ඉන්දුනීසියානු උත්සව ලෝකඩ පොරෝ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සුලාවේසි දිවියනෙන් හමුවූ මෙම උත්සව පොරොව රොටේ දිවයින වැනි ප්‍රදේශවලින් හමුවූ වෙනත් ලෝකඩ පොරෝ භාණ්ඩ සමග සමානකම් පෙන්වයි. මෙය ඇතැම්විට සමාඝාත භාණ්ඩයක් හෝ ජල බඳුන් වැනි උත්සව භාණ්ඩ සඳහා යොදාගන්නට ඇත.

ඉනුද්නීසියානු උත්සව ලෝකඩ පොරෝ යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 1වන සහ 2වන සියවස්වල ඉන්දුනීසියානු දූපත් සමූහයේ ලෝකඩ යුගයේ නිර්මාණය වූ භාණ්ඩ විශේෂයකි. ජාවා, බාලි, සුලාවේසි, නැගෙනහිර දූපත් සහ පැපුවාහි සෙන්තනි විල අවට පුරාවිද්‍යා අඩවිවලින් මෙම පොරොවවල් සොයාගෙන ඇත. මෙම පොරෝ හමුවී ඇත්තේ ලෝකඩ නිෂ්පාදනය හෝ භූමදාන අඩවිවල මධ්‍යයේ තිබී ය. ක්‍රි.ව. පළමුවන සහස්‍රකයේ දූපත් සමූහයේ දූපත් අතර විස්තීර්ණ වෙළඳාමක් පැවති බවට සාක්ෂි හමුවන අතර, මේවා දොං සොන් සංස්කෘතිය හා සම්බන්ධ යැයි සිතිය හැක.

පුරාවිද්‍යාව[සංස්කරණය]

තල හැඩැති පොරොවක සියුම් මෝස්තර දක්නට ඇත. මේවා ආයුධයක් හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට දුර්වල වැඩි හෙයින්, උත්සව කටයුතු සඳහා භාවිතා වන්නට ඇතැයි සිතිය හැක.

ඉන්දුනීසියානු දූපත් සමූහයේ ලෝහ නිර්මාණ පිළිබඳ පළමු වාර්තා හමුවන්නේ ක්‍රි.පූ. 500 අවට කාලයේ ය. ආදිතම ලෝකඩ භාණ්ඩවලින් බොහෝමයක් උත්ව කටයුතු සඳහා භාවිතා වන්නට ඇත. අතිශයින් අලංකෘත පොරෝ සහ බෙර මේ බවට සාක්ෂි දේ. මෙම යුගයට අයත් ලෝකඩ භාණ්ඩ ගණනාවක් ඉන්දුනීසියාව පුරා හමුවේ. ඉන්දියානු උපමහාද්වීපයෙන් පැමිණි හින්දු ආගම හා සම්බන්ධයක් නොපෙන්වන ඉන්දුනීසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ජනයා පවා දියුණු ලෝහ තාක්ෂණ ක්‍රම අනුගමනය කොට ඇත. ලෝකඩ නිෂ්පාදනය සඳහා අවශය තඹ හෝ ටින් ලෝහ බාලි හෝ රොටේ වැනි කුඩා දිවයින්වල ආකාර වශයෙන් නොමැති නිසා, ලෝකඩ මෙම ප්‍රදේශ වෙත ආනයනය කළේ යැයි සිතිය හැක. මෙම ප්‍රදේශවලින් ලෝකඩ භාණ්ඩ ගණනාවක් හමුවීමෙන් මේ බැව් සනාථ වේ.[1]

