ලිනස් ටොවල්ඩ්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලිනස් ටොවල්ඩ්ස්

වර්ෂ 2002දී ලිනස් [1]
උපත 28 දෙසැම්බර්1969
හෙල්සින්කි, ෆින්ලන්තය
පදිංචිය පෝලන්තය, ඔරේගොන්
ජාතිකත්වය ෆින්ලන්ත
රැකියාව මෘදුකාංග ඉංජිනේරු
සේව්‍යයා ලිනක්ස් පදනම් ආයතනය
ප්‍රසිද්ධ වන්නේ ලිනක්ස් කර්නලය, Git
කලත්‍රයා ටෝව් ටොවල්ඩ්ස්
මව්පියෝ නිල්ස්ටොවල්ඩ්ස් (පියා)
ඇනාටොවල්ඩ්ස්(මව)[2]
නෑයෝ ඔලේ ටොවල්ඩ්ස් (සීයා)
වෙබ් අඩවිය
http://torvalds-family.blogspot.com/

1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

චරිතාපදානය[සංස්කරණය]

මුල් කාලය[සංස්කරණය]

ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් ,[3] ට දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් " බවට පත්කල බව පවසයි. [4]

ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. [5]. ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ ‍ මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. [6] 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි.[7] ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.

ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය.[8] VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. [9] ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය.[10] අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය. [4]

පසු කාලය[සංස්කරණය]

ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි.

1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. [11] 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන ‍20 පමණ වීය.[12][13]

ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ ටක්ස් යනුවෙනි. ටක්ස් , ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.

ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ" යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා " යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. [14] ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. [15][16] කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය. [17]

ලිනස් සහ ලිනක්ස් අතර සම්බන්ධය[සංස්කරණය]

මුලින්ම ටොවල්ඩ්ස්ට අවශ්‍යවූයේ කර්නලය free(නිදහස යන අරුතින්) , freak සහ X අකුරක් එක්කර යුනික්ස්(Unix)ට සමාන බව හඟවමින් Freakx ලෙස නම් කිරීමටය. එහෙත් කර්නලය ගබඩා කර ඇති සර්වරයේ FTP පාලනය කරන ඔහුගේ මිතුරු අරි ලෙම්කේ ටොවල්ඩ්ස්ගේ බහාලුම linux ලෙස නම් කර ඇත. එනයින් මෙය ලිනක්ස් විය.

ලිනක්ස්හි බලතල[සංස්කරණය]

2006 වසර වන විට ලිනක්ස් කර්නලයෙන් 2%ක් ටොවල්ඩ්ස් විසින් තනිවම නිර්මාණය කල කොටස විය. ලිනක්ස් සඳහා දහස් ගණනින් වූ පිරිස් දායක වූ නිසා 2%ක් යනු පෞද්ගලිකව සැලකිය යුතු ප්‍රමාණයකි. ලිනක්ස් කර්නලයේ සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් තීරණ ගන්නේ ටොවල්ඩ්ස්ය. [18]

ලිනක්ස් වෙළඳ ළකුණ[සංස්කරණය]

ටොවල්ඩස් ලිනක්ස් "Linux" වෙළඳ ළකුණට හිමිකම් කියයි තවද ඒ පිළිබඳව වගකීම ගෙන කටයුතු කරන්නා ලෙස ක්‍රියා කරයි. [19] එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Linux Mark ආයතනය මඟිනි.

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

ලිනස් ටොවල්ඩ්ස්ට සය වරක් ෆින්ලන්ත කරතේ ශූරිය වූ ටෝව් ටොවල්ඩ් හමුවන්නේ 1993 සරත් ඍතුවේදීය. [20] ටොවල්ඩ්ස් පරිගණක විද්‍යාගාරයේ සිසු සිසුවියන්ට ආරම්භක අභ්‍යාසයක් පවත්වමින් තමන්ට ඊ-මේල් පණිවිඩයක් පරීක්ෂාව සඳහා එවන ලෙස ඉල්ලා සිටියේය. ටෝව් ප්‍රතිචාර දක්වන්නේ ඔහු හමුවී කතාකිරීමට වෙලාවක් ඉල්ලමිනි. [4] පසුව ටෝව් සහ ලිනස් විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලදහ. ඔවුන් පිළිවෙලින් පැට්‍රීෂියා, ඩැනියෙලා හා සෙලෙස්ටෙ වෙති. [21]

සම්මුඛ සාකච්ඡාවකදී ටොවල්ඩ්ස් ඔහුවම මෙසේ විස්තර කරයි " සම්පූර්ණයෙන්ම ආගමික — අදේවවාදියෙක් " තවදුරටත් "මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග දියුණු කරනවා කියල, සදාචාර සම්පන්න කරනවා කියල. ඒත් ‍මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා "අහෝ, සොබාවධර්මය නිර්මාණය කරදුන් හැටි " සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්ය‍ක් ලෙස දකිනවා. මම පිළිගන්නවා "විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි" යන කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව, මනාව සැකසුනු ආගමකින් විශේෂයෙන් සදාචාරයට අයහපත් දේවල් එන්න පුළුවනි. මා සැබවින්ම බයයි මනාව සැකසුනු ආගම්වලට මොකද එය බලය අනිසි ලෙස භාවිතා කරන්න පාර කපන්න පුළුවන් නිසා. " තවත් එකතු කරමින් ඔහු කියා සිටියේ යුරොපයේ එය බොහෝදුරට පුද්ගලික ගැටලුවක් පමණක් වූවද විශේෂයෙන්ම ඇමරිකාවේ ආගම ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වී ඇති බවයි.

[22]

පිළිගැනීම[සංස්කරණය]

  • 1996දී ලිනස් ටොවල්ඩ්ස්ට ගරුකිරීමක් වශයෙන් 9793 ටොවල්ඩ්ස් ග්‍රාහකයනම් කරන ලදී.
  • 1997දී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා අංශයෙන් විශාරද උපාධිය ලබාගනී.
  • 1998දී EFF Pioneer සම්මානය හිමිකරගනී.[23]
  • 1999දී ස්ටොක්හෝම් සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • The 1999 දී නීල් ස්ටෙෆන්සන් විසින් ලියූ Cryptonomicon නවකතාව ෆින්ලන්තයේ නිපදවන ලද "ෆිනුස් " නම් ලිනක් ස් වැනි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන චරිත කිහිපයකින් සමන්විත වෙයි.
  • 2000දී හෙල්සින්කි සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි. [24]
  • 2000 ඔහු Lovelace Medalට සුදුසු කම් ලබා ගනී. [25]
  • Time සඟරාවේ සියවසේ පුද්ගලයා තේරීමේ මත ඡන්දය ‍ ටොවල්ඩ්ස් 17 වෙනියා ලෙස අවසන් විය.[26]
  • 2001දී [සමාජයීය/ආරථික ක්ෂේත්‍රය සඳහාවූ [ටකෙඩා සම්මානය]] සඳහා රිචඩ් ස්ටෝල්මන් සහ කෙන් සකමුරා සමඟ සම සුදුසුකම් ලැබුවේය.
  • 2004දී ටයිම් සඟරාවේ ලිපියකින් ලෝකයේ වැදගත්ම පුද්ගල‍යන් අතරින් කෙනෙකු ලෙස නම් කරන ලදී. "Linus Torvalds: The Free-Software Champion" by Lawrence Lessig[27]
  • 2004 දී පැවැත්වුනු හොදම ෆින්ලන්ත ජාතිකයා තේරීමේ ඡන්ද විමසීමෙදී ටොවල්ඩ්ස් 16 වැනි ස්ථානයට හිමිකම් කීවේය.
  • 2005දී BusinessWeek මගින් කරන ලද සංගනණයකින් හොඳම කළමනාකරුවන් අතරින් ‍කෙනෙකු බව හෙළිවිය.[28]
  • 2005 අගෝස්තු මාසයේදී ටොවල්ඩ්ස් Vollum සම්මානය රීඩ් විද්‍යාලයෙන් ලබාගනී.[29]
  • 2006දී Business 2.0 සඟරාවෙන් ඔහුව "10 people who don't matter"ලෙස නම් කරන ලද්දේ ලිනක්ස් වල වර්ධනය හේතුකරගෙන ලිනස්ගේ තනිපුද්ගල බලපෑම අඩුවීම නිසාය. [30]
  • 2006 දී , ටයිම් සඟරාවේ යුරෝපීය මුද්‍රණය ඔහුව පසුගිය අවුරුදු 60 පෙරළිකාර වීරයෙකු ලෙස නම් කලේය . [31]
  • 2008දී ඔහුගේ නම කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පරිගනක ඉතිහාස කෞතුකාගාරයේ| නාමාවලියට ඇතුලත් විය .[32][33]

මේවත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. McMillan, Robert (December 2002). "The Great Dictator • Linus Torvalds: The Benevolent, Brilliant Keeper of the Kernel". FEATURES (Linux Magazine). Archived from the original on 2003-03-04. http://web.archive.org/web/20030304160629/http://www.linux-mag.com/2002-12/linus_01.html. Retrieved 2009-06-09. 
  2. Linux Online - Linus Torvalds Bio
  3. TORVALDS, 2001
  4. 4.0 4.1 4.2 Moody, Glyn (2002). Rebel Code: Linux and the Open Source Revolution. Perseus Books Group. pp. 336. ISBN 0738206709. http://www.perseusbooksgroup.com/perseus/book_detail_redirect.do?imprintCid=BA&isbn=0738206709. 
  5. NODES research group
  6. Torvalds, 2001, page 29
  7. Torvalds, 2001, page 53
  8. TORVALDS, 2001, pages 6-7
  9. TORVALDS, 2001, pages 41-46
  10. Torvalds, 2001, page 60
  11. Gumbel, Peter (2006). Torvalds "Linus Torvalds: By giving away his software, the Finnish programmer earned a place in history"]. 60 Years of Heros. TIME. සම්ප්‍රවේශය 2008-06-14. 
  12. Rivlin, Gary. "Leader of the Free World". Wired. සම්ප්‍රවේශය 2008-06-14. 
  13. Linus Torvalds: A Very Brief and Completely Unauthorized Biography
  14. Linus Torvalds at Google, on Git, 9:50-10:00
  15. Printing dialog and GNOME
  16. Linus versus GNOME
  17. "it was a half-baked release (...) I'll revisit it when I reinstall the next machine"Q&A: Linux founder Linus Torvalds talks about open-source identity
  18. Henrik Ingo. Open Life: The Philosophy of Open Source. Ingram, 2005. 42-45. Online version
  19. Linus Explains Linux Trademark Issues
  20. TORVALDS, 2001, page 123
  21. Torvalds' bio on nndb.com
  22. Richardson, Marjorie (November 1 1999). "Interview: Linus Torvalds". Linux Journal. සම්ප්‍රවේශය 15 November 2009. 
  23. Torvalds, Stallman, Simons Win 1998 Pioneer Awards
  24. Torvalds, 2001, page 28
  25. Talking to Torvalds, British Computer Society, September 2007.
  26. The Person of the Century Poll Results
  27. Lessig, Lawrence. "Linus Torvalds: The Free-Software Champion". Time. April 26, 2004. retrieved October 3, 2006.
  28. The Best & Worst Managers Of The Year
  29. Linux creator Linus Torvalds honored with Reed College's Vollum Award
  30. 10 people who don't matter
  31. Linus Torvalds
  32. "The Computer History Museum Announces the 2008 Fellow Awards Recipients". 2008-06-18. සම්ප්‍රවේශය 2008-06-20. 
  33. "Fellow Awards: Linus Benedict Torvalds". 2008-10-21. සම්ප්‍රවේශය 2008-10-23. 

මූලාශ්‍රයන්[සංස්කරණය]

බාහිර සබැඳියන්[සංස්කරණය]

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:

සැකිල්ල:FOSS celeb

සැකිල්ල:පුද්ගලිකතොරතුරු

"http://si.wikipedia.org/w/index.php?title=ලිනස්_ටොවල්ඩ්ස්&oldid=312992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි