Jump to content

ඉලෙක්ට්‍රා සංකීර්ණය

විකිපීඩියා වෙතින්
ඇගමෙම්නොන්ගේ සොහොනේ මත සිටින ඉලෙක්ට්‍රා, 1869 දී පමණ, ෆ්‍රෙඩ්රික් ලෙයිටන් විසිනි

නව-ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාවේ දී, ඉලෙක්ට්‍රා සංකීර්ණය යනු, කාල් ගුස්ටාව් යුං ඉදිරිපත් කළ පරිදි, තම පියාගේ අයිතිය සඳහා තම මව සමග පවතින දැරියකගේ මනෝලිංගික තරඟය යි. ඇයගේ මනෝලිංගික සංවර්ධන ක්‍රියාවලියේ දී සංකීර්ණය වනුයේ ඇයගේ ලිංගරූප අවධිය; එනම් වියුත ලිංගික තද්භාවය නිර්මාණය වීම යි, පිරිමි දරුවෙකුගේ මීට සමාන අත්දැකීම ඊඩිපස් සංකීර්ණය යි. ඉලෙක්ට්‍රා සංකීර්ණය ඇතිවන්නේ මනෝලිංගික සංවර්ධනයේ අවධි පහෙන් තෙවන—ලිංගරූප අවධියේ (වයස 3–6) දී ය: (i) මුඛ, (ii) පායුක, (iii) ලිංගරූප, (iv) නිලීන, සහ (v) ප්‍රජනන ලිංගික—මෙම එක් එක් අවධිවල ළදරුවාගේ ශරීරයේ වෙනස් මදජනක ප්‍රදේශවල ලිබිඩෝ සුඛයේ මූලාශ්‍රය පවතී.

ශාස්ත්‍රීය මනෝවිශ්ලේෂණවාදී න්‍යායට අනුව, ළමයා විසින් තමාට ලිංගිකව සමාන ජනකයා හඳුනාගැනීමේ සාර්ථක නිගමනය සිදුකරන්නේ ඉලෙක්ට්‍රා සංකීර්ණය හා ඊඩිපස් සංකීර්ණය මගිනි; මෙය පරිණත ලිංගික භූමිකාවක් හා අනන්‍යතාවයක් ගොඩනැගීමට ඔහුගේ හා ඇයගේ මූලික මනෝවිද්‍යාත්මක අත්දැකීමයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ගැහැණු හා පිරිමි දරුවන් ඔවුන්ගේ සංකීර්ණ වෙනස් ආකාරයට විසඳන බව ඉදිරිපත් කළේය—ඇය ශිෂ්ණ අසුයාව මගින් ද, ඔහු අණ්ඩහාරක කාංසාව මගින් ද මෙය සිදු කරයි; එමෙන්ම අසාර්ථක නිගමනයන් ස්නාස්‍යය (නියුරෝසියාව) සහ සමලිංගිකත්වයට හේතුවන බව ද ඔහු ඉදිරිපත් කළේය.[තහවුරු කර නොමැත] එනිසා, තම මනෝලිංගික සංවර්ධනයේ ඉලෙක්ට්‍රා සහ ඊඩිපස් අවධිවල ප්‍රතිෂ්ඨාපිත ගැහැණුන් ව හා පිරිමින් ව "පීතෲ-ප්‍රතිෂ්ඨාපිත" සහ "මාතෲ-ප්‍රතිෂ්ඨාපිත" ලෙස හඳුන්වන අතර ඒ බව ඔවුන්ගේ සහකරුවන් (ලිංගික සහකරු) මව හෝ පියාට සමානකම් දැක්වීමෙන් අනාවරණය වේ.

පසුබිම

[සංස්කරණය]
ඉලෙක්ට්‍රා සහ ඔරෙස්ටීස්, මාතෘඝාතකයෝ

දුව-සහ-මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන මනෝවිශ්ලේෂණවාදී පදයක් වන ඉලෙක්ට්‍රා සංකීර්ණය, බිඳී එන්නේ ග්‍රීක පුරාණෝක්ති කතාවල එන චරිතයක් වන ඉලෙක්ට්‍රා වෙතිනි, තම පියා වූ ඇගමෙම්නන්ව ඝාතනය කිරීම නිසා ඇය තම මව වන ක්ලිටෙමෙස්ට්‍රා සහ සුළු පියා වන එජිස්තස්ට එරෙහිව යමින් තම සොහොයුරා වන ඔරෙස්ටීස් සමග මව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරයි (සොෆොක්ලීස්ගේ ඉලෙක්ට්‍රා නාට්‍යය අනුව).[1][2][3] සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලිංගික සංවර්ධන න්‍යායේ කාන්තා පැතිකඩ නිර්මාණය කළ අතර—තම පියාගේ ලිංගික ස්වාමිත්වය සඳහා මව සමග දැරියකගේ ලිංගික තරඟයේ මනෝගති විද්‍යාව ඔහු පැහැදිලි කළේ—ගැහැණු ඊඩිපස් ආකෘතිය සහ ඍණාත්මක ඊඩිපස් සංකීර්ණය ලෙසිනි;[4] තවද 1913 දී ඉලෙක්ට්‍රා සංකීර්ණය යන පදය විශේෂයෙන් ම ඉදිරිපත් කළේ ඔහුගේ සඟයෙක් වූ කාල් යුං විසිනි.[5][6][7] ෆ්‍රොයිඩ් යුංගේ පදය මනෝවිශ්ලේෂණවාදයට අනුව සාවද්‍යක් ලෙස ප්‍රතික්ෂේප කළේය: "that what we have said about the Oedipus complex applies with complete strictness to the male child only, and that we are right in rejecting the term 'Electra complex', which seeks to emphasize the analogy between the attitude of the two sexes".[8]

වියුත ලිංගික අනන්‍යතාවයක් (අහංභාවය) ගොඩනැගීමේ දී, දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි-එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි.[9] එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ, එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන්—ලිංගරූප අවධියේ මදජනක ස්ථාන—විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ "පිරිමි ළමයා" අතර ශාරීරික ලිංගභේදය ග්‍රහණය කරගනු ලබයි. තම මව සතුව පුරුෂ ලිංගයක් නොමැති බව අනාවරණය වීමෙන් පසුව මව කෙරෙහි දැරියකගේ මූලික ලිංගික ඇල්ම අවසන් වේ, ඉන්පසු ඇය තමාගේ ලුබ්ධික ආශාව (ලිංගික ඇල්ම) තම පියා වෙත මාරුකරන අතර මව සමග ලිංගික තරගය වැඩිකරගනියි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ මර්ෆි, බෲස් (1996). බෙනට්'ස් රීඩර්'ස් එන්සයික්ලෝපීඩියා (4වන ed.). නිව් යෝක්: හාපර්කොලින්ස් ප්‍රකාශකයෝ. p. 310.
  2. ^ බෙල්, රොබට් ඊ. (1991). වුමන් ඔෆ් ක්ලැසිකල් මිතලොජි: අ' බයෝග්‍රැෆිකල් ඩික්ෂනරි. කැලිෆෝනියා: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. pp. 177–178.
  3. ^ හෝන්බ්ලොවර් එස්, ස්පෝව්ෆෝර්ත් ඒ (1998). දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ක්ලැසිකල් සිවිලයිසේෂන්. pp. 254–255.
  4. ^ ෆ්‍රොයිඩ්, සිග්මන්ඩ් (1956). ඔන් සෙක්ෂුවැලිටි. සී/ස පෙන්ගුයින් පොත්.
  5. ^ යුං, කාල් (1913). ද තියරි ඔෆ් සයිකොඇනලිසිස්.
  6. ^ ස්කොට්, ජිල් (2005). ඉලෙක්ට්‍රා ආෆ්ටර් ෆ්‍රොයිඩ්: මිත් ඇන්ඩ් කල්චර්. කොර්නෙල් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 8. ISBN 978-0-8014-4261-2.
  7. ^ යුං, කාල් (1970). සයිකොඇනලිසිස් ඇන්ඩ් නියුරෝසිස්. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය.
  8. ^ ෆ්‍රොයිඩ්, සිග්මන්ඩ් (1991). ඔන් සෙක්ෂුවැලිටි. ලන්ඩන්: පෙන්ගුයින් පොත්. p. 375.
  9. ^ "සිග්මන්ඩ්_ෆ්‍රොයිඩ්_1856–1939". එන්සයික්ලෝපීඩියා ඔෆ් ජර්මන් ලිටරෙචර්. ලන්ඩන්: රූට්ලෙජ්. 2000. සම්ප්‍රවේශය 2009 සැප්තැම්බර් 02. {{cite web}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඉලෙක්ට්‍රා_සංකීර්ණය&oldid=454930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි