මොසිල්ලා ෆයර්ෆොක්ස්

විකිපීඩියා වෙතින්
(Mozilla Firefox වෙතින් යළි-යොමු කරන ලදි)
මොසිල්ලා ෆයර්ෆොක්ස්
මොසිල්ලා ෆයර්ෆොක්ස් වෙළඳ ලාංඡනය
විකිපීඩියා සිංහල සංස්කරණයේ මුල් පිටුව Arch Linux මෙහෙයුම් පද්ධතිය මත දී ෆයර්ෆොක්ස් 89.0 මගින් දර්ශණය වන අයුරු.
මුල් ලේඛකයා(යන්)මොසිල්ලා සමාගම
සංවර්ධකයා(යන්)මොසිල්ලා සමාගම
මොසිල්ලා පදනම
ප්‍රථම නිකුතුවනොවැම්බර් 9, 2004 (2004-11-09)
ක්‍රමලේඛනය කර ඇත්තේC/C++, ජාවාස්ක්‍රිප්ට් (JavaScript), CSS, XUL, XBL
මෙහෙයුම් පද්ධතිබහු-මෙහෙයුම් පද්ධති
යන්ත්‍රයගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය
ගොණුවේ ප්‍රමාණය12 මෙගාබයිට් – වින්‍‍ඩෝස්
27 මෙගාබයිට් – මැක් OS X
13 මෙගාබයිට් – GNU/ලිනක්ස් (i686)
15 මෙගාබයිට් – GNU/ලිනක්ස්(x86_64)
63 මෙගාබයිට් – මූල කෙතය
ලබාගත හැකි භාෂා ගණනභාෂා 86
සංවර්ධන ක්‍රියාවලියActive
වර්ගයවෙබ් බ්‍රව්සරයකි
FTP සේවාදායකයකි
Gopher සේවාදායකයකි
බලපත්‍රය3.0.6 අනුවාදයේ සිට: මොසිල්ලා පොදු බලපත්‍රය, GNU පොදු මහජන බලපත්‍රය හෝ GNU සුළු පොදු බලපත්‍රය, 3.0.5 අනුවාදය සහ පෙර ක්රි'යාත්මක වූ කේත අනුවාදය මොසිල්ලා ෆයර්ෆොක්ස් EULA 1.0/1.1, 3.0.5 අනුවාදය සහ ෆයර්ෆොක්ස් නියත ක්‍රියාකාරිත්වය සහිත පෙර පැවති මූල කේත අනුවාදය: මොසිල්ලා පොදු බලපත්‍රය
වෙබ් අඩවියmozilla.org

මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රවුසරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.[1][2][3]

වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.

පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම[4] සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බො‍හෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ) ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි[5]. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම [6] ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.

ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ග්නූ/ලිනක්ස්, මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී.[7] [8] ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත ‍මූල මෘදුකාංගයකි. [9]

ඉතිහාසය[සංස්කරණය]

ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. අනුග්‍රාහක නෙට්ස්කේප් වල ව්‍යාපාරික අවශ්‍යතාව සහ වැඩසටහන් සංවර්ධකයින් විසින් පවත්වාගෙන යන අනවශ්‍ය විශේෂාංග නිසා මොසිල්ලා බ්‍රවුසරයේ උපයෝගීතාවය පහත වැටීම සිදුවන බව ඔවුන් දෙපළගේ විශ්වාසය විය.[10]තමන් දුටු මෙම අනවශ්‍ය වැඩසටහන් වලින් පිරුණු මොසිල්ලා ස්යිට් හා සටන් වැදීමට, ඒ සඳහා ආදේශකයක් ලෙස හාවිත කිරීමේ අදහසින් ඔවුන් විසින් වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කරන ලදී. පසුව මොසිල්ලා පදනම තම අරමුණ මොසිල්ලා ස්යිට් සිට ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දක්වා වෙනස් කරීමට තීරණය කළ බව 2003 අප්‍රේල් 3 වන දින නිවේදනය කළේය.[11]

පෙර අනුවාද[සංස්කරණය]

ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පරිගණක බයෝස්(BIOS) මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ෆීනික්ස් ටෙක්නොලොජීස් සමඟ පැණනැගුනු වෙළඳනාම පිළිබඳ මතභේදයක් නිසා මෙම නම වෙනස් කිරීමට සිදු විය. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙයට එරෙහිව නොමිලයේ බෙදාහරින ෆයර්බර්ඩ් දත්ත ගබඩා මෘදුකාංග ව්‍යාපෘතිය (Firebird free database software project) සිය දැඩි අකමැත්ත ප්‍රකාශ ලදී.[12][13][14] ඊට ප්‍රතිචාර ලෙස, මෙම දත්ත ගබඩා ව්‍යාපෘතියේ නම සමඟ ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය මග හැරීම සඳහා මොසිල්ලා පදනම සිය බ්‍රවුසර නාමය සෑම විටම මොසිල්ලා ෆයර්බර්ඩ් ලෙස සඳහන් කළ යුතු යැයි ප්‍රකාශයට පත් කරන ලදී. දිගින් දිගටම මෙම දත්ත ගබඩා සර්වර් සංවර්ධක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා මොසිල්ලා ෆයර්බර්ඩ් නාමය 2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ.[15] මෙය බොහොවිට ෆයර්ෆොක්ස් ලෙසින් පමණක් භාවිත වන අතර Fx හෝ fx ලෙස ලඝු කොට දැක්වීම‍ට මොසිල්ලා පදනම වැඩි කැමැත්තක් දක්වන මුත් බොහොවිට එය "FF" ලෙස ලඝු කොට දක්වයි.[16] 2004 නොවැම්බර් 9 වනි දා එළි දුටු ෆයර්ෆොක්ස් හි 1.0 අනුවාදයට පෙර ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය බොහෝ අනුවාද මතින් ගමන් කරන තිබුනි. ස්ථායිතා සහ ආරක්ෂක තිර කිරිම් (fixes) මාළාවකට පසුව මොසිල්ලා පදනම විසින් පළමු ප්‍රධාන යාවත්කාලීන කිරීම ෆයර්ෆොක්ස් 1.5 අනුවාදය ලෙස 2005 නොවැම්බර් 29 වන දින නිකුත් කරන ලදී.

2.0 වැනි අනුවාදය[සංස්කරණය]

ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය. මෙම අනුවාදනය තුළ පටිතිගත පිරික්සුම් පරිසරය (Tabbed browsing environment), දිගු කළමණාකාරකය (Extensions manager), GUI, සොයා ගැනීම් (find), සෙවුම් (search) සහ මෘදුකාංගය යාවත්කාලීන යන්ත්‍රය; සඳහා නවීකරණයන් සහ නව සැසි ප්‍රතිෂ්ඨාපන (session restore) විශේෂාංගයක්; පේළිගත අක්ෂරවින්‍යාසය පිරික්සීම (inline spell checking) සහ පසුව ක්‍රමලේඛනය තුළට ඒකාබද්ධ කෙරුණු දිගුවක් ලෙසින් ගූගල් විසින් ක්‍රියාවට නැන්වූ ප්‍රති-තතුබෑමේ (anti-phishing) විශේෂාංගයක්[17][18] ඇතුළත් කොට තිබුනි.[19] 2007 දෙසැම්බරයේ දී ෆයර්ෆොක්ස් ලයිව් චැට් (Firefox Live Chat) සේවාව දියත් කරන ලදී. එය ස්වේච්ඡා සේවකයින් විසින් ජීව් සොෆ්ට්වෙයා (Jive Software) විසින් බලගැන්වු පද්ධතියක් හරහා සිදු කරන ලබයි. එමගින් පරිශීලකයින්ට ප්‍රශ්නයක් යොමු කිරීමේ අවස්ථාව උදාවන අතර මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාව තුළදී ප්‍රතිචාරයක් දැක්වීම සහතික කරන අතර එයින් පසු වේලාවකදී හෝ පිළිතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පැවතිය හැක.[20]

3.0 වැනි අනුවාදය[සංස්කරණය]

2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆ‍යර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි. වෙබ් පිටු විදහා දැක්වීම සදහා ෆයර්ෆොක්ස් 3 විසින් යොදාගනු ලබන්නේ ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රයේ 1.9 වන අනුවාදය වේ. බොහෝ දෝෂ සඳහා තිර කිරීම්, වෙබ් ප්‍රමිතීන් සඳහා දක්වන අනූකූලතාවයේ වැඩි දියුණු කිරීම්, නව මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනතක්(API) ඉදිරිපත් කිරීම, මෙම නව අනුවාදයේ දක්නට ලැබුනි. මෙහි අන්තර්ගත අමතර විශේෂාංග නම් ප්‍රතිනිර්මාණය කරන ලද බාගත කිරීම් කළමණාකාරකය, පිටුසන් සහ අතීතය සඳහා වෙන්වු නවතම "ස්ථාන" පත්ධතිය සහ වෙනස් මෙහෙයුම් පද්ධති සඳහා එකිනෙක වෙනස් තේමා (Themes) ඉදිරිපත් කිරීමයි.

4.0 වැනි අනුවාදය[සංස්කරණය]

මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.[21][22]

නවතම පරිශීලක අතුරුමුහුණතකින් සමන්විත මෙය වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බව කියවේ.[23] මෙහි වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් වලට අදාළ නව අතුරුමුහුණත් වල මූලික හැඩතලයන් 2009 ජූලි මාසයේ දී එළි දැක්විය. මෙම අනුවාදය සඳහා අතුළත් කර ඇති අනෙකුත් විශේෂාංග නම් වැඩි දියුණු කළ නිවේදන ක්‍රමවේදය (notifications), පටිති ගොණු, අයදුම් පටිති, නැවත නිර්මාණය කළ ඈඳූම් කළමණාකාරකය, ෆයර්ෆොක්ස් සින්ක් (Firefox Sync) සමග අනුකලනය සහ බහුස්පර්ශක තිර සඳහා සහය දැක්වීම වේ.

මෙම 4.0 වැනි අනුවාදය HTML5,[24] CSS3, WebM සහ WebGL.[25] යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey)[26] යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.

5.0 වැනි අනුවාදය[සංස්කරණය]

ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා [27] නිදහස් විය. කලින් නිදහස් කල ප්‍රධාන අනුවාදය වන 4.0 වන අනුවාදය නිදහස් වී ගතවී ඇත්තේ මාස 3ක් පමණි. මෙය ෆයර් ෆොක්ස් හි නිකුතු ක්‍රියාවලියේ පළමුවැන්නයි. ගූගල් ක්‍රෝම් හි සීඝ්‍ර නිකුතු ක්‍රියාවලියට හා අනුවාද අංකයට සමපාත වීමට දරණ උත්සාහයකි.[28]

නිකුතු ඉතිහාසය[සංස්කරණය]

