සපන් දුරකතනය

විකිපීඩියා වෙතින්
(Smartphone වෙතින් යළි-යොමු කරන ලදි)

Smart-phone යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි. සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone වලට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power) සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි. Smart-phone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි. Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.

ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (network band)[සංස්කරණය]

සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සං‍ඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smart-phone උපකරණයද ක්‍රියා කළයුතුය. බොහෝ විට smart-phone උපකරණ තෙවන හා සිවුවන පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි ඔබගේ දුරකතනය තෝරාගතයුතුය.


ජංගම දුරකතනයේ ප්‍රමාණය[සංස්කරණය]

සාමාන්‍යයෙන් smart-phone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ. තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 4.5 දක්වා පරාසයක පවතී. මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ. මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි. මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය. මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.

Smartphone දෘඩාංග[සංස්කරණය]

Smartphone ප්‍රොසෙසරය (processor)[සංස්කරණය]

Smartphone එකක දත්ත සකසනය නැතහොත් ප්‍රොසෙසරය (CPU / processor) ඉතා පුළුල් ලෙස සාකච්චා කළයුතු කරුණකි. මෙහි මූලික හා වැදගත් කරුණු කීපයක් පමණක් සදහන් කර ඇත.

සාමාන්‍ය පරිගණක වල මෙන්ම Smartphone වලද පරිගණන මොළය ලෙස දත්ත සකසනයක් නැතහොත් processor එකක් ඇත. මේවායේ වේගයන් සහ හැකියාවන් විවිධ පරාස වල පවතින අතර වර්තමානයේ වේගවත් dual core සහිත processors ද Smartphone සදහා පැමිණ ඇත.

පරිගණක ලොව ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙපල වන intel හා AMD චිප CPU නිෂ්පාදන ආධිපත්‍ය දරන්නා සේම smartphone සදහා තම තනි ආධිපත්‍යය ලොව පුරා විදහා ඇත්තේ බ්‍රිතාන්‍ය මූලයක් සහිත ARM Holdings සමාගමයි. එහෙත් මෙම සමාගම intel වැනි සමාගම් වලින් වෙනස් වන්නේ තම සමාගම මගින්ම ප්‍රොසෙසර නිපදවීම පසෙකලා විධාන කට්ටලය (instruction set) පමණක් අලෙවි කිරීමයි.

මෙම විධාන කට්ටලයක් (instruction set) එකක් යනු සරලව පැවසුවහොත් ප්‍රොසෙසරයෙන් යම් ක්‍රියාවක් කරවාගැනීමට නම් එය ඇමතියයුතු ආකාරයයි. එම අමතන ආකාරය සම්මතයක් වන තරමට සහ බහුල වන තරමට අදාල ප්‍රොසෙසර වර්ග රාශියක් සදහා එකම වැඩසටහනක් ලියා ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව ලැබේ.

උදාහරණ ලෙස intel සහ AMD සමාගම් වලින් වැඩි දියුණු කළ අද ලොව බහුලවම භාවිතා වන ‍x86 instruction set ගැන සලකා බලමු. අප පරිගණක වල භාවිතා වන සියලු මෙහෙයුම් පද්දති සහ වැඩසටහන් ඔබගේ ප්‍රොසෙසරය AMD වුවද Intel උවද එක සේ ක්‍රියා කරන්නේ එම ප්‍රොසෙසර දෙකටම තේරුම් ගත හැකි යම් පොදු සම්මතයකට එම වැඩසටහන් ලියා ඇති බැවිනි. එනම් x86 instruction set එකට අවනත වන ලෙස x86-32 හෝ x86-64 (32 bit or 64 bit) මාදිලි වලින් ප්‍රොසෙසරය සහ අදාල දෘඩාංග සමග ගණුදෙණු කිරීමට එම වැඩසටහන් ලියා ඇති බැවිනි.

ARM සමාගමේ විධාන කට්ටලය පාදක කරගෙන අනෙකුත් සමාගම් වලට ප්‍රොසෙසර සෑදියහැකි ක්‍රම 2 කි ඒවා නම්

1) ARM සමාගම මගින් ලබාගන්නා ලද ARM instruction set එක අනුගමනය කළහැකි ආකාරයට තමන් විසින්ම සැලසුම් කරනලද ප්‍රොසෙසර නිපදවා ගැනීම. උදා. Qualcomm and Marvell

2) ARM සමාගම මගින් තම ARM instruction set එකට ගැලපෙන පරිදි කලින් නිර්මාණය කරන ලද නිදර්ශක සැලසුමක් (reference designs) භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම. උදා. Nvidia, Samsung වැනි සමාගම්


ARM සමාගමේ නවතම විධාන කට්ටලය ARMv7 සදහා වන නිදර්ශක සැලසුම් වන්නේ (reference design) cortex-A8 සහ cortex-A9 ප්‍රොසෙසරයි.

මෙම සැලසුම් භාවිතයෙන් නිපදවන ප්‍රොසෙසර අද පවතින උසස් තත්වයේ (high end) Smartphone සදහා භාවිතා වන අතර cortex-A8 ප්‍රොසෙසර 600MHz හෝ ඊට වැඩි තනි core සහිත ලෙසද cortex-A9 ප්‍රොසෙසරය ද්විත්ව core සහිත ගිගාහර්ට්ස් 1 හෝ ඊට වැඩි වේගයන් සහිත ප්‍රොසෙසරද වේ. පැරණි ARMv6 සදහා භාවිත වන නිදර්ශක සැළසුම වන ARM 11 ප්‍රොසෙසරයද තවමත් ඉතා බහුලව භාවිත වේ.

Smartphone එකක් යනු පරිගණකයකට සාපේක්ශව ගත්කළ ඉතා කුඩා උපාංගයකි. එහි ඇති විශාල බැටරිය සහ දර්ශක තිරය හැරුනුකොට ඉතිරිවන කුඩා ඉඩ ප්‍රමාණය පරිගණක චිප සහ smartphone මවුපුවරුව එකලස් කිරීමට යොදාගතයුතුය. මේ සීමිත ඉඩ ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සදහා system on chip හෙවත් SOC යොදාගනී.


SoC (System on chip)[සංස්කරණය]

System on Chip නැතහොත් SoC යනු කර්යයන් ගණනාවක් තනි පැකේජයකින් කරගතහැකි ලෙස එකලස් කරනලද ප්‍රොසෙසර වේ. මේවායේ CPU, GPU, video decoder, audio/image processor වැනි විවිධ කාර්යයන්ට ගැනෙන දෘඩාංග ගණනාවක් කැටි කර එකලස් කර තනා ඇත. මේ නිසා ශක්ති පරිභෝජනය ඉතා සීමිත වන අතර වේගවත් බවද වැඩි වේ. අද පවතින බොහෝ smartphone ප්‍රොසෙසර මෙසේ SOC ආකාරයෙන් එකලස් කරනලද ඒවා වේ.

උදා: Nvidia tegra 2, OMAP 3 SOCs. Qualcomm's Snapdragon, Samsung Hummingbird


තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ[සංස්කරණය]

Smartphone එකක CPU (central processing unit) එක ලෙස AMRv6 (ARM 11) හෝ ඉන්පසු පැමිණි ARMv7 (cortex-A8, cortex-A9) Instuction set සහිත CPU සහිත smartphone තෝරාගැනීම වඩා සුදුසුය. ඒවායින්ද Cortex-A8 හෝ ඉහළ හෝ එවැනි ARMv7 තාක්ශණය යොදාගෙන දියුණු කරනලද CPU නම් වඩාත් සුදුසුය.

ප්‍රොසෙසර තෝරාගැනීමේදී System on chip නැතහොත් SOC ඇසුරෙන් සැලකුවහොත් නව SOC බොහෝමයක ඇත්තේ cortex-A8 හෝ cortex-A9 සහිත CPU උපාංගවේ. එමනිසා CPU වලින් බැහැරව SOC තුළ ඇති එනෙකුත් උපාංග පිළිබඳව විශේෂයෙන් GPU පිළිබදව සැලකිලිමත් වීමට සිදුවේ.

වේගවත් ප්‍රොසෙසර මගින් වැඩසටහන් රාශියක් එකවර සුමටව ක්‍රියාකරවීම (multi tasking) 1080p හෝ 720p ලෙස ද්විමාන වීඩියෝ පටිගතකිරීම (HD video recording) හෝ නවතම අංගයක් ලෙද කැමරා 2 මගින් ත්‍රිමානව වීඩියෝ දත්ත ග්‍රහනය (3D HD video recording) කිරීම සහ ප්‍රභල GPU හා එක්ව high end වීඩීයෝ ක්‍රීඩා ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවද ලැබෙනුඇත.


GPU (Graphics Processing Unit)[සංස්කරණය]

ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.

සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ. බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි. එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි. මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය. අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය.

දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2 SOC සහිත smartphone වල අන්තර්ගත Tegra 250 (or higher), Adreno 205 or higher Marvell Armada 618 සහ Galaxy S මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400MP වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.

Smartphone මතක ගබඩාව (memory storage)[සංස්කරණය]

Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය.

පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory) එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ. මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.

අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි. මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත. අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි. සාපේක්ශව වේගය සහ මිල අඩුය. non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි. අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.


පුළුල් කළහැකි මතකය (expandable memory )[සංස්කරණය]

ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත. මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක. Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.


Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity)[සංස්කරණය]

මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය. 128MB පමණ සිට 32GB පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත් වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය.


ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය.

එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය.

මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed).


MicroSD and M2[සංස්කරණය]

Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත. මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය. මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි. උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.

වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය. විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය.


Hot-Swappable memory[සංස්කරණය]

මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි. Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ. සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න.


RAM (Random Access Memory) මතකය[සංස්කරණය]

Smartphone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.

Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී. ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි. RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි. එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි. මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී. මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).

විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්). එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.

දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න.

Android 1.5 >> 128MB RAM or more Android 1.6~2.1 >> 192MB RAM or more Android 2.2 or ++ >> at least a 256MB RAM to run OS and other applications smoothly


ROM (Read-Only Memory)[සංස්කරණය]

Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය. මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ. මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත.

ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි. එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ. Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි.

සමාන්‍යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම් එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය.

විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය. මීට අමතරව Android 2.2 හෝ 2.3 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.


ප්‍රදර්ශක තිරය (Display Screen)[සංස්කරණය]

Smart-phone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු. මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි. ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.

ස්පර්ශ සංවේදී තිර වර්ග (touch screen types)[සංස්කරණය]

Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.


LCD තිර වර්ග[සංස්කරණය]

කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි. එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය වේ. තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ. මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය. LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින් දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක. LCD තිර වර්ග කීපයක් ගැන පහත සලකා බලමු.



TFT-LCD (Thin Film Transistor - Liquid Crystal Display)[සංස්කරණය]

බහුලවම දැකිය හැකි තිර වර්ගයයි. මදක් යල් පැන ගොස් තිබුනද අදත් මෙම තිර smart-phone සදහා විශාල ප්‍රමාණයෙන් භාවිත වන්නේ සාපේශව මිල අඩු නිසායි. තිරයේ ප්‍රභේදනය(contrast) සහ දීප්තතාවය (brightness) සාමාන්‍ය අගයක් ගත්තද සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) සාපේක්ශව දුර්වල අතර තිරයෙන් ආලෝකය පරාවර්තනය වීම (reflection) ද වැඩි අගයක් ගනී.

මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) LED තිර සාපේක්ශව දුර්වල ප්‍රතිඵල ගෙන දෙන අතර රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.


IPS LCD/Retina display සහ Super Clear LCD (S-LCD)[සංස්කරණය]

මේවාද TFT-LCD තිර වලම වැඩි දියුණු කරන ලද තිර වර්ගවේ. වඩාත්ම වැදගත් අංගයක් ලෙස තිරයෙන් ආලෝක පරාවර්තනය වීම සෑහෙන පමණකට මෙම තිර වල අඩූ කර ඇති අතර උසස් පැහැදිලි රූප, ප්‍රභේදන(contrast) සහ දීප්තතාවය (brightness) දැකිය හැක. විශේෂයෙන් iphone 4 සදහා භාවිතා වන IPS LCD වල ඉහත ගුණයන් ඉතා ඉහල මට්ටමක පවතී.


LED තිර වර්ග[සංස්කරණය]

LCD මෙන් නොව LED තිර වලින් අවශ්‍ය ආලෝකය තමන්ම නිපදවා ගනී. මේ නිසා මෙම තිර සදහා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය නොවේ. තවද ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් භාවිත කර පැහැදිලි සහ තියුණු රූප ලබාදේ.


AMOLED(Active-Matrix Organic Light-Emitting Diode)[සංස්කරණය]

කාබනික සංයෝග යොදා තැනූ LED වර්ගයක් වන මෙහි පික්සල් එකිනෙක යොමු කිරීම සදහා Active Matrix තාශණය යොදාගනු ලබයි. AMOLED තිර සෑම අතින්ම LCD වලට වඩා ඉදිරියෙන් සිටින අතර අඩු ශක්ති පරිභෝජනය සහ අඩු මුදලකින් නිෂ්පාදනය කළහැකි විම නිසා වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

තිරයේ ප්‍රභේදනය (contrast), දීප්තතාවය (brightness), සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) ඉතා හොද අගයක් ගන්නා අතර සාපේක්ශව ආලෝකය පරාවර්තනය වීම (reflection) ද අඩු අගයක් ගනී. මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) සහ රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.


ClearBlack AMOLED සහ Super AMOLED[සංස්කරණය]

AMOLED වලම වැඩි දියුණු කරන ලද තිර විශේෂවේ. මෙම තිර විශේෂ සෑම අතින්ම විශිෂ්ට හැකියාවන් පෙන්වන අතර AMOLED වල ගුණාත්මක භාවය තවත් වැඩි කර එහි දුර්වලතා නැති කර නිපදවා ඇත. මේවායේ කාර්යක්ශමතාවය හා ඉතා අඩු ශක්ති පරිභෝජනයද නිසා smart-phone එකක් දිගු කාලයක් ක්‍රීයාකරවීම සදහා ඉතා වැදගත් වේ.

විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[සංස්කරණය]

ස්පර්ශක සංවේදී තිරයක් ස්පර්ශ කළ විට ඊට අදාල ක්‍රි යාව කරගැනීම සදහා එම සංඥා ග්‍රහනය කරගත යුතුය. මෙසේ ස්පර්ශය සංවේදනය කරගැනීමේ ප්‍රධාන ක්‍රම 2කි ඒවා නම්

1) Surface techniques - electrical/acoustic විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්

2) Edge techniques –optical ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්

මෙම ක්‍රම දෙකම අද භාවිතයේ පවතින අතර ඒවායේද විවිධ ප්‍රභේද දැකියහැක. බහුලව භාවිතා වන එවැනි තාක්ශණ කීපයක් පිළිබඳව දැන් සලකා බලමු.


Surface techniques - electrical/acoustic | විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්[සංස්කරණය]

Resistive touchscreen (ප්‍රතිරෝදන සංවේදනය)[සංස්කරණය]

Resistive touchscreen ක්‍රියා කරන්නේ පීඩන සංඥා ඍජුව ග්‍රහනය කිරීම මගිනි. එනම් දුරකතනය ක්‍රීයාකරවන්නාගේ ඇගිල්ලක ස්පර්ශයෙන් හෝ ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශ කිරීමේදි ඇතිවන පීඩනය මගින් සංවේදනය කිරීම මෙම තිර වර්ගයෙන් සිදුවේ.

මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය තිරයට උඩින් ස්ථානගත කරන ලද විනිවිද පෙනෙන සුළු ඉලෙක්ට්‍රොනික සංවේදක තිර දෙකක් පීඩනය යොදනවිට එකිනෙක ස්පර්ශ වීමට සලස්වා සංඥා ග්‍රහනය කිරීමයි.

මෙහි ඇති වාසිය නම් මිනිස් ස්පර්ශයෙන් පමණක් නොව ස්පර්ශක තුඩක් වැනි දෘඩ ද්‍රව්‍යයක සංවේදනයෙන් උවද සංඥා ප්‍රතිග්‍රහනය කළහැකි වීමයි. එමෙන්ම ස්පර්ශක තුඩක් භාවිතයෙන් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) ද මෙම සංවේදක භාවිතයෙන් කළහැක. තවද මෙම තිර අඩු මිලකට නිශ්පාදනය කළහැකිය.


Capacitive touchscreen (ධාරිත්‍රන සංවේදනය)[සංස්කරණය]

Capacitive ස්පර්ශක සංවේදක ක්‍රියා කිරීම සදහා මිනිස් ඇගිලිවල ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ. එනම් එය සාමාන්‍ය ස්පර්ශක තුඩකින් (stylus) මෙම තිර සංවේදනය කළ නොහැක.

පීඩන සංවේදනය වෙනුවට මිනිස් ශරීරයේ ගබඩා වී ඇති විද්‍යුත් ආරෝපණ සංවේදනය මගින් මෙම ස්පර්ශක තිර ක්‍රියා කරයි. මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙහි සාමාන්‍ය stylus එකක් මගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි. එහෙත් මේ සදහා දැන් විශේෂ ස්පර්ශක තුඩු (capacitive stylus) භාවිතයට පැමිණ ඇත.

