අයිෆෝන්

විකිපීඩියා වෙතින්

ඇපල් අයිෆෝනය යනු ඇපල් සමගම විසින් නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් විශේෂයකි. මෙය ඇපල් සමගම විසින් නිෂ්පාදිත iOS නම් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වේ. 2010 ජුනි මස වනතෙක්ම iOS එක හැඳින්වුයේ iphone OS ලෙසයි. iOS හි 4 වන සංස්කරණයෙන් පණ ලබන ප්‍රථම අයිෆෝනය වෙළඳපොළට නිකුත්කරනු ලැබුවේ 2007 හි ජුනි 27 වන දිනයි. නුතනම අයිෆෝනය වන්නේ හයවන පරම්පරාවේ iPhone 5 නමින් හඳුන්වනු ලබන පස්වන අයිෆොනයයි. මෙය 2012 සැප්තැම්බර් 21 දින වෙළඳපොළට නිකුත් කළේය. මෙහි පරිශීලක අතුරු මුහුණත බහු ස්පර්ශ සංවේදී තිරයකින් හා අතත්‍ය යතුරුපුවරුවකින්ද සමන්විතය. මෙයට wi-fi මෙන්ම 2G, 3G හා 4G සම්බන්ධතාවය ද ඇත.

අයිෆොනයට වීඩියෝ තිරගත කිරීමට ද, ඡායාරූප ගැනීමට ද, විදුලි තැපැල් යැවීමට හා ලබා ගැනීමට ද, අන්තර්ජාලයේ සැරිසැරීමට ද, විවිධ ගීත ධාවනය කිරීමට ද, වීඩියෝ ක්‍රීඩා කිරීමට ද, GPS තාක්ෂණය සමග කටයුතු කිරීමට ද පුළුවන. මෙයට අවශ්‍ය මෘදුකාංග ලබාගැනීමට App Store නමැති ස්ථානයක් ද ඇත. මෙහි අයිෆොනයට සරිලන මෘදුකාංග 775,000 පමණ පවතී.

හයවන පරම්පරාවේ අයිෆෝනය තෙක්ම සියලුම අයිෆෝන නිකුත්වන විට ඊට සමගාමීව iOS හි ප්‍රධාන සංස්කරණයක් ද එළි දැක්විය. පළමු පරම්පරාවේ ප්‍රථම අයිෆෝනය GSM තාක්ෂණයට පමණක් සහයෝගය දක්වන ප්‍රාථමික මට්ටමේ ස්මාර්ට් ෆෝනයක් විය. සයවන පරම්පරාවේ පස්වන අයිෆෝන නිකුත්වන තෙක්ම නිකුත් වූ අනෙක් සියලුම අයිෆෝන එකම පන්නයේ අයිෆෝන විය. ඒවායේ තිර ප්‍රමාණය මෙන්ම බාහිර පෙනුම ද යම් තරමක සමානත්වයක් ගත්තේය. තුන්වන පරම්පරාවේ අයිෆෝනය පැමිණීමත් සමග ඊට 3G තාක්ෂණය සමග මෙන්ම A -GPS තාක්ෂණය සමග ද එක හා සමානව වැඩකටයුතු කරගෙන යාමේ හැකියාව උදා විය. මෙයට පසුව වෙළඳපොළට පැමිණි iPhone 3Gs සතුව වඩා වේගවත් ක්ෂුද්‍ර සකසනයක් හා වඩා උසස් මට්ටමේ වීඩියෝ (480p ) පටිගත කිරීමේ හැකියාවක් තිබිණ. හතරවන (iPhone 4) අයිෆෝන මාදිලියට වඩා තියුණු විභේධන බලයකින් යුක්ත (960p x 640p ) රෙටිනා නම් වූ තාක්ෂණයෙන් යුක්ත වූ තිරයක් ලැබිණ. තවද මෙයට front facing කැමරාවක් ලැබුණු අතර, වීඩියෝ කෝල් ලබාගැනීමේ හැකියාවක් ලැබිණ. මෙයට මෙගාපික්සල් පහකින් යුක්ත වූ පසු පසු කැමරාවක් ලැබුණු අතර, එයට 720p HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ලැබුණි. මෙයට පසු පැමිණි ඇපල් අයිෆොන් 4S මාදිලියට මෙගාපික්සල් අටක පසුපස කැමරාවක් ලැබුණු අතර 1080p HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද ලැබුණි. මෙය පණ ලැබුයේ ද්විත්ව-කෝර් ක්ෂුද්‍ර සකසනයකිනි. මෙය සමග පැමිණි සිරි නම් වූ ස්වභාවික ශබ්ධ පරිපාලන පද්ධතිය අයිෆෝනයේ වටිනාකම තවත් වැඩිකරන ලදී. පස්වන අයිෆෝනය ඇපල් A 6 නම් වූ ක්ෂුද්‍ර සකසනයකින් හා වඩා විශාල වූ අඟල් හතරක රෙටිනා තාක්ෂණයෙන් යුත් තිරයකින් පැමිණියේය. මෙතෙක් පැවතී පින් 30 සම්බන්ධකය වෙනුවට ලයිට්නින් සම්බන්ධකය පැමිණියේය.


මෙම ලිපිය සංස්කරණය කළ මම සෙනුර කෙහෙළිය හේරත්. මගේ email ලිපිනය keheliya3@gmail.com. මින්පසු මෙය සංස්කරණය කරන පුද්ගලයින් මීට පහළින් තමාගේ අනන්‍යතාව සඳහන් කරන්න. මෙම ලිපිය සංස්කරණයට යොදාගනු ලැබුවේ Google සමාගමේ සබැදිව Google ආදාන මෙවලම යන මාර්ගගත (online) සිංහල යතුරුලියනය කරන වැඩසටහනයි.

__LEAD_SECTION__[සංස්කරණය]

iPhone
[[file:|250px]]
The front face of an iPhone 14 Pro
DeveloperApple Inc.
නිෂ්පාදකයාContract manufacturers:
මාදිලියSmartphone
විකුණන ලද ඒකක ගණන2.2 billion (as of November 1, 2018)[1]
Operating systemiOS
බලයBuilt-in rechargeable lithium-ion battery
ධාරිතාව64, 128, 256, 512 GB or 1 TB[note 1] flash memory[2]
ශබ්දය
Online services
Related articles
Websiteiphone.com
  1. "How Many iPhones have been sold". Lifewire. June 22, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය July 27, 2019.
  2. "iPhone 14 Pro Max vs iPhone SE (third generation) vs iPhone 13". Apple Inc. July 14, 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 3, 2013. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)

iPhone යනු Apple සමාගමේම iOS ජංගම මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන Apple Inc. විසින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට්ෆෝන් පෙළකි. පළමු පරම්පරාවේ iPhone 2007 ජනවාරි 9 වන දින එවකට Apple CEO Steve Jobs විසින් නිවේදනය කරන ලදී. එතැන් සිට, Apple විසින් වාර්ෂිකව නව iPhone මාදිලි සහ iOS යාවත්කාලීන කිරීම් නිකුත් කර ඇත. 2018 නොවැම්බර් 1 වන විට, 2.2 ට වඩා වැඩිය අයිෆෝන් බිලියන ගණනක් විකුණා ඇත. 2022 වන විට, iPhone ගෝලීය ස්මාර්ට්ෆෝන් වෙළඳපල කොටසෙන් 15.6% ක් වේ. [1]

අයිෆෝන් යනු බහු-ස්පර්ශ තාක්ෂණය භාවිතා කළ පළමු ජංගම දුරකථනයයි. [2] iPhone දියත් කළ දා සිට, එය විශාල තිර ප්‍රමාණ, වීඩියෝ පටිගත කිරීම, ජල ආරක්ෂණය සහ බොහෝ ප්‍රවේශ්‍යතා විශේෂාංග ලබා ගත්තේය. iPhone 8 සහ 8 Plus දක්වා, iPhone වල Touch ID ඇඟිලි සලකුණු සංවේදකය සහිත ඉදිරිපස පුවරුවේ තනි බොත්තමක් තිබුණි. iPhone X හි සිට, iPhone මාදිලි Face ID මුහුණු හඳුනාගැනීම සහ අභිනයන් මගින් සක්‍රිය කර ඇති යෙදුම් මාරු කිරීම සමඟින් ආසන්නයේ bezel -less ඉදිරිපස තිර සැලසුමකට මාරු වී ඇත. අයවැය iPhone SE මාලාව සඳහා ස්පර්ශ හැඳුනුම්පත තවමත් භාවිතා වේ.

iPhone යනු ඇන්ඩ්‍රොයිඩ් සමඟින් ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් වේදිකා දෙකෙන් එකක් වන අතර එය සුඛෝපභෝගී වෙළඳපොලේ විශාල කොටසකි. iPhone විසින් Apple සඳහා විශාල ලාභයක් උපයා ඇති අතර, එය ලොව වටිනාම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන ලද සමාගමක් බවට පත් කර ඇත. පළමු පරම්පරාවේ අයිෆෝන් ජංගම දුරකථන කර්මාන්තය සඳහා "විප්ලවයක්" ලෙස විස්තර කරන ලද අතර පසුකාලීන මාදිලි ද පැසසුමට ලක් විය. [3] ස්මාර්ට්ෆෝන් සහ ස්ලයිට් ආකෘති සාධකය ජනප්‍රිය කිරීම සහ ස්මාර්ට්ෆෝන් යෙදුම් සඳහා විශාල වෙළඳපලක් නිර්මාණය කිරීම හෝ " යෙදුම් ආර්ථිකය " සමඟ iPhone ගෞරවයට පාත්‍ර වී ඇත. ජනවාරි 2017 වන විට, Apple's App Store contained more than 2.2 million applications for the iPhone.


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

  1. "Apple iPhone smartphone shipments worldwide 2010–2022". Statista (ඉංග්‍රීසි බසින්). October 3, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 3, 2022."Apple iPhone smartphone shipments worldwide 2010–2022".
  2. (ඉංග්‍රීසි බසින්). June 22, 2017 https://books.google.com/books?id=WVk_DQAAQBAJ. {{cite book}}: |archive-date= requires |archive-url= (help); Missing or empty |title= (help)Merchant, Brian (June 22, 2017).
  3. Egan, Timothy (July 7, 2017). "Opinion | The Phone Is Smart, but Where's the Big Idea?". The New York Times (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0362-4331. October 3, 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 3, 2022.Egan, Timothy (July 7, 2017).
"https://si.wikipedia.org/w/index.php?title=අයිෆෝන්&oldid=563337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි