විකිපීඩියා:තෝරාගත් ලිපිය/01

විකිපීඩියා වෙතින්

ලුම්බිනි යනු බෞද්ධ පූජනීය ස්ථානයකි. පිහිටා ඇත්තේ ඉන්දියානු දේශසීමාව අසල නේපාලයේ, ලුම්බිනි ප්‍රදේශයේ “රුපන්දෙහි” දිස්ත්‍රික්කයෙහිය. මෙම ස්ථානය මහාමායා දේවිය සිද්ධාර්ථ ගෞතමයන්ට උප්පතිය ලබා දුන් ස්ථානයයි. සිද්ධාර්ථ ගෞතමයන් පසුව බුද්ධත්වයට පත් වී බුද්ධාගම ලොවට දයාද කළේය. ගෞතම බුදුරජාණන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිහය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව බුද්ධගයාව සහ සරානාත් වේ.

හිමාලය කඳු වැටිය පාමුල ලුම්බිණිය පිහිටා ඇත්තේය. බුදුන් වහන්සේ කුඩා කල සිට අවුරුදු 29 දක්වා කාලයක් හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ. බෞද්ධ පුරාවෘතයන්ට අනුව මේ අසල වෙනත් බුදුවරු ඉපදුනු , බුදුවුනු හා පිරිනිවුනු ස්ථානද තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය