Jump to content

අධිමනෝවිද්‍යාව

විකිපීඩියා වෙතින්
ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු සහ දර්ශනවාදියෙකු වූ විලියම් ජේම්ස් (1842–1910) මුල්කාලීන මනෝවිද්‍යා පර්යේෂකයෙකි.

අධිමනෝවිද්‍යාව යනු ටෙලිපති, ප්‍රාග් ප්‍රජානනය (යමක් පිළිබඳ කලින් දැන සිටීම), අනාගත සංජානනය/දිවැස, චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම, මරණාසන්න අත්දැකීම්, පුනරුත්පත්තිය, අවතාර පිළිබඳ අත්දැකීම්, පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර අද්භූත හා අධ්‍යාත්මික සංසිද්ධීන් පිළිබඳ ව පර්යේෂණ සිදු කෙරෙන ව්‍යාජ විද්‍යාව (විද්‍යාත්මකව තහවුරු කල නොහැකි දෑ පිළිබඳ විද්‍යාව)කි.

ආරම්භක අධි මනෝවිද්‍යා පර්යේෂණ සෙනර් පත් භාවිතයෙන් පරචිත්ත විජානනය සොයා බැලීමට ප්‍රයත්න දරා ඇත‍.

පෞද්ගලිකව ආධාර දෙන විද්‍ය‍ාගාර සහ ඇතැම් විශ්ව විද්‍යාල ආශ්‍රීතව අධිමනෝවිද්‍යා පර්යේෂණ විවිධ ක්‍රම මගින් පර්යේෂණ සහ ක්ෂේත්‍ර කාර්යයන් ආශ්‍රීතව පදනම් වී ඇත. වර්තමානයේ පෙරට වඩා විශ්ව විද්‍යාල මගින් ලබා දෙන දායකත්වය අඩු වී ඇත. මෙම ගවේෂණයන් විශේෂ අධිමනෝවිද්‍යා ප්‍රකාශනවල පලවන ලිපි අතර ස්වල්පයක් පමණක් විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ එන සඟරාවල පල වේ. අධිමනෝවිද්‍යාඥයින් කරනු ලබන ප්‍රධාන පර්යේෂණයන් ලෙස අහඹු අංක උපදවනය මගින් මනෝ චලනයන් ද , උත්තේජනය නැති කිරීමේ ගෑනිස්ෆීල්ඩ් ගවේෂණය මගින් ඉන්ද්‍රීය පරිබාහිර සංවේදනය ද දුරස්ථ දර්ශන සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ආධාර සහිතව කරනු ලබන ගවේෂණයන් ද හැඳින්විය හැක.

රේ හයිමන් , ස්ටැන්ලි ක්රිප්නර් සහ ජේම්ස් ඇල්කොක් ඇතුළු ඇතැම් අනෙකුත් විද්‍යාඥයෝ අධිමනෝවිද්‍යා ගවේෂණයට යොදාගත් ක්‍රමද එහි ප්‍රතිඵල ද විවේචනයට බඳුන්කොට ඇත. සංශයවාදය පර්යේෂකයන්ට අනුව පර්යේෂණයන්හි සාර්ථකත්වයට හේතු වනුයේ ක්‍රමාණුකූල ක්‍රමෝපායන් සංචරණයන් මගින් මනාව පහදා දීම බව ද අධිමනෝවිද්‍යාඥයින් විසින් පල කොට ඇති අසාමාන්‍යය පහදාදීම් නොවන බවත්ය. අදට අනුව නූතන විද්‍ය‍ාත්මක පරිසරය අධිමනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් හි පැවැත්ම විශ්වාස නොකරති‍. එම නිසා ක්‍රියාකාරී මනෝවිද්‍යාඥයින් ට ඔවුන්ගේ පර්යේෂණයන් විද්‍යාඥයින් හට ඒත්තු ගැන්වීමට ද අසීරු වී ඇත. තවද විද්‍යා රචකයින් විසින් ඔවුන්ගේ සම්මත අධ්‍යාපනික සාහිත්‍යයන් තුළ මෙම විෂය ව්‍යාජ විද්‍යාවක් ලෙසද හඳුන්වා දී ඇත.

පාරිභාෂිතය

[සංස්කරණය]

පැරා යනු ග්‍රීක වචනය කි. එහි තේරුම් වන්නේ "පසෙකින්, ආසන්නව සබැඳෙන, එපිටින්..." යනාදිය යි. parapsychology යන වචනය හඳුන්වා දෙන ලද්දේ 1889 දී හෝ ඒ ආසන්න කාලයේ දී දර්ශනවාදී මැක්ස් ඩෙසොයිර් විසිනි.

අධිමනෝවිද්‍යාඥයින් සයි (Psi) නමැති පදය මෙම ක්‍රියාවලිය හැඳින්වීමට යොදා ගෙන ඇත. විද්‍යාව මගින් පිළිගත් සම්මත සෛද්ධාන්තිකවලට පටහැණි පර්යේෂණ අන්තර්ගත නිසා අධිමනෝවිද්‍යාව විද්‍යාවේ අතුරු ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැක.

අධිමනෝවිද්‍යාවේදී Psi යනු, අතින්ද්‍රීය සන්ජානනයේ දී සහ මනෝචලනයේ දී අත්දකින්නට ලැබෙන කිසිදු භෞතික හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් මගින් පැහැදිලි කල නොහැකි හඳුනානොගත් සාධකය යි. මෙම යෙදුම ග්‍රීක හෝඩියේ 23 වන අක්ෂරය වන ψ (psy/ප්සයි) මගින් ව්‍යුත්පන්න වූවකි. එම අක්ෂරය ග්‍රීක භාෂාවෙන් ආත්මය හඳුන්වනු ලබන ψυχή (psyche) යන වචනයේ මුල් අකුරයි. ජීව විද්‍යාඥ බර්තෝල්ඩ් පී. විස්නර් විසින් මෙම යෙදුම හඳුන්වා දෙනු ලැබූ අතර එය මනෝවිද්‍යාඥ රොබට් තෝල්ස් විසින් 1942 දී ප්‍රකාශයට පත් කල බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා ජර්නලයේ ලිපියක් සඳහා භාවිත කරනු ලැබිණි.

මනෝවිද්‍යා සංගමය විසින් Psi, ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනු ලබයි: ඒ Psi-ගැමා, ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය වෙනුවෙන් ද Psi-කප්පා (kappa), මනෝචලනය වෙනුවෙන්ද වශයෙනි. ජනප්‍රිය සංස්කෘතියේ දී "Psi" යන පදය මානසික, ආත්මීය සහ අද්භූත හැකියා සහ බලයයන් යනාදියට සමාන තේරුම් ගෙන දෙමින් වඩ වඩාත් භාවිත වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අධිමනෝවිද්‍යාව&oldid=624629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි