ඇනා ටෝර්ව්

විකිපීඩියා වෙතින්
ඇනා ටෝර්ව්
2012 වසරෙහි සැන්ඩියාගෝ කොමික් කොන් හිදී ටොර්ව්
උපත15 අප්‍රේල් 1978 (1978-04-15) (වයස 45)
රැකියාවනිළිය
සක්‍රීය වසර2002–වර්තමානය
කලත්‍රයා(යන්)
(m. 2008; div. 2009)
ඥාතීන්ඇනා මර්ඩොන් මාන් (නැන්දණිය)
එලිසබෙත් මර්ඩොක් (ඥාති-සොහොයුරිය)
ලක්ලන් මර්ඩොක් (ඥාති-සොහොයුරා)
ජේම්ස් මර්ඩොක් ( ඥාති-සොහොයුරා)

ඇනා ටෝර්ව් (උපත 15 අප්‍රේල් 1978)[1] යනු, ෆ්‍රින්ජ් (2008–2013) නමැති ෆොක්ස් රූපවාහිනී කතාමාලාව තුල එෆ්බීඅයි ඒජන්ත ඔලිවියා ඩනම් යන චරිතයට පණපෙවීමෙහි ඇයගේ භූමිකාව වෙනුවෙන් පසිඳු ඕස්ට්‍රේලියානු නිළියකි. [2]

මුල් දිවිය[සංස්කරණය]

සූසන් (විවාහයට පෙර කර්මයිකල්) සහ හෑන්ස් ටෝර්ව්ගේ දියණිය ලෙසින් ටෝර්ව් උපන්නේ මෙල්බර්න්, වික්ටෝරියා හිදීය. ඇය හැදී වැඩුනේ ගෝල්ඩ් කෝස්ට්, ක්වීන්ස්ලන්ඩ් හිදීය.[3] ඇයගේ පියා උපන්නේ ස්කොට්ලන්ත ජාතික මවකට දාව ස්ටර්ලිං, ස්කොට්ලන්තය හිදී වන අතර, ඇයගේ පිය පාර්ශවික සීයා එස්ටෝනියානු සම්භවයක් දරයි.[4] ඇයගේ මව ස්කොට්ලන්ත ජාතික සම්භවයක් දරන්නීය.[5] ඇය හැදී වැඩුනේ පියාගෙන් දූරණය වය.[6] ඇයට ඩලන් නම් බාල සොහායුරෙක් සිටියි. පිය පාර්ශවයෙන් ඇයගේ නැන්දා වනුයේ, වසර 31 පුරාවට මාධ්‍ය ප‍්‍රභූවර රූපට් මර්ඩොක් හා විවාහ වී සිටි ලේඛිකා ඇනා මර්ඩොක් මන් වන අතර, ඇයගේ ඥාති සොහොයුරු/සොහොයුරියන් වන්නේ ජේම්ස්, ලොක්ලන් සහ එලිසබෙත් මර්ඩොක් වෙති.[6]

1996 වසරෙහිදී බෙනෝවා රජයේ උසස් පාඨශාලාවෙන් ටෝර්ව් උපාධි සාමාර්ථය ලද්දීය.[7] 2001 වසරෙහිදී ඇය ඕස්ට්‍රේලියාවෙහි නාට්‍යමය කලාවන් පිළිබඳ ජාතික ආයතනය (NIDA) වෙතින් ප්‍රදර්ශනීය කලා පිළිබඳ උපාධියක් ලද්දීය.[6]

අභිවෘත්තිය[සංස්කරණය]

2003 වසරෙහිදී, ජෝන් බෙල්ගේ නිෂ්පාදනයක් වූ හැම්ලට් හී ඕෆේලියා ගේ චරිතය රඟපාමින් ටෝර්ව් විසින් බෙල් ෂේක්ස්පියර් සමාගමෙහි දායකත්වය සැපයුවාය.[8]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "නිව්යෝර්ක් ටයිම්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://learning.blogs.nytimes.com/on-this-day/june-7. 
  2. "ටෝර්ව් ටේක්ස් ලීඩ් රෝල් ඉන් ඒබ්‍රහම්ස් ඩ්‍රාමා".
  3. ඕස්ට්‍රේලියන් ටෙලිවිෂන්: ඇනා ටෝර්ව් ප්‍රොෆයිල්; සම්ප්‍රවේෂණය 8 අගෝස්තු 2014.
  4. "බිසි කීපිං සීක්‍රට්ස් ඔන් 'ෆ්‍රින්ජ්' ඔසී ස්ටාර්ස් ඉන් හොට් නිව් ෂෝ". Philly.com. සම්ප්‍රවේශය 12 ජනවාරි 2015.
  5. "ඇනා ටෝර්ව් ඔන් ද ලේට් ලේට් ෂෝ විත් ක්‍රේග් ෆර්ගසන්", 7 අප්‍රේල් 2010 (යූටියුබ්)
  6. 6.0 6.1 6.2 "ටොර්ව් ඊස් හර් ඕන් මිස්ට්‍රස්", smh.com.au; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
  7. ඇනා ටෝර්ව්ස් ස්ටෝරි, perthnow.com.au; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
  8. ඉන්ෆො රි ටෝර්ව් ඇන්ඩ් බෙල් ෂේක්ස්පියර් කම්පනි, smh.com.au, 3 ජූනි 2003; සම්ප්‍රවේශය 20 අප්‍රේල් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ඇනා_ටෝර්ව්&oldid=525140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි