ආගම්
ආගම යන වචනය විවිධාකාර නිර්වචනවලට බදුන් වූවකි.එය කාලයක් අවබෝධය දේශිත ධර්මය හා සම්ප්‍රදායික ඉගැන්වීම යන අර්ථයෙන් භාවිත විය.ඉන්පසු ඇදහිලි හා පුදපූජා විධි පොදුවේ හැදින්වීමට යොදා ගැණුනි.බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත. ආගම් ගැන අධ්‍යයනය කිරීමේදී නිර්වචනයන්හි එල්බ ගැනීම නොව එම ආගම්වල මූලික අදහස් ඇදහීම් ක්‍රම හා පූජා විධි ආදිය වෙන්ව විමසා බැලිය යුතුය.
පටුන
ආගම් සැසඳීම[සංස්කරණය]
ආගම් අතර සමානතා[සංස්කරණය]
ආගම් සසඳා බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි.හින්දු ආගමේ හා බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.
සින්දු ගංගා නිම්නයේ තිබි හමු වු විශාල ප්‍රතිමා සංඛ්‍යාවක් හේතුකොට ගෙන හරප්පන් ජනය සංශ්‍රිත භාවය සංකේතවත් කරන මනව් දේවතාවියට වැදුම් පිදුම් කරන ලද්දේදැයි පෘථුල ලෙස අදහස් ඉදිරිත් විය. කෙසේ වුවද මෙම මතය දැන් එකස්. ක්ලාක් විසින් නිෂ්ප්‍රභ කර තිබේ. සමහර සින්දු නිම්න මුද්‍රවන්හි, පසු කාලයේ අනෙකුත් ආගම් හා මිථ්‍යා කාන්තාවන්හි , විශේෂයෙන් හින්දු ආගම වැනි ඉන්දියානු ආගම්වල හමුවු, ස්වස්තිතයෙහි සැලකුහ ඇත. හින්දු ආගමේ ආගම්නවල හුමුවු ස්වස්තිතයෙහි සැලකුණු ඇත. හින්දු ආගමේ මුලික අංග පිළිබද පැරණිම සාක්ෂි මුල් හරප්පන් සමයේ හා ඊට පෙර පවති. හරප්පන් වරුන් ඔවුන්ගේ සංස්කෘතියේ මුල් අවධින්හි දි සිය මළවුන් මිහිදන් කළහ. කෙසේ වුවද පසු කාලයේදී විශේෂධයෙන් පශ්තාත් හරප්පන් සමයේ එච් (4) සුසාන භුමි සංස්කෘතියේ ඔවුහු සිය මළවුන් අදායහනයද කළ අතර ඒවායේ අළු මිහිදන් නුවාන්හි මිදින් කළහ. බොහෝ සිද්නු නිම්න මුදාවන්හි සතුන්ගේ රූප දක්නට ලැබේ. උදාහරණ ලෙස යෝගාසනයට සමහාන ව වැඩ වි සිටින, සතුන් විසිනි වටකරගත් වේදය අනුව සතුන්ගේ දේවියා වු පශුපතිට සමාන යැයි සැලකෙන රූපයක් සහිත මුද්‍රවක් වේ. පශුපති මුදාව සමකාලින හින්දු අගමෙහි බ්‍රහ්ම , විශ්ණු ශිව මුර්තිය (මැවුම් කරූ- පවත්වණනා - වනසන්නා) හා සමාන කමක් දක්වයි. මෙය වසර පන්දහසකට පමණ පෙස සිට ආගමික චාරිත්‍රයන් හින්දු ආගම තුලට කැට ගැසුණු ආකාරය නිරූපණය කරයි. කෙසේ වුවද සර්නුනෝස් නැමැති සෙල්ටික් දෙවියන් නියෝජනය කරන ඒ හා සමාන ආකෘතියක් ගුන්ඩේස් ට්රප් (ඩෙන්මාර්කය) වලින් හමුවි ඇත.
ආගම් අතර අසමානතා[සංස්කරණය]
මෙම ආගම් අතර සමානකම් මෙන්ම අසමානකම්ද විශාල වශයෙන් පවති.කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ ඊශ්වර බලවතෙකු ගැන පිළිගන්නා නමුත් බුදුදහමේ එසේ නොමැත.හින්දු ආගමේ සහ බෞද්ධ ආගම්වල දැක්වෙන්නේ පුනර්භවය වුවද කිතුදහමේ හා ඉස්ලාම්දහමේ දැක්වෙන්නේ පුනරුත්ථානයයි.බෞද්ධ මතය අනුව කර්මය යනු තමන් කරන ක්‍රියාවන්ගේ විපාක තමන්ට භුක්ති විදීමට සිදුවීමයි.ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ අනුන් කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතියම කෙලෙසුණොත් මනුෂ්‍යයාට එහි ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව ඇති බවයි.
ආගම්[සංස්කරණය]
බුදුදහම[සංස්කරණය]
බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන්වහන්සේය.බුදුදහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.
- ජනප්‍රිය බෞද්ධ ග්රන්ථ
ධම්ම පදය, ජාතකපොත, සද්ධර්මරත්නාවලිය, ලෝවැඩ සඟරාව, යශෝදරාවත, පූජාවලිය , බුත්සරණ, අමාවතුර, වෙස්සන්තරජාතකය.
හින්දු ආගම[සංස්කරණය]
හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ. හින්දු ආගම
- හින්දු ආගමේ ප්‍රධාන ග්රන්ථ
වේද ග්රන්ථ, උපනිෂද් ග්රන්ථ, භගවත්ගීතාව, මනුනීතිය, රාමායණය,මහාභාරතය හා පුරාණ නම් ග්රන්ථයන්ය.
- මෙරට හින්දු ජනයාගේ ප්‍රසිද්ධ ආගමික උත්සව
තෛපොංගල්. මහාශිවරාත්රි.දීපාවලි සහ අප්‍රේල් මස පැවැත්වෙන අළුත් අවුරුදු උත්සවය.
හින්දු ආගමේසූර්ය විෂ්ණු අග්නි ශිව කාලි පාර්වතී ගණපති යනාදි දෙවිදේවතාවියන්දබ්රහ්ම විෂ්ණු ශිව යන තිදෙනාගෙන් නිර්මිත වූ ත්‍රි මූර්තිය වැදගත් වේ.
ඉස්ලාම් දහම[සංස්කරණය]
ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේමක්කම නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද මහමත්තුමා ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය. ඉස්ලාම් දහම දැඩිඒකදේවවාදී ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ. සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
- ඉස්ලාම් දහමේ ආගමික ග්රන්ථ
ශුද්ධ වූකුරානය මෙහි එකම පූජනීය ග්‍රන්ථය වේ.
- මෙරට ඉස්ලාම් උත්සව
හජ්ජි උත්සවය. රාමසාන් උත්සවය. මිලාද් උන් නබි උත්සවය.
ක්‍රිස්තියානි ආගම[සංස්කරණය]
මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වේ. ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ. දේවරාජ්‍යයේ එළබීම ඊට සූදානම් වීම දෙවියන්වහන්සේට කීකරු වීම සහ දේව රාජ්‍යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්‍රිස්තුස්වහන්සේ අවධාරණය කළ ප්‍රධාන ප්‍රස්තූතයි.මේ හැර දයාව කරුණාව පරිත්‍යාගශීලිවීම ආදි ගුණාංගද දැක්විය හැකිය.
- ක්‍රිස්තු ධර්මයේ ප්‍රධාන ග්රන්ථ
පරණ ගිවිසුම හා නව ගිවිසුම නම් කොටස් දෙක අයත් බයිබලය. දාවිත් රජතුමා විසින් රචිත ස්තූති ගීත ග්‍රන්ථය.
- මෙරට ප්‍රධාන කිතුණු උත්සව
කිතු උපත සිදු වූ දිනය සැමරෙන නත්තල් උත්සවය හා මළවුන්ගෙන් නැගිටීම සැමරෙනපාස්කු උත්සවය. දිවයිනේ එක් එක් දේවස්ථානයට හිමිපල්ලියේ මංගල්‍ය දින උත්සවය. කිතුතුමන් කුරුසියේ ඇණගැසීම නිමිති කරගත්දුක් ප්රාප්ති ගායනා හා උන්වහන්සේගේ උත්ථානය නිමිති කරගත්ස්තූති ගීතිකා හා භක්ති ගීත ගායනා සිදුකෙරෙන සෙසු උත්සවයන්ය.
ආශ්රිත ග්රන්ථ[සංස්කරණය]
- රණවීර සරත්-ශ්‍රී ලංකාව
දන්කොටුව-වාසනා ප්‍රකාශකයෝ (ශ්‍රී ලංකාවේ ආගම්)