පිළියන්දල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පිළියන්දල
පිළියන්දල is located in Sri Lanka
පිළියන්දල
පිළියන්දල
ඛණ්ඩාංක: 6°48′6.37″N 79°55′21.76″E / 6.8017694°N 79.9227111°E / 6.8017694; 79.9227111
රට ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත

පිළියන්දල, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹට කි.මී. 19 ක් පමණ දුරින් පිහිටි නගරයකි. බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, මත්තෙගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, මොරටුව සහ කටුබැද්ද ආදී නගර වලට මැදිව මෙය පිහිටා තිබේ. කැස්බෑව ආසනයෙහි පවතින ප්‍රධානම නගරය ද පිළියන්දල යි. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක හෝරාස්ථම්භය පිළියන්දල පිහිටා ඇත. 1952 දී ඉදිකිරීම ආරම්භ කරන ලද එය 1953 දී නිම කරන ලද අතර එදින සිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. [1]

භූගෝලීය පිහිටීම[සංස්කරණය]

කළු ගඟේ ශාඛාවක් වන බොල්ගොඩ ගඟෙහි නැගෙනහිර ඉවුරු පිළියන්දල නගරයට සමීපව පවතියි. කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වන මෙම නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය පදිංචියට යෝග්‍ය ප්‍රදේශයක් ලෙස මහජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඇත. මෙහි පදිංචි ජනතාවගෙන් බහුතරය, සිංහල බෞද්ධයෝ ය.

කර්මාන්ත[සංස්කරණය]

පිළියන්දල ප්‍රදේශයෙහි තවමත් වී ගොවිතැන සාර්ථකව කරනු ලබයි. ප්‍රදේශයෙහි පවතින කුඩා වැවක් වන කැස්බෑව වැව මෙයට මහඟු දායකත්වයක් සපයයි. වී ගොවිතැනට අමතරව, රබර් ද ආර්ථික භෝගයක් ලෙස ව්‍යාප්තව පැවතුනද එය සීඝ්‍රව හීන වෙමින් පවතියි.

පෙර පැවති, ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය යටතේ ස්ථාපනය කල විශාල පිඟන් කර්මාන්ත ශාලාවක් පිළියන්දල නගරයෙහි පැවතුනද පෞද්ගලීකරණය කර කෙටි කලෙකින්ම එය වසා දැමීමට සිදුවුනි. අද වන විට එම කර්මාන්ත ශාලාව පැවති භූමියද, පෞද්ගලික සමාගමක් මඟින් මිලටගෙන, නිවාස ව්‍යපෘතියක් සඳහා යොදවා ඇත.

ඇඟළුම් කර්මාන්තශාලා ද, පිළියන්දල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබේ.

අධ්‍යාපන ආයතන[සංස්කරණය]

රජයේ අධ්‍යාපන ආයතන[සංස්කරණය]

පිළියන්දල ප්‍රදේශය ආශ්‍රිතව රජයේ පාඨශාලා කිහිපයක්ම තිබේ.

6 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත

1 වසර සිට උසස් පෙළ දක්වා පංති සහිත

1 වසර සිට 5 වසර ශිෂ්‍යත්වය දක්වා පංති සහිත

පෞද්ගලික අධ්‍යාපන ආයතන[සංස්කරණය]

පිළියන්දල ප්‍රදේශය ආශ්‍රිතව පෞද්ගලික පාඨශාලා/අධ්‍යාපන ආයතනය කිහිපයක්ම තිබේ.

බස් මාර්ග[සංස්කරණය]

පිළියන්දල හරහා දිවෙන බස් මාර්ග

  • 120 - පිටකො‍ටුව-පිළියන්දල-කැස්බෑව/හොරණ
  • 162 - පිටකො‍ටුව - බණ්ඩාරගම
  • 255 - ගල්කිස්ස- කොට්ටාව (පිළියන්දල හරහා)

පිළියන්දලින් අවසන් වන බස් මාර්ග

  • 127 - මොරගහහේන
  • 139 - කොහුවල
  • 139/1 - කළුබෝවිල
  • 149 - දියකඩ/දියගම/හෝමාගම
  • 157 - කහපොළ
  • 158 - මොර‍ටුව
  • 162 -බණ්ඩාරගම
  • 295 - දම්පේ
  • 296 - කොට්ටාව
  • 341 - මහරගම
  • 342 - කොට්ටාව (පොල්ගස්ඕවිට හරහා)
  • 149 - බණ්ඩාරගම (දියකඩ හරහා)


මූලාශ්‍ර[සංස්කරණය]

  1. [1], Daily News - Features April 2003.
"http://si.wikipedia.org/w/index.php?title=පිළියන්දල&oldid=275714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි