Jump to content

ඇපල් ඉන්කෝපරේෂන්

විකිපීඩියා වෙතින්
(Apple Inc. වෙතින් යළි-යොමු කරන ලදි)
ඇපල් ඉන්කෝපරේෂන්
වර්ගයපොදු
ප්‍රාරම්භකයන්
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්
  • ආතර් ලෙවින්සන් (සභාපති)
  • ටිම් කුක් (CEO)
  • ජෙෆ් විලියම්ස් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරි)
  • ලූකා මයිස්ට්‍මයිස්ට්‍රි (CFO)
කර්මාන්තය
නිෂ්පාදිතයන්
සේවාවන්
සේවකයන්161,000

ඇපල් ඉන්කෝපරේෂන්, ඇපල් පරිගණක සමාගම නමින් ආරම්භ වු මෙම සමාගම ඇමෙරිකානු බහු ජාතික සමාගමකි. මෙම ආයතනය මඟින් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනෙන විද්‍යුත් උපාංග සහ ඊට අදාළ මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදනය කරනු ලබයි. 1976 වර්ෂයේ අප්‍රේල් 1 දින කැලිෆෝනියා ප්‍රාන්තයේ ක්‍යුපර්ටිනෝ නගරයේ ස්ථාපිත වු, ඇපල් සමාගම ඇපල් මැක්බුක්, මැක් (මිනි/ප්‍රෝ) සහ අයිමැක් පරිගණක, (ඓතිහාසිකව) අයිපොඩ් උපකරණ, අයිෆෝන් ජංගම දුරකථන, මැක් ඕ.එස්. පරිගණක මෘදුකාංග, පරිගණක දෘඩුකාංග, පරිගණක අනුපුරක කොටස් නිෂ්පාදනයේ යෙදේ.

2007 වසරේ සැප්තැම්බර් වනවිට දී ඇපල් සමාගමට අයිති ප්‍රදර්ශනාගාර 200 ක් රටවල් 5 ක් දුර විසිරි ඇති අතර අන්තර්ජාල අළෙවි සැලක්ද වේ. අයිටියුන්ස් ස්ටෝර් හි ගීත විඩියෝ පට, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, I – pod පරිගණක ක්‍රීඩා සහ ග්‍රාම්‍ය ග්‍රන්ථ යනාදිය බාගත හැකිය. මෙම සමාගම වැඩිම පාරිභෝගික ප්‍රසාදයට ලක් වු නිෂ්පාදන වනුයේ. Macintosh පරිගණකය, I – pod යන්ත්‍රය සහ අයි ෆෝන් දුරකථනයයි. ඔවුන්ගේ ජනප්‍රියතම මෘදුකාංගය වනුයේ මැක් ඕ.එස්. එක්ස් මෙහෙයුම් පද්ධතිය සහ I life බහු මාධ්‍ය උපකරණයි.

1977 වසරේ ජනවාරි 3 වැනි දින සංස්ථාගත වු මෙම සමාගම මුල් වසර 30 දී ඇපල් පරිගණක සමාගම නමින් හැදින්වු අතර ඔවුන්ගේ නිෂ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා සමාගම් නම ඇපල් සමාගම නමින් හදුන්වන ලදී.

ලොව වටා පුර්ණ කාලීන හා සමාකාලීන සේවයක් සපයන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 20,000 ට අධික වේ. ඇපල් සමාගම විසින් 2007 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.01 විකුණුම් ළගා කර ගන්නා ලදී.

ඇපල් සමාගම සෞන්දර්යාත්මක හා පරිභෝගිකයාට පහසු වන ආකාරයට උපකරණ නිෂ්පාදනය කර ඇත. මේ නිසා මෙම සමාගමේ සන්නාමය භාවිතා උපකරණ සදහා විශේෂ ඉල්ලුමක් සහ එම සමාගමේ භාණ්ඩ මත පමණක් පරිභෝජනය කරන පාරිභෝගික කොටසක් ඇත. මේ හේතුවෙන් ඇපල් සමාගම ඉතා උසස් තත්තවයේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ලොව වටා සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නම් දරා සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇපල්_ඉන්කෝපරේෂන්&oldid=798467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි