උබුන්ටු (පරිගණක මෙහෙයුම් පද්ධතිය)

විකිපීඩියා වෙතින්
උබුන්ටු
Ubuntu logo
විකාශකයාCanonical Ltd., Ubuntu community
OS පවුලLinux
Working stateCurrent
මූලාශ්‍ර ආකෘතියනිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (with exceptions)
Initial release20 ඔක්තෝබර් 2004; වසර 19 කට පෙර (2004-10-20)
Latest releaseUbuntu 18.04 LTS Bionic Beaver
Repository Edit this at Wikidata
අලෙවිකරණ ඉලක්කයPersonal computers, Servers, Tablet computers (Ubuntu Touch), Smart TVs (Ubuntu TV), Smartphones
ලබා ගත හැක්කේMore than 55 languages by LoCos
Update methodAPT (Software Updater, Ubuntu Software Center)
Package managerdpkg, Click packages
PlatformsIA-32, x86-64,[1] ARMv7[1][2][3][4][5] ARM64, Power
Kernel typeMonolithic (Linux)
UserlandGNU
Default user interface
LicenseMainly the GNU GPL and various other free software licenses
Official websiteubuntu.com

උබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.

දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත.[6] විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.[7] අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක්[8][9] පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක [10]භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් ( නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත. එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.

එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් තුනක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: කුබුන්ටු, එඩියුබුන්ටු (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි) සහ උබුන්ටු සර්වර් සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.[11]

කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක්[12] දිගුකාලීන සේවා (දි.කා.සේ.) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි.[13] උබුන්ටු 10.10 අනුවාදය (මැවෙරික් මීර්කට්), 2010 ඔක්තෝම්බර් මස 10වන දින නිකුත් කරන ලදී. උබුන්ටු නවතම අනුවාදය වන උබුන්ටු 11.10 (ඔනිරික් ඔසිලට්), 2011 ඔක්තෝම්බර් මස 13 වන දින නිකුත් කරන ලදී.

ඉතිහාසය සහ සංවර්ධන ක්‍රියාපටිපාටිය[සංස්කරණය]

ගොනුව:Sinhala in Edgy with apps.png
සිංහල සමග උබුන්ටු 6.10 Edgy Eft

උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය.

උබුන්ටු බෙදාහැරිම් සැමවිටම නවතම ජීනෝම් අතුරුමුහුණත සමඟ පැමිණේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්, ක්ඇන්ඩ්රෝස්, ලින්ස්පියර්, පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට සංවෘත කේත හා මුල්‍යපාදක බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු, ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහෝ විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.

බෙදාහැරීම පිළිබඳව[සංස්කරණය]

උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි. එහි නාමය 'සූලූ' වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුන්ටු සංකල්පය වන්නේ, මා, මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දීමයි.

උබුන්ටු වල මූලික අරමුණ නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාර්තාගත වී ඇත්තේ සියළුම මෙහෙයුම් පද්ධති භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි.

උබුන්ටු නිදහස් හා ව්වෘත මෘදුකාංග එකතුවකි. එහි අර්ථය මෙය නිදහසේ බාගත කිරීමට, රිසි පරිදි භාවිතා කිරීමට, බෙදා හැරීමට හා නවීකරණයට ඔබට නීතිමය බාධාවක් නොමැති බවයි [14]. තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුණු කර නැවත බෙදා හැරීමටද පුළුවන. උබුන්ටු සඳහා මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අප්‍රිකානු ව්‍යවසායකයකු වන මාක් ෂටල්වර්ත් මහතා සතු ආයතනයකි. කැනෝනිකල් ආයතනය උබුන්ටු මිලට දිමෙන් තොරව, මුදලට කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග පාර්ශ්වකරුවන්ගේ (ලිනක්ස්, ඩේබියන්, ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙ නිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.

කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ. නාමිකව කුබුන්ටු, ක්සුබුන්ටු, එඩියුබුන්ටු, උබුන්ටු 'ජුස්' සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු සඳහා මාස 18 කාලයක් දක්වා කැනොනිකල් මගින් යවත්කල් සපයයි. මෙහිදි ආරක්ෂක යවත්කල්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමිලයේ ලබා ගත හැක.

දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 11.10 වේ. (2011 ඔක්තෝම්බර් මස 13 වැනි දා)

ඉතිහාසය හා ගොඩනැගීම[සංස්කරණය]

උබුන්ටු, ඩේබියන් ව්‍යාපෘතියේ කේත මූලධර්මයන්ගෙන් පැවත එන්නකි. [15] නිරන්තර නවීකරණයන්ගෙන් යාවත්කාලීන වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම, සෑම මාස හයකට වරක්ම උබුන්ටු නව අනුවාදයක් නිකුත් කි‍රීමේ මූලික අරමුණයි. 2004 ඔක්තෝම්බර් මස 20 වන දින උබුන්ටු මංගල අනුවාදය එළිදක්වන ලදී.[16]

GNOME නව අනුවාදයක් නිකුත් කිරීමෙන් මසකට පමණ පසුව උබුන්ටු එළිදැක්වීමක් සිදුවේ.[17] සමහර වානිජ දෘඪාංග ධාවක හැරුණු විට, වානිජ සහ රහස්‍ කේත වැඩසටහන් භාවිතා කරනු ලබන, ඩේබියන් ව්‍යාපෘතියෙන් පැවත එන්නාවූ අනෙකුත් ව්‍යාපෘති / නිකුතුවලට සාපේක්ෂව උබුන්ටු සඳහා මූලික වශයෙන් නිදහස් මෘදුකාංග භාවිතා කරයි].[18]

ඩේබියන්හිඅස්ථායි අංශයන්ගෙන් සමන්විත පැකේජ, උබුන්ටු පැකේජ සඳහා පදනම වී ඇති අතර මෙම බෙදාහැරීම් දෙකම ඩේබියන්හි deb පැකේජ ආකෘතිය සහ පැකේජ කළමනාකරණ මෙවලම් (APT සහ Synaptic) භාවිතයට ගනු ලබයි. ඩේබියන් හා උබුන්ටු පැකේජ එකිනෙක කෙරෙහි ද්වීමය අනුරූපතාවයක් දැක්විය යුතු නැති නමුත් උබුන්ටු සමග භාවිතා කිරීම සඳහා .deb පැකේජයන්හී කේත නැවත ගොඩනැගිය යුතු අවස්ථාද පැන නගී.[19] උබුන්ටු ගොඩනගන්නන්ගෙන් බොහෝදෙනෙකු ඩේබියන්හි ප්‍රධාන පැකේජ නඩත්තුකරන්නන් වේ. උබුන්ටු සඳහා ඩේබියන් ‍අන්‍යේන්‍යව උපකාරීවන අතරම සිදුවන වෙනස්කම් මගින් ඩේබියන්ද වෙනස්කම්වලට භාජනය වේ.[20] එනමුත් එය එසේ සිදුනොවන බවටද විවේචනයන් පවතී. කලකට ඉහත ඩේබියන් නිර්මාතෘ ඉයන් මර්ඩොක් පවසා ඇත්තේ උබුන්ටුවල අනුරූපීයතාව පවත්වා ගැනීම සඳහා ඩේබියන් සර්ජ් වලට වඩා උබුන්ටු පැකේජ කෙරෙහි අවධානය යොමුකිරීම වෙනස් මගක් ගන්නා බවයි.[21] උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමකට පෙර දිගින් දිගටම ලබාගන්නා ඩේබියන් අස්ථායි පැකේජ, උබුන්ටු සඳහා විශේෂිත වූ වෙනස්කම්වලට ලක්කරමින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. සෑම නිකුතුවකටම මසකට පෙරාතුව පැකේජ නවත්වා ලබාගැනීම එසේ ලබාගත් පැකේජ ගැටළුවකින් තොරව එකිනෙක ක්‍රියාත්මක වනබවට තහවුරු කරගනී.

දැනට උබුන්ටු සඳහා කැනොනිකල් ලිමිටඩ් ආයතනය මගින් ආධාර සපයනු ලබයි. 2005 ජූලි මස 8වන දින මාර්ක් ෂට්ල්වර්ත් සහ කැනොනිකල් සමාගම එක්ව උබුන්ටු පදනමේ ආරම්භය ප්‍රකාශයට පත් කළ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක ආධාරයක්ද කරන ලදී. මෙම පදනම ආරම්භ කිරීමේ මූලික අරමුණවනුයේ ඉදිරි උබුන්ටු අනුවාදවල ගොඩනැගීම සහ සේවා සැපයීම තහවුරු කිරීමයි. මාර්ක් ෂට්ල්වර්ත් පවසන පරිදී මෙම පදනම "හදිසි අරමුදලකි"[කැනොනිකල් සමාගමේ දායකත්වය ඇනහිටි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට].[22]

දැනට පවතින දිගුකාලීන සේවා(දි.කා.සේ.) නිකුතුව වනුයේ 2010 අප්‍රියල් මස 29 වන දින නිකුත් කරන ලද උබුන්ටු 10.04 අනුවාදයයි.[23][24][25] කැනොනිකල් සමාගම විසින් සෑම අවුරුදු දෙකකට වරක්ම දිගුකාලින සේවා අනුවාදයක් නිකුත් කරනු ලබන අතර 2012 අප්‍රියල් මස නිකුත් කිරීමට නියමිත දිගුකාලින සේවා අනුවාදය Ubuntu 12.04 LTS,Precise Pangolin යන නමින් නම් කර අැත. එය 2017 අප්‍රියල් දක්වා සේවා සැපයීමට නියමිතය. 2011 ඔක්තෝම්බර් මස 13 දින නිකුත් කළ උබුන්ටු 11.10 ඔනිරික් ඔසිලට් දැනට පවතින නවීනතම සාමාන්‍ය සංස්කරණයයි.[26]

2009 මාර්තු මස 12වන දින උබුන්ටු ප්‍රකාශ කරන ලද්දේAmazon EC2හි භාවිතා වන පරිදී තුන්වන පාර්ශවීය ක්ලවුඩ් කළමනාකරණ වේදිකාවක් සඳහා වැඩසටහන්කරුවන්ගේ අවශ්‍යතාව මතුව ඇති බවයි.[27]

විශේෂාංග[සංස්කරණය]

උබුන්ටු usabilityපරිහරණය කළ හැකිබව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය[28] කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මකවන අවස්ථවක සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා උබික්විටි ස්ථාපිතකරණය මගින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකිතරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලභ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, උබුන්ටු ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන [29] ක්‍රමය වේ. ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමගින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිනුම ආරක්ෂාකාරීව පවත්වාගෙනයාම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළුවිවර කිරීම් වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය.[30] තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හී පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.

උබුන්ටු පරිගණකයේ ස්ථාපනයවීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.org, Firefox, Empathy (උබුන්ටු 9.10 වලට කලින් සංස්කරණයන් හිPidgin ), Transmission, GIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රීඩා (සුදොකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුනු විට තවත් අමතර නිත්‍යනොවූ මෘදුකාංග බාගතකර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය[31] හෝ Synaptic පැකේජ කලමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම උබුන්ටු සමග ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ. උබුන්ටු සමග ලැබෙන firewall මගින් ජාලකරණ pots වැසීම සිදුකළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදී ports තෝරාගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය.[32] GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි.[33] ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදා මයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද උබුන්ටු පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිතා කරමින්ද කළ හැකිය.(උදා VMware Workstation හෝ VirtualBox).

ස්ථාපනය[සංස්කරණය]

ගොනුව:Screenshot from 2018-01-11 22-03-08.png
Ubuntu 16.04 LTS Desktop

උබුන්ටු ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කරගනිමින් සිදුකරනු ලබයි. පරිගණක ප්‍රධාන මතකයේ ස්ථාපනය කිරීමකින් තොරව සජීවී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක කළ හැකිවීම මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ ලක්ෂණයකි( නමුත් අඩු කාර්යක්ෂමතාවයකින්). එමගින් මෙහෙයුම් පද්ධතිය කොතෙක් දුරට දෘඪාංග සහ දෘඪාංග ධාවක සමග ගැලපෙන්නේදැයි පරිශීලකයන් හට පරීක්ෂා කර බැලිය හැකිය. ඊට අමතරව මෙම උබුන්ටු සංයුක්ත තැ‍ටියේ Ubiquity ස්ථාපිතකරණයද[34] අඩං‍ගුවේ. එමගින් පරිශීලකයන් හට මෙහෙයුම් පද්ධතිය ස්ථිර මතකයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වනු ලබයි. දැනට පවතින හා කලින් පැවති සියළුම අනුවාදයන්හී සංයුක්ත තැටි අනුරු බාගත කර ගැනීම් සඳහා උබුන්ටු වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත.[35] මෙම මෙහෙයුම් පද්ධතිය සංයුක්ත තැටියකින් ස්ථාපනය කරගැනීම සඳහා අවම වශයෙන් 256 Mbසසම්භාවී ප්‍රවේශ මතකයක් අවශ්‍යවේ.

පරිශීලකයන් හට උබුන්ටු අනුරුවක්(.iso) බාගත කර සංයුක්ත තැටියකට හෝ DVD තැටියකට පිටපත් කරගත හැකිය. එසේ නොමැතිනම් පරිගණකයේ ස්ථිර මතකයේ සිට ක්‍රියාත්මක කළ හැකිය(UNetbootin හෝ GRUB ඔස්සේ). උබුන්ටු ARM, PowerPC, SPARC, සහ IA-64 වේදිකාවන් හිදීද පවතී. නමුත් නිල වශයෙන් සේවා සපයන්නේ ARM සඳහා පමණි.[36]

කැනොනිකල් සමාගම විසින් කිසිදු අයකිරීමකින් තොරව‍, අවම වශයෙන් තැපැල් ගාස්තුවද නොගෙන ලොව බොහෝ රටවලට උබුන්ටු[37] හා කුබුන්ටු[38] සංයුක්ත තැටි බෙදාහරිනු ලබයි.(ShipIt නම් සේවාව ඔස්සේ).

ස්ථාපිත කරන ලද උබුන්ටු මෙහෙයුම් පද්ධතියට දැනටමයික්‍රොසොෆ්ට් ‍වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවත්නා පිටුසන, ඩෙස්ක්ටොප් පසුතල ඇතුළු විවිධාකාර සිටුවම් ලබාගැනීම සඳහා Migration උපකාරකය (2007 අප්‍රියල් මස හඳුන්වා දුන්)[39] නම් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් උපාංගය භාවිතා කළ හැකිය.[40]

BIOS හි වෙනස්කම් සිදුකිරීම මගින් උබුන්ටු හා කුබුන්ටු මෙහෙයුම් පද්ධති USB ෆ්ලෑෂ් ධාවකය[41]යොදාගෙන ක්‍රියාත්මක කළ හැකිය. (ඒ සඳහා BIOS හි අදාල පහසුකම සපයා තිබිය යුතුය). USB මගින් ක්රිනයාත්මක කි‍රී‍මේ පහසුකම සහිත ඕනෑම පරිගණකයක උබුන්ටු ස්ථාපිත කිරී‍මකින් තොරව උබුන්ටු භාවිතා කිරීමේ හැකියාව එමගින් ලැබේ. [42] උබුන්ටු මෙහෙයුම් පද්ධතියUSB ෆ්ලෑෂ් ධාවකයක ස්ථාපනය කිරීම සඳහා USB creator නම් නවතම වැඩසටහනක් උබුන්ටු නවතම අනුවාද වල පවතී.(සජීවී සංයුක්ත තැටියක් සහිතව හෝ රහිතව)

Wubi යනු සජීවී සංයුක්ත තැටිවල අඩංගුවන්නාවූ තවත් ‍විශේෂාංගයකි.[43] මෙම විශේෂාංගය මගින් අතථ්‍ය වින්ඩෝස් loop device මත උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කරයි. (මෙය වින්ඩෝස් මෙහෙයුම් පැනලය) මගින් ක්‍රියාත්මකවන අනෙත් වින්ඩෝස් වැඩසටහන් මෙන් ක්‍රියාකරන විශාල අනුරුවක් මෙනි). මෙම ක්‍රමය භාවිතා කිරීමේදී වින්ඩෝස් පරිශීලකයාගේ ප්‍රධාන මතකයකොටස්වලට බෙදිය යුතු නැත. තවද Wubi භාවිතයේදී පරිශිලකයාගේ වින්ඩෝස් සිටුවම් උබුන්ටු වෙත ලබාගැනීම සඳහා Migration උපකාරකය යොදාගැ‍නීමේ හැකියාවද ලැබේ. එම ක්‍රමය වින්ඩෝස පරිශිලකයන් සඳහා පමණක් වන අතර කාර්යක්ෂමතාවයේ සුළු අඩුවීමක් ද දැකගත හැකිය.

නව ආකෘති සැකසීම[සංස්කරණය]

පරිශිලකයාට ඇවසි පරිදී වෙනස් කරගත හැකි නව ආකෘති සැකසීමේ විවිධාකාර වූ වැඩසටහන් (remastersys සහ Reconstructor වැනි) උබුන්ටු සජීවී සංයුක්ත තැටිවල පවතී.

පැකේජ වර්ගීකරණය සහ සේවා[සංස්කරණය]

බලපත්‍රවල වෙනස්කම් සහ සහය දැක්වීමේ ප්‍රභලතාව මත සියළු උබුන්ටු මෘදුකාංග ප්‍රධාන කොටස් හතරකට වෙන්කරයි.[44] කැනොනිකල් ආයතනය මගින් සේවා සපයන්නේ නැති සමහර මෘදුකාංග සඳහා ප්‍රජාදායකත්වයෙන් යාවත්කාලීන කිරීම් සිදුකරනු ලබයි.

නිදහස් මෘදුකාංග නිදහස්‍ නොවන මෘදුකාංග
සහය දක්වන ප්‍රධාන සීමා සහිත
සහය දක්වන්නේ නැති සමස්ථ අධිවිශ්ව

ඩේබියන් නිදහස් මෘදුකාංග මෙහෙයුම් නිර්ණායක සමග යම්තාක් දුරකට අනුරූපීවන, උබුන්ටු බලපත්‍ර අවශ්‍යතා[45] සපුරන ලද මෘදුකාංග පමණක් නිදහස් මෘදුකාංග ගණයට අයත්‍ වේ. නමුත් ප්‍රධාන ගණයට අයත් firmware සහ fonts වැඩිදියුණු කළ නොහැකි වුවද අවසරයකින් තොරව බෙදාහැරිය හැකිය.[තහවුරු කර නොමැත]


නිදහස් නොවන මෘදුකාංග සඳහා සාමාන්‍යයෙන් සහය දක්වන්නේ නැත(අධිවිශ්ව). නමුත් සමහර වැදගත් නිදහස් නොවන මෘදුකාංග (සීමා සහිත) සඳහා එවැනි බාධාවක් නොමැත. සහය දක්වන නිදහස් නොවන මෘදුකාංග, දෘඪාංග ආම්පන්න ධාවක සඳහා භාවිතා වේ. උදාහරණයක් ලෙස binary-only graphics card ධාවක පෙන්වාදිය හැකිය. වැඩසටහන්කරුවන් හට මූල කේතසඳහා අවසර නොමැති බැවින් සීමාසහිත කොටසට අයත් මෘදුකාංග සඳහා දක්වන දායකත්වය ප්‍රධාන කොටසට අයත් මෘදුකාංග සඳහා දක්වන දායකත්වයට වඩා අල්ප වේ. ජීඑන්යූ/ලිනක්ස් සාමාන්‍ය භාවිතය සඳහා වන සියළු මෘදුකාංග ප්‍රධාන හා සීමා සහිත යන ප්‍රභේද යටතේ පවතී.[තහවුරු කර නොමැත] එම මෘදුකාංගවලින් සිදුකරන ලබන කාර්යයන්ම ඉටු කරගත හැකි විකල්ප මෘදුකාංග හා විශේෂිත වැඩසටහන් සමස්ථ හා අධිවිශ්ව ප්‍රභේද යටතේ වර්ගීකරණය කර ඇත.

මූලික නිකුතුවකින් අනතුරුව මෘදුකාංග සඳහා නව විශේෂාංග නිකුත් කරන්නේ නැත. උබුන්ටු බැක්පෝර්ට්ස් යනු නිල වශයෙන් පිලිගත් ගබඩාවකි. එමගින් උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීම සඳහා නවතම මෘදුකාංග සපයනු ලබයි.[46] එම ගබඩාව පරිපූර්ණ වූවක් නොවේ. එය මූලික වශයෙන්ම පරිශිලකයා ඉල්ලුම් කරන්නාවූ, තත්ව සහතික ලත් පැකේජවලින් සමන්විත‍ වේ. බැක්පෝරට්ස් මෘදුකාංග සඳහා කැ‍නොනිකල් ආයතනයෙන් කිසිදු සේවාවක් සපයන්නේ නැති අතර මුළුමනින්ම ලොව පුරා විසිරී සිටින වැඩසටහන්කරුවන් විසින් දියුණු කරනු ලබයි.

"යාවත්කාලීන ගබඩාවේ", උබුන්ටු ස්ථායි නිකුතුවකට අදාල මෘදුකාංග යාවත්කාලීනයන් අඩංගු‍‍ වේ. එම යාවත්කාලීනයන් උබුන්ටු යාවත්කාල-කලමනාකරණය යොදාගෙන ස්ථාපනය කරගත හැකිය. සෑම නිකුතුවකටම අදාල යාවත්කාලීනයන් එම ගබඩාවට ලබා ‍දේ.(උදා. intrepid-updates). ප්‍රධාන හා සීමා සහිත ප්‍රභේදයන්ට අයත් මෘදුකාංග සඳහා වන යාවත්කාලීන ගබඩාවට, කැ‍නොනිකල් ආයතනය විසින් සේවා සපයනු ලබයි. සමස්ථ හා අධිවිශ්ව පැකේජ සඳහා ප්‍රජා දායකත්වය ලැබේ. සෑම යාවත්කාලීනයක්ම ප්‍රජාවට නිකුත් කිරීමට ප්‍රථම යම් යම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කළයුතු අතරම යෝජිත ගබඩාව හරහාද ගමන්කල යුතුය.[47] එම නිකුතුවේ ජීවකාලය අවසන් වනතුරු යාවත් කාලීනයන්ද දිගන් දිගටම පවතී.

යාවත්කාලීන ගබඩාවට අමතරව අස්ථායි, යෝජිත ගබඩාවක් ද පවතී. යොජනාවූ නමුත් තහවුරු නොකරන ලද යාවත්කාලීනයන් එම ගබඩාව තුළ පවතී. සෑම යාවත්කාලීනයක්ම නිපදවීමෙන් අනතුරුව යෝජිත ගබඩාවට යැවිය යුතුය. එහිදී එම යාවත්කාලීනයන්ගෙන් සත්‍ය වශයෙන් මෘදුකාංග දෝෂ නිවරදිවේද යන්නත් යාවත්කාලීනයන් නිසා වෙනත් දෝෂ[48] ඇති නොවන බවත් තහවුරු කරනු ලබයි. එම යෝජිත යාවත්කාලීනයන් කැනොනිකල් ආයතනය විසින් හෝ ප්‍රජාව විසින් සහතික කරනු ලබයි.

වානිජ මෘදුකාංග වෙලෙඳුන්ට තම නිෂ්පාදිතය උබුන්ටු පරිශිලකයන්ට නොමිලයේ ලබාදීම සඳහා කැනොනිකල් "හවුල්කාර" ගබඩාව පහසුකම් සලස්වා ඇත. එමගින් පරිශීලකයන්ට තමන්ට හුරු පුරුදු මෙවලම් ස්ථපනය කර පාවිච්චි කිරීමේ හැකියාව ලැබේ.[49] එසේ හවුල්කාර ගබඩාවේ පවතින මෘදුකාංග සඳහා ආරක්ෂක හා අනෙකුත් යාවත්කාලීනයන් නිලවශයෙන් ලබාදීමට අදාල වෙලෙඳුන් හට හැකියව ඇත. එම මෘදුකාංග උබුන්ටු පැකේජය තුළ අඩංගු කිරීම[49][50][51] සහ එම වෙලෙඳුන් හට අවශ්‍යකරන මග පෙන්වී‍ම[49] කැනොනිකල් සමාගමේ වගකීමකි. පෙරනිමි ලෙස හවුල්කාර ගබඩාව අක්‍රිය කර තැබෙන අතර, පරිශිලකයන් හට එය ක්‍රියාත්මක කරගත හැකිය.[52] ඇඩොබි ෆ්ලෑෂ් ප්ලේයර්, ඇඩොබි රීඩර්,ස්කයිප් සහ සන් ජාවා 2010 අගෝස්තු මාසය වනවිට එලෙස හවුල්කාර ගබඩාව හරහා බෙදා හැරි මෘදුකාංග කිහිපයකි.

භාවිතයේ ඇති තුන්වන පාර්ශවීය මෘදුකාංග[සංස්කරණය]

තුන්වන පාර්ශවීය මෘදුකාංග සහතික කිරීමේ ක්‍රියාවලියක් උබුන්ටු සතුව පවතී.[53] උබුන්ටු අධිවිශ්ව ප්‍රභේදය තුළ ව්‍යාප්තිය සීමා නොවූ සමහර තුන්වන පාර්ශවීය ‍මෘදුකාංග ද ඇත. නීත්‍යානුකූලව සීමාකල හැකි මෘදුකාංග [[ubuntu-restricted-extras]|උබුන්ටු-restricted-extras] පැ‍කේජ තුළ පවතී. ඒ අතර MP3 සහ DVD ක්‍රියාකරවීම සඳහා වැඩසටහන් මයික්‍රොසොෆ්ට් TrueType core fonts, සන් ජාවා runtime environment, ඇඩෝබි ෆ්ලෑෂ් ‍ප්ලේයර් ප්ලිනය, බොහෝ audio/video කොඩැක්ස් සහ unrar වේ.

තවද තුන්වන පාර්ශවීය වැඩසටහන් මිලදී ගැනීමේ හැකියාවද කැනොනිකල් වෙබ් ගබඩාව ලබා‍ දේ.[තහවුරු කර නොමැත] එහි DVD ප්ලේබැක් හා මීඩියා කොඩැක්ස් ඇතුළු තවත් මෘදුකාංග අන්තරගතවේ.

නිකුතු[සංස්කරණය]

Version Code name Release date Supported until
Desktop Server
4.10 Warty Warthog 2004-10-20 2006-04-30
5.04 Hoary Hedgehog 2005-04-08 2006-10-31
5.10 Breezy Badger 2005-10-13 2007-04-13
6.06 LTS Dapper Drake 2006-06-01 2009-07-14 2011-06-01
6.10 Edgy Eft 2006-10-26 2008-04-25
7.04 Feisty Fawn 2007-04-19 2008-10-19
7.10 Gutsy Gibbon 2007-10-18 2009-04-18
8.04 LTS Hardy Heron 2008-04-24 2011-05-12 2013-04
8.10 Intrepid Ibex 2008-10-30 2010-04-30
9.04 Jaunty Jackalope 2009-04-23 2010-10-23
9.10 Karmic Koala 2009-10-29 2011-04-30
10.04 LTS Lucid Lynx 2010-04-29 2013-04 2015-04
10.10 Maverick Meerkat 2010-10-10 2012-04-10
11.04 Natty Narwhal 2011-04-28 2012-10-28
11.10 Oneiric Ocelot 2011-10-13 2013-05-09
12.04 LTS Precise Pangolin 2012-04-26 2017-04
12.10 Quantal Quetzal 2012-10-18 2014-05-16
13.04 Raring Ringtail 2013-04-25 2013-01-27
13.10 Saucy Salamander 2013-10-17 2014-07-17
14.04 LTS Trusty Tahr 2014-04-17 2019-04
14.10 Utopic Unicorn 2014-10-23 2015-07
15.04 Vivid Vervet 2015-04-23 2016-01
15.10 Wily werewolf 2015-10-22 2016-07
16.04 LTS Xenial Xerus 2016-04-21 2021-04
16.10 Xenial Xerus 2016-10-13 2017-07
17.04 Xenial Xerus 2017-04-13 2018-01
Colour Meaning
Red Release no longer supported
Green Release still supported
Yellow Latest version
Blue Future release

අවුරුද්දකට දෙවරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත්වේ. අවුරුද්ද සහ මාසය උබුන්ටු අනුවාද අංකය තීරණය කරනු ලබයි. උදාහරණ ලෙස ප්‍රථම නිකුතුව 2004 ඔක්තෝම්බර් 20 දින උබුන්ටු 4.01 ලෙස නිකුත් කරන ලදී.[54] ඉදිරි නිකුතුවල අනුවාද අංකය පිළිබඳව අනාවැකි පල කළ නොහැක්කේ නිකුතුව ප්‍රමාද වුවහොත් අනුවාද අංකයද ඒ අනුව වෙනස්වන බැවිනි.

උබුන්ටු සංකේත නාම සඳහා නාම විශේෂනයක් සහ සතකුගේ නාමයක් යොදා ඇත.(උදා, "ඩැපර් ඩාර්ක්" and "ඉන්ටර්පිඩ් ඉබෙක්ස් "). මුල් නිකුතු තුන හැරුනුවිට අනෙත් නිකුතුවන්ගේ නාමයන් ඉංග්‍රීසි අකාරාදී පිළිවලින් පවති. නවතම නිකුතුව පිළිබඳව ඉඟියක් ඉන් ලබා දේ. සාමාන්‍යයෙන් උබුන්ටු අනුවාදය හැඳින්වීම සඳහා නාම විශේෂන කොටස පමණක් භාවිතා කරනු ලබයි.[55]

GNOME නිකුතුවකින් මසකට පමණ පසු උබුන්ටු නිකුතුවක් සිදුවේ. (X.org නිකුකුවකින් මසකට පමණ පසුව GNOME නිකුතුවක් සිදුවේ) එහි ප්‍රතිපලයක් වශයෙන් සෑම උබුන්ටු නිකුතුවක් සමගම යාවත්කාලීන වූ GNOME හා X.org පවතී. තෝරාගත් නිකුතු (උදා 6.06 Dapper Drake, 8.04 Hardy Heron සහ 10.04 Lucid Lynx) දිගු කාලීන සේවා(දිකාසේ) ලෙස නම් කර ඇත. එනම් එම නිකුතුවල ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකද සර්වර් සංස්කරණයක්[56] as compared to the 18-month support period for non-LTS releases.[57] සඳහා අවුරුදු පහකද යාවත්කාලීන කිරීම් සහිත සේවා සැපයීමක් පවතී. ‍නමුත් කෙටි කාලීන සේවා ලැබෙනුයේ මාස 18ක කාලයක් පමණි.

දැනට පවතින අනුවාදය වන 10.10 මෙවැරික් මීර්කට් 2010 ඔක්තෝම්බර් මස 10වන දින (10/10/10) නිකුත් කරන ලදී. මෙය සාම්ප්‍රදායික කාලසටහනට, එනම් ඔක්තෝම්බර් මස අවසානයේ නිකුත් කිරීමට පරිබාහිරව නිකුත් කරන ලද්දේ "පරිපූර්ණ 10" සනිටුහන් කිරීමටය.[58]

[59]

උබුන්ටු 11.04, 2011 අප්‍රියල් මස 28 වන දින එලි දැක්වීය. එහි නාමය "නැටී නර්හෝල්" ලෙස නම් කෙරින.

ප්‍රභේද[සංස්කරණය]

කේඩීඊ මෘදුකාංග සම්පාදන ඩෙස්ක්ටොප් පරිසරයභාවිතයට ගන්නා කුබුන්ටු, උබුන්ටු බෙදාහැරීමේ නිල ප්‍රභේදයකි.

පහත දැක්වෙන්නේ කැනොනිකල් ආයතනය සහ උබුන්ටු ප්‍රජාව මගින් නිපදවා නඩත්තු කරගෙන යනු ලබන නිල උබුන්ටු සංස්කරණයන් වේ.[11][60]

  • උබුන්ටු ඩෙස්ක්ටොප් සංස්කරණය, ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා නිපදවා ඇත.
  • උබුන්ටු නෙට්බුක් සංස්කරණය, (කලින් උබුන්ටු නෙට්බුක් රීමික්ස්)[61][62] නෙට්බුක් හා අනෙකුත් කුඩා පරිගණක සඳහා නිර්මාණය කර ඇත.[63]
  • උබුන්ටු සර්වර් සංස්කරණය, සර්වර් පරිගණක සඳහා නිපදවා ඇත.[64]

උබුන්ටු නිල සංස්කරණය පදනම් කරගත් තවත් ‍බොහෝ උබුන්ටු ප්‍රභේද (හෝ ව්‍යුත්පන්නයන්) ඇත. මෙම උබුන්ටු ප්‍රභේද, නිල උබුන්ටු ව්‍යාප්තියට වඩා වෙනස් වූ පැකේජ සමූහයක් ස්ථාපනය කරනු ලබයි.

පහත දැක්වෙන්නේ උබුන්ටු ව්‍යාපෘතිය යටතේ කැනොනිකල් ආයතනයේ දායකත්වය දෙනු ලබන උබුන්ටු ප්‍රභේදයන්ය.[11]

  • එඩියුබුන්ටු, GNOME පාදක කරගත් උප ව්‍යාපෘතියක් සහ උබුන්ටු සඳහා ඈඳුමක්වන අතර පාසල් පරිශිලකයන් හා සාමාන්‍ය නිවාස පරිශීලකයන් ඉලක්කකර නිර්මාණය කර ඇත.[65]
  • කුබුන්ටු, GNOME ඩෙස්ක්ටොප් පරිසරය වෙනුවට මෙහි කේඩීඊ මෘදුකාංග සම්පාදක ඩෙස්ක්ටොප් පරිසරය භාවිතා කරනු ලබයි.
  • මයිත්බුන්ටු, ‍හෝම තියටර් පරිගණක පරිශිලකයන් ඉලක්ක කර නිපදවා ඇති මෙහි Xfce ඩෙස්ක්ටොප් පරිසරය භාවිතා කරනු ලබයි.
  • උබුන්ටු ස්ටුඩියෝ,වෘත්තීය රූපමය හා ශබ්ද සංස්කාරකයන් සඳහා නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ සුවිශේෂී නිදහස් රූපමය හා ශබ්ද සංස්කරණ මෘදුකාංග අඩංගු කර ඇත. මෙය අනෙකුත් උබුන්ටු ‍ප්‍රභේද මෙන් සජීව සංයුක්ත තැටියක නොලැබෙන අතර DVD .iso අනුරුවක් ලෙස ලැබේ.
  • එක්සුබුන්ටු, මෙයද GNOME ඩෙස්ක්ටොප් පරිසරය පාදක කරනොගන්නා අනුවාදයකි. මෙහි Xfce ඩෙස්ක්ටොප් පරිසරය යොදාගන්නා අතර අවම තත්ව යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වේ.

කැනොනිකල් ආයතනය විසින් මයිත්බුන්ටු, උබුන්ටු ස්ටුඩියෝ සහ එක්සුබුන්ටු සඳහා මූල්‍යමය දායකත්වයක් නොදක්වයි.[66]

අනෙකුත් ප්‍රභේදයන් කැනොනිකල් ආයතනයෙන් පිටත, පෞද්ගලික සහ ආයතනික වශයෙන් නිපදවා නඩත්තු කරගෙන යනු ලබයි. එම ප්‍රභෙද ස්වයංව පාලනය වන අතර උබුන්ටු ප්‍රජාව සමග අඩු වැඩි වශයෙන් සමීප වනු ඇත.[60] LXDE භාවිතා කරන, සැහැල්ලු ප්‍රභේදයක් වන ලුබුන්ටු වැනි සමහර ප්‍රභේදයන් හට කැනොනිකල් සමාගමේ අනුමැතිය ලබාගැනී‍මේ නිශ්චිත පරමාර්ථය පවතී.[67]

පද්ධති අවශ්‍යතා[සංස්කරණය]

දැනට උබුන්ටු ඩෙස්ක්ටොප් අනුවාද Intel x86, AMD64, සහARM[68] යන නිර්මිත සඳහා සහය දක්වයි. සමහර සර්වර් අනුවාද SPARC නිර්මිතයටද සහය දක්වයි.[69][70] PowerPC,[71] IA-64 (Itanium) සහ PlayStation 3 නිර්මිත, නිල නොවන අනුවාද සඳහා සහය දක්වයි.(සටහන: කෙසේවුවත් Sony සමාගම නිලවශයෙන් OtherOS සඳහා සහය දැක්වීම 2010 අප්‍රියල් මස 1 දින නිකුත් කළ PS3 මෘදුකාංග වලින් අනතුරුව නවතා ඇත).[72]

දැනට අවම අවශ්‍යතා[73][74][75] සර්වර් ඩෙස්ක්ටොප්
සකසුව (x86) 300 MHz 1 GHz
සසම්භාවී ප්‍රවේශ මතකය 128 MiB 512 MiB
දෘඪ ඩිස්කය (free space) GB 5 GB
තිර විභේදනය 640×480 1024×768


සටහන: තිර දෘශ්‍ය ආචරණ ක්‍රියාත්මක කිරීම සඳහා සහය දක්වන GPU අවශ්‍ය වේ..

ගොඩනැගීම[සංස්කරණය]

UDS මැවෙරික් කණ්ඩායම් පින්තූරය

"උබුන්ටු ගොඩනගන්නන්ගේ සමුළුව" යනු නව උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමට පෙර පවත්වනු ලබන මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමකි.[76]

නව ගොඩනැගීමක් ආරම්භයේදී, මීළඟ අනුවාදය කෙසේ විය යුතුද, කොපමන ගැඹුරකට ‍කළ යුතුද වැනි කරුණු ලෝකයේ හතර දිග් භාගයෙන්ම පැමිණි මෘදුකාංග නිපදවන්නන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරනු ලබයි. එම සමුළුව විවෘත සමුළුවක් වන අතර එය කි‍සිසේත්ම සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් හෝ ප්‍රේක්ෂකයන් සඳහා කරනු ලබන සම්මේලනයක් වැනි දෙයක් නොවේ. එය අන්තර්ජාලය හරහා දැන හඳුනගත් මෘදුකාංග වැඩසටහන්කරුවන් හට එකට එකතු වී කටයුතු කළ හැකි අනගි අවස්ථාවකි.

පිලිගැනීම[සංස්කරණය]

වර්ෂ 2005දී ලන්ඩනයේ පැවැත්වූ ලෝක ලිනක්ස් සම්මන්ත්‍රණයේදී හොඳම ලිනක්ස් බෙදාහැරීමට අදාල රීඩර් සම්මානය උබුන්ටු විසින් දිනා ගන්නා ලදී.[77][78][79] තවද වර්ෂ 2007 දී හොඳම නිදහස් මෘදුකාංග සේවා දායක මෙහෙයුම් පද්ධතියට හිමිවන Bossie සම්මානයද හිමිකරගන්නා ලදී.[80]

වර්ෂ 2007 අගෝස්තු මාසය වන විට DesktopLinux.com වෙත පැමිනි මිනිසුන් 38500න් 30.3%ක්ම උබුන්ටු පා‍විච්චි කිරීම අනුමත කළ අතර එය ජනප්‍රියතම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය විය.[81]

මොසේඩියානු ජනරජයේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍යංශය මගින් උබුන්ටු ජීඑන්යූ/ලිනක්ස් සහිත ඩෙස්ක්ටොප් පරිගණක 180,000ක් ස්ථාපනය කළ අතර එමගන් උබුන්ටු පණ ගැන්වූ පරිගණක භාවිතයට පාසල් සිසුන් ‍යොමුකරන ලදී.[82]

උබුන්ටු වැරදි ලෙස ඇගයීමට ලක්වූ අවස්ථාද වාර්තාවේ. 2008 මුල් භාගයේදී PC World මගින් උබුන්ටු ඩෙස්ක්ටොප් සංතුලිත ආචරණ කලමනාකරණය අ‍ඩංගු නොවන බවට චෝදනා එල්ල කරන ලදී. උබුන්ටු "අද ලෝකයේ හොඳම ලිනක්ස් බෙදෘහැරීම" ලෙස නම් කළද කලින් නැගූ චෝදනා වැළැක්විය නොහාකි විය.[83]

2009 ජනවාරි මාසයේ New York Times වාර්තා කල අන්දමට ලොවපුරා මිලියන 10කට අධික පරිශිලකයන් පිරිසක් සිට ඇත. 2009 ජූනි මස ZDNet වාර්තා කල අන්දමට ලොව පුරා මිලියන 13කට අධික සක්‍රීය උබුන්ටු පරිශිලකයන් පිරිසක් සිට ඇති අතර එම සංබ්‍යාව වැඩිවෙමින් පවතී.[84][85]

මේවත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 "Supported Hardware". Official Ubuntu Documentation. සම්ප්‍රවේශය 7 July 2012.
  2. "Ubuntu 11.10 will support ARM processors to take on Red Hat". The Inquirer. 10 October 2011. සම්ප්‍රවේශය 20 October 2011.
  3. Paul, Ryan (26 April 2012). "Precise Pangolin rolls out: Ubuntu 12.04 released, introduces Unity HUD". Ars Technica. Condé Nast. සම්ප්‍රවේශය 7 July 2012.
  4. Larabel, Michael (23 January 2012). "Ubuntu's Already Making Plans For ARM In 2014, 2015". Phoronix. සම්ප්‍රවේශය 7 July 2012.
  5. Vaughan-Nichols, Steven J. (22 August 2011). "Ubuntu Linux bets on the ARM server". ZDNet. සම්ප්‍රවේශය 20 October 2011.
  6. Ubuntu Documentation: About the Name[permanent dead link]
  7. "Get Ubuntu". ubuntu.com. සම්ප්‍රවේශය 2010-10-17.
  8. "Operating System Version Usage". statowl.com. සම්ප්‍රවේශය 2010-04-29.
  9. "Wikimedia Visitor Log Analysis Report - Operating Systems". Wikimedia. සම්ප්‍රවේශය 2009-12-11.
  10. "Ubuntu Usage Statistics". builtwith.com. සම්ප්‍රවේශය 2010-04-19.
  11. 11.0 11.1 11.2 "Ubuntu derivatives". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-10.
  12. Shuttleworth, Mark. "The Art of Release". සම්ප්‍රවේශය 2008-05-13.
  13. "Ubuntu 8.04 LTS Desktop Edition Released". www.ubuntu.com. සම්ප්‍රවේශය 2008-05-13.
  14. The Free Software Definition, නිදහස් මෘදුකාංග අර්ථදැක්වීම.
  15. "Ubuntu/history".
  16. "Time Based Releases". සම්ප්‍රවේශය 2008-06-02.
  17. "Releases". සම්ප්‍රවේශය 2008-06-02.
  18. "About Ubuntu. Licensing". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-08-31. All of the application software installed by default is free software. In addition, we install some hardware drivers that are available only in binary format, but such packages are clearly marked in the restricted component.
  19. "MarkShuttleworth: What about binary compatibility between distributions?". Ubuntu Team Wiki. සම්ප්‍රවේශය 2010-08-31.
  20. "Website does not reference Debian visibly". Ubuntu in Launchpad. සම්ප්‍රවේශය 2010-08-31.
  21. "Ubuntu vs. Debian, reprise". 2005-04-20. සම්ප්‍රවේශය 2007-10-21.
  22. Hill, Benjamin Mako (2005-07-08). "Announcing Launch of ($10 m) Ubuntu Foundation". සම්ප්‍රවේශය 2008-08-19.
  23. "Support". සම්ප්‍රවේශය 2011-11-04 [...].. {{cite web}}: Check date values in: |accessdate= (help); line feed character in |accessdate= at position 11 (help)
  24. Voicu, Daniel (2008-05-19). "Mark Shuttleworth Wants Synchronicity between Linux Distributions - Collaboration between major distros would bring a lot of benefits". Softpedia. සම්ප්‍රවේශය 2008-06-03. Shuttleworth wrote that the next LTS release, Ubuntu 10.4 LTS, would be launched in April 2010[...].
  25. Shuttleworth, Mark (2008-05-12). "The Art of Release". here be dragons. සම්ප්‍රවේශය 2008-06-03. As a result, we can commit that the next LTS release of Ubuntu will be 12.04 LTS, in April 2012. {{cite web}}: More than one of |author= and |last= specified (help)
  26. "Releases". Ubuntu Wiki. සම්ප්‍රවේශය 2011-11-04.
  27. "RightScale Adds Full Support for Ubuntu Server to its Cloud Management Platform". Canonical. 2009-03-12. සම්ප්‍රවේශය 2009-04-03.
  28. "New Ubuntu Foundation Announced". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-03.
  29. "HoaryGoals". Ubuntu Wiki. සම්ප්‍රවේශය 2010-09-03.
  30. "RootSudo". සම්ප්‍රවේශය 2008-08-19.
  31. "Ubuntu Desktop Features". සම්ප්‍රවේශය 2010-09-03.
  32. Gufw - Community Ubuntu Documentation. Retrieved 2010-02-08.
  33. "GNOME 2.22 Release Notes - Internationalization". GNOME Foundation. සම්ප්‍රවේශය 2008-06-02.
  34. "Installing Ubuntu from the Live CD". Integrity Enterprises. සම්ප්‍රවේශය 2008-08-19.
  35. CD images of all current and past versions are available for download at the Ubuntu web site, http://www.ubuntu.com/GetUbuntu/download, ප්‍රතිෂ්ඨාපනය 2010-10-24 
  36. "Ubuntu 10.04 LTS (Lucid Lynx)". Cdimage.ubuntu.com. සම්ප්‍රවේශය 2010-07-24.
  37. "Requesting an Ubuntu CD". සම්ප්‍රවේශය 2009-04-17. a CD of the latest version (9.10 (Karmic Koala)) with no extra cost, but delivery may take up to ten weeks
  38. "Requesting CDs from ShipIt". සම්ප්‍රවේශය 2009-04-17. pre-order CDs of Kubuntu 9.10 (Jaunty Jackalope)
  39. "Ubuntu 7.04 Adds a Migration Tool". Integrity Enterprises. සම්ප්‍රවේශය 2008-08-19.
  40. "Migration Assistant in Launchpad". Launchpad.net. සම්ප්‍රවේශය 2008-06-02.
  41. "How to Install Ubuntu Linux without Optical Drive". Extra Reading Material. සම්ප්‍රවේශය 2009-12-07.
  42. "Ubuntu 8.10 Persistent Flash Drive Installation". Pendrivelinux.com. සම්ප්‍රවේශය 2009-09-05.
  43. "Wubi - Ubuntu Installer for Windows". Sourceforge. සම්ප්‍රවේශය 2008-05-14.
  44. "Ubuntu/components". සම්ප්‍රවේශය 2010-07-27.
  45. "About Ubuntu. Licensing". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-24.
  46. "UbuntuBackports". Ubuntu Documentation. සම්ප්‍රවේශය 2010-09-24.
  47. "StableReleaseUpdates". Canonical Ltd. සම්ප්‍රවේශය 2009-04-02.
  48. "SRU Verification". Canonical Ltd. සම්ප්‍රවේශය 2009-04-02.
  49. 49.0 49.1 49.2 "Application packaging". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-08-15.
  50. Brian Thomason. "Partner Repository Forum FAQ". සම්ප්‍රවේශය 2010-08-15.
  51. "Desktop support features". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-08-15.
  52. "Repositories/Ubuntu: Adding Canonical Partner Repositories". සම්ප්‍රවේශය 2010-08-15.
  53. "Partners/certification/software". Canonical Ltd. සම්ප්‍රවේශය 2006-03-16.
  54. Shuttleworth, Mark (2004-10-20). "Ubuntu 4.10 announcement" (Mailing list). සම්ප්‍රවේශය 2008-08-19. {{cite mailing list}}: Unknown parameter |mailinglist= ignored (help)
  55. "DevelopmentCodeNames - Ubuntu Wiki". Wiki.ubuntu.com. සම්ප්‍රවේශය 2008-10-19.
  56. Zimmerman, Matt. "Announcing Beta release of Ubuntu 6.06 LTS". සම්ප්‍රවේශය 2008-08-19.
  57. "LTS - Ubuntu Wiki".
  58. "Shooting for the Perfect 10.10 with Maverick Meerkat". Mark Shuttleworth. 2010-04-02. සම්ප්‍රවේශය 2010-06-08.
  59. Shuttleworth, Mark (2010-05-11). "ubuntu-marketing: 10.10.10".
  60. 60.0 60.1 "DerivativeTeam/Derivatives". Ubuntu Wiki. සම්ප්‍රවේශය 2010-09-10.
  61. "Ubuntu to announce its mobile Linux in June". සම්ප්‍රවේශය 2008-08-19.
  62. "Ubuntu Netbook Remix". සම්ප්‍රවේශය 2008-06-10.
  63. "Ubuntu Netbook Edition". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-10.
  64. "Ubuntu Server Edition". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-10.
  65. "About Edubuntu". සම්ප්‍රවේශය 2010-09-10.
  66. "Ubuntu Releases". Canonical Ltd. සම්ප්‍රවේශය 2010-09-13.
  67. "Introduction to the Lubuntu Desktop project". Ubuntu Wiki. සම්ප්‍රවේශය 2010-09-15.
  68. "Jaunty Jackalope ARM'd and ready". 2009-04-20. සම්ප්‍රවේශය 2009-07-25.
  69. "Ubuntu 7.10 (Gutsy Gibbon)". සම්ප්‍රවේශය 2008-06-13.
  70. "Ubuntu to Support Sun 'Niagara' Platform".
  71. "Technical Board Decision - February 2007". සම්ප්‍රවේශය 2008-06-13.
  72. Reisinger, Don (2010-03-29). "Say good-bye to Linux on the PS3 | The Digital Home - CNET News". News.cnet.com. සම්ප්‍රවේශය 2010-07-24.
  73. "Ubuntu System Requirements". සම්ප්‍රවේශය 2010-04-19.
  74. "Preparing to Install". සම්ප්‍රවේශය 2010-04-19.
  75. "Meeting Minimum Hardware Requirements". සම්ප්‍රවේශය 2010-04-19.
  76. http://summit.ubuntu.com/
  77. "LinuxWorld Expo UK 2005" (PDF). සම්ප්‍රවේශය 2008-08-19.
  78. "Linux in Government: Linux Desktop Reviews, Part 6 - Ubuntu". 2005-04-19. සම්ප්‍රවේශය 2008-08-19.
  79. McAllister, Neil (January 2008), "Gutsy Gibbon: Desktop Linux OS Made Easy", PC World 26 (1): 84 
  80. "Best of open source in platforms and middleware". සම්ප්‍රවේශය 2008-06-13.
  81. "2007 [[Desktop Linux]] Market survey". 2007-08-21. සම්ප්‍රවේශය 2008-08-19. {{cite web}}: URL–wikilink conflict (help)
  82. "Every Student in the Republic of Macedonia to Use Ubuntu-Powered Computer Workstations". Ubuntu. සම්ප්‍රවේශය 2007-11-20.
  83. Strohmeyer, Robert (2008-06-02). "Desktop Linux Face-Off: Ubuntu 8.04 vs. Fedora 9". PC World. International Data Group. සම්ප්‍රවේශය 2008-08-19. {{cite web}}: More than one of |author= and |last= specified (help); Unknown parameter |month= ignored (help)
  84. Vance, Ashlee (2009). "A Software Populist Who Doesn't Do Windows". The New York Times. සම්ප්‍රවේශය 2009-02-22. {{cite news}}: Unknown parameter |month= ignored (help)
  85. Dawson, Christopher (2009). "Ubuntu a minor player? Not outside the States". සම්ප්‍රවේශය 2009-06-18. {{cite web}}: Unknown parameter |month= ignored (help)

වැඩිදුර පරිහරණයට[සංස්කරණය]

  • Gagne, Marcel (2006). Moving to Ubuntu Linux. ISBN 032142722X.
  • Grant, Rickford (2006). Ubuntu Linux for Non-Geeks. ISBN 1593271182.
  • Hill, Benjamin Mako (2006). The Official Ubuntu Book. ISBN 0132435942. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Hudson, Andrew (2006). Ubuntu Unleashed. ISBN 0672329093. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Keir, Thomas (2006). Beginning Ubuntu Linux: From Novice to Professional. ISBN 1590596277.
  • Oxer, Jonathan (2006). Ubuntu Hacks: Tips & Tools for Exploring, Using, and Tuning Linux. ISBN 0596527209. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • von Hagen, William (2007). Ubuntu Linux Bible. ISBN 0470038993.

ඈඳිය[සංස්කරණය]

Find more information on Ubuntu by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

සැකිල්ල:Ubuntu සැකිල්ල:Linux distributions

සැකිල්ල:Operating system