ක්‍රි.ව. 1වන සිට 2වන සියවස දක්වා පූර්ව සම්භාව්‍ය යුගයේ දී, උත්සව ලෝකඩ පොරෝ භාණ්ඩ සංවර්ධනය වන්නට විය. මෙම යුගයේ දී, ලෝකඩ වාත්තු ක්‍රම ජාවා සහ බාලි යන ප්‍රදේශවල දියුණු විය. මෙම කර්මාන්ත උත්සව ‍ලෝකඩ පොරෝ ඇතුළු ඉන්දුනීසියාව පුරා ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනයේ දී වැදගත් වන්නට ඇත. ඉන්දුනීසියාව පුරා විවිධ ප්‍රභේදවල ලෝකඩ පොරෝ හමුවේ. මෙයට නිදසුන් ලෙස, ජාවාවෙන් හමුවූ සැවුල්-වලිග කුහර සහිත ලෝකඩ පොරෝ, රොටේ දිවයින සහ මකාසර්වලින් හමුවූ මානවරූපී කැටයම් සහිත පොරෝ දැක්විය හැක. මේවායේ වක්වූ පොරෝ තල දැකගත හැක.[2] ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් තුළින් ක්‍රි.ව. පළමු සහස්‍රකයේ දියුණු ඉන්දුනීසියානු දූපත් සමූහයේ අන්තර්-දූපත් වෙළඳාම පිළිබඳ සාක්ෂ්‍ය ලැබේ.[3]

ස්වරූපය[සංස්කරණය]

ඉන්දුනීසියාවෙන් විවිධ ස්වරූපවල ලෝකඩ පොරෝ හමුවී ඇත. මෙම ලෝකඩ පොරෝවල ඇති සමානතාව වන්නේ සියුම් මෝස්තර සහිත වීම සහ ඉක්මණින් කැඩෙනසුලු ස්වභාවයයි. මේ අනුව මේවා උත්සව සඳහා භාවිතා වන්නට ඇත. 1875දී උතුරු රොටේහි ලැන්ඩු ප්‍රදේශයෙන් හමුවූ ලෝකඩ උත්සව පොරවක මානවරූපී මෝස්තර සමග ජ්‍යාමිතික මෝස්තර දක්නට ලැබේ. මෙම ජ්‍යාමිතික මෝස්තර අතර ඒකකේන්ද්‍රීය වළ, මාළු ඇටකටු රටාව, සහ සර්පිල දක්නට ලැ‍බේ. මේවා නිරිතදිග පැසිෆික් කලාපයේ මුල්කාලීන කලා නිර්මාණ සමග සමාන ය. නමුත් ආසියා මහාභූමියෙන් වෛරම් රටා සහිත අමතර ජ්‍යාමිතික මෝස්තර ද හමුවේ.[4] මෙම මෝස්තර සුලාවේසිවලින් හමුවූ භාණ්ඩවලට බෙහෙවින් සමාන ය. මෙයට නිදසුනක් ලෙස ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරයේ තබා ඇති මකාසර් පොරොව දැක්විය හැක.[3]

මකාසර් පොරව[5] (මිනුම් සැලකූ විට දිග 70.5 centimetres (27.8 in) සහ පළල 30 centimetres (12 in)) සහ එයට සමාන මෙට්‍රොපොලින් කලා කෞතුකාගාරයේ ඇති නිදසුන[6] (105.1 centimetres (41.4 in) x 67.3 centimetres (26.5 in)) වැනි විශාල ඉන්දුනීසියානු උත්සව පොරෝ සොඑජොනෝ ප්‍රභේදය IIB[7] ලෙස වර්ග කෙරෙන අතර, ඒවා ප්‍රායෝගික භාවිතයට ගැනීමට නොහැකි ලෙස ප්‍රමාණයෙන් විශාල ය. මෙම ආකාරයේ විශාල ලෝකඩ පොරෝ ඉටි මැකුම් තාක්ෂණය යොදා ගනිමින් කොටස් දෙකක් ලෙස නිමවා පසුව මැදින් සම්බන්ධ කරන ලදී. අවසන් නිමාවේ භාණ්ඩය තුළ කුහරයක් අන්තර්ගත වේ. මෙම මනාව විසිතුරු කළ පොරොව ද නිසැක වශයෙන්ම උත්සව සඳහා භාවිතා වන්නට ඇත. නමුත් එහි සැබෑ භාවිතය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැත. කුහරයක් සහිත නිමා (කොටස් දෙකක් ලෙස සකසා පසුව එකට සම්බන්ධ කරන බැවින්), මේවා ජල බඳුන් ලෙස ද භාවිතා වන්නට ඇත. නැතහොත්, සමාඝාත භාණ්ඩයක් ලෙස ඒලාල තබන්නට ඇත. ‍එසේම වැදගත් උත්සවවල දී සිය තත්ත්වය ප්‍රදර්ශනය වන පාරම්පරික වස්තුවක් ලෙස ද මෙය භාවත වූවා වන්නට හැක.[8]

ජාවා දූපතෙක් සැවුල්-වලිග කුහර ලෝකඩ පොරෝ හමුවේ. බොගොර්වලින් හමුවූ අතිශයින් විශාල පොරොවක, සැවුල්-වලිග කොටස එහි එක් පැත්තක අඳින ලද වෙස්මුහුණක රුවකින් අලංකාර කොට ඇත.

වෙනත් ඉන්දුනීසියානු උත්සව ලෝකඩ පොරෝ ප්‍රභේදයක් ලෙස බටහිර ජාවා (නිදසුන් ලෙස බන්දුං) සිට සුලාවේසි දක්වා ඉන්දුනීසියානු දූපත් සමූහය පුරාම හමුවන වක්වූ තලයක් සහිත පොරොව හඳුනාගත හැක. මෙම තල හැඩැති ලෝකඩ පොරව සම්පූර්ණ ප්‍රමාණයෙන් මෙන්ම කුඩා ප්‍රමාණයෙන් ද නිර්මාණය වී ඇත. මෙය ආයුධයක් සේ පෙනුණ ද, එහි අලංකාර තලය කිසිදු ප්‍රායෝගික යුධ හෝ කෘෂිකාර්මික කටයුත්තක් සඳහා උචිත තරම් ශක්තිමත් නොවේ.[9]

පිහාටුවලින් සැරසුණු සෙබලුන් මෙම ආකාරයේ පොරෝ දරා සිටිනු නිරූපිත ලෝකඩ භාණ්ඩ මෙම දූපත්වලින් මෙන්ම උතුරු වියට්නාමයෙන් ද හමුවේ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Miksic 2001, p. 33.
  2. Bellwood 2001, p. 39.
  3. 3.0 3.1 Bellwood 2001, p. 38.
  4. Heekeren 2013, p. 11.
  5. "BEJANA - Unknown - Google Arts &Culture". Google Cultural Institute (in ඉංග්‍රීසි). Retrieved 2017-11-11.
  6. "Ceremonial Object in the Shape of an Ax | Indonesia (Sulawesi) | Bronze and Iron Age | The Met". The Metropolitan Museum of Art, i.e. The Met Museum. Retrieved 2017-11-11.
  7. Bintarti, D. D. (1982). "Bronze Objects from Kabila, West Sabu". SPAFA Digest (1980-1990). 3 (2). ISSN 0125-7099.
  8. Heekeren 2013, p. 10.
  9. IWayan Ardika 2001, p. 41.

උද්ධෘත කෘති[සංස්කරණය]

  • Bellwood, Peter (2001). "Ceremonial Bronzes of the Pre-Classic Era". මෙම කෘතිය තුල: Miksic, John. Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN 9813018267. 
  • I WayanArdika (2001). "Social Complexity in Late Prehistoric Java". මෙම කෘතිය තුල: Miksic, John. Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN 9813018267. 
  • Heekeren, H.R. (2013). The Bronze-Iron Age of Indonesia. Verhandelingen van het KoninklijkInstituutvoorTaal-, Land- enVolkenkunde. 22. Springer Science & Business Media. ISBN 9789401509091. 
  • Miksic, John (2001). "The Hunting and Gathering Stage in Eastern Indonesia". මෙම කෘතිය තුල: Miksic, John. Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN 9813018267.