Browser name Gecko version Version Support status Codename Release date Significant changes
Phoenix 1.2 0.1 NoN Pescadero September 23, 2002 First release; customizable toolbar, quicksearch.
0.2 NoN Santa Cruz October 1, 2002 Sidebar, extension management.
0.3 NoN Lucia October 14, 2002 Image blocking, pop-up blocking whitelist, tabbed browsing.
1.3 0.4 NoN Oceano October 19, 2002 Themes, pop-up blocking improvements, toolbar customization.
0.5 NoN Naples December 7, 2002 Multiple homepages, sidebar and accessibility improvements.
Firebird 1.5 0.6 NoN Glendale May 17, 2003 New default theme (Qute), bookmark and privacy improvements, smooth scrolling, automatic image resizing.
0.7 NoN Indio October 15, 2003 Automatic scrolling, password manager, preferences panel improvements.
Firefox 1.6 0.8 NoN Royal Oak February 9, 2004 Windows installer, offline working, bookmarks and download manager improvements, rebranded with new logo.
1.7 0.9 NoN One Tree Hill June 15, 2004 New default theme (Winstripe), comprehensive data migration, new extension/theme manager, reduced download size, new help system, Linux installer, mail icon (Windows only).
Firefox 1 1.0 NoN Phoenix November 9, 2004 Added new features such as RSS/Atom feed support, find toolbar, plugin finder. Reached its end of life on April 13, 2006 with the release of version 1.0.8. (support for older versions of Firefox typically ends six months after a new major version is available).
1.0.8 NoN April 13, 2006 Regular security and stability update.
Firefox 1.5 1.8 1.5 NoN Deer Park November 29, 2005 Added support for SVG and canvas, UI adjustments and improvements in JavaScript 1.5 and CSS 2/3. Reached its end of life on May 30, 2007 with the release of Firefox 1.5.0.12. Firefox 1.5.0.12 was the final version officially supported under Windows 95.
1.5.0.12 NoN May 30, 2007 Regular security and stability update
Firefox 2 1.8.1 2.0 NoN Bon Echo October 24, 2006 Added new features such as session restoration after a browser crash, search suggestion for Google and Yahoo!, new search plugin manager and add-on manager, web feed previewing, bookmark microsummaries and Google's anti-phishing protection. Winstripe theme refresh. Included support for JavaScript 1.7. Reached its end of life on December 18, 2008 with the release of Firefox 2.0.0.20. Firefox 2.0.0.20 is the final version officially supported under Windows NT 4.0, Windows 98, and Windows ME.
2.0.0.20 NoN December 18, 2008 Off-cycle security update.
Firefox 3 1.9 3.0 NoN Gran Paradiso June 17, 2008 Cairo used as a graphics backend. Cocoa Widgets included in OS X builds. APIs implemented from WHATWG specs. Changes to how DOM events are dispatched, how HTML object elements are loaded, and how web pages are rendered. New SVG elements and filters, and improved SVG specification compliance. Acid2 test compliant. New UI improvements, including default themes for different operating systems and new download manager. Introduction of Smart Location Bar (a.k.a. Awesome Bar). Windows 95, 98, ME, Mac OS X v10.3.9 and lower, and GTK+ 1.2 and lower no longer supported. addons.mozilla.org integration in the Add-ons window. Support for APNG files. Google's "malware protection". Reached its end of life on March 30, 2010 with the release of Firefox 3.0.19.
3.0.19 NoN March 30, 2010 Regular security and stability update.
Firefox 3.5 1.9.1 3.5 NoN Shiretoko June 30, 2009 Web standards improvements in the Gecko layout engine. Upgrade to SpiderMonkey JavaScript engine called TraceMonkey and rendering improvements. Text API for the <canvas> element. Support for using border images. Support for JavaScript query selectors. Support for the <video> and <audio> elements defined in the HTML 5 draft specification, including native support for Ogg Theora encoded video and Vorbis encoded audio. Several improvements to the Smart Location Bar. Private browsing mode. Google-based location-aware browsing (geolocation).
3.5.19 NoN April 28, 2011 Regular security and stability update. Predated by 3.5.1 to 3.5.18
Firefox 3.6 1.9.2 3.6 YesY Namoroka January 21, 2010 Improved performance to the TraceMonkey JavaScript engine. Support for -moz-background-size CSS property, CSS Gradients, and multiple background images. Support for the WOFF, built-in support for Personas. Notification of out-of-date plugins. Version 3.6.4 and later features out-of-process plug-ins (OOPP).
3.6.17 YesY April 28, 2011 Regular security and stability update. Predated by 3.6.2 to 3.6.16
Firefox 4 2.0 4.0 NoN Tumucumaque March 22, 2011 New default theme on all platforms, redesigned extension manager and notifications, tabs on top, new Firefox menu on Windows, app tabs, integration with Firefox Sync and Panorama, WebM support, WebGL support, GPU-based hardware acceleration of web content, additional optimization to the TraceMonkey engine called JägerMonkey, improved support for HTML5 and CSS3 features.
4.0.1 NoN April 28, 2011 Regular security and stability update.
Firefox 5 5.0 5.0 YesY June 21, 2011[29] Added support for CSS Animations; the Do-Not-Track header preference has been moved to increase discoverability; tuned HTTP idle connection logic for increased performance; improved Canvas, JavaScript, memory, and networking performance; improved standards support for HTML5, XHR, MathML, SMIL, and Canvas; improved spell checking for some locales; improved desktop environment integration for Linux users; WebGL content can no longer load cross-domain textures; Background tabs have setTimeout and setInterval clamped to 1000 ms to improve performance.
5.0.1 YesY July 11, 2011 Off-cycle stability update.

විශේෂාංග[සංස්කරණය]

  • පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම[4] සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම [30] ෆයර්‍ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
  • ෆයර්ෆොක්ස් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ‍ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහා ද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.

සම්මතයන් සඳහා සහය[සංස්කරණය]

ඒ ඒ අනුවාදක සඳහා ෆයර්ෆොක්ස්වල
වෙළඳපොල කොටස

— NetApplications.com, August 2008[31]
ෆයර්ෆොක්ස් 1.0.x 0.16%
ෆයර්ෆොක්ස් 1.5.0.x 0.29%
ෆයර්ෆොක්ස්2.0.0.x 11.51%
ෆයර්ෆොක්ස් 3.0.x 7.74%
සියලු අනුවාදක[32] 19.73%

HTML, XML, SVG 1.1 (අර්ධ වශයෙන්)[33], ප්‍රගමන විලාස පත (CSS), ECMAScript (JavaScript), ලේඛ වස්තු ආකෘතිය (DOM), MathML, ලේඛ වර්ග නිර්වචනය (DTD), XSL, XPath සහ ඇල්ෆා පාරදෘෂ්‍යතාව සහිත PNG රූප වැනි නොයෙක් වෙබ් සම්මතයන් (web standards) සඳහා ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් සහය දක්වයි. [34] සේවාලාභී අන්ත සංචිත (client-side storage) වැනි WHATWG ප්‍රජාව විසින් නිර්මාණය තිබෙන සම්මත යෝජනා සඳහා ද[35][36] කැන්වස් අංග (canvas element)[37] සඳහා ද ෆයර්ෆොක්ස් සහය දක්වයි. ඇසිඩ්2 (Acid2) පරික්ෂණ එකඟත්වය සඳහා ෆයර්ෆොක්ස් 2 සහය නොදක්වන නමුත් ෆයර්ෆොක්ස් 3.0 බීටා 2 සහය දක්වයි.[38]

ආරක්ෂාව[සංස්කරණය]

සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන[39] අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි.[40]. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි.[41] එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ.[42] මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.[43]

ලබා ඇති සම්මාන[සංස්කරණය]

  • වෙබ්වෙයා 100 (Webware 100) ජයග්‍රහකයා, 2007 ජූනි[44]
  • පීසී වර්ල්ඩ් 2007 වසරේ හොඳම නිෂ්පාදන 100, 2007 මැයි[45]
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්[46]
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්[47]
  • පීසී වර්ල්ඩ් 2006 වසරේ හොඳම නිෂ්පාදන 100, 2006 ජූලි[48]
  • පීසී මැගසීන් විශිෂ්ඨ තාක්ෂණ සම්මානය, මෘදුකාංග සහ සංවර්ධන මෙවලම් අංශය, 2006 ජනවාරි[49]
  • පීසී මැගසීන් වසරේ හොඳම සම්මානය, 2005 දෙසැම්බර් 27[50]
  • පීසි ප්‍රෝ රියල් වර්ල්ඩ් සම්මානය (ෙමා්සිල්ලා පදනම), 2005 දෙසැම්බර් 8[51]
  • CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2005 නොවැම්බර්[52]
  • මහ බ්‍රිතාන්‍ය කාර්ය හැකියා වෘත්තිකයන්ගේ සංගමයේ (UK Usability Professionals' Association) 2005 වසරේ හොඳම මෘදුකාංග යෙදුම සම්මානය, 2005 නොවැම්බර්[53]
  • මැක්වර්ල්ඩ් (Macworld) සංස්කාරක කතෘවරයාගේ තේරීම 4.5lක ඇගයීමක් සහිත, 2005 නොවැම්බර්[54]
  • සොෆ්ට්පීඩියා පරිශීලක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්[55]
  • 2005 වසරේ TUX පාඨක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්[56]
  • පීසී වර්ල්ඩ් වසරේ නිෂ්පාදනය, 2005 ජූනී[57]
  • Forbes Best of the Web, 2005 මැයි[58]
  • පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම සම්මානය, 2005 මැයි[59]

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. ලොක‍ වෙබ් සංඛ්‍යා. W3Counter (2010-10-31). ලබා ගන්නා ලද්දේ 2010-11-09.
  2. StatCounter වෙබ් සංඛ්‍යා – බ්‍රවුසර, මෙහෙයුම් පද්ධති, සෙවුම් යන්ත්‍ර ජංගම වෙළඳපොල කොටස ද ඇතුළත්ව. Gs.statcounter.com (2008-07-01). ලබා ගන්නා ලද්දේ 2010-11-09.
  3. වෙබ් බ්‍රවුසර (ලොක වෙළඳපොල කොටස)|Clicky. Getclicky.com. ලබා ගන්නා ලද්දේ 2010-11-09.
  4. 4.0 4.1 "Location-Aware Browsing". මොසිල්ලා සමාගම. සම්ප්‍රවේශය 2009-07-05. (කොටස "කවර තොරතුරු කා සඳහා යවයි ද? (...)")
  5. "ෆයර්‍ෆොක්ස් විශේෂාංග".
  6. addons.mozilla.org Browse all Extensions පිටුව[permanent dead link]
  7. "මොසිල්ලා ෆයර්ෆොක්ස් 4.0.1 නිකුතු සටහන්". මොසිල්ලා. සම්ප්‍රවේශය 2011-04-28.
  8. "ෆයර්ෆොක්ස් 3.5.5 නිකුතු සටහන්". මොසිල්ලා. සම්ප්‍රවේශය 2009-11-05.
  9. මොසිල්ලා පදනම. "මොසිල්ලා කේත බලපත්‍රය". සම්ප්‍රවේශය 2007-09-17.
  10. Goodger, Ben (2006-02-06). "Where Did Firefox Come From?". Inside Firefox. සම්ප්‍රවේශය 2007-01-24.
  11. Eich, Brendan (2003-04-02). "mozilla development roadmap". Mozilla. සම්ප්‍රවේශය 2007-01-24. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  12. "Mozilla browser becomes Firebird". IBPhoenix.com. සම්ප්‍රවේශය 2007-01-30.
  13. Dahdah, Howard (2003-04-17). "Mozilla 'dirty deed' brings out a Firey response". LinuxWorld.com.au. සම්ප්‍රවේශය 2007-01-30. "This must be one of the dirtiest deeds I've seen in open source so far," said Helen Borrie, a Firebird project administrator and documenter.
  14. Festa, Paul (2003-05-06). "Mozilla's Firebird gets wings clipped". CNET.com. 2012-05-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-30.
  15. Festa, Paul (February 9, 2004). "Mozilla holds 'fire' in naming fight". CNET News.com. 2012-05-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-24.
  16. "Firefox 1.5 Release Notes". mozilla.com. සම්ප්‍රවේශය 2008-01-03.
  17. "Google Safe Browsing for Firefox". Google.com. සම්ප්‍රවේශය 2007-02-05.
  18. Mozilla.org wiki contributors. "Phishing Protection Design Documentation - Background". Mozilla.org wiki. සම්ප්‍රවේශය 2007-01-24. {{cite web}}: |author= has generic name (help)
  19. "Mozilla Firefox 2 Release Notes". Mozilla Corporation. සම්ප්‍රවේශය 2006-12-19.
  20. http://blog.mozilla.com/sumo/2007/12/28/firefox-live-chat-launching-today/
  21. http://www.conceivablytech.com/6252/products/mozilla-to-ship-firefox-4-final-on-march-22
  22. http://groups.google.com/group/mozilla.dev.planning/browse_thread/thread/18a347956e4693eb#
  23. "Mozilla spills plan for, yes, Firefox 4". The Register. 2010-05-10. සම්ප්‍රවේශය 2010-05-10.
  24. Henri Sivonen (2010-05-11). "Firefox 4 HTML 5 parser". සම්ප්‍රවේශය 2010-05-11.
  25. Beltzner, Mike (2010-05-10). "Firefox 4: fast, powerful, and empowering". සම්ප්‍රවේශය 2010-05-10.
  26. Christopher Blizzard (2010-03-08). "a quick note on JavaScript engine components". සම්ප්‍රවේශය 2010-03-19.
  27. http://www.mozilla.com/en-US/firefox/new/
  28. update policy: the enterprise is wrong, not Mozilla, 27 June 2011, Ars Technica
  29. "Mozilla Firefox 5 Release Notes". Mozilla. සම්ප්‍රවේශය 2011-06-21.
  30. addons.mozilla.org Browse all Extensions පිටුව[permanent dead link]
  31. "Top Browser Share Trend". NetApplications.com. August, 2008. සම්ප්‍රවේශය 2008-09-01. {{cite web}}: Check date values in: |date= (help)
  32. "Top Browser Share Trend". NetApplications.com. August, 2008. සම්ප්‍රවේශය 2008-09-01. {{cite web}}: Check date values in: |date= (help)
  33. "SVG in Firefox". සම්ප්‍රවේශය 2007-09-30.
  34. Mozilla Developer Center contributors (2007-01-21). "Which open standards is the Gecko development project working to support, and to what extent does it support them?". Gecko FAQ. mozilla developer center. සම්ප්‍රවේශය 2007-01-24. {{cite web}}: |author= has generic name (help)
  35. "WHATWG specification - Web Applications 1.0 - Working Draft. Client-side session and persistent storage". WHATWG.org. February 7, 2007. සම්ප්‍රවේශය 2007-02-07.
  36. Mozilla Developer Center contributors (September 30, 2007). "DOM:Storage". Mozilla Developer Center. සම්ප්‍රවේශය 2007-02-07. {{cite web}}: |author= has generic name (help)
  37. Dumbill, Edd (December 6, 2005). "The future of HTML, Part 1: WHATWG". IBM. සම්ප්‍රවේශය 2007-01-24.
  38. Fulton, Scott (2007-12-20). "Latest Firefox beta passes Acid2 test, IE8 claims to pass also". Betanews.com. සම්ප්‍රවේශය 2007-12-21.
  39. Ranganathan, Arun (November 11, 2002). "Bypassing Security Restrictions and Signing Code". mozilla developer center. සම්ප්‍රවේශය 2007-01-24. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  40. "The Same Origin Policy". mozilla.org. 2001-06-08. සම්ප්‍රවේශය 2007-11-12.
  41. "Privacy & Security Preferences - SSL". mozilla.org. August 31, 2001. සම්ප්‍රවේශය 2007-01-24.
  42. Developer documentation සංරක්ෂණය කළ පිටපත 2008-10-11 at the Wayback Machine on using PKCS#11 modules (primarily smart cards) for cryptographic purposes
  43. "Mozilla Security Bug Bounty Program". mozilla.org. 2004-09-03. සම්ප්‍රවේශය 2007-11-21.
  44. "Webware 100 Award Winner Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
  45. "The 100 Best Products of 2007". සම්ප්‍රවේශය 2007-10-22.
  46. "Firefox 2.0 Review". සම්ප්‍රවේශය 2007-10-22.
  47. "Firefox 2 CNET Editor's Review". සම්ප්‍රවේශය 2007-10-22.
  48. "The 100 Best Products of 2006". සම්ප්‍රවේශය 2007-10-22.
  49. "Mozilla Firefox & Altiris SVS". සම්ප්‍රවේශය 2007-10-22.
  50. "Best of the Year, Software: Home, Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
  51. "PC Pro Awards 2005 - the winners". සම්ප්‍රවේශය 2007-10-22.
  52. "Firefox 1.5, CNET editors' review". සම්ප්‍රවේශය 2007-10-22.
  53. "First UK UPA Awards commend Firefox, Flickr, Google, Apple, John Lewis and BA". සම්ප්‍රවේශය 2007-10-22.
  54. "Web browser roundup". සම්ප්‍රවේශය 2007-10-22.
  55. "Firefox Receives Softpedia User's Choice Award". සම්ප්‍රවේශය 2007-10-22.
  56. "UX 2005 Readers' Choice Award Winners Announced". සම්ප්‍රවේශය 2007-10-22.
  57. "The 100 Best Products of 2005". සම්ප්‍රවේශය 2007-10-22.
  58. "Best of the Web, BOW Directory, Look It Up, Web Browsers, Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
  59. "Firefox 1.0.3". සම්ප්‍රවේශය 2007-10-22.

වැඩිදුරට කියවීම සඳහා[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මොසිල්ලා_ෆයර්ෆොක්ස්&oldid=593023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි