අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකාව
| ශ්‍රී ලංකාව වෙහි අග්‍රාමාත්‍ය |
|
|---|---|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය |
|
| Residence | අග්‍රාමාත්‍ය මන්දිරය |
| Appointer | ජනාධිපති මහින්ද රාජපක්ෂ |
| ධූර කාලය | වසර 6 |
| සමාරම්භ ධුරන්ධර | දොන් ස්ටීවන් සේනානායක |
| සංස්ථාපනය | 1947, ඔක්තෝබර14 |
| වෙබ් අඩවිය | [1] |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ කෘත්‍යාත්මක ප්‍රධානියා වේ.
පටුන |
[සංස්කරණය] සමාලෝචනය
අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නේ ජනාධිපති විසිනි. ජනාධිපතිගේ නියෝජ්‍යයා ලෙස ක්‍රියාකරමින් ඔහු/ඇය නොමැති තන්හී හෝ අශක්නුකෘත අවස්ථාවන්හී එම පදවියෙහි වැඩබලන්නාවූ අග්‍රාමාත්‍ය වරයා, අනුප්‍රාප්තික පිළිවෙලෙහි පළමුවැන්නා ද වෙයි.
[සංස්කරණය] ඉතිහාසය
ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබුවේ 1947 දී වන අතර එය එසේ වූයේ 1948 දී බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලැබීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙරය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වූ කල්හී මෙම ධූරයේ නම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙසින් වෙනස් විය. වෙස්මිනිස්ටර්-පදනමෙහි දේශපාලන ක්‍රමය අනුව අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වූ අතර එම නිසාම එම සමයෙහිදී රටේ බලවත්ම දේශපාලන තනතුර හෙබවීය. 1978 දී , ව්‍යවස්ථාදායකමය වෙනස්වීම් වලින් අනතුරුව, විධායක ජනාධිපති ධූරය ස්ථාපනය කිරීමත් සමගින්, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නා බවට පත්වූ විට, මෙම සියල්ල වෙනස් විය. 1978 වන තුරු අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද විය. කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ධුරය හොබවද්දීම, ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනුප්‍රාප්තිකයෙකු පත්කරගැනුමට පාර්ලිමේන්තුව රැස්වනතුරු හෝ නව ජනාධිපතිවරයෙකු තොරාගැනුමට නව මැතිවරණයක් පවත්වනතුරු, වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත්වේ. ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග පදවි ප්‍රාප්ත වූයේ එලෙසිනි.
ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රමාත්‍යවරයා වන්නේ දිසානායක මුදියන්සේලාගේ ජයරත්න මහතා වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 අප්‍රියෙල් 21 දිනදි ඔහු එම නිලයට පත් කරන ලදි .
[සංස්කරණය] ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුව
| ශ්‍රී ලංකාව |
මෙම ලිපිය පහත කාණ්ඩයට අයත් වේ: |
|
|
|
ව්‍යවස්ථාව
අධිකරණය
දේශපාලන පක්ෂයන්
උපබෙදුම්
විදේශ ප්‍රතිපත්තිය
සබැඳි වාද විෂයයන්
|
|
|
මෙහි පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුවකි:
[සංස්කරණය] ලංකාවෙහි අග්‍රාමාත්‍යවරුන් (1948 - 1972)
- දොන් ස්ටීවන් සේනානායක (1947 ඔක්තොබර් 14 - 1952 මාර්තු 22 )
- ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක ( 1952 මාර්තු 26 - 1953 ඔක්තෝබර් 12 )
- ජෝන් ලයනල් කොතලාවල ( 1953 ඔක්තෝබර් 12 - 1956 අප්‍රේල් 12 )
- සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ( 1956 අප්‍රේල් 12 - 1959 සැප්තැම්බර 26 )
- විජයානන්ද දහනායක (1959 සැප්තැම්බර 26 - 1960 මාර්තු 21 )
- ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක ( 1960 මාර්තු 21 - 1960 ජූලි 21 )
- සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1960 ජූලි 21 - 1965 මාර්තු 27 )
- ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක ( 1965 මාර්තු 27 - 1970 මැයි 29 )
- සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1970 මැයි 29 - 1972 මාර්තු 22 )
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් (1972 - මේ දක්වා)
- සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1972 මාර්තු 22 - 1977 ජූලි 23 )
- ජූනියස් රිචඩ් ජයවර්ධන (1977 ජූලි 23 - 1978 පෙබරවාරි 6 )
- රණසිංහ ප්‍රේමදාස (1978 පෙබරවාරි 6 - 1989 මාර්තු 3 )
- ඩිංගිරි බණ්ඩා විජේතුංග (1989 මාර්තු 3 - 1993 මැයි 7 )
- රනිල් වික්‍රමසිංහ (1993 මැයි 7 - 1994 අගෝස්තු 19 )
- චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1994 අගෝස්තු 19 - 1994 නොවැම්බර් 14 )
- සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1994 නොවැම්බර් 14 - 2000 අගෝස්තු 10 )
- රත්නසිරි වික්‍රමනායක (2000 අගෝස්තු 10 - 2001 දෙසැම්බර් 9 )
- රනිල් වික්‍රමසිංහ (2001 දෙසැම්බර් 9 - 2004 අප්‍රේල් 6 )
- මහින්ද රාජපක්ෂ (2004 අප්‍රේල් 6 - 2005 නොවැම්බර් 21 )
- රත්නසිරි වික්‍රමනායක (2005 නොවැම්බර් 21 - 2010අප්‍රේල් 21)
- දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න( 2010අප්‍රේල් 21 සිට)
[සංස්කරණය] වෙනත් තොරතුරු
අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන්නේ අග්‍රාමාත්‍ය මන්දිරය වන අතර එයට සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර කරනුයේ අරලියගහ මන්දිරය යනුවෙනි. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයය පිහිටා ඇත්තේ කොළඹ 7, මල් පාරේය.
[සංස්කරණය] මෙයද බලන්න
[සංස්කරණය] ආශ්‍රිත
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව - පාර්ලිමේන්තු අත්පොත, අග්‍රාමාත්‍යවරුන්