අධික සංවේදීතාවය, කල් පැවැත්ම වැනි වාසි නිසා මෙම තිර වර්ගය බහුලව භාවිත වේ. මේවා භාවිතයේදී ඉක්මනින් අක්‍රීය නොවී දුගු කලක් භාවිත කළහැක.


Edge techniques –optical | ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[සංස්කරණය]

නව තාක්ශණය යොදාගත් මෙම වර්ගයේ සංවේදක සදහා තිරය ඉදිරියෙන් එලන ලද අමතර ලේයර අනවශ්‍යවේ. කෙලින්ම සංවේදනයන් සංවේදක වලට ග්‍රහනය කළහැකි පරිදි සැකසිය හැකිය.

ප්‍රධාන වර්ග දෙකකි

1) Infrared matrix

2) Lumio

මේවා එතරම් ජනප්‍රිය තාක්ශනයන් නොවන්නේ කලින් තිබූ අධෝරක්ත සංවේදක (Infrared matrix) වල අකාර්යක්ශමතාවය, අධික මිල සහ සාමාන්‍ය ආලෝකයටද සංවේදී වීමේ හැකියාව ඇති නිසායි. එහෙත් නවතම Lumio තාක්ශණය මගින් ඉතා සංවේදී හා නිවැරදි ලෙස ඕනෑම වස්තුවකින් සංවේදනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ඉතා විශාල තිර සෑදීම සදහාද මෙම ක්‍රමය යොදා ගත හැකි වීම විශේෂ කරුණකි.

දර්ශන තිරයේ විභේදනය (Display Resolution)[සංස්කරණය]

දර්ශන තිරයක Resolution යනුවෙන් හැදින්වෙන්නේ එහි ප්‍රදර්ශණය වන මුළු පිස්කල් (pixel) ගණනේ එකතුවයි. විභේදනය වැඩි වන්නට වන්නට ඒකක ඉඩක වැඩි පික්සල් ගණනක් ප්‍රදර්ශණය කළහැකි නිසා වැඩි රූප දත්ත ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව ලැබේ. තිරයේ විභේදනය එහි භෞතික ප්‍රමාණය මත රදා නොපවතී.

එකම විභේදනය සහිත විශාල තිරයක් හා කුඩා තිර්යකින් වැඩි පැහැදිලිතාවයක් හා රූප දත්ත ලබා දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා තිරයේදීයි. සාමාන්‍යයෙන් smart-phone වල දර්ශන තිරයේ විභේදනය QVGA (320x240 pixels ) සිට WVGA (854x480) දක්වා වන අතර තිරයේ ප්‍රමාණය අගල් 2.5 ක පමණ සිට 4.5 පමණ දක්වා පරාසයක පවතී. කුඩා තිර සදහා අඩු විභේදන තිබීම ගැටලුවක් නොවූවත් විශාල තිර වල පැහැදිලි රූප ලබා ගැනීමට නම් වැඩි විභේදනයක් සහිත තිරයක් තෝරා ගත යුතුය.


2.5’ සදහා QVGA – 320x240 / 480x‍320pixels

2.8’~3.0’ සදහා VGA – 640x480 pixels

3.0’~3.5’ සදහා VGA/WVGA – 640x480 / 800x480 pixels

3.5’+ සදහා WVGA – 800x480 / 854x480 pixels

තිරයේ ප්‍රමාණය අනුව ඉහත සදහන් අගයන්ට අඩු විභේදනයක් තිබෙන දර්ශන තිර තෝරාගැනීම නිසා තිරයේ දිස්වන රූපවල පැහැදිලි බව හා තත්ත්වය අඩුව දිස්විය හැකිය. මේ නිසා හැකි තරම් විශාල විභේදනයක් සහිත දර්ශන තිරයක් තෝරා ගැනීම කළයුතුය.


දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[සංස්කරණය]

Full QWERTY virtual keyboard[සංස්කරණය]

QWERTY යතුරු පුවරුව යනු අප දැනට පරිගණක සදහා භාවිත කරන යතුරු පුවරුවට අදාල යතුරු පිළිවෙළයි. (පරිගණක යතුරු පුවරුවේ අකුරු සහිත ඉහලම පේලියේ QWERTY යන අකුරු පිළිවෙල බලන්න). Smart-phone ස්පර්ශක තිරයේ මෙම සම්පූර්ණ හෝඩිය සහිත පුවරුව අත්තාත්වික ලෙස (virtually) පෙන්වීම මෙහිදී සිදුවේ. එමගින් භාවිත කරන්නාට sms, mail හෝ වෙනත් දෑ යතුරු ලියනය කළහැකිය.


Accelerometer sensor - ත්වරණමාන සංවේදකය[සංස්කරණය]

මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළ හැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීමටම්(activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදී ද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශා වලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවීම මගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.

Gorilla Glass display[සංස්කරණය]

මෙම සිහින් ඇතිරිලි වර්ගය බිදීම් සහ සීරීම් වලට දැඩිව ඔරොත්තු දෙන පරිදි දර්ශක තිර ආවරණ ලෙස සැකසූ ආරක්ශක තිර විශේෂයකි. විනිවිද පෙනෙන සුළු ආරක්ශක ආවරණය දර්ශක තිරයට උඩින් යොදන අතර මෙය පවිත්‍ර කිරීමට ඉතා පහසුවේ. මෙය පරිසර හිතකාමී අධි ශක්ති alkali-aluminosilicate තුනී පාරදෘශ්‍ය ආවරණයකි.


Oleophobic surface[සංස්කරණය]

ඇගිලි සලකුනු සහ සීරීම් ඇතිවීම් අවම කරන ආරක්ශක ඇතිරිලි වර්ගයකි. Gorilla glass display එකක ආකාරයෙන් ක්‍රියාකරත් එතරම් ප්‍රභල රැකවරනයක් ලබා නොදෙයි.


Handwriting recognition - අත් අකුරු හදුනාගැනීම[සංස්කරණය]

ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශක සංවේදී තිරයේ ලියන අකුරු හදුනාගැනීම මෙහිදී සිදුවේ. Resistive touch screen තිර බොහෝ විට මේ සදහා යොදාගනී. Capacitive තිරවලට මෙම පහසුකම අත්කරගත නොහැක.

Proximity sensor - ආසන්නතා සංවේදක[සංස්කරණය]

භෞතික සම්බන්දයකින් තොරව සමීපයේ ඇති වස්තූන් හදුනාගැනීම proximity sensor මගින් කළහැකිය. Smart-phone සදහා මෙම සංවේදක උපකරණ බහුලවම යොදාගනු ලබන්නේ ශ්‍රවනේන්ද්‍රිය අසලට දුරකතනය රැගෙන එනවිට ස්වයංක්‍රීයව එහි දර්ශන තිරය නිවා දැමීමට සහ ස්පර්ශක තිරය අක්‍රීය කිරීමටයි. මෙමගින් තිරයෙන් පිටවන තාපය මුහුණට දැනීම වැලැක්වීමත් ශක්ති පරිභෝජනය අඩු කිරීමත් සිදුවන අතර ස්පර්ශක තිරය ශරීරයේ ගෑවීමෙන් දුරකතනයෙන් වැරදි සංවේදන ග්‍රහනය කරගැනීම වලකයි.

Multi-touch input method[සංස්කරණය]

ස්පර්ශක සංවේදක තිරය මත එකවර ස්පර්ශ කීපයක් මගින් සංඥා යැවීම මෙහිදී සිදුවේ. ඇගිලි දෙකක් භාවිතයෙන් තිරය විශාල කිරීම (Zoom) සහ scroll කිරීම ආදී විවිධ ක්‍රියා කරගැනීමේ හැකියාව මේ නිසා ජංගම දුරකතනය භාවිත කරන්නාට ලැබේ.

අද පවතින නවීන Smart-phone එකකින් සපයන සේවා සමහරක්[සංස්කරණය]

Geo-tag[සංස්කරණය]

මෙම අංගය දැකිය හැක්කේ GPS සේවා ක්‍රියාත්මක කරනලද නව smartphone වලයි. ඔබ ගන්නා ඡායාරූප වල ඒවා ලබාගත් ස්ථානය අනුව අදාල භූගෝලීය තොරතුරු (geographical information) විශේෂයෙන්ම කණ්ඩාංක (coordinates) ඡායාරූප දත්තවල (metadata) අන්තර්ගත කිරීම මෙහිදී සිදුවේ මෙම දත්ත ඔබගේ පරිගණකයෙහි ඇති මේ සදහා විශේෂිත් මෘදුකාංග මගින් හෝ බොහෝ රූප සංස්කාරක මෘදුකාංග මගින් කියවියහැක. (image viewers, image editors and online image galleries)

Accelerometer sensor - ත්වරණමානසංවේදකය[සංස්කරණය]

මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළහැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීම(activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදීද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශාවලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවී මමගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.


Gyroscope sencor - විභ්‍රමණේක්ෂ මානය[සංස්කරණය]

Smartphone එකක accelerometer හා එක්ව gyroscope සංවේදකයකට අක්ෂ (axes) 6 ඔස්සේ මිණුම් ලබාගත හැකිය. ඒවා නම් වම, දකුණ, උඩ, යට, ඉදිරිය සහ පසුපසයි. එමෙන්ම පෙරලීම, උස්පහත් වීම් සහ හැරවුම් දිශා ග්‍රහනයද කළහැකිය. මේ නිසා තනි accelerometer සංවේදකයක සිරස් හා තිරස් අක්ෂ වල සංවේදන ප්‍රතිග්‍රහනයට වඩා මෙම සංවේදක වලින් වඩාත් නිවැරදිය සංවේදනය කිරීමේ හැකියාව ලැබී ඇත Wii-mote වැනි ක්‍රීඩා උපාංග වල මෙන් උසස් සංවේදන හැකියාවක් smartphone වලට ලැබීම නිසා උසස් තත්ත්වයේ (console level) වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාගතහැක.



A2DP (Advanced Audio Distribution Profile)[සංස්කරණය]

බ්ලූටූත් තාක්ශණය හරහා දත්ත හුවමාරු කිරීම සදහා ඇති Bluetooth profile වලින් එකකි. Smartphone එකක් මගින් Stereo සංගීත කණ්ඩ රැහැන් රහිතව headphones හෝ speakers වලට bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේශණය කිරීම මෙම තාක්ෂණය භාවිතයෙන් සිදුවේ. එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේශනය කළහැක.

FM Transmitter (RDS - Radio Data System)[සංස්කරණය]

Featured Phone සහ Smartphone තුළ තැනූ රේඩියෝවක් නිතර දැකියහැකිය. මෙය බොහෝ විට FM කලාපයේ සම්ප්‍රේශනය වන රේඩියෝ විකාශන ග්‍රහනය කළහැකි ලෙස තනා ඇත. කළාතුරකින් එකක් හැරුනුකොට අනෙක් සියලු ජංගම දුරකතන සදහා මෙම FM රේඩියෝවේ ඇන්ටනාව ලෙස රැහැන්ගත (wired) headset යොදාගත යුතුය. FM රේඩියෝව ජංගම දුරකතනයක් සදහා සාමාන්‍ය අංගයක් උවද FM Transmitter දැකියහැක්කේ බොහෝ විට smartphone වල පමණි. මෙම ට්‍රාන්ස්මීටර මගින් Radio Data System යන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය (communication protocol) හරහා smartphone එකක සිට රැහැන් රහිතව FM තරංග පරාසය ඔස්සේ FM සංඛ්‍යාත ග්‍රාහකයකට (FM receiver) සංගීත කණ්ඩ සම්ප්‍රේශණය කළහැකිය. මෙම ග්‍රාහකය බොහෝවිට FM රේඩියෝවක් හෝ වාහනයක සවිකළ රේඩියෝවක් වියහැක.


GPS (Global Positioning System)[සංස්කරණය]

Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත් සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා (satellite) පද්දතියකි. (space-based global navigation satellite system - GNSS) මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා (satellite) සහ සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.

මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි. GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්‍රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ. එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්‍රහනය කළයුතුය. අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.



A-GPS (Assisted GPS)[සංස්කරණය]

Smartphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි. දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය. චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත් වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. බොහෝ smartphone වල A-GPS උපකරණ, Wifi Positioning System (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ cell-site triangulation (යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) යන ඒවායේ එකතුවක් දැකියහැකිය. විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.


සාමාන්‍ය දුරකතනයක් ලෙස පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස ජංගම සංගීත වාදකයක් ලෙස කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස GPS (global position system) උපකරණයක් ලෙස ජංගම දත්ත ගබඩාවක් ලෙස රේඩියෝවක් ලෙස FM ට්‍රාන්ස්මීටරයක් ලෙස වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book) සහ තවත් බොහෝ දෑ සදහා.

"https://si.wikipedia.org/w/index.php?title=සපන්_දුරකතනය&oldid=469851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි