"ඡායාරූප මුද්‍රණය-ඡායාරූප කඩදාසි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: fa:کاغذ عکاسی
16 පේළිය: 16 පේළිය:
[[en:Photographic paper]]
[[en:Photographic paper]]
[[es:Papel fotográfico]]
[[es:Papel fotográfico]]
[[fa:کاغذ عکاسی]]
[[fi:Valokuvapaperi]]
[[fi:Valokuvapaperi]]
[[it:Carta fotografica]]
[[it:Carta fotografica]]

17:13, 7 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

ඩිජිටල් ඡායාරූප විකසක ක්‍රියාවලීන් භාවිතයට පැමිණීමට පෙර ඡායාරූප කඩදාසි මඟින් හැඟවුණු එකම අර්ථය වූයේ ආලෝක සංවේදක රසායන ද්‍රව්‍ය ගැල්වූ කඩදාසි ගණනයි.

වර්තමානයේ ඡායාරූප කඩදාසි (photo paper) ලෙස හැඳින්වෙන කඩදාසි බොහෝ විට ඉන්ක්ජෙට් හෝ ලේසර් මුද්‍රණ යන්ත්‍රවල භාවිතය සඳහා විශේෂයෙන් සකස් කළ කඩදාසි වන අතර ඒවා ඩිජිටල් මුද්‍රණයන් ලබා ගැනීම සඳහා භාවිත කෙරේ. මෙම ලිපියේදී අවධානය යොමු කෙරෙනුයේ සාම්ප්‍රදායික ඡායාරූප කඩදාසි සම්බන්ධවය.

ඡායාරූප කඩදාසි සමඟ ඡායා පටලයක් සෘජුව ස්පර්ශ කර වීම (ස්පර්ශ මුද්‍රණය) මඟින් හෝ විශාලකයක් භාවිතයෙන් (විශාලනය) පාලිත ආකාරයට ආලෝකයට නිරාවරණය කළ හැකිය. මේ ඔස්සේ අදෘශ්‍යමාන රූපයක් නිර්මාණය කෙරෙන අතර අනතුරුව මෙම ඡායාරූප කඩදාසි රසායනික ද්‍රව භාවිතයෙන් දෘශ්‍ය රූපයක් ලැබෙන පරිදි විකසනය කරනු ලැබේ.