පුරාණ රෝමය
ඔක්ටවියන් තම සතුරන් පරාද කර ඔගස්ටස් යන නම ඈඳා ගත්තේය. ඔහු මහා බලයක් ආරෝපණය කොට ගෙන සමූහාණ්ඩු ජන රජයක් මවා පාමින් රට පාලනය කරන්නට විය. ඔහුගෙන් පසු පැමිණි පදවි ප්‍රාප්තිකයා වූ ටයිබීරියස් ක්‍රි.පූ 68 නීරෝගේ අභාවය දක්වා පැවති ජුලියෝ - ක්ලෝඩියානු රාජ වංශය පිහිටුවමින් මහා විරෝධයකින් තොරව බලය ලබා ගත්තේය. අධිරාජයෝ කිහිප දෙනෙකුගේ දූෂිත පාලනයන් හැරුණු විට රෝම අධිරාජ්‍යයේ බල ප්‍රදේශය පුළුල් වූ අතර ආරක්ෂාවද හොඳ හැටි තිබිණ. (උදා - කලිගුලා උමතු වූවෙක් බවට මත ඉදිරිපත්ව ඇති අතර දරුණු බව හා රාජ්‍යය කටයුතුවලට වඩා තම පුද්ගලික කටයුතුවලට වැඩි ආශාවක් දැක්වූවෙක් ලෙස නීරෝ ප්‍රසිද්ධියක් උසුලයි). පසුව පැමිණි ෆ්ලෙවින් රාජ වංශය ද අනුගමනය කළේ එම නීතිමය. යහපත් අධිරාජ්‍යයවරු පස් දෙනාගේ කාලයේදී (96 – 180) අධිරාජ්‍යය භූමි ප්‍රමාණයෙන් , ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් ඉහළ හිණි පෙත්තටම සංවර්ධනය විය. රට අභයන්තර හා බාහිර තර්ජනවලින් රාජයය ආරක්ෂා වූ අතර පැක්ස් රෝමානා (රෝම සමය) අතර තුර අධිරාජ්‍යය වඩ වඩාත් දියුණු විය. ට්රාජන් රාජ්‍යය කාලය තුළ සිදු වූ ඩේසියා විජිතයත් සමගම අධිරාජ්‍යයේ බල ප්‍රදේශය උපරිම විය. රෝම අධිරාජ්‍යයේ විශාලත්වය වර්ග සැතපුම් මිලියන 2.5ක් (වර්ග කි.මී 6.5 ක් ) වේ.
193 සිට 235 දක්වා කාලය තුළ සෙවරන් රාජ වංශය බල පැවැත්වුණු අතර එකළ එලගබලුස් වැනි අදක්ෂ පාලකයන් දැකිය හැකි විය. මෙය සහ රාජකීය පරම්පරාව වෙත තිබූ වැඩිවන හමුදා බලය ,3 වන සියවසේ අරගලය ලෙස කියවෙන බාහිර ආක්‍රමණවලට සහ රාජකීය බිඳවැටීමට හේතු විය. මෙම අර්බුදය නිමාවට පත් වූණේ ඩයෝ ක්ලිටියන්ගේ දක්ෂ පාලනය යටතේය. ඔහු 293 දී සම - අධිරාජ්‍යවරු දෙදෙනෙක්ගෙන් හා ඔවුන්ගේ ජේෂ්ඨ සහකරුවන් දෙදෙනෙක්ගෙන් සමන්විත ප්‍රාදේශීය රජ ක්‍රමයකට රට පාලනය කිරීමට, අධිරාජ්‍යය පෙරදිග හා අපරදිග භාග දෙකකට බෙදීය. වසර 50 කට වැඩි කාලයක් තිස්සේ විවිධ සම - පාලකවරු ආධිත්‍යය ලබා ගැනීමට සටන් කළහ. 330 මැයි 11 වන දින කොන්ස්ටන්ටායින් I අධිරාජ්‍යයයා රෝම අධිරාජ්යයේ අග නගරය කොන්ස්තන්තිනෝපලය ලෙස නම් වෙනස් කිරීමක් කරන ලදී. 395 දී අධිරාජ්‍යය ය ස්ථිර ලෙස පෙර දිග රෝම අධිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්යය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අධිරාජ්‍යය හා අපරදිග රෝම අධිරාජ්යයය ලෙස බෙදන ලදී. පෙරදිග රෝම අධිරාජ්‍යය පසු කලෙක බයිසන්ටයින් අධිරාජ්‍යය ලෙස හැඳින්විණි.
අපරදිග අධිරාජ්‍යය නිරන්තරයෙන් බාබේරියානු ආක්‍රමණවලින් පීඩා විඳි අතර ශත වර්ෂ ගණනාවක් පුරාවට රෝම අධිරාජ්‍යය ක්‍රමයෙන් පසුබැසීමට ලක් විය. ක්‍රි.පූ 4 වන ශතවර්ෂයේදී හන්වරුන්ගේ බටහිර දෙසට සිදු වූ සංක්‍රමණය නිසා විසිගොත්වරුන්ට රෝම අධිරාජ්‍යයයේ මායිම්වල සරණ සොයන්නට සිදු විය. 410 දී ඇලරික් I ගේ නායකත්වය යටතේ විසිගොත්වරු රෝම නගරය පැහැරූහ. වැන්