය, 2007
දිනය 20වන සියවසෙහි මුල් අවදිය-වර්තමානය
ස්ථානය ඊශ්‍රායෙලය, පලස්තීන භූමිප්‍රදේශ
ප්‍රතිඵලය ගැටුම දැනටද පවතියි
රණපත්හු

Flag of Palestine.svg
පලස්තීනයන්
Flag of Israel.svg
ඊශ්‍රායෙල්වරුන්
සාම ක්‍රියාවලිය
ප්‍රාථමික කතිකා අපේක්ෂාවන්
tiny globe
ඊශ්‍රායෙල, ගාසා තීරය හා බටහිර ඉවුර සහ ගෝලන් හයිට්ස්

ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම යනු ඊශ්‍රායෙලය හා පලස්තීන රාජ්‍යයන් අතර දිගු කලක පටන් අඛණ්ඩ පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි-ඊශ්‍රායෙල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතුව වී තිබෙන්නේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳව දෙරට අතර ඇතිව තිබෙන මතභේදයයි. ඊට"ද්වි-රාජ්‍යය විසඳීමක්" ඇතිකර ගැනීමට නොයෙක්වර උත්සාහගෙන ඇත. එනමුත් "ද්වි-රාජ්‍යය විසඳීමක් මඟින් සටන් ඇතිවී ඇති භූමියේ නිදහස් ඊශ්‍රායෙල ජනපදයක් හා පලස්තීන ජනපදයක් ඇතිකෙරේ. අද වන විට එවැනි විසදුමකට බොහෝ පලස්තීනුවන් හා ඊශ්‍රායෙල ජාතිකයන් එකඟ වී තිබෙන අතර ගාසා තීරයේ හා බටහිර ඉවුරේ අයිතිය පිළිබඳව ඇති ගැටළුව විසඳා ගැනීමට තිබෙන හොඳම විසඳුමද "ද්වි-රාජ්‍යය විසඳීම" බව ඔවුන් පවසයි.බොහෝ ඊශ්‍රායෙල ජාතිකයන්ද පිළිගන්නා පරිදි, බොහෝ පලස්තීනුවන්ගේද අදහස ගාසා තීරය හා බටහිර ඉවුර තම රාජ්‍යයට ඈඳා ගතයුතු බවයි. උගත් සුළු පිරිසක් පමණක් ගාසා තීරය හා බටහිර ඉවුර ඊශ්‍රායෙල හා පලස්තීන ජාතිකයින්ට සම අයිතිවාසිකම් ලැබෙන "තනි රාජ්‍යය විසඳුමක්" සුදුසු යැයි යෝජනා කර තිබේ. එනමුත් අවසාන එකඟවීම කෙසේ සිදුවිය යුතුද යන්න හා අන්‍යෝන්‍යය දායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය පිළිබඳව තවමත් මතභේද පවතී.

අභ්‍යන්තර හා අන්තර්ජාතික බොහෝ පිරිස් මෙම අර්බුදයට සම්බන්ධ වී තිබේ. සෘජුව මැදිහත්ව ඇති කණ්ඩායම් දෙක වන්නේ, එහුද් ඔල්මට් ගේ නායකත්වයෙන් යුක්ත ඊශ්‍රායෙල රජය හා මොහොමඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුක්ත පලස්තීන විමුක්ති සංවිධානයයි. නීත්‍යානුකූල සාකච්ඡා හසුරුවනු ලබන්නේ මැදපෙරදිග චතුරංගිය සේනා(Quartet on the Middle East) ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපා සංවිධානය හා එක්සත් ජාතීන්ගෙන් සමන්විත බල ඇණියක් මඟිනි.

බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ද විශේෂ නියෝජිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු විසින් විකල්ප සාම ක්‍රියාදාමයක් යෝජනා කරනු ලැබ ඇත. අරාබි ලීගයද වැදගත් මැදිහත් කරුවෙකි. අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයකු වන ඊජිප්තුවද මෙම අර්බුදයට ‍ ඓතිහාසිකව සම්බන්ධ වුනු හවුල්කරුවෙකි.

වසර 2006 සිට පලස්තීන ප්‍රදේශ ප්‍රධාන පාර්ශව දෙක අතර ඇතිවුණු සටන් නිසා බිඳී ගොස් ඇත. මෙම පාර්ශව දෙක වන්නේ ‍‍ෆටාහ් (Fatah) හා හමාස් (Hamas) නම් ඉස්ලාමික සටන් කණ්ඩායම් නිසාවෙනි. මෙම හේතුව නිසා පලස්තීන ජාතික අධිකාරිය පාලනය යටතේ තිබු ප්‍රදේශය බටහිර ඉවුර ‍ෆටාහ් සංවිධානය යටතද, ගාසා තීරය හමාස් සංවිධානය යටතටද බෙදී තිබේ. හමාස් සංවිධානය, පලස්තීන 2006 ඡන්දය ජයග්‍රහණය කලද, ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායෙලය හා අනිකුත් රටවල් විසින් සලකනු ලබන නිසා මෙම බෙදීම ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය කර තිබේ. එම නිසා නීත්‍යානුකූල සාකච්ඡා වලට සහභාගී වීමටද ඔවුන්ට ඉඩ දෙනු නොලැබේ.

මෑතකදී ඇතිවූ සාම සාකච්ඡා වටය 2007 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ අන්නපොලිස් (Annapolis) හීදි ආරම්භ විය. 2008 වසර අවසානය වනවිට මෙම අර්බුදය සමථයකට පත්කිරීම මෙම සාකච්ඡා වටයේදී අරමුණු කර ඇත. සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශව මඟින් අර්බුදයට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6ක් හඳුනාගෙන ඒවා "අවසාන තත්වය" විසඳීම සිදුකළ යුතු බවට එකඟ වී ඇත. හඳුනාගත් ගැටළු වන්නේ ජෙරුසලම, අනාථයන්, පදිංචිකිරීම්, ආරක්ෂාව, දේශසීමාවන් හා ජලය යන කාරණායි. සාකච්ඡා වටයේදී මෙම කාරණා පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරනු ලබයි.

ඊශ්‍රායෙල හා පලස්තීන ජන සමාජයන් තුළ මෙම අර්බුදය පිළිබඳව බොහෝ මතවාද හා අදහස් ගොඩනැගී ඇත. ("සාම ක්‍රියාදාමය පිළිබඳව වූ ඊශ්‍රායෙල - පලස්තීන මත" යන ලිපිය ද කියවා බලන්න). මෙම මතභේදයට ගොදුරුව සිටින ජනකොටස් ඊශ්‍රායෙල හා පලස්තීනුවන් ලෙස පමණක් නොව ඔවුනොවුන් අතර වෙනත් බෙදීම්ද ඇතිකර ගෙන තිබේ. මෙම අර්බුදයේ වඩා සැලකිය යුතු කරුණක් වන්නේ මේ ජන කොටස් තුළ ඇතිව තිබෙන අධික ප්‍රචණ්ඩත්වයයි. දෙරටේ හමුදා හමුදා අතර ඇතිවන සටන් මඟින්ද, නිල නොලත් සටන්කරුවන්ද, ත්‍රස්තවාදීන් විසින්ද මෙහෙයවනු ලබයි. තුවාලකරුවන් හෝ මරණයට පත්වන්නන් හමුදාවට පමණක් නොව දෙපාර්ශවයේ අහිංසක ජනතාවට අයත් වේ.

ඉතිහාසය[සංස්කරණය]

ඊශ්‍රායල පලස්තීන ගැටුමට හේතුවන්නේ යුදෙව්වන් හා අරාබි ජාතිකයන් පලස්තීන උරුමකම් කීමයි. බ්‍රිතාන්‍ය මැදිහත් වීමෙන් හුසේන් - මැක්මෝහන් එකගතා ඇති කර ගත්තත් පලස්තීන සඳහා යුදෙව් - අරාබි ගැටුම අවස්න වුයේ නැත. ගැටුමේ මුල් 19වන සියවසේ අගභාගය දක්වා දිවෙයි. එහිදි ජාතික ව්‍යාපාර වල පිබිදීමක් ඇති වුන අතර පලස්තීණය තුළ යුදෙව් ජනාවාසයක් සදහා වන අරගලය හා ජාතිවාදය ඉන් ප්‍රධාන වේ. ස්යෝන්වාදය හෙවත් යුදෙව් ජාතික ව්‍යාපාරය 1897 දේශපාලන ව්‍යාපාරයක් ලෙස ස්ථාපනය වු අතර එය විශේෂයෙන් රැසියනු හි යුරෝපානු විරෝධි ( aniti – Semitisan) බවට එරෙහිව ඊට ප්‍රතිචාර දක්වනු වස් බිහිවු බවක් ප්‍රකාශණ වේ. මෙමගින් බලාපොරොත්තු වුයේ පලස්තීනය තුල යුදෙව් - ජාතික රාජ්‍යයක් බිහි කිරිමයි. ( මෙම යුදෙව් ප්‍රදේශය පැරණි යුදෙව් මවුබිමේ නමින් හෙවත් ˝ ඉරෙට්ස් ඊශ්‍රාලය ˝ ) එම ප්‍රයත්නය තුළින් ආරක්ෂිත ස්ථානයක් ලෙස හා ස්වයං පාලනය එහිදි ලබා ගත හැකියාව ඇත. එම අරමුණ මුදුන් පත් කරවා ගැනීමට ලෝක සියෝනියානු (යුදෙව්) සංවිධානය හා යුදෙව් ජාතික අරමුදල විසින් සංක්‍රමණ දිරි ගන්වන අතරම ඔටෝමන් පාලනයේ හා බ්‍රිතානයේ පාලනයේ ඇති පලස්තීන ප්‍රදේශය තුළ මිලට ගැනීමට අනුග්‍රහ දක්වන ලෙසට ඉල්ලීමක් කරන ලදී. ‍

දෙවන ලෝක යුද්ධයෙන් පසුව හා ඔටෝමන් අධිරාජ්‍යය බිද වැටිමෙන් අනතුරැව සයිකස් - පිකට් ගිවිසුමට අනුව හා ජාතීන්ගේ සංගමයේ බලතල වලට අනුව පලස්තීනය මහ බ්‍රිතාන්‍යය බලය යටතට පත් කෙරැණි. එම භාරකාර කාලය තුළදී බ්‍රිතාන්‍ය විසින් ගැටුම් සදහා සම්බන්ධ කණ්ඩායම් 02ක සදහා ගැටුම් කාරි එකගතා කිහිපයක් සදහා එකගත්වය පළ කරන ලද අතර ඒ අතරින් යුසේන් මැක්මොහන් එකගතා හා බැල්ෆර් සම්මුතිය - 1917 විශේෂ වේ. අරාබි හා යුදෙව් පිරිස් අතර වු පීඩනය පුපුරා ගියේ භෞතික ප්‍රචණ්ඩත්වය ප්‍රථිපලයක් ලෙස උරැම කරමින්ය. 1920 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1921 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1929 පලස්තීනයේ අරාබි කැරැල්ල ඊට උදාහරණ කිහිපයකි.

සාම ක්‍රියාවලිය[සංස්කරණය]

2000 ඩේවිඩ් කඳවුරු සමුළුව[සංස්කරණය]

2000 වසරේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් හා ඊශ්‍රායෙල අගමැති ඊහුඩ් බැරක් අතර සාම සාකච්ඡා කැඳවීය. වාර්තාවන අන්දමට එහිදී බැරක් විසින් පලස්තීන නායකයාට කරන ලද යෝජනාව මෙසේය. එනම් බටහිර ඉවුරෙන් හා ගාසා තීරයෙන් දළ වශයෙන් 95% ක් නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ස්වෛරීත්වය යටතේ පැවැත්වීමටද යුදෙව් ජනාවාස 69 ක් (එය බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලින් 85 % ක් අයත් කර ගනී) ඊශ්‍රායෙලයට පවරා ගැනීම ද යෝජනා කළේය. මේ අතර මොහු බටහිර ඉවුරේ ප්‍රදේශවල 10% ක ප්‍රදේශයක තාවකාලික ඊශ්‍රායෙල පාලනයක් යෝජනා කළ අතර එම ප්‍රදේශයේ යුදෙව් ජනාවාස රැසක් පැවතිණි. පලස්තීන මූලාශ්‍රයන්ට අනුව ඉතිරි ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පවතිනු ඇත. තවදුරටත් ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායෙල කෙටි මාර්ග හා මුර කුටිවලින් භේදනයට ලක්විය හැකිය. ආරක්ෂක මාර්ග ඇති වන්නේ කෙසේද යන්න මත පදනම්ව මෙම ඊශ්‍රායෙල මාර්ග ඔවුන්ගේ යෝජිත රාජ්‍යය පුරා නිදහසේ සැරිසැරීම අවහිර කරන අතර පලස්තීන සරණාගතයන් අවශෝෂණයට ඇති හැකියාව අවම කරනු ඇත.

ජනාධිපති අර්ෆත් මෙම පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළේය. වාර්තාවන අන්දමට ජනාධිපති ක්ලින්ටන් විසින් අර්ෆත්ට සාධාරණ ප්‍රදානයක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටියද ඔහු කිසිවක් යෝජනා කර නැත. ඊශ්‍රායෙලය හා පලස්තීන ඉල්ලීම් සංසිදුවන ස්ථාවර විසඳුමක් එක්සත් ජනපද පීඩනයේ තීව්‍රතාව වැඩිවන ආකාරයෙන් යෝජනා නොවීය. ඩේවිඩ් කඳවුරු සමුළුවේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ක්ලින්ටන් ජනාධිපතිවරයා පලස්තීන නායක අර්ෆත්ට බැන වැදිණි. සමුළුවෙන් පසු ගෙවීගිය මාසවලදී ක්ලින්ටන් හිටපු සෙනෙට් සභික ජෝජ් මිචෙල්ව කරුණූ සොයාබැලීමේ කමිටුවක නායකත්වයට පත්කළහ. ඔවුන් විසින් පසුව මිචෙල් වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව තාබා සමුළුවේදී 2001 ජනවාරි මාසයේදී ඊශ්‍රායෙල සාකච්ඡා කණ්ඩායම නව සිතියමක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවේදී තාවකාලික ඊශ්‍රායෙල පාලන ප්‍රදේශ ඉවත් කළ අතර පලස්තීන පාර්ශවය මෙම යෝජනාව තව දුරටත් සලකා බැලිය හැකි එකක් බව පිළිගත්තේය. මේ වකවානුවේදී අගමැති බැරක් තව දුරටත් සලකා බැලීම සිදු නොකළ අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. ඊළඟ මාසයේදී එනම් 2001 පෙබරවාරිවලදී දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ අපේක්ෂක ඒරියල් ෂැරොන්ව ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙස තෝරා ගන්නා ලදී.

සාමය සදහා වන මාර්ග සිතියම[සංස්කරණය]

යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් චතුරංග සාමාජිකයන් වන රැසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, හා ඇ.එ.ජ. විසින් 2002 සැප්තැම්බර් 17 වන දා ඉදිරිපත්කරන ලද එක් සාම යෝජනාවකි. මෙම යෝජනාව ඉතා දුෂ්කර ගැටළු වන ජේරැසලම හෝ ඊශ්‍රායල ගැටුම් වල විසදුම ඉරණම වැනි පිළිබද වැඩි අවධානයක් යොමු කොට නැති නමුත් එවන් ගැටළු සාම ක්‍රියාවලියේ දී පසුව සාකච්ඡා කිරිම සදහා යෝජනා කොට ඇත. ඊශ්‍රායලය විසින් ලිඛිතව මෙම යෝජනාව පිළිගත්තේ නැති වුවත් එම යෝජනාවලියට ˝ එක් විය යුතු කරැණු˝ හෝ වෙනස් විය යුතු කොන්දේසි 14ක් ඉදිරිපත් කර ඇත. එහෙත් මෙම වෙනස්කම් පලස්තීන රජය විසින් අනුමත කරනු ලැබුවේ නැත. සම්මුතිය එහි පළමු පියවරෙන්ම අසාර්ථක විය. ඊශ්‍රායල විසදුම් මෙන්ම ඊශ්‍රායල පලස්තීන රජය විසින් අනුමත කරණු ලැබුවේ නැත. සම්මුතිය එහි පළමු පියවරෙන්ම අසාර්ථක විය. ඊශ්‍රායල විසදුම් මෙන්ම ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩත්වය නවත්වා දැමීම යන කාරණා 02කම මේ නිසා ඉටු නොවීය.

2007 අවසාන භාගයේ සිට නැවතත් නැණපොලිස් සමුළුව හරහා ˝ සාමය සදහා මාර්ග සිතියම˝ පිළීබද සාකච්ඡා ආරම්භ වු අතර 2008 මුල් භාගය වනවිටත් යම් ප්‍රගතියක් ලබා ගනිමින් පසු විය.

අරාබි සාම ප්‍රයත්නය[සංස්කරණය]

˝ අරාබි සාම ප්‍රයත්නය ˝ යනු බේරැට් සමුළුවේ දී ( Beirut Summit) සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන අබ්දුල්ලා විසින් යෝජනා කරන ලද්දකි. අරාබි - ඊශ්‍රායල ගැටුමට පොදුවේ විසදුම් සෙවීමත් විශේෂයෙන් ඊශ්‍රායල - පලස්තීන ගැටුමට ප්‍රතිකර්ම සෙවීමත් මෙම යෝජනාවල අරමුණයි. මෙම යෝජනා 2002 මාර්තු 28 වන දින බේරැට් සමුළුවේ දී ප්‍රකාශයට පත් විය. නැවතත් 2007 දී පැවැති රියාද් සමුළුවේදී (Riyadh Summit) ඊට අනුමැතිය ලැබුණි. හමාස් හා ෆාටා පලස්තීන සංවිධාන ය දෙකේම මෙන්ම අරාබි ලීගයේ සියළු සමාජිකයන් ගේ අනුමැතිය මීට පළ විය. ‍

1967 දින හයේ යුද්ධයට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අනුමත කල දේශ සීමා තරණය අවසන් විසදුම ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාව ඊට පෙර ක්‍රියාත්මක වීමට නියමිත ˝ සාමය සදහා වන මාර්ග සිතියම ˝ යෝජනාවලියට වඩා වෙනස් වේ. ඊශ්‍රාලයේ සමග සබදතා සාමාන්‍යය පත් කිරිම සදහා බලෙන් අත්පත් කර ගත් ප්‍රදේශ වල හමුදා ඉවත් කර දැමීමටත් බටහිර ඉවුර හා ගාසා තීරය නැගෙන ජේරැසලම ප්‍රධාන අග නගරය කරගත් නිදහස් පලස්තීනය තුළ පිළිගැනීඹටත් පලස්තීන සරණාගතයන්ට ˝ සාධාරන විසදුමක් ලබා දීමටත් මෙම ගිවිසුම යෝජනා ඉදිරිපත් කරන ලදී.

2002 දී ‍මෙම යෝජනාවලිය ඉදිරිපත්කරන විටම ඊශ්‍රායලය විසින් එය ප්‍රතික්ෂේප කරන ලැබුවත්, අරාබිලීගය විසින් මෙම යෝජනාව නැවත නැවතත් ගෙන එමින් එය ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් බවට, විශේෂයෙන්ම 2007 දී ඒත්තු ගැන්වීමේ උත්සහයක නිරතව සිටි. එමෙන්ම ඉතා මැතකදි ඊශ්‍රායලය හා අරාබි ලීගය අතර සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණි. අරාබි නායක හාරෙට්ස් විසින් 2008 පෙබරවාරියේ දී මෙම ගිවිසුම හකුලා ගන්නා ලෙසත් එසේ නොමැති නම් ඊශ්‍රායලය ප්‍රකාශණාත්මකව මෙම යෝජනාව පිලිගැනීමට හැකි බව පවසයි.

වර්තමානයේ මතභේදයට ලක්ව ඇති කරුණු[සංස්කරණය]

මූලික කාරණා[සංස්කරණය]

දෙපාර්ශවය අතර සාකජ්ජාමය මාර්ගයෙන් විසදුමක් කරා ඒම මුලික කොට ගෙන විවිධ යෝජනා ඉදිරිපත් විය. ඔස්ලෝ සම්මුති 1993 දී කෙටුම්පත් කලාට පසුව ඊශ්‍රායල රජය හා පලස්තීන ජාතික අධිකාරිය (PNA)විසින් රාජ්‍ය දෙකක විසඳ්‍රමක් සදහා නිල වශයෙන් කැප විය. ප්‍රධාන හෝ අවසන් තත්වය පිළිබඳ ගැටළු හයක් සදහා විසදුම් සොයා ගත යුතුව ඇත.

ජෙරුසලම[සංස්කරණය]

ජෙරුසලමේ මායිම පිළිබදව වන ගැටළුව නිතර විවාදයට තුබු දෙන අතර රටවල් 02කට මෙම ප්‍රදේශයේ අයිතිය උරුම කියි පායි. ඒබ්‍රහම් ය ආගම් වන යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය, හා ඉස්ලාම් ආගම, එම ආගම් වල ඓතිහාසික ඉගැන්වීම වල දී ජෙරුසලම පිළිබද සුවිශේෂි කඩ ඉමක් ලබා දී ඇත. ඊශ්‍රාලය අනුව නගරය දෙකඩ නොකිරිමත් එය ඊශ්‍රාලයේ දේශපාලන පාලනයට යටත්ව තිබිය යුතු බවත් විශ්වාස කරයි. පලස්තීනය ප්‍රකාශ කරන්නේ 1967 ජුනි වලට ප්‍රථම ඊශ්‍රායලය සතු නොවු ජෙරුසලමේ ප්‍රදේශ පලස්තිනුවන් වෙත ලබා දිය යුතු බවයි. 2005 වනවිට, ජේරුසලමේ ජනගහනය 719,000 වැඩිහිටියන් විය; ඉන් 465,000 ක් යුදෙව්වන් විය. (බොහෝ පිරිස බටහිර ජේරුසලමේ පදිංචිව සිටි) ; 232,000 ප්‍රමාණයක් මුස්ලිම්වරුන්ය (නැගෙන ජේරුසලම තුළ වැඩි ප්‍රමාණයක් ජිවත් වේ.)

ඊශ්‍රායලය විසින් ක්නෙසට් මා ශ්‍රේෂ්ඨාධිකරණය බ‍ටහිර ජෙරුසලමේ ˝නව නගරය මධ්‍යයේ පිහිටා ඇත˝ඒවා ඊශ්‍රාලය බිහිවු 1948 සිට ස්ථාපනය වී පැවතුනි. දින හයේ යුද්ධයේන පසුව ජෝර්දානය පාලනය කළ නැගෙනහිර ජේරුසලම තම යටතට ගත් ඊශ්‍රායලය නිල වශයෙන් එය ඊශ්‍රායලයට ඇදා ගන්නා ලදී. ඊශ්‍රායලය විසින් ˝ නව නිතියක් පනවමින් ප්‍රකාශ කලේ සම්පුර්ණ වු හා එක්සත් වු ජෙරුසලම ඊර්‍ශායලයේ අගනුවරයි˝.

2002 – 2001 දි පැවැත්වු කෑම්ප් ඩේවිඩ් හා ටබා සමුළුවල දී එක්සත් ජාතීන්ගේ සංගමය යෝජනා කරන ලද්දක් වුයේ ජෙරුසලමේ අරාබි කොටස් / ප්‍රදේශ යෝජනා කරන ලද පලස්තින රාජ්‍යයකට ලබා දිය යුතු බවත් ජෙරුසලමේ යුදෙව් ප්‍රදේශ ඊශ්‍රායල විසින් තබා ගත යුතු බවත් ය. ˝Temple mount˝ ආශ්‍රිත සියළු පුරා විදයාත්මක කැනීම් ඊශ්‍රායල පලස්තීන රජයන් සාමුහිකව පාලනය කළ යුතු වේ. දෙපාර්ශවයම එම යෝජිත මුලධර්මයට එකග වුවත් මෙම සමුළුවාර අවසානයේ අසාර්ථක විය.

ඊශ්‍රායලය විසින් යුසෙව් පුජනීය ස්ථාන වල සුභ සාධනය පිළිබදව පලස්තීන පැවරිම පිළිබදව සළකා බලන ලදී. ජෙරුසලම ජෝර්දානය යටතේ පවතින විට බටහිර ප්‍රාකාරය ට කිසිම යුදෙව්වෙකුට ඇතුල් වීඹට අයිතියක් තිබුනේ නැත. 2000 දී යුදෙව් හා මුස්ලිම් වරුන් පුජනීයැයි සළකන ජෝසප්ගේ සොහොන පිළිබද පලස්තීනුවන් ගේ මතභේදයක් ඇති විය. දෙපාර්ශවයේ දී බුහුමට පාත්‍ර වු සොහොන කොල්ලකා එහි තිබු ගොඩනැගිලි විනාශ කර එය පල්ලියක් බවට පරිවර්තනය කරන ලදී, බටහිර ප්‍රාකාරයට තර්ජනයක් වන පරිදි අනවසර පලස්තීන කැනීම් ජේරුසලමේ භුමිය තුළ සිදු වුයේ තවත් ගොඩනැගීම් කිහිපයක් සදහාය.

මෙම ක්‍රියාමාර්ගය බටහිර ප්‍රාකාරය ශක්තිමත් බවට තර්ජනයක් ඇති කරන ලද්දක් සේ සැළකේ. ඊශ්‍රාලය අනෙක් පසෙන් බැලු විට පුජනීය ස්ථානවලට ලගා වීම සදහා බාධා කරනු ලැබ ඇත්තේ ඉතා කලාතුරකින්ය. එය කිසි දිනෙක නිත්‍ය බාධා කිරිමක් නොවීය. ඊශ්‍රායලය ආරක්ෂක ආයතන විසින් පසුගිය වසර 20 පුරාම කරන ලද සෝදිසි කිරිම් වල දී යම් යම් සැළසුම් වලට සම්බන්ධ යුදෙව් අන්තවාදීන් විශාල ප්‍රමාණයක් පිළිබදව අවධානයෙන් සිටි අතර ඔවුන් අත්තඩංගුවට ද පත්ව තිබේ. එහෙත් එම අන්තවාදීන්ගෙන් සැළකිය යුතු මට්ටමේ අනතුරක් සිදුවී නොමැත. ඊට අමතරව, ඊශ්‍රායලය විසින් ˝Temple mount˝ සම්බන්ධ පුර්ණ අයිතිය මුස්ලිම් භාරකාරත්වය (වක්ෆ් - Waqf) වෙත හිමි කර දුන්නේය.

පලස්තීන සරණාගතයින්[සංස්කරණය]

2002 පැවති දෙවැනි ඉන්ටිෆාඩා සමයේදී කඩා දමන ලද බලාටා සරණාගත කඳවුර

ඊශ්‍රායෙල රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය පලස්තීනුවන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 4 ක් පමණ වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී යෝජනා කර සම්මත කරගන්නා ලද කරුණු සාක්ෂි වශයෙන් පෙන්වා දෙමින් 1948 සහ 1967 යුද්ධය නිසා අනාථ වූ පිරිසට සහ ඔවුන්ගේ දරුවන් හට එම යුද්ධවලට කලින් ඔවුන් සිටි ප්‍රදේශවලට යාමට ඔවුන්ට අයිතියක් තිබෙන බව පලස්තීනය වෙනුවෙන් කථා කළ මැදිහත්කරුවෝ අවධාරණය කර සිටියහ. මෙම අනාථ පිරිසට 1949 සටන් විරාම සමයේ තාවකාලික වාසස්ථානවල සිටි අයද ඇතුළත් වෙයි.

2002 අරාබි සාම ඇරඹුම, අනාථ ගැටළුවට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙන් සමතය වීමට යෝජනා කළ බව ප්‍රකාශ කරන ලදී. පලස්තීන ජාතිකයින් සහ අන්තර්ජාතික ප්‍රධානින් කාරණා කීපයක් මත පලස්තීන අනාථයින්ට ආපසු පැමිණීමට තිබෙන අයිතිය සාධාරණීකරණය කළහ.

  • මූලික වශයෙන් කීප දෙනෙක් හැගන්, ලෙගි සහ ඉර්ගුන් ක්‍රියා හේතුවෙන් පලස්තීනුවන්ට පිටමං වීමට සිදු වුණු බව ප්‍රකාශ කළහ. “1947/12/1 - 1948/6/1 කාලය තුළ පලස්තීන අරාබිවරුන්ගේ විගමනය” නමැති හැගනොන් බුද්ධි තොරතුරු වාර්තාවකින් පහත කරුණු තහවුරු කරයි.

පිටමං වූවන්ගෙන් අඩු ගණනේ 55% ක ප්‍රමාණයකට එසේ පිටමං වීමට සිදු වූයේ අපගේ (හැගනාහ්/DF) ක්‍රියා කාරකම් හේතුවෙනි. ලෙහි සහ ඉර්ගුන් ක්‍රියාකාරකම් මෙම විගමනයන්ගෙන් 15% කට සෘජු ලෙසම බලපෑ බව. සම්පාදකවරු කියා සිටියහ. තවත් 2% ක් ඊශ්‍රායෙල හමුදා විසින් නිකුත් කරන ලද නෙරපීම් නියෝග නිසාද 1% ක් පැවති තත්ත්වය ඔවුන්ගේ මානසික වශයෙන් ඇඳ වැටීම නිසාද සිදු විය. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම විගමනයන්ගෙන් 73% ක් කෙලින්ම ඊශ්‍රායෙලවරුන්ගේ ක්‍රියාවන් නිසා සිදු වූ බවකි. මෙයට අමතරව 22% ක ප්‍රමාණයක් වෙන්වීමට හේතු වූයේ පලස්තීන ජනතාව පෙළුණු බිය සහ අවිශ්වාසය නිසා බැව් එම වාර්තාව පෙන්වා දෙයි.

  • අරාබි නායකයන් පලස්තීන අරාබීන්ට පළා යාමට උදව් කළා යැයි කියන ඊශ්‍රායෙල මතය අලුත් ඉතිහාසඥයින් (New Historians) විසින් විවාදයට ලක් කරන ලදී.
  • ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම යුදෙව්වෙකුට ආපසු පැමිණීමට හැකි වූ ඊශ්‍රායෙල නීතිය යුදෙව් නොවන අයට වෙනස් ලෙස සැලකීමක් යැයි ඇතැම් අයට පෙනී ගියේය. එය යුදෙව් නොවන අය මෙන්ම තමන් කලින් සිටි ප්‍රදේශයට ආපසු ඒමට නොහැකි වූද ඉහත කී පරිදි පුරවැසි භාවය සඳහා ඉල්ලීම් කිරීමට නොහැකි වූද පලස්තීනූවන්ට විශේෂයෙන් බලපෑවේය.
  • ප්‍රශ්නයට අදාළ ශක්තිමත් නීතිමය පදනම වන්නේ 1948 දී ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ 194 වැනි යෝජනාවයි. එහි මෙසේ විස්තර කර ඇත. ආපසු පැමිණ තම අසල්වාසීන් සමග වාසය කිරීමට කැමති අනාථයින් එසේ කිරීමට ප්‍රථම අවසර ලැබිය යුතුය. එසේ නොපැමිණෙන අයට ඔවුන්ගේ දේපල සඳහා වන්දි ගෙවිය යුතුය. මේ සඳහා අන්තර් ජාතික නීති හෝ ඊට සමාන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. රජය හෝ බලයලත් ආයතන විසින් මෙම කාර්යයන් ඉටු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ 3236 වැනි යෝජනාවෙන් පලස්තීනූවන්ට ඔවුන්ගේ අයිතීන් අහිමි කරමින් නිවාස හා දේපලවල පරම අයිතිය ලබා ගැනීමට තිබෙන හිමිකම තහවුරු කරයි. එක්සත් ජාතීන්ගේ 242 වැනි යෝජනාව මගින් අනාථ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ වැදගත්කම තහවුරු කරයි.

2000 වර්ෂයේ පැවති කෑම්ප් ඩේවිඩ් සමුළුවේදී එහුඩ් බරක් විසින් දෙන ලද අවස්ථාවෙන්, පවුල් නැවත එක් කිරීමට ගත් උත්සාහය සහ මූල්‍යමය වන්දි ගෙවා ප්‍රශ්නය බේරුම් කර ගැනීමට බොහෝ ඊශ්‍රායෙල වරුනට ඉඩකඩ විවෘත විය. අනිත් කරුණු විරෝධතාවන්ට භාජනය විය. මෙම විරුද්ධතාවයන් සඳහා ඉදිරිපත් කළ පොදු තර්ක වූයේ,

  • ජෝර්දානය හැර සියලු අරාබි රටවල් ඔවුන්ගේ රට තුළ සිටින පලස්තීන අරාබි ජාතිකයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අරාබි අනාථ ප්‍රශ්නය වැඩි වුණු බව ඊශ්‍රායෙලය කියා සිටීම. මෙම තත්ත්වය නිසා දුගී භාවය සහ ආර්ථික ගැටලු පැන නැගී ඇති බව MFA ලේඛන පෙන්වා දෙයි. පසුව විසඳන ලද නමුත් ලෝක යුද්ධයෙන් පසු අනාථයින් සම්බන්ධ විශාල ගැටලු මතු වී තිබුණි. මෙම ප්‍රශ්නය තවමත් ඒ අයුරින්ම පවතින්නේය.
  • 1948 යුද්ධය සමයේ අරාබි ඉහළ පෙළේ කමිටුව සහ අරාබි රාජ්‍යයක් පලස්තීනුවන්ට පලා යාමට උදව් කළේය. එසේ කරන ලද්දේ යුදෙව් රාජ්‍යය පරාජය කිරීම පහසු වීම සඳහා බවත් පලස්තීන අනාථ ප්‍රශ්නයේ මුල පිළිබඳ සැලකිල්ල දැක්වූ ඊශ්‍රායෙලය ප්‍රකාශ කළේය. යුද්ධයට පෙර තිබූ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායෙල සටන් කණ්ඩායම් සහ ඊශ්‍රායෙල හමුදාව විසින් පලස්තීනුවන්ගේ දේපල අහිමි කොට ඔවුන් බලහත්කාරයෙන් අනාථයන් ලෙස පිටමං කළ බව පලස්තීනයේ ප්‍රකාශය විය. එහෙත් මේ දක්වා එම ගැටළුව ඉතිහාසඥයින් විසඳා නැත. තවමත් 1948 දී පලස්තීනුවන් පිටමං කිරීමේ කාරණය විවාදයට බඳුන් වෙමින් පවතී.
  • අරාබි ලෝකය තුළ යුදෙව් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවීම පිණිස පලා ගිය යුදෙව් අනාථයින් 900,000 න් කිසිවෙකුට ඔවුන් කලින් සිටි රටවල්වලින් කිසිදු වන්දියක් ලබාදීමක් හෝ ඔවුන්ගේ රටවල්වලට ආපසු කැඳවීමක් කර නැත.
  • දසලක්ෂ ගණනක් අසරණ දුප්පත් අනාථයින් රට තුළට පැමිණීමෙන් කලාපයේ සිමීත සම්පත් අවසානවේය යන මතයේ බොහෝ ඊශ්‍රායෙලවරු එල්බ සිටිති. (මෙම අනාථයින්ගෙන් එක් අයෙකුවත් නැවත අවට පිහිටි අරාබි රටවල් විසින් ඔවුන්ගේ රටවල්වලට කැඳවා නැත)
  • ඊශ්‍රායෙලය විසින් පලස්තීනුවන් නව පලස්තීන රාජ්‍යයකට පිවිසීමේ අයිතිය පිළිගත් නමුත් ඔවුන් ඊශ්‍රායෙලයට පැමිණීම යුදෙව් රාජ්‍යයේ යහපත් පැවැත්මට බලවත් අනතුරක් විය හැකියයිද, පලස්තීන අනාථයින් රට තුළට ගලා ඒම ඊශ්‍රායෙල රාජ්‍යයේ විනාශයට මුල පිරිමක් විය හැකියයි ද ඔව්හු කල්පනා කළහ. මන්ද කියතොත් එම කාරණය නිසා ඊශ්‍රායෙලය තුළ අරාබි ජාතිය මහජාතිය බවට පත් වන හෙයිනි. මෙය අනිවාර්‍යයෙන්ම යුදෙව් රාජ්‍යයේ ඉරණම තීන්දු කරන්නක් වනු ඇත.

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස[සංස්කරණය]

දින හයේ යුද්ධයෙන් පසු අවුරැද්දේ දී හා විශේෂයෙන් සාම ක්‍රියාවලිය පැවතෙමින් තිබු 1990 ගණන් වල දී ඊශ්‍රායලය විසින් 1929 හා 1948 දි විනාශ කළ ජනාවාස නැවත ප්‍රතිස්ථාපනයටත් බටහිර ඉවුරේ නව පදිංචි කිරිම් විශාල ප්‍රමාණයක් ද සිදු කළහ. මෙම ජනාවාස අද වන විට 350,000 ක පිරිසක් වාසය කරන වාස භුම් බවට පත්ව ඇත. බොහෝ ජනාවාස බටහිර ඉවුරේ බටහිර කොටස් වන අතර අනෙක් ඒවා පලස්තීනුවන්ගේ භුමි වල ස්ථාපනය කරන ලද්දේ පලස්තීන නගර ගැන නොතකමින්ය. මෙම පදිංචි කිරිම ගැටුම්කාරි තත්වයන්ට සෑහෙන බලපෑමක් සිදු කලේය.

සමහර පලස්තීනුවන්ගේ දැඩි ඉල්ලීම වුයේ, පලස්තීනය තුළ ආරම්භවන යුදෙව් ජනාවාස ඉවත් කර ගන්නා ලෙසයි. මේ අතරට අතීත ජනාවාස (හේබ්‍රෝන්) 1948 විනාශ වු හා නැවත පදිංචි කිරිම් අතරතුර ජනාවාස (Gush Etzion) 1967 සිට ක්‍රියාත්මක වන ජනාවාස පිහිටුවීම් ඇතුළත් වේ. ඉපැරණි ජෙරැසලම් ඊශ්‍රායල ජාතිකයන් පිළිබද පලස්තීන ස්ථාවරය අපැහැදිලිය.

බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචි වීම් හා ගාසා තීරය ගැටුමට සාමකාමී විසදුමක් ලබා දීමේ දී කිබෙන ප්‍රධාන බාධක බව ජ්‍යාතන්තර මාධය හා ජ්‍යාතන්තර දේශපාලන සංගම් විසින් ද පෙන්වා දී තිබේ. (මේ අතරට ඇ.එ.ජ, බ්‍රිතාන්‍යය, යුරෝපා හවුල ) මෙම පදිංචි කිරිම් ජ්‍යාතන්තර නිතියට අනුව නිත්‍යානුකුල නොවන අතර ඊට අමතරව ජ්‍යාතන්තර යුක්ති අධිකරණය, ජ්‍යාතන්තර මෙන්ම ඊශ්‍රායල මානව අයිතිවාසිකම් සංවිධානද මෙහි අනීතික බව සපථ කොට ඇත. කෙසේ වෙතත් ඊශ්‍රායලය මෙය පිළිබදව තර්ක කරයි. සමහර විද්වතුන් හ ප්‍රකාශකයන් මීට විරුද්ධත්වය පළකරන්නේ හෙවත් මෙම අනිතික යැයි නොසලකන්නේ ඓතිහාසික කරුණු ද මුලික කරගෙනයි. එහෙත් එමගින් ජ්‍යාතන්තර හෝ මානව අයිතිවාසිකම් සංවිධාන වල ස්ථාවරය වෙනසකට ලක් වී නොමැත. 2006 වන විටබටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල් ජාතිකයන් 267,163 ක් ජිවත් විය. ජනාවාස පිහිටු වීම හා ඒවායේ වර්ධනය විවිධ යෝජනා තුළීන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ජිනිවා සම්මුති උල්ලංඝණයක් එමගින් වන බව සදහන් කරමින්ය. යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය මෙම ඊශ්‍රායලය ජනාවාස නිතියට පටහැණි බවට ප්‍රකාශ කරන ලදී. යෝජනාව ඉදිරිපත් කරන පුද්ගලයන් තම යෝජනා සාධාරණ බවට හතරවන ජිනිවා සම්මුතියේ දෙවන හා හතලිස් නම වන වගන්ති සහ එක්සත් ජාතින්ගේ 242 වන ආරක්ෂක මණ්ඩල යෝජනාව ගෙන හැර පාමින් තර්ක කරති. ප්‍රායෝගික මට්ටමේදී පලස්තීනුවන් විසින් ඉදිරිපත් කරන ඇතැම් තර්ක වනුනේ පලස්තීන නගර සදහා අවශය වන සම්පත් භෝග වගාවට සුදුසු ඉඩම්, ජලය හා වෙනත් සම්පත් ජනාවාස හේතුවෙන් තමන්ට නොලැබී යන බවත් මෙම පදිංචි කිරිම් නිසා පලස්තීනුවන්ට නිදහසේ මාර්ගවල ගම්නකිරිමමේ හැකියාව සීමා කරන බවත් ඔව්න විසින් ඉන් ආරක්ෂක ගැටළු ඇති වන බවටත් ඔවුන් විසින් නගන ප්‍රායෝගික තර්ක අතර වේ.

2005 දි ඊශ්‍රායල අගමැති වු ඒරියල් ෂැරොන් විසින් ඒකපාර්ශවීය ඉවත්ව යැමේ සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී. එහිදි සියළුම යුදෙව් ජනාවාස ගාසා තීරයෙන් ඉවත් කිරිමටත් සියළු නිවාස ගොබනැගිලි විනාශ කර දැමීමටත් නියෝග කරන ලදී.

විවිධ මැදිහත් කරවන හා විවිධ යෝජනා කල එකගතාවන් විසින් ඊශ්‍රායල විසින් බටහිර ඉවුරේ සමහර ජනාවාස ඉවත් නොකිරිම පිලිබද යම් පමණක් විවෘත භාවයක් දැක්වීය. මෙම විවෘත භාවය යම් යම් සළකා බැලීම් කිහිපයක් මත පදනම්ව පැවතුනි.

ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධ කරුණු[සංස්කරණය]

ගාසා තීරය සහ බටහිර ඉවුරේ සිතියමක්. මෙහි නිල් පලස්තීන අධිකාරී ප්‍රදේශ තද කොළ පැහැයෙන් ද ඊශ්‍රායල් අධිකාරී ප්‍රදේශ ළා කොළ පැ‍හැයෙන් ද දක්වා ඇත.

බටහිර ඉවුර හැරුණු විට ඊශ්‍රායලය සතු වන්නේ ඉතා කුඩා භුමි ප්‍රමාණයකි. එහි පළලම ස්ථානය ගතහොත් බටහිර ඉවුර හැරුණු කොට හැතැප්ම නවයකි. බොහෝ පිරිස් බිය වන්නේ මේ නිසා අරාබි රටවල් වල එකතුවෙන් යම් දිනෙක ප්‍රහාරයක් එල්ල ‍වේ යැයි යන්නයි. ඊට අමතරව බටහිර තීරයේ ඉහළ ප්‍රදේශවල සිට සටන් වදින හමුදාවන්ට තම ආක්‍රමණය ලෙහෙසියෙන් සිදු කළ හැකිඅතර එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ ජෝර්දාන ගංගාව හරහා යාමට ඔවුන්ට සිදු නොවීමයි.

පලස්තීන භුමියේ සිට ඊශ්‍රායලයට විරුද්ධව භාවිතා කළ ˝කසම් රොකට්ටුව˝ ( Qassam Rocket) පිලිබදව දැඩි අවධානයක් යොමු කර ඇත. ගාඩා තීරයෙන් ඊශ්‍රාලය ඉවත් වීමට පසු එළඹි අවුරැද්දේදි හෙවත් 2006 දි ඊශ්‍රායලයට අනුව එවන් ප්‍රහාර 1726 ක් වාර්තා වී ඇති අතර 2005 ට වඩා එය හතර ගුණයක වැඩි වීමකි. බොහෝ ඊශ්‍රායල්වරු මෙය දකින්නේ පලස්තීන ස්වයං පාලනය පිලිබද අවශ්‍යතාවය වැඩි වන විට පලස්තීන භුමියෙන් ඊශ්‍රායලයට එරෙහිව සිදුවන තර්ජන වලට එරෙහිව ඊශ්‍රායලය තම ආරත්ෂාව සපයා ගත යුතු තත්වයක් බවයි. මීට ප්‍රතිවිරැද්ධව, එමගින් ප්‍රචණ්ඩ අවම කළ හැකි වන්නේ ය.

දේශ සීමා සහ අන්තර්ජාතික තත්ත්වය[සංස්කරණය]

අතීතයේදි පලස්තීන භූමි ප්‍රදේශය, ජෝර්දානය සහ ඊජීප්තුව අතරේ දේශසීමා පාලනයද ආනයන හා අපනයන පාලන අයිතියද ඊශ්‍රායෙලය විසින් ඉල්ලා තිබුණි.ඒ ඊශ්‍රායෙලය සහ පලස්තීනය එකම ආර්ථික ප්‍රදේශයක් බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමිනි. ඊශ්‍රායෙල භූමියෙන් වෙන් වන යාබද භූමි ප්‍රදේශයක අවශ්‍යතාවය පලස්තීනුවන් විසින් අවධාරණය කර සිටියහ. ඔස්ලෝ සම්මුතියට අනුව ළඟා වුණු තාවකාලික එකඟතාවය තුළ පලස්තීන අධිකාරියට ඒ (Area A) ප්‍රදේශයේ නගරවල පාලනය ලැබුණි. ඊශ්‍රායෙලය ආරක්ෂාව යටතේ පලස්තීන සිවිල් පාලනයට බී පෙදෙස(Area B) යටත් කෙරිණි. සී (Area C) ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායෙල පරිපාලනයට යටත් කරන ලදී. පලස්තීන නගරවලට ඇතුළු නොවී ඒවා මග හැර යාමට හැකි වන අයුරින් ඊශ්‍රායෙලය අතිරේක මහා මාර්ග (High Way) තැනුවේය. පලස්තීන අධිකාරියේ පාලනය යටතේ තිබුණු මුල් ප්‍රදේශ නොයෙක් නොයෙක් ආකාරයන් ගෙන් යුත් නොවූවා සේම යාබදවද පිහිටි ඒවාද නොවීය. ඔස්ලො ii සම්මුතියද වයි රිවර් සහ ෂාර්ම් එල් - ෂෙයික් සහ ඊට පසුව කෙරුණු නොයෙකුත් සාකච්ඡාද හේතුවෙන් කාලය ගත වන විට එම ප්‍රදේශ වෙනස් වීම්වලට භාජනය විය. පලස්තීනුවන්ගේ මතයට අනුව වෙන් කරන ලද ප්‍රදේශ ජීවත් වීමට හැකි ජාතියක් නිර්මාණය කිරීමට සුදුසු නොවීය. එමෙන්ම පලස්තීන ආරක්ෂක අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් නොවීය. ඊශ්‍රායෙලය ඇතැම් බී පෙදෙස්වලින් ඉවත් වීම ගැන එකඟතාවයක් ප්‍රකාශ නොකළහ. පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍රවීම හේතුවෙන් මෙම සැලසුම අයත්කර ගැනීමත් අත් හැර දැමුණි. මුර පොළවල් සංඛ්‍යාව වැඩි කෙරිණි. එහි ප්‍රථිපලය වූයේ 2003 ග්‍රීෂ්ම ඍතුවේ පටන් මිනිස් බෝම්බ වැඩි වශයෙන් එල්ල වීමයි. අවසාන සිතියම සඳහා එකද පාර්ශවයක් හෝ යෝජනාවක් ප්‍රකාශ කළේ නැත. (ඇතැම් සිතියම් රහසෙන් එළි දැක්විණි)

සම්පත් සහ ජලය බෙදීම[සංස්කරණය]

තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස පලස්තීනුවන් සැලකුවේ යහපත් පරිසරයක ජීවත් වීමට තරම් අවශ්‍ය ඉඩම් හා වෙනත් සම්පත්ය. එබැවින් ඊශ්‍රායෙලය වෙනුවෙන් බොහෝ සම්පත් අත හැරීමට ඔවුනට බල නොකළ යුතු යයි ඔවුන් අදහස් කළේ ඒ මගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් විය හැකි හෙයිනි.

මැද පෙර දිග කලාපයේ ජලය යනු දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයකි. ඊශ්‍රායෙලය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රීන් ලයින් නම් ප්‍රදේශය පුරා විහිදී තිබුණු විශාල ජල නිධිවලින් ජලය ලබා ගැනීම, ඊශ්‍රායෙලය- පලස්තීන ගැටුම්වලට හේතුවක් වී පැවතුණි. පලස්තීන බල ප්‍රදේශයට අයත් බිමෙහි තැන්පත් වී තිබෙන ජලය ළිං කිහිපයක් ඔස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රයෝජනය පිණිසලබා ගැනිණි. මේ ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ “ඊශ්‍රායෙලයේ ප්‍රයෝජනය පිණිස ඔවුන්ගේ ජලය පාවිච්චි කිරීමේ නීත්‍යානූකූල භාවය කුමක්දැ?"යි අසමිනි.

ඊශ්‍රායෙලය මෙම ප්‍රදේශයෙන් ලබාගත් ජලයෙන් 77% ක්ම බටහිර ඉවුර ප්‍රදේශයට සපයන බවද, මෙම තර්ක ඉදිරිපත් කළ විවේචකයින් විසින්ම පෙන්වා දෙන ලදී. ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ අයිතිය ලබා ගත් කළ එම පෙදෙස්වල ජලය ප්‍රයෝජනයට ගනු ලැබුවේ අඩු ප්‍රමාණයකි. එහෙත් ඒ වන විටත් පලස්තීනයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඊශ්‍රායෙලය පරිභෝජනය කරනු ලැබිණි. 1950 දී ඊශ්‍රායෙලය බටහිර ජල නිධියේ නිෂ්පාදනවලින් 95% ක ජල පරිභෝජනයක්ද ඊසාන ජල නිධියෙන් 82% ක ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට ගත්තේය. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්නා ලද්දේ 1967 ට පෙර තිබු දේශ සීමාවන්ට අනුව ඊශ්‍රායෙලය පැත්තෙනි. 1999 වන විට මෙම සංඛ්‍යාවන් පිළිවෙලින් 82% සහ 80% ප්‍රමාණයක් දක්වා පහත වැටුණි.

අවසානයේ ඊශ්‍රායෙලය 11 වැනි ඔස්ලෝ සම්මුතිය ගෙන හැර දක්වයි. මෙම සම්මුතියට අනුව දැනට පවත්නා සම්පත් සීමිතව ප්‍රයෝජනයට ගනිමින් පාලනයක් සහිතව පරිභෝජනයට දෙපාර්ශවයම එකඟ වූහ. මෙහිදි බටහිර ඉවුරේ ඊශ්‍රායෙල ජල නිෂ්පාදනයේ නීත්‍යානූකූල භාවය පලස්තීන අධිකාරිය විසින් පැහැදිලිව තහවුරු කරන ලදී. පලස්තීනයට අවශ්‍ය ජල ප්‍රමාණයේ යම් අඩුවක් වුවහොත් එම ප්‍රමාණය සැපයීමට නැගෙනහිර ජල නිධි (ජලය නිෂ්පාදනය සඳහා) කැණීමට පලස්තීනයට ඉඩ දීමටත් ඊශ්‍රායෙලය එකඟ විය. ඔස්ලෝ සම්මුතියේ අරමුණ තාවකාලික විසඳුමක් බවත් දශකයට වඩා කාලයක් එය සාර්ථකව නොපවතින බවත් කියමින් බොහෝ පලස්තීනුවන් විරෝධය පෑහ. එම ගිවිසුමේ නම වූයේ “ඊශ්‍රායෙල - පලස්තීන අන්තර්වාර් ගිවිසුම” යන්නයි.

මෙම ගිවිසුමෙන් රට තුළ හා මුහුදු සීමාවේ ස්වභාවික වායු ඉන්ධන සහ ඛනිජ තෙල් සඳහා කැනීම් කිරීමට හා පරීක්ෂණ පැවැත්වීමට පලස්තීන බලාධිකාරියට ඇති අයිතිය තහවුරු කරන ලදී.

අනෙකුත් කාරණා[සංස්කරණය]

ඊශ්‍රායල හමුදා බටහිර ඉවුර අත්පත්කරගැනීම[සංස්කරණය]

“අත්පත් කර ගත් පලස්තීන් භූමිය” යනු බටහිර ඉවුර සහ ගාසා තීරය හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන ලද යෙදුමකි. මෙම ප්‍රදේශය 1967 දී පැවති සය දින යුද්ධයේදී ඊශ්‍රායෙලය විසින් ඊජීප්තුවෙන් සහ ජෝර්දානයෙන් අත්පත් කර ගත් කොටසකි. ඊශ්‍රායෙල රජය මෙහි තත්ත්වය දැක්වීම පිණිස යොදන්නේ “අර්බුද සහිත ප්‍රදේශය” (Disputed Territories) යන්නයි. ඇතැම් ප්‍රදේශ අත්පත් කර ගත්තා යයි හැඳින්විය නොහැක්කේ කිසිදු ජාතියකට ඒවාට පැහැදිලි අයිතියක් නොමැති බැවිනි. එසේම 1967 දී ඊශ්‍රායෙලය එම ප්‍රදේශ අල්ලා ගන්නා විට ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් නොතිබුණි. මෙම ප්‍රදේශ තවමත් “ජුදෙයා සහ සමාරියා” යනුවෙන් ඇතැම් ඊශ්‍රායෙල කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ඓතිහාසික ප්‍රාදේශික නාම පදනම් කර ගනිමිනි.

1980 දී ඊශ්‍රායෙලය නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගත්තේය. එම වසරේම අගෝස්තුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඈඳා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායෙලය කෙදිනක හෝ බටහිර ඉවුර හෝ ගාසා තීරය යා කර නොගත්තේය. කලාපය තුළ පිහිටි සියලුම රාජ්‍යයන්හි දේශපාලන නිදහස, භූමියේ අයිතිය, ස්වාධීනත්වය පිළිගැනීම සියලු ප්‍රශ්න නැතහොත් ආරවුල් ඇති විය හැකි අවස්ථා ඉවත් කිරීම සියලු රාජ්‍යයන්හි ජනතාවට බියෙන් හා සැකෙන් තොරව සාමකාමීව ජීවත් වීමට ඇති අවස්ථාව සහ මෑත දී ඊශ්‍රායෙලය අල්ලා ගත් ප්‍රදේශ වලින් ඊශ්‍රායෙල හමුදා ඉවත් වීම ආදි කාරණා ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරනය කර ගෙන සිටියේය.අවසානයට එහි සඳහන් සියලු ඉල්ලීම්, අදහස් මෙන්ම අභිප්‍රායන්ද අවුල් සහිත විය.

ඊශ්‍රායෙලයේ අදහස වී තිබුණේ බටහිර ඉවුරේ අරාබි ජාතීන් බොහෝමයක් සිටි ප්‍රදේශ (ප්‍රධාන යුදෙව් ජනාවාස හැර) සහ සම්පූර්ණ ගාසා තීරය පසු කලෙක ස්වාධීන පලස්තීන රජයක කොටසක් විය යුතුය යන්නයි. කෙසේ වුවද මෙම රාජ්‍යයයේ නිෂ්චිත මායිම් ප්‍රශ්නකාරී විය. උදාහරණයක් වශයෙන් 2000 වර්ෂයේදී බටහිර ඉවුරේ 92% ක ප්‍රමාණයක් ද සම්පූර්ණ ගාසා තීරයද ඇතුළත් නිදහස් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අවස්ථාවක් එහුඩ් බරක් විසින් යසර් අර්ෆත්ට ප්‍රදානය කරන ලදී. එහෙත් ආරක්ෂක වැඩ පිළිවෙලෙහි බලපෑමත්, වෙනත් හේතුන්ද නිසා අර්ෆත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

ඇතැම් පලස්තීනුවෝ ඔවුනට සම්පූර්ණ බටහිර ඉවුරද, ගාසා තීරයද, නැගෙනහිර ජෙරුසලමද අයිති යයි කියති. මෙම ප්‍රමාණය අඩු කිරීමට කෙරෙන ඕනෑම ක්‍රියාවක් ඔවුන්ගේ අයිතීන් තදබල ලෙස අහිමි කිරීමක් යැයි පලස්තීනුවෝ කියති. මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමේදී ඔවුන් කියා සිටියේ මෙම භූමි ප්‍රදේශයේ සීමාවන් අඩු කිරීමට ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයක් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් අහිමි කිරීමේ සතුරු ක්‍රියාවක් වන බවයි.

‘හමාස්’ වැනි වෙනත් පලස්තීන කණ්ඩායම් අවධාරණය කර කියා සිටියේ බටහිර ඉවුරේ, ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම පමණක් නොව මුළු ඊශ්‍රායෙලයම පලස්තීනය විසින් පාලනය කළ යුතු යයි යනුවෙනි. මෙම කාරණය නිසා හමාස් සංවිධානයට සාම ක්‍රියාවලිය පෙනුණේ “ආගමික වශයෙන් තහනම් සහ දේශපාලනික වශයෙන් සිදු විය නොහැකි එකක්” ලෙසිනි.

පලස්තීන ආණ්ඩුව[සංස්කරණය]

පලස්තීන අධිකාරිය (Palastinian Authority) විවිධාකාර වූ අංශයන් මෙන්ම ඇතැම් විට පලස්තීනුවන්ද හවුල් වීමෙන් දූෂිත වන්නට ඇතැයි සැලකේ. හමාස් සහ වෙනත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා උපයෝගී කර ගෙන පලස්තීනුවන් අන්තවාදීන්ට රහසෙන් උදව් කරයි. ඊශ්‍රායෙලය පැත්තෙන් බැලූ කල (විශේෂයෙන් ඊශ්‍රායෙලයේ දක්ෂිණාංශික කණ්ඩායමට අනුව) මෙම තත්ත්වය එතරම් සුදුසු තත්ත්වයක් නොවීය. මේ නිසා කලින් ඊශ්‍රායෙලය පාලනය කළ ලිකුද් පක්ෂය ඇතුළු බොහෝ සංවිධාන ගණනාවක් වර්තමාන පලස්තීන අධිකාරිය පදනම් කර ගත් පලස්තීන රාජ්‍යයක් පිළිනොගන්නා බව ප්‍රකාශ කළහ. කලින් ලිකුද් පක්ෂයේ නායකයෙකුව සිටි ඒරියල් ෂැරෝන්ද ප්‍රද්ධියේ ප්‍රකාශ කරමින් මෙම තත්ත්වය වඩාත් විප්ලවවාදී බව කියමින් ප්‍රතික්ෂේප කළේය.

පලස්තීන අධිකාරියේ කැබිනට් ඇමතිවරයෙකු වූ සඑබ් එරෙකට් කීවේ ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ තම බලය පවත්වාගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊශ්‍රායෙලය පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නැත. එසේම ගාසා තීරය සහ බටහිර ඉවුරේ නඩු විමසීමකින් තොරව සැකකරුවන් ඝාතනය කෙරිණි. ඇතැම් අන්තර්ජාතික නිරීක්ෂකයින් උපදෙස් දුන්නේ සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්වන්නේ නම් අභ්‍යන්තර පලස්තීන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිය යනුවෙනි.

ගාසා තීරයට අවහිරතා යෙදීම[සංස්කරණය]

ඊශ්‍රායෙල රජය විසින් ගාසා තීරයට ඉන්ධන සහ විදුලිය සැපයීම කපා හැරීමද සිවිල් ජනතාව සඳහා පැනවූ සමූහ දඬුවමක් ලෙස හඳුන්වනු ලැබීය. යුද නීතිය යටතේ මෙය ඊශ්‍රායෙල වගකීම පැහැර හැරීමක් විය. 2008 පෙබරවාරි 7 දා සිට ඊශ්‍රායෙල රජය ගාසා තීරයට කෙලින්ම විකුණමින් සිටි විදුලිය අඩු කළේය. මෙයින් පසු ඊශ්‍රායෙල මහාධිකරණයේ නියෝගයක් නිකුත් විය. එයින් ගාසා තීරයට සපයන තෙල් ප්‍රමාණය තහුවරු කළේය. එම නියෝගයෙන් “ගාසා තීරයට සපයන ලද තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අපගේ පැහැදිලි කිරීම වන්නේ පසුගිය වසරේ ශීත ඍතුවේදී එම පෙදෙසට සපයන ලද ඩීසල් ඉන්ධන ප්‍රමාණය හා සමාන ඉන්ධන ප්‍රමාණයක් මේ වසරේදී ගාසා තීරයට සැපයීමට ඊශ්‍රායෙලය භාරගෙන සිටින බවයි. මෙම කාරණයේදී පෙන්නුම් කරන ලද්දේ ගාසා තීරයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබෙන බවත් එය සාධාරණ ප්‍රමාණයක් බවත්ය. මෙම තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලියේදි පලස්තීනුවන් විසින් ඊශ්‍රායෙල ජාතිකයින් දෙදෙනෙකු මරු මුවට පත් කළ බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.

ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් කළ ඇතැම් ඉල්ලීම් සත්‍ය වශයෙන්ම අයුතු සමූහ දඬුවම් නියම කිරීමක් බව මානව හිමිකම් සංවිධාන සහ පලස්තීනුවෝ කියා සිටියහ. මේවාට ආක්‍රමණික යුද ක්‍රියා මාර්ග ද ඇතුළත් විය. ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේ මෙම යුද මෙහෙයුම්වල සහ ගාසා තීරයට විදුලිය කපාහැරීමේ ඉලක්කයන් වන්නේ ත්‍රස්තවාදීන්ට සැපයෙන පහසුකම් නවතා දැමීම බවයි.

මෑත ඉතිහාසයේ පලස්තීනයේ ආධාරකරුවෝ මෙම යෙදුම පාවිච්චි කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඇතැම් ඊශ්‍රායෙල හමුදා ක්‍රියාකාරකම් හැඳින්වීමට සහ ඊශ්‍රායෙල මරණවලට වගකිව යුතු මිනිස් බෝම්බකරුවන් විනාශ කිරීම සඳහා වූ ඊශ්‍රායෙල ප්‍රතිපත්තිය හැඳින්වීමටයි. බ්‍රිතාන්‍ය ආඥා පත්‍රය (British Mandate) නිකුත් කළ කාලයේ පටන් සිදුවෙමින් පැවති මෙම ක්‍රියාව 2005 පෙබරවාරි මස ඊශ්‍රායෙලය විසින් නතර කරන ලදී. සමූහ දඬුවම් (Collective punishment) සඳහා වූ මෙම ඉල්ලීම තව දුරටත් දිගු කරනු ලැබුවේ ඊශ්‍රායෙලයේ අභ්‍යන්තර මාර්ග බාධක හා මුර පොළවල් පලස්තීනය තුළ පිහිටුවීම සඳහාය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීමට මෙම ක්‍රියාමාර්ග ගතයුතු බවට ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේය.

බොහෝ මානව හිතවාදී සංවිධාන විසින් ගාසා තීරයට බාධා හා අවහිර කිරීම් විවේචනයට ලක් කරන ලදී. 2008 වසරේදී සමූහ දඬුවම් ස්වරූපයෙන් කරන ලද මෙම බාධා කිරීම් ජීනිවා සම්මුතියට අනුව නීත්‍යානුකූල නොවීය. ඊශ්‍රායෙලයද ජිනීව සම්මුතියේ සාමාජිකයකු විය. මෙම සංවිධානවලට ඇම්නෙස්ට් ජාත්‍යන්තරය ද, සේව් ද චිල්ඩ්රන්, කැෆොඩ්, කෙයා ඉන්ටර් නැෂනල් සහ ක්‍රිස්ටියන් ඒඩ් ද ඇතුළත් විය. කෙසේ වෙතත් ඇතැමෙක් තර්ක කරන්නේ සමූහ දඬුවම් යන වචනය අන්තර් ජාතික නීතියේ භාෂාව මෙහෙයවීමක් පමණක් බවයි. එහෙත් මෙය නීති විශාරදයින් විසින් සහ විචාරකයින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සමාජයීය ආකල්ප[සංස්කරණය]

ඊශ්‍රායෙල ජාතිකයින්ට තිබුණු ප්‍රධාන ගැටළුව නම් ප්‍රධාන පලස්තීන නායකයින් විසින් ඊශ්‍රායෙල පාලනය පිළිගැනීමට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය කිරීමයි. ඊශ්‍රායෙලය නොපිළිගන්නා ලෙසට පලස්තීනුවන් සහ ප්‍රජා සංවිධාන විසින් මාධ්‍යයන් වෙත කරන ලද ප්‍රකාශ මෙහිදී ඊශ්‍රායෙලවරුන් විසින් පෙන්වා දෙන ලදී.

ගුවන් කලාපය[සංස්කරණය]

බටහිර ඉවුරේ සහ ඊශ්‍රායෙලයේ කි.මි.80 ක් පළලට පමණක් ගුවන් කලාපයක් පිහිටුවීම සිදුවිය. ඊශ්‍රායෙලය බටහිර ඉවුර සහ ගාසා තීරයට ඉහළ අහසේ මෙන්ම ඊශ්‍රායෙලයේද ගුවන් සීමාවන් පාලනය කිරීමේ අයිතිය ඉල්ලා සිටියේය. මෙම ඒකාබද්ධ ගුවන් කලාපයේ පාලනය දෙපාර්ශවය විසින්ම හවුලේ පාලනය කිරීම පිළිබඳව වූ පලස්තීන යෝජනාව ඊශ්‍රායෙලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

පලස්තීන හමුදාව[සංස්කරණය]

යුද්ධයක් කිරීමට තරම් ප්‍රමාණවත් හමුදාවක් පලස්තීනයට නොසිටිය යුතු යයිද එවැනි හමුදාවක් සිටිය යුත්තේ ඊශ්‍රායෙලයට පමණක් යැයිද ඊශ්‍රායෙල කැබිනට්ටුව ප්‍රකාශයක් කළේය. එහෙත් පලස්තීනයේ පොලිස් හමුදාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය එකඟතාවය පළ කළේය. එවැනි පොලිස් හමුදාවක් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අමතරව සීමාසහිත ප්‍රමාණයක යුද කටයුතු කිරීමේ හැකියාව තිබීම ගැනද ඊශ්‍රායෙලයේ එකඟත්වය පළ විණි. IDF හමුදා ඉදිරියේදී බිහිවන පලස්තීන රාජ්‍යයකට තර්ජනයක් මෙන්ම ස්වාධීනත්වයට බාධාවක් බව පලස්තීනුවෝ තර්ක කරමින් කියා සිටියහ. පලස්තීන රාජ්‍යයකට තමන්ගේම ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බව ඔවුන් තහවුරු කරන ලදි.මෙයට ඊශ්‍රායෙලයේ ප්‍රතිචාරය වූයේ හමුදාවක් ගොඩනංවමින් තිබියදී ගිවිසුමක් අත්සන් කිරීම යනු අයහපත් අදහස් විදහා පෑමක් බවයි.