හැම්ලට්
Jump to navigation
Jump to search
හැම්ලට් ලෙස බොහෝවිට කෙටියෙන් හඳුන්වන, ඩෙන්මාර්කයේ කුමරා, හැම්ලට්ගේ ඛේදවාචකය යනු විලියම් ෂේක්ස්පියර් විසින් රචිත ශෝකාන්තයකි. 1599 සහ 1602 අතර නොදන්නා කාලකදී ඔහු විසින් මෙය රචනා කර ඇත. මෙහි කතාව ඩෙන්මාර්ක් රාජධානිය තුල සිදුවන්නකි. මෙම නාට්‍යයෙන් ඉදිරිපත් කරනුයේ තම බාප්පා වන ක්ලෝඩියස්ගෙන් පලිගැනීම සඳහා පොළඹවන ලද හැම්ලට් කුමාරයාගේ කතාවයි. ක්ලෝඩියස් විසින් ඔහුගේම සොහොයුරා වන හැම්ලට් රජු (හැම්ලට් කුමාරයාගේ පියා) ඝාතනය කර ඔහුගේ බිරිඳ (හැම්ලට් කුමාරයාගේ මව) විවාහ කර ගැනීම මගින් ඩෙන්මාර්කයේ සිහසුන උරුම කර ගනී. හැම්ලට් යනු ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද දීර්ඝතම නාට්‍යයයි.