Jump to content

"කුමාර් පොන්නම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
49 පේළිය: 49 පේළිය:
==ආශ්‍රිත==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
{{ආශ්‍රලැයිස්තුව}}

== බාහිර සබැඳි ==
*[http://www.tamilnation.org/hundredtamils/kumar.htm ටැමිල්නේෂන්ස් 100 ටැමිල්ස් ලිස්ට්]

15:44, 5 අගෝස්තු 2014 තෙක් සංශෝධනය

කුමාර් පොන්නම්බලම් (අගෝස්තු 12, 1940 – ජනවාරි 5, 2000) යනු, ශ්‍රී ලංකාවේ කැපී පෙනුණු විත්තිවාචක නීතිඥයෙක් සහ විවාදාත්මක සුළුතර දෙමළ ජාතිකවාදී දේශපාලනඥයෙකි. එකල ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග වෙත දෙඊවිකො විසින් යැයි සිතන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඉතා ආසන්න කාලසීමාවෙහිදී, නොහඳුනන තුවක්කුකරුවෙකු විසින් ඔහු වෙඩි තබා මරා දැමුණි.[n 1]

චරිතාපදානය

කොළඹ අගනගරයෙහි සමෘද්ධිමත් සහ දේශපාලන වශයෙන් බලගතු සුළුතර ශ්‍රී ලාංකික දෙමළ පවුලක කුමාර් පොන්නම්බලම් උපත ලදි. ඔහුගේ පියාවූ ජී. ජී. පොන්නම්බලම් යනු, කැපී පෙනුණු විත්තිවාචක නීතිඥයෙකු සහ, අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ වල දෙමළ ජාතිකවාදී විලාසයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බහුතර සිංහල ආධිපත්‍යයක් සහිත වූ පාලක එක්සත් ජාතික පක්ෂයෙහි වරෙක මිත්‍ර පාක්ෂිකයෙක් වූ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙහි නායකයාද විය.[n 2]

තරුණ දේශපාලනඥයෙක් ලෙසින් සිය පියාගේ දෙමළ කොංග්‍රස පක්ෂයට එක්වූ කුමාර් පොන්නම්බලම්, අත්‍යන්තයේදී එහි ජ්‍යෙෂ්ඨ නායකත්වය තෙක් ඉහළට පැමිණියේය. කෙසේවෙතත්, ප්‍රාරම්භක ජී.ජී. පොන්නම්බලම්ගේ මරණයෙන් පසුව අබලන් වී ගිය පක්ෂයට සුළු මැතිවරණමය අනුග්‍රහයක් පමණක් ලැබුණු අතර විටෙක එවැන්නක් හෝ නොමැති විය.[n 1]

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ රාජ්‍යය විසින් අත් අඩංගුවට ගැනෙන තරුණයන් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව කුමාර් අවධානයට ලක් වී තිබුණි. සිංහල සහ දෙමළ සේවාලාභින් දෙවගයෙහිම ශුභ සිද්ධිය තකා ඔහු සේවය ලබා දුණි. ඔහු දෙමළ ක්‍රිස්තු භක්තිකයෙක් විය. [1]

සිවිල් යුද්ධය අතරතුර, පාලක පොදු පෙරමුණට සහය පළ කිරීමේ, මධ්‍යස්ථ මත වාදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු පක්ෂ ප්‍රතිපත්තියට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක්වූ දෙඊවිකො වෙත සහය පළ කෙරුණු, ඔහුගේ ප්‍රබල ප්‍රකාශ නිසා, ඉන්පසුව කුමාර් අවධානයට පාත්‍ර විය.

ඔහුගේ පුත්‍රයා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[n 2]

ලිපිය

ඔහු ඝාතනය කරනු ලැබීමට දින කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග වෙත ඔහු විසින් ලිවූ විවෘත ලිපිය, සමානාත්මතාව සහ නිදහස සඳහා ඔහුගේ ජනතාවගේ අරගලය වෙත ඔහුගේ අචල කැපවීම පිළිබඳ චිරස්ථායි සමරු පාඨයක් ලෙසින් බොහෝ දෙමළ ජාතිකයන් විසින් සලකනු ලබයි.

ශ්‍රී ලාංකික ජනාධිපති වෙක ඔහු ලිවූ ලිපියෙහි මාතෘකාව වූයේ "ඔබගේ කථාව විසින් ඔබගේ ද්වේෂය පිළිබිඹු කරයි" වන අතර ලිපිය මෙසේ විය:

"මම මෙය ලියන්නේ දෙමළ ඊලවන්වරයෙක් ලෙසිනි. එහෙත් වඩාත් වැදගත් ලෙසින්, මම මෙය ලියන්නේ දෙඊවිකො සංවිධානයේ දේශපාලන දර්ශනයෙහි, තනුක නොවන, දැඩි සිතැති ආධාරකරුවෙකු ලෙසින් වන අතර, එම අවබෝධය සහිතව දකුණෙහි ජීවත්වන්නෙකු ලෙසිනි. මෙම දිවයින තුල හා ඉන් පිටතදීද, වාචික සහ ලිඛිත ලෙසින්ද, මෙම ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අයෙකු ලෙසින් මම මෙය ලියමි. ඔබගේ කථාව තුලදී හඳුනාගත් පුද්ගලයෙකු ලෙසින් මම මෙය ලියමි. ඔබගේ කථාව තුල තැනින් තැන යෙදුනු නග්න තර්ජනයන් වෙතින් බියට පත්වීම ප්‍රතික්ෂේප කරනනෙකු ලෙසින්ද මම මෙය ලියමි."

ඝාතනය

ඔහු විසින් මෑතකදී හඳුනාගත් සමීපතයෙක්වූ, ශාන්ත නමැති සිංහල තැනැත්තෙක්, ඔහුව ඝාතනය කල දිනයෙහි, ඔහුගේ නිවසෙහි සිට ඔහුගේ මොටර් රියෙහි ඔහු සමග පිටතට පැමිණ තිබුණි. ඔහුගේ මෝටර් රථය තුලදී, ඔහුට දෙවරක් වෙඩි තබා තිබුණි. වැල්ලවත්ත නගරෝපාන්තයෙහි රාමක්‍රිෂ්ණ මාවකෙහිදී ඔහුගේ රිය තුල ඔහුගේ දේහය පසුව සොයා ගැනිණි. ශාන්ත කිසිදිනෙක සිරභාරයට පත්වූයේ නැත. ත්‍රස්තවාදයට එරෙහි ජාතික පෙරමුණ නම ගත්, පෙරදී නොදන්නා කණ්ඩායමක් විසින් මෙහි වගකීම භාර ගැනුණි.[n 3]

ඔහුගේ බිරිය සහ කැරළිකාර දෙඊවිකො කණ්ඩායම විසින් චෝදනා කෙරුණේ, රජය විසින් ඔහුගේ ඝාතනය සඳහා ඇණවුම භාර දී තබූ බවයි. [n 3][n 4]ජූරි සභිකයන්ගේ ජාත්‍යන්තර කොමිසම වැනි ජාත්‍යන්තර කණ්ඩායම් විසින් විගසින් සිදු කෙරෙන අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලා තිබිණි.[n 5]

ඝාතනයෙන් පසුව, කළුතර බන්ධනාගාරයෙහි දෙමළ සිරකරුවෝ විරෝධතාවයක් ලෙසින් කැරළිගැසූ අතර, එය මැඞපැවැත්වීමේ ක්‍රියාවලියේදී දෙදෙනෙකු මරා දැමිණි.[n 6]

විමර්ශන

2000 ජනවාරි මසදී පොන්නම්බලම් මහතාට වෙඩි තැබීමෙන් පසුව, සුගත් රණසිංහ නමැති හිටපු උප පොලිස් කොස්තාපල්වරයෙක්, අපරාධ විමර්ශන කාර්යාංශය (CDB) මූලස්ථානය දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ, පොන්නම්බලම් මහතා මරා දැමීමට පාතාල තුවක්කුකරුවන් දෙදෙනෙකු වන, මොරටු සමන් සහ සුජීව එකඟ කරවා කොන්ත්‍රාත් භාර දීමට වග කිව යුත්තේ තමන් බවයි. ඔහු මාස කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කොකර තිබූ නිසාවෙන්, උප පොලිස් කොස්තාපල් රණසිංහගේ පොලිස් සේවය අවලංගු වී තිබුණි.[2]

එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව සිටි [3] සහ තනතුරෙහි සිටි ජනාධිපතිවරයාගේ මාතෘ පාර්ශවයෙන් මාමා වූ, ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ මතභේදකාරී පුත්‍රයාවූ, මහේන් රත්වත්තේ විසින් ඝාතනය සඳහා අණ නිකුත් කලේ යැයි චෝදනා එල්ල විය. පසුකාලීනව මොරටු සමන් ඝාතනය කෙරිණි.[4]

සන්ඩේ ලීඩර් පුවත්පත විසින් චෝදනා එල්ල වුණේ[5] පොන්නම්බලම් මහතාට වෙඩි තැබුණේ, මහේන් රත්වත්තේට එරෙහිව ඔහු විසින් සාක්ෂිදීම වැලැක්වීම සඳහා බවයි.

මිනීමැරීම සඳහා මහේන් රත්වත්තේට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වන්නේ, එකම සාක්ෂිය වන සුගත් රණසිංහගේ පටිපත කල දුරකතන සංවාදය, ඔහුද විත්තිකරුවකු වන නිසා චෝදනා ඉදිරිපත් කිරීමට භාවිතා කල නොහැකි නිසා බවට නීතිපතිවරයා විසින් නියම කෙරුණි.

"ස්ටාට්ලිං රෙවලේෂන්ස් ඔෆ් ප්‍රසිඩන්ට් චන්ද්‍රිකා කුමාරතුංගස් එෆර්ට්ස් ටු ෂීල්ඩ් මර්ඩරර්ස් ඔෆ් කුමාර් පොන්නම්බලම් ඇන්ඩ් 'සටන' එඩිටර් රෝහණ කුමාර හෑව් බීන් බෑඩ්" යන ශීර්ෂය සහිතව, කැපී පෙනෙන සතිඅන්ත සඟරාමය පුවත්පත සන්ඩේ ලීඩර්හී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල වික්‍රමසිංහ විසින් පළ කෙරුණු ලිපියෙන් අනතුරුව,[6] මෙයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කල ශ්‍රී ලාංකික ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොලිස්පති වෙක නියෝග කෙරු‍ණේ මෙම කරුණ ගැන අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසටයි. මෙම ඝාතනය පිළිබඳ විමර්ශනයෙහි කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබෙයි.

සටහන්

ආශ්‍රිත

  1. ජේම්ස් ඩබ්. ගේයර්, ස්ටඩීස් ඉන් සවුත් ඒෂියන් ලින්ගුස්ටික්ස්: සිංහල ඇන්ඩ් අදර් සවුත් ඒෂියන් ලැන්වේජර්ස්, 1998, පරිච්ඡේදය 14: හවු ඩ්‍රැවිඩනයිස්ඩ් වෝස් සින්හල ෆොනොලොජි? පිටු 185-199)
  2. http://lankalibrary.com/phpBB/viewtopic.php?t=656
  3. http://www.tamilnet.com/art.html?catid=13&artid=8003
  4. http://www.lankalibrary.com/phpBB/viewtopic.php?t=3007&view=previous&sid=87ac501e362b24f9b67abf7e89668fa7
  5. http://www.tamilcanadian.com/page.php?cat=131&id=1812
  6. http://www.sundayobserver.lk/2002/01/13/new14.html

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=කුමාර්_පොන්නම්බලම්&oldid=311735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි