ඉසුරුමුණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතිහාසය[සංස්කරණය කරන්න]

tiny globe
ඉසුරුමුණි විහාරය

පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත.

පුරා විද්‍යාත්මක නටබුන්[සංස්කරණය කරන්න]

ඉසුරුමුණි පෙම්වතුන්[සංස්කරණය කරන්න]

6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.

මේවාද බලන්න[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ඉසුරුමුණිය&oldid=342896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි