ස්කයිප්

විකිපීඩියා වෙතින්
(Skype වෙතින් යළි-යොමු කරන ලදි)
ස්කයිප්
ස්කයිප් 5.5 වින්ඩෝස් 7 මත ධාවනය වෙමින්
සංවර්ධක(යෝ)සීමාසහිත ස්කයිප්
ප්‍රථම නිකුතුවඅගෝස්තු 2003 (2003-08)
ක්‍රමලේඛන භාෂා(ව)Embarcadero Delphi, Objective-C (iOS, Mac OS X), C++ with Qt4 (Linux)
මෙහෙයුම් පද්ධතියහරස්-කරලිය
ලබාගත හැකි භාෂා ගණනබහුභාෂාමය සිංහල
වර්ගයඅන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා කටහඬ, ක්ෂණික පණිවුඩකරණය, videoconferencing
බලපත්‍රයහිමිකාර, ගෙවා ගතයුතු සමහර ගුණාංග ඇත
වෙබ් අඩවියskype.com

ස්කයිප් (උසුරුවනුයේ /ˈskaɪp/) යනු පරිශීලකයන් හට අන්තර්ජාලය හරහා කටහඩ සහ විදෘශ්‍ය වැනි දෑ හුවමාරු කරගැනීම සඳහාද සම්භාෂණයන් පැවැත්වීම සඳහාද නිමවන ලද මෘදුකාංග වැඩසටහනකි. ස්කයිප් සේවාව ඇතුලත සිටින අනෙකුත් පරිශීලකයන් හට ඇමතුම් ලබා ගැනීම නොමිලේ වන අතර, සාම්ප්‍රදායික ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම් හර මත පදනම් වූ පරිශීලක ගිණුම් පද්ධතිය භාවිතා කර ගාස්තුවක් ගෙවා ලබා ගත හැකි වේ. ස්කයිප් සතුව ක්ෂණික පණිවුඩකරණය, ගොනු හුවමාරුව, සහ විදෘශ්‍ය සංවාද වැනි අමතර ගුණාංග රාශියක් අඩංගු වෙන නිසාම එහි ජනප්‍රියත්වයද වැඩි වී ඇත. 2010 වන විට ස්කයිප් සතුව මිලියන 663 ක ලියාපදිංචි වූ පරිශීලකයන් සංඛ්‍යාවක් තිබිණි. මෙම ජාලය මෙහෙයවනු ලබන්නේ ලක්සම්බර්ග් මුලස්ථානය කොටගත් සීමාසහිත ස්කයිප් සමාගම විසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්කයිප්&oldid=453003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි