ආර්ටිමිස් 1

විකිපීඩියා වෙතින්
ආර්ටිමිස් 1
මෙහෙයුම් සලකුන
මෙහෙයුම් දත්ත
මෙහෙයුමේ නමArtemis I (නිල නාමය) Exploration Mission-1 (EM-1) (පැරණි නාමය)
අභ්‍යාවකාශ යානාවේ නමඔරායන් CM-002
අභ්‍යාවකාශ යානා වර්ගයඔරායන් MPCV
ගුවන්ගතකිරීමේ පීඨිකාවකෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ LC-39B දියත් කිරීම් සංකීර්ණය
ගුවන්ගතකල දිනය2022 නොවැම්බර් 16 වැනිදා 06:47:44 UTC
ගොඩබැස්වූ ප්‍රදේශයබාහා කැලිෆෝනියා ප්‍රාන්තය අසළ පැසිෆික් සාගරය
ගොඩබැසීම2022 දෙසැම්බර් 11 වැනිදා 17:40:30 UTC
මෙහෙයුම් කාලයදින 25, පැය 10, මිනිත්තු 55, තත්පර 50
Distance traveledකිලෝමීටර් මිලියන 2.1

ආර්ටිමිස් 1 (නිල වශයෙන් Artemis I) යනු මිනිසුන්-රහිත චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමකි. මෙය නාසා ආයතනයේ ආර්ටිමිස් වැඩසටහන යටතේ සිදු කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ ගමන වන අතර, අභ්‍යවකාශ දියත්කිරීමේ පද්ධතිය නමින් හැඳින්වෙන රොකට්ටුවේ සහ ඔරායන් අභ්‍යවකාශ යානයේ ප්‍රථම පියාසැරියද විය. ආර්ටිමිස් 1 මෙහෙයුම 2022 නොවැම්බර් 16 වැනිදා, නැගෙනහිර සම්මත වේලාවෙන් 1:47:44 (සමායෝත සාර්වත්‍ර වේලාවෙන් 06:47:44) ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39B දියත් කිරීම් සංකීර්ණයෙන් සාර්ථකව දියත් කෙරුනි.[1][2][3]

ගවේෂණ මෙහෙයුම-1 (Exploration Mission-1; EM-1) ලෙස මුලින් හැඳින්වුණු මෙය ආර්ටිමිස් වැඩසටහන නිර්මාණය කිරීමත් සමග ආර්ටිමිස් I ලෙස නැවත නම් කෙරුණි. පෘථිවි කක්ෂයට පිවිසීමෙන් සහ චන්ද්‍ර සංක්‍රාන්ති නික්ෂේපණ (Trans-lunar injection) දහනය සිදු කිරීමෙන් අනතුරුව, කියුබ්සැට් වර්ගයේ කුඩා ගණකාකාර චන්ද්‍රිකා 10 ක් දියත් කිරීම සිදු කෙරුණි. නොවැම්බර් 21 වෙනිදා ඔරායන් යානය චන්ද්‍රයා අසළින් පියාසර කෙරූ අතර, ඉන් පසු චන්ද්‍රයා වටා දුරස්ථ ප්‍රතිගාමී කක්ෂයකට ඇතුල් විය. එහි දින හයක් ගත කිරීමෙන් පසුව දුරස්ථ ප්‍රතිගාමී කක්ෂයෙන් ඉවත්වූ යානය, දෙසැම්බර් 5 වැනිදා පෘථිවිය බලා නැවත පැමිණීම සඳහා දහනයක් සිදු කරන ලදී. පෘථිවි වායුගෝලයට නැවත-ඇතුල්වීමේ දී තාප නිවාරකයක් මගින් යානය ආරක්ෂා කෙරුනු අතර, ඉන්පසුව පැරෂුට් ආධාරයෙන් පැසිපික් සාගරය මතට පතිත විය. ආර්ටිමිස් 1 මගින් 'අභ්‍යවකාශ දියත්කිරීමේ පද්ධතිය' සහ ඔරායන් යානය මිනිසුන්-සහිත මෙහෙයුම් සඳහා සුදුසු බවට සහතික කෙරෙනු ඇත. ආර්ටිමිස් 1 මෙහෙයුමෙන් අනතුරුව, 2024 වර්ෂයේ දී ආර්ටිමිස් 2 මෙහෙයුම මිනිස් ගගනගාමීන් සහිතව චන්ද්‍රයා අසලින් පියාසැරියක් සිදු කරනු ඇත. ඊටත් පසුව, 2025 වර්ෂයේ දී ආර්ටිමිස් 3 මෙහෙයුම මගින් දශක පහකට පමණ පසුව ප්‍රථම වතාවට නැවතත් මිනිසුන් සඳ මත ගොඩබස්වනු ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. (in ඉංග්‍රීසි) Artemis I Launch to the Moon (Official NASA Broadcast) - Nov. 16, 2022, https://www.youtube.com/watch?v=CMLD0Lp0JBg, ප්‍රතිෂ්ඨාපනය 2022-11-16 
  2. Kraft, Rachel (2022-05-16). "Artemis I Mission Availability". NASA. සම්ප්‍රවේශය 2022-09-06.
  3. Kraft, Rachel (14 November 2022). "Managers Give "Go" to Proceed Toward Launch, Countdown Progressing – Artemis". NASA Blogs. සම්ප්‍රවේශය 15 November 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ආර්ටිමිස්_1&oldid=534532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි