හොල්මන්

විකිපීඩියා වෙතින්

ජනප්‍රවාදයන්හි සාමාන්‍යයෙන් හොල්මන්, අවතාර හෝ භූතයන් ලෙස හැඳින්වෙන්නේ ජීවී පුද්ගලයෙකුට දර්ශනය වන මිය ගිය මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ ස්වරූපයකි. අපැහැදිලි හෝ විකෘති ස්වරූපයන් ඇති හොල්මන්ද, මනුෂ්‍ය හෝ සත්ත්ව ස්වරූපයන් ඇති හොල්මන්ද ආදී ලෙස ජනප්‍රවාදවල විවිධාකාරයේ හොල්මන් ගැන කියවේ. මරණින් මතු ජීවිතයක් ගැන ඇති විශ්වාසය ඈත අතීතයේ සිටම විවිධ මිනිස් සමාජයන් තුල තිබූ විශ්වාසයක් යැයි සැළකේ.

විද්‍යාවට අනුව හොල්මන් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර හොල්මන් නොපවතීයැයි ඔප්පු කිරීම සිදු කළ නොහැකිය. මෑතදී සිදු කරන ලද පර්‍යේෂණ මගින් හොල්මන් දර්ශනය වීම ඇල්ෂයිමර් වැනි රෝගවල ප්‍රතිඵලයක් ලෙස සිදු විය හැකි යැයි පෙන්වා දෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=හොල්මන්&oldid=493754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි