අන්තර්ජාල ස්ථරය

විකිපීඩියා වෙතින්

සැකිල්ල:ඔබ පිවිස ඇත්තේ

සැකිල්ල:OSIModel ස්ථර 7ක් සහිත OSI ආකෘතිය ඇති පරිගණක අන්තර්ජාලගතකරණයේ අන්තර්ජාල ස්ථරය 3 වන ස්ථරය වේ. අන්ත්රජාල ස්ථරයෙන් දත්ත පැකට්ටු ගෙනයාම මෙන්ම අතරමැද ඇති රවුටර් වලින් දත්ත පැකට්ටු ගෙනයාම සදහා මං සැකසුම සිදුවේ. එහෙත් දත්ත සමබන්ධ කරන ස්ථරය මගින් සන්නිවේදන පිවිසුම් පාලකය, ප්‍රවාහය පාලනය සහ දෝෂ පරික්ෂාව සිදුවේ.

අන්තර්ජාල ස්ථරය මගින් කෘත්‍යාත්මක සහ පරිපටිගත ආකාරයට එකිනෙකට වෙනස් දිගකින් යුත් දත්ත ප්‍රවාහය මුලශ්‍රයේ සිට නියමිත ස්ථානය කරා එක් හෝ අන්තර්ජාල කිහිපයකින් රැගෙන යන්නේ දත්ත හුවමාරු කාර්යයේ ගුණාංග කෘත්‍යයන් තහවුරු කරමිනි.

අන්තර්ජාල ස්ථරයේ කාර්යයන් :

  • අන්තර්ජාලයට සම්බන්ධ වන අකාරය: connectionless සන්නිවේදනය
නිදසුනක් වශයෙන්, අන්තර්ජාල ප්‍රොටොකෝලය connectionless නම්, ලබන්නාට බාරගැනීම සදහා පණිවිඩයක් එවීමෙන් තොරව දත්ත පැකට්ටු වලට යවන්නාගේ සිට ලබන්නා දක්වා ගමන් කිරීමට හැකිය. සම්බන්ධය දිශානත කරගත් ප්‍රොටෝකෝලය ලබන්නාගේ OSI ආකෘතියේ ඉහල ස්ථර වල පවතී .
  • හොස්ට් ඇමතීම
අන්තර්ජාලයේ තිබෙන ඕනම හොස්ට් එකක් සදහා අනිවාර්යෙන් ම විශේෂ වූ ලිපිනයක් තිබිය යුතුමය. ඒ මගින් හොස්ට් එක තිබෙන තැන දැන ගත හැකිය. මෙම ලිපිනය සාමාන්‍යයෙන් අනුපිළිවෙලකට නියම කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඔබගේ නම ෆ්‍රෙඩ් මර්ෆි නම්, ඔයාගේ නිවසේ ඉන්න අයට ෆ්‍රෙඩ් මර්ෆි, අංක 1, මහා වීදීය ලෙසත් ඔබගේ රටේ ඉන්න අයට ෆ්‍රෙඩ් මර්ෆි, අංක 1, මහා වීදීය, ඩබ්ලෛනර්ස් ලෙසත් වෙනත් රටක ඉන්න අයෙක් සදහා ෆ්‍රෙඩ් මර්ෆි, අංක 1, මහා වීදීය, ඩබ්ලෛනර්ස්, අයර්ලන්තය ලෙසත් ලිපිනය පවසයි. අන්තර්ජාලයේදී ලිපින හදුන්වන්නේ අන්තර්ජාල ප්‍රොටොකෝලය (IP) ලෙසිනි.
  • පණිවිඩ ඉදිරියට ගෙනයාම
විශාල ලෙස ව්‍යාප්ත වූ සන්නිවේදනයක් සදහා බොහොමයක් අන්තර්ජාල උප අන්තර්ජාල වලට බෙදා එකිනෙකට සම්බන්ධ කොට ඇත. මේ සදහා අන්තර්ජාලයන් විශේෂ වූ හොස්ට් භාවිත කරනු ලැබේ. ඒවා ගේට්වයිස් එහෙම නැත්නම් routers ලෙස හැදින් වේ,මෙවා මගින් දත්ත පැකට්ටු අන්තර්ජාල අතර ඉදිරියට ගෙන යාම සිදු කරයි. මෙම ක්‍රියාවලිය ජංගම දුරකථන ක්‍රියාවලියට සමාන වේ ජංගම දුරකථනය භාවිත කරන්නා එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ය හැකිය එවිට ඔහුට ලැබෙන පණිවිඩ ද ඔහු සිටින තැනට ලැබෙන සේ සකස් කල යුතු වේ. නමුත් මෙම ලක්ෂණය අන්තර්ජාල ප්‍රොටෝකෝලය (IPv4) හි දැකිය නොහැකිය එනමුත් ජංගම දුරකථන ව්‍යාප්තියේ මෙය දක්නට ලැබුණ නිසාම IPv6 මෙම ලක්ෂණය සහිතව නිර්මාණය කොට ඇත

OSI අන්තර්ජාල ආකෘතියේ සේවා ස්ථර වලට පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය තුල අන්තජාල ස්ථරය සේවා ඉල්ලිම් transport layer එක මගින් සදහා ප්‍රතිචාර දක්වන අතර එම ඉල්ලීම් සදහා සේවා ප්‍රතිචාරදත්ත සම්බන්ධ කරන ස්ථරය (data link layer) මගින් නිකුත් කරනු ලබයි.

ප්‍රොටෝකෝල් වර්ග[සංස්කරණය]

පහත විස්තරය TCP/IP ආකෘතිය සම්බන්ධයෙනි[සංස්කරණය]

මෙම TCP/IP ආකෘතිය විස්තර කරන්නේ අන්තර්ජාලයේ භාවිත කරන ප්‍රොටෝකෝල සම්බන්දයෙනි.[1] මෙම ආකෘතිය අන්තර්ජාල ස්ථරය නමැති ස්ථරයෙන් සමන්විත වේ. මෙය පිහිටා තිබෙන්නේ සම්බන්ධ කිරීමේ ස්ථරයට ඉහළිනි. බොහෝ පාඨ ග්‍රන්ථ වල හා අනෙකුත් ද්විතිය නිර්දේශන ග්‍රන්ථ වල අන්ත්ර්ජාල ස්ථරය සමාන කොට ඇත්තේ OSI ආකෘතියේ ජාල ස්ථරය සදහායි. කොහොම නමුත් මෙම සැසදීම වැරදිය. මෙම ස්ථර වලට ප්‍රොටොකෝල වල ලක්ෂණ සලකා බලන විට(උදා-: ඒවා connection-oriented එහෙම නැත්නම් connection-less වුවද) එය හොදින් පැහැදිලි වේ. ඇත්ත වශයෙන් TCP/IP ආකාරයේ අන්තර්ජාල ස්ථරය අන්තර්ජාල ස්ථරයේ කාර්යයන් වල උප කුලකයක් පමණක් වේ. එය අන්තර්ජාලයේ එක් ජාල ආකෘතියක් ගැන පමණක් විස්තර කරයි.

TCP/IP ක්‍රමයේ ස්ථර පිළියෙළ කිරීම මුලික සැලසුම් නිර්ණායකයක් නොවන නිසාත් මෙම ආකෘතින් අතර සැසදීම් කිරීම "හානිදායක" විය හැකි නිසාත් සාමාන්‍යයෙන් මෙම ආකෘතින් අතර ඍජු හෝ විධිමත් සැසදීමක් නොකරනු ලැබේ. .[2]

මේවා ද බලන්න[සංස්කරණය]

නිර්දේශන[සංස්කරණය]

  • Tanenbaum, Andrew S. (2003). Computer networks. Upper Saddle River, New Jersey: Prentice Hall. ISBN 0-13-066102-3.

බාහිර බැදීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්ජාල_ස්ථරය&oldid=387147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි