Jump to content

ඉන්දියාවේ කාන්තාවෝ

විකිපීඩියා වෙතින්
ඉන්දියාවේ කාන්තාවෝ
ඉන්දියාවෙහි ගැහැණු ලමයෙක්
ලිංගික අසමානතා දර්ශකය
අගය0.610 (2012)
අනුස්ථිතිය132වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)200 (2008)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ12% (2014)[1]
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ26.6% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ29.0% (2011)
ගෝලීය ලිංග පරතර දර්ශකය[2]
අගය0.6551 (2013)
අනුස්ථිතිය136 අතුරින් 101වන

පසුගිය සහස්‍රවර්ෂ කිහිපය තුලදී, ඉන්දියාවේ කාන්තාවන්ගේ තත්ත්වය, මහත් වෙනස්කම් වලට ලක් විය.[3] පුරාතන කාලයන්හී සිට මධ්‍යතන කාලයන් දක්වා ඔවුන්ගේ තත්ත්වයෙහි පරිහානියෙහි සිට,[4][5] බොහෝ ප්‍රතිසංස්කරණවාදීන් විසින් සමාන අයිතිවාසිකම් සඳහා ප්‍රවර්ධනය සැලකූ කල, ඉන්දියාවෙහි කාන්තාවන්ගේ ඉතිහාසය වැදගත් සිද්ධින්ගෙන් සාරවත් බව පෙනෙයි. නූතන ඉන්දියාවෙහි, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ලෝක් සභාවේ කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා යන ඉහළ තනතුරු කාන්තාවන් විසින් උසුලා ඇත.

ප්‍රධාන වශයෙන්, සමානත්මතාවය, ගරුත්වය සහ, පරිභාරයෙන් මිදීම වැනි කාන්තා අයිතිවාසිකම්, ඉන්දියාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර ඇත; තවදුරටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකින විවිධ ව්‍යවස්ථාවන් ඉන්දියාවෙහි ක්‍රියාත්මක වෙයි.[6][7]

2011 වසර වන විට, ලෝක් සභාවෙහි (පාර්ලිමේන්තුවෙහි පහළ මන්ත්‍රීමණ්ඩලය) ලෝක් සභාවේ කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා කාන්තාවන් වූහ. කෙසේවෙතත්, ඉන්දියාවෙහි කාන්තාවන් විවිධ ගැටළුවන්ට මුහුණදෙමින් සිටින අතර, ඒවා අතර ස්ත්‍රී දූෂණය, ඇසිඩ් ගැසීම, දෑවැදි ආශ්‍රිත මරාදැමීම් සහ, තරුණ ගැහැණු ලමුන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදීම වැනි දේවල් වෙති.[8][9][10]

ඉතිහාසය

[සංස්කරණය]

පුරාතන ඉන්දියාව

[සංස්කරණය]

වේදික යුගයෙහි මුල් කාලයේදී[11] කාන්තාවන් විසින්, ජීවිතයෙහි සෑම පාර්ශවයකදීම, පුරුෂයන් හා සමාන තරාතිරමක් දැරූහ.[12] පටාන්ජලී සහ කත්යායන වැනි පුරාතන ඉන්දියානු ව්‍යාකරණඥයින්ගේ කෘතීන් වෙතින් ඉඟි කරනුයේ මුල් වේදික යුගයෙහි කාන්තාවෝ අධ්‍යාපනය ලද්දෝ බවයි.[13][14] ඍග් වේදික ශ්ලෝකයන් වෙතින් දැක්වෙන්නේ එකල කාන්තාවන් පරිණත වයසෙහිදී විවාහ වූ බවත් බොහෝවිට ඔවුන්ගේ සැමියන් තෝරාගැනීමට ඔවුනට අවකාශ තිබුණු බවත්ය.[15] ඍග් වේදය සහ උපනිෂද් වැනි ධර්ම ග්‍රන්ථ වල කාන්තා ඍෂිවරුන් සහ මුනිවරුන් පිළිබඳ සඳහන් වන අතර, ප්‍රධාන වශයෙන් ගාගී සහ මයිත්‍රෙයී සඳහන් වෙති.

දළ වශයෙන් ක්‍රි.පූ 500 වත්ම, කාන්තාවන්ගේ තත්ත්වය පිරිහීමට පටන් ගත්තේය.[5][4] කෙසේවෙතත් ජෛන ආගම වැනි ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර විසින් ආගමික සංඝයන් වෙත කාන්තාවන් ඇතුළු වීමට අවසර දුන්නද, සමස්තයක් වශයෙන් ගත් කල ඉන්දියාවේ කාන්තාවෝ සංසිමනයට සහ පරිසීමාවන්ට මුහුණ දුන්හ.[11] ලමා විවාහයන් වැනි පරිචයනයන්, හයවන සියවස පමණ වන විට ඇරඹුනු බවට විශ්වාස කෙරෙයි.[16]

කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳ විශේෂිත වන පෙළ ග්‍රන්ථ ඉතා ස්වල්පයක් වන අතර [17] වැදගත් ව්‍යතිරේකයක් වන්නේ 1730 පමණ කාලයේදී තන්ජවූර් හී නිලධාරියෙක්වූ ත්‍රියාම්බකයාජ්වාන් විසින් රචිත ස්ත්‍රී ධර්ම පද්ධති වෙයි. අපස්ථම්භ සූත්‍රය ( ක්‍රියුපෙ 4වන සියවස පමණ) රචිත කාල සීමාව දක්වා කාල නිර්ණය වූ කාන්තා චර්යාව පිළිබඳ පරිසීමාවන් මෙහි ගොනු කර ඇත.[18] ආරම්භක ශ්ලෝකය මෙසේ වෙයි:

මුඛයෝ ධර්ම ශ්‍රිස්තෲ විහිතෝ භාර්තෘෂ්රු ෂනාම් හි :
කාන්තාවන් වෙත නියම කරනු ලබන්නේ ඔවුන්ගේ සැමියන් වෙත සේවා සපයන ලෙසටයි.

පුරාතන ඉන්දියාවේ සමහරක් රාජධානි තුල නාගර්වධු ("නගරයේ මනාලිය") වැනි සම්ප්‍රදායයන් පැවතිනි. ලෝභය ඇති කල නාගර්වධු පදවිය දිනා ගැනීමට කාන්තාවෝ තරග වැදුනහ. අම්රපාලී යනු නාගර්වධු තනතුර දැරූ කාන්තාවක් පිළිබඳ ප්‍රසිද්ධ නිදසුනකි.

මධ්‍යතන යුගය

[සංස්කරණය]
රාධරානි දෙවඟනගේ දෙපාමුල සිටින ක්‍රිෂ්නා.

ලමා විවාහ සහ වැන්දඹුවන් විසින් යළි විවාහ වීම තහනම් කිරීම යන දේ, ඉන්දියාවෙහි සමහරක් ප්‍රජාවන් තුල සමාජ ජීවිතයෙහි සාමාන්‍ය අංගයක් වූ විට [5][12], මධ්‍යතන යුගයෙහි සමාජය තුල ඉන්දියානු කාන්තාවන්ගේ තත්ත්වය තවදුරටත් පිරිහිණි. මුස්ලිම්වරුන් විසින් ඉන්දියානු අර්ධද්වීපය යටත් කිරීම විසින් ඉන්දියානු සමාජයට පර්ඩා භාවිතය රැගෙන එන ලදි. රාජස්තානයෙහි රාජ්පුත්වරුන් අතර, ජවුහාර් චාරිත්‍රය පිළිපදින ලදි. ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල, දේවදාසීන් සමහරෙක් ලිංගික වශයෙන් අපයෝජනය කෙරිණි. කිසියම් දේශපාලන හේතූන් නිසා, හින්දු ක්ෂත්‍රීය පාලකයන් විසින් බහු භාර්යා සේවනය ව්‍යවහාර කෙරිණි.[16] බොහෝ මුස්ලිම් පවුල් වල, නිවසේ සෙනානා ප්‍රදේශ වලට කාන්තාවන් සීමා කර තිබුණි.

මෙම කොන්දේසි මධ්‍යයෙහි වුවද, දේශපාලනය, සාහිත්‍යය, අධ්‍යාපනය සහ ආගම යන ක්ෂේත්‍රයන් තුල කාන්තාවෝ විටින් විට ඉස්මතු වී දැක්වුණහ.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ විමෙන් ඉන් පාර්ලිමන්ට්ස්: වර්ල්ඩ් ක්ලැසිෆිකේෂන්
  2. ^ "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). වර්ල්ඩ් එකනමික් ෆෝරම්. pp. 12–13.
  3. ^ "රාජ්‍ය සභා පාසස් විමෙන්ස් රිසර්වේෂන් බිල්". චෙන්නයි, ඉන්දියාව: ද හින්දු. 10 මාර්තු 2010. http://hindu.com/2010/03/10/stories/2010031050880100.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 අගෝස්තු 2010. 
  4. ^ a b ජයපාලන් (2001). ඉන්ඩියන් සොසයිටි ඇන්ඩ් සෝෂල් ඉන්ස්ටිට්‍යුෂන්ස්. ඇන්ලැන්ටික් පබ්ලිෂර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස්. p. 145. ISBN 978-81-7156-925-0.
  5. ^ a b c "විමෙන් ඉන් හිස්ට්‍රි". නැෂනල් රිසෝර්ස් සෙන්ටර් ෆෝ විමෙන්. 2009-06-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
  6. ^ ලලිතා ධාර් පරිහාර්. විමෙන් ඇන්ඩ් ලෝ ෆ්‍රොම් ඉම්පවරිෂ්මන්ට් ටු එම්පවර්මන්ට් - අ ක්‍රිටික් (2011 ed.). ඊස්ටර්න් බුක් සමාගම. {{cite book}}: |format= requires |url= (help)
  7. ^ මම්ටා රාඕ. 3වන , 2012 (ed.). ලෝ රිලේටිං ටු විමෙන් ඇන්ඩ් චිල්ඩ්රන්. pp. 1–640. ISBN 9350286610. women and the protection provided under various criminal, personal and labour laws in India {{cite book}}: |format= requires |url= (help)CS1 maint: numeric names: editors list (link)
  8. ^ සුදා ජී තිලක්. "ක්‍රයිම්ස් අගේන්ස්ට් විමෙන් ඉන්ක්‍රීස් ඉන් ඉන්ඩියා - ෆීචර්ස්". අල් ජසීරා ඉංග්‍රීසි. සම්ප්‍රවේශය 2014-02-07.
  9. ^ දීපක් කේ උප්රෙති (2011-10-14). "ඉන්ඩියා ඊස් හෝම් ඔෆ් අන්ස්පීකබ්ල් ක්‍රයිම්ස් අගේන්ස්ට් විමෙන්". Deccanherald.com. සම්ප්‍රවේශය 2014-02-07.
  10. ^ ඇට්‍රොසිටීස් අගේන්ස්ට් විමෙන් ඔන් ද රයිස් සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine මාර්තු 2013
  11. ^ a b "ඉන්ෆොචේන්ජ් විමෙන්: බෑක්ග්‍රවුන්ඩ් ඇන්ඩ් පර්ස්පෙක්ටිව්". 2008-07-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
  12. ^ a b මිෂ්රා, ආර්. සී. (2006). ටුවර්ඩ්ස් ජේන්ඩර් ඊක්වෑලිටි. ඕතර්ප්‍රෙස්. ISBN 81-7273-306-2.සැකිල්ල:මල බැඳිය
  13. ^ කත්යායන විසින් රචිත වාර්තික, 125, 2477
  14. ^ පටාන්ජලී විසින් අෂ්ටාඩ්යායි වෙත පරිකථන 3.3.21 සහ 4.1.14
  15. ^ ආර්. සී. මජුම්ඩාර් සහ ඒ. ඩී. පුසාල්කර් (සංස්කාරකයෝ): ද හිස්ට්‍රි ඇන්ඩ් කල්චර් ඔෆ් ඉන්ඩියන් පීපල්. වෙළුම I, ද වේදික් ඒජ්. බොම්බාය: භාරතීට විද්‍යා භවන් 1951, පි.394
  16. ^ a b ජෝත්සානා කමාට් (ජනවාරි 2006). "ස්ටේටස් ඔෆ් විමෙන් ඉන් මිඩීවප් කර්ණාටකා". සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
  17. ^ ෂ්වෙත සිං (2009). එක්සැමිනිං ද ධර්ම ඩ්‍රිවන් අයිඩෙන්ටිටි ඔෆ් විමෙන්: මහාභාරතස් කුන්ති - ඉන් දි වුමන් ක්වේෂ්චන් ඉන් ද කන්ටෙම්පරරි ඉන්ඩියන් ඉංග්ලිෂ් විමෙන් රයිටිංස්, සංස්. ඉන්දු ස්වාමි, සාරුප්: දිල්ලිය.
  18. ^ ද පර්ෆෙක්ට් වයිෆ්: ත්‍රියාම්බකයාජ්වාන් විසින් රචිත ස්ත්‍රී ධර්ම පද්ධති (කාන්තාවන්ගේ කටයුතු පිළිබඳ උපදේශ) (පරිවර්. ජූලියා ලෙස්ලි), පෙන්ගුයින් 1995 ISBN 0-14-043598-0.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_කාන්තාවෝ&oldid=591442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි