Jump to content

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
ඉංගිරිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ඉංගිරිය නගරය
ඉංගිරිය නගරය
ඉංගිරිය සිතියම
ඉංගිරිය සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
ආරම්භක දිනය2000/08/14
ආණ්ඩුව / පරිපාලනය
  ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයඉංගිරිය ප්‍රාදේශීය ලේකම්
සරිය
  මුළු35.54 සතරැස් සැත (92.04 කිමී2)
උන්නතාංශය449 ft (137 m)
ජනගහණය(2012)
  මුළු53,645
  ඝණත්වය237.9/වර්ග සැත (91.84/කිමී2)
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය12440
දුරකථන කේතය0094-3422 XXXXX
වෙබ් අඩවියwww.ingiriya.ds.gov.lk

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ඉංගිරිය මෙහි ප්‍රධාන නගරය වේ.

හැඳින්වීම

[සංස්කරණය]

2000 වසර තෙක් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ මෙම ප්‍රදේශය එම වසරේ අගෝස්තු මස 14 දින, ග්‍රාම නිලධාරී වසම් 31ක් වෙන් කර ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් නම් කරන ලදී. හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශයක් වශයෙන් විශාල වීමත්, ජනගහනයේ සීඝ්‍ර වර්ධනය නිසාත්, කොට්ඨාසයේ පරිපාලනමය පහසුව හා ජනතාවගේ පහසුව තකා මෙසේ මෙම කලාපය බෙදා වෙන් කරන ලදී.

ප්‍රදේශයේ පිහිටි විශාලතම ග්‍රාම නිලධාරී වසම කොට්ටියාවත්ත වන අතර එය හෙක්ටයාර 10.33 වේ. කලාපයේ නැගෙනහිර කොටසේ පිහිටි මෙම කොටස දළ බෑවුම් සහිත වන අතර වන වගා, වනාන්තර, රබර් හා තේ වගාවන් ගෙන් යුක්ත වන අතර ජනාවාස ද ඉතා පහත් අගයක පවතී. භූමි ප්‍රමාණය අනුව කුඩාම ග්‍රාම නිලධාරී වසම වන්නේ කුරණ දකුණ හා කැකුළාදොලයි.

පිහිටීම

[සංස්කරණය]

කළුතර දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ පිහිටි ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා කලටුවාව ජලාශ රක්ෂිතයෙන් ද, නැගෙනහිරින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා කළු ග‍‍‍‍ඟේ කොටසකින් ද, දකුණින් කළු ග‍‍‍ඟෙන් ද, බටහිරින් මාවක් ඔයෙන් හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලගල මිරියගල්ල ග්‍රාම නිලධාරී වසම් වලින්ද මායිම් වී ඇත.

හෙක්ටයාර 9204 (ව.කි.92.04) විශාලත්වයකින් යුත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 5.75% වේ. කලාපයේ මධ්‍යම ප්‍රදේශය නැගෙනහිර හා ඊසාන ගිණිකොන කඳු සහිත වේ.

ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]
ග්‍රාම නිලධාරී කොට්ඨාස මායිම්
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ග්‍රාම නිලධාරී වසමේ නමවසමේ අංකයවිශාලත්වය (ව.කි)අයත් ගම් කාණ්ඩ
වගවත්ත6187.21දම්මින්න, වගවත්ත කොටසක්, ගනේ තැන්න, කනුමස්සාගල
පොරුවදණ්ඩ නැගෙනහිර618 ඒ2.5බොරළුගොඩ, මානාන කොටසක්, පෝරුවදණ්ඩ නැගෙනහිර, නැගෙනහිර වෝටර් ලෑන්ඩ්
කැකුළලිය618 බී1.75බතලහේන පිට්ටනිය, ගෝනාවල, කැකුළලිය කොටසක්, මගුරු‍වෙල, කොස්ගහගොඩැල්ල
පෝරුවදණ්ඩ බටහිර618 සී1.12අරුණගම, කළුපහන, පර්ත් වත්ත කොටසක්, මානාන, පහන් පියස
ඌරුගල නැගෙනහිර6191.76ඌරුගල, උඩහ ඌරුගල, මැද ඌරුගල
නම්බපාන619 ඒ2.7නම්බපාන, එළවල්වතුරාන, ශ්‍රීයාරිය කොත, වෝල්ටලූ වත්ත, නවගම්මානය
ඌරුගල බටහිර619 බී1.9ඌරුගල කොටසක්, ගල්කන්ද වත්ත, ගල්කන්ද
ඉංගිරිය නැගෙනහිර6202.42නාගස්මණ්ඩිය, දිවුල්පත, සපුගහගොඩ කන්ද, රඹුක්කනගම
ඉංගිරිය බටහිර620 ඒ1.62අක්කර 20, එල්ස්මෝර්වත්ත, සේනානායක වත්ත
රයිගම්වත්ත620 බී5.02රයිගම්වත්ත ඉහල හා පහල කොටස්
ඉංගිරිය උතුර620 සී1.6ගාල්ලගම, ජයලත්ගම, පීබ්ලන්ඩ් වත්ත, තානායම් ගොඩැල්ල
නිමලගම620 ඩී3.2ඉංගිරිය වත්ත, නිමලගම
ඇදුරාගල620 ඊ3.3ඇදුරාගල, ඇදුරාගල වත්ත, මානාන
දොඹගස්කන්ද620 එෆ්1.6දොඹගස්කන්ද, විජය ගොවි ජනපදය
මහ ඉංගිරිය621 ජී3.46ඇලබඩ පාර පෙදෙස, ජනාධිපති මාවත පෙදෙස, කටහය බෝක්කුව පෙදෙස, මහ ඉංගිරිය, ඉමගිර ජනපදය, ශාන්ත පීතර ජනපදය, විදෙස් මිතුගම
මාපුටුගල6216.46කලල්දොල, ඇංපිපොරස්ටිවත්ත, මැදමූකලාන, ගංගොඩ, පර්ත්වත්ත, කැකුළලිය කොටසක්, මාපුටුගල
රත්මල්ගොඩ නැගෙනහිර621 ඒ2.75ප්‍රනාන්දු පෙදෙස, හේන්යාය ශ්‍රී ධීරානන්ද මාවත, රත්මල්ගොඩ කොටසක්
රත්මල්ගොඩ බටහිර621 ඒ1.73ගෝඩන් කොස්වත්ත, හොරකැටියවත්ත, රත්මල්ගම, රත්මල්ගොඩ ජනපදය, රත්මල්ගොඩ කොටසක්, පහළ කුඹුර
පැල්පිටිගොඩ6221.25පැල්පිටිගොඩ, පනන්ගල වත්ත, පුවක්වත්ත, පහුරුතොට, පැල්පිටිගොඩ දකුණ, පැල්පිටිගොඩ උතුර
හඳපාන්ගොඩ දකුණ6232.01හලේවිල, කන්දෙවත්ත, කිරිගල, කිතුල්කන්ද, කෝම්පෙ, වෙල ඉහල
හඳපාන්ගොඩ නැගෙනහිර623 ඒ1.9බණ්ඩාර හේන, කොටිගල හංදිය කොටසක්, පංසල හංදිය, පැලකෙටියාව
හඳපාන්ගොඩ බටහිර623 බී1.83බාලගේ කොටුකැලේ, ගැටකොස්සාව, ඉදිකටු හංදිය, කොස්හේන, වෙල්පල්ල, පාසල් හන්දිය
බටුලම්පල6242.5බටුගම්පල උතුර, බටුගම්පල දකුණ, ජනඋදාන ගම්මානය, අළුතින් බෙදන ලද අක්කර 07
කැකුළදොල624 ඒ1.25කැකුළදොල, පෙට්ටගම්කන්ද
අරකාවිල6255.01අරකාවිල, කොස්හේන, ගනෙල්ලාගොඩ, ලිහිණියාවත්ත, කොස්වත්ත
මෙනේරිගම625 ඒ4.5මෙනේරිගම, මෙනේරිගම වත්ත
කඳනපිටිය6265.56කඳනපිටිය, කටුගාල්‍ගම, පොල්ගහතොට
කොට්ටියාවත්ත626 ඒ10.33බඹරලිය, කොට්ටියාවත්ත, මඩකඩ, මැරේකන්ද
කුරණ දකුණ6271.2අක්කර 15, අක්කර 40, අක්කර 60, කුරණ ගම්ගොඩ
කොටිගල627 ඒ1.3කොටිගල, අඹේපිටිය වත්ත, හිගුරෙගෙවත්ත(අක්කර 09)
කුරණ උතුර627 බී1.3ඇලපාතගොඩ, ගිරංචිකන්ද, නැදුන්ගස්මණ්ඩිය, කුරා උඩ, ඔලිමුල්ල, දුල්ලැහැර

[1]

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]

චම්පා උපසේන මිය (2013)

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]