වෙස්සගිරිය

විකිපීඩියා වෙතින්
වෙස්සගිරිය
වෙස්සගිරියෙහි වූ ගල්ගුහා
වෙස්සගිරිය is located in ශ්‍රී ලංකාව
වෙස්සගිරිය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම
පිහිටීමඅනුරාධපුරය, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°21′N 80°23′E / 8.350°N 80.383°E / 8.350; 80.383ඛණ්ඩාංක: 8°21′N 80°23′E / 8.350°N 80.383°E / 8.350; 80.383
වෙස්සගිරියෙහි වූ ගල්ගුහා
කටාරම් සහ බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන්
වෙස්සගිරියෙහි ගලක ඇති විදුම් ලකුණු

වෙස්සගිරිය, (හෝ ඉස්සරසමනාරාමය) ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරය ආසන්නයේ පිහිටා ඇති අක්කර 20ක පමණ වපසරියකින් සමන්විත ඉපැරණි බෞද්ධ නටඹුන් සහිත ප්‍රදේශයක් වේ. දෙවන පෑතිස් රජ සමයේ (ක්‍රි.පූ 250 - 210)[1] ඇරඹි යැයි විශ්වාස කෙරෙන මෙම විහාරය කාශ්‍යප රජ සමයේදී (ක්‍රි.ව. 473 - 491) තවදුරටත් පුළුල් කොට තිබේ.[2]

මෙම ස්ථානයෙන් හමුවූ ශිලා ලේඛන අනූව, ඉස්සරසමණ, ඉස්සරසමණාරාමය, ඉසුරුමුණි බෝ රද්මහා වෙහෙර ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ මෙහි තිබූ බවට විශ්වාස කෙරේ. මෙහි දැකගත හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපි වලට අනූව මෙම ස්ථානය ඉසිරමන විහර යනුවෙන් හැඳින්වේ. වර්ථමානයේ මෙම ස්ථානය මහාවංශයේ සඳහන් වන වෙස්සගිරි විහාරය වශයෙන් හඳුන්වනු ලබන මුත් එහි වූ ශිලා ලේඛනවලින් එම අදහස තහවුරු නොකරයි.

වෙස්සගිරියේ ඇති සෙල්ලිපියක

, වැව්වලින් ගොවිතැන් කරන කුඹුරුවල සිහිනැටි වී මිස මුං වැපිරීම නොකළ යුතු බව සදහන් වේ.එය iv වන මහින්ද රජතුමාගේ කාලයට අයත් වේ.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය". archaeology.lk. සම්ප්‍රවේශය 2018-08-27.
  2. ද කල්චරල් ට්‍රයන්ගල් ඔෆ් ශ්‍රී ලංකා, යුනෙස්කෝ 1993.

ආශ්‍රිත[සංස්කරණය]

  • වෙස්සගිරියේ ඇති සෙල්ලිපි
"https://si.wikipedia.org/w/index.php?title=වෙස්සගිරිය&oldid=493937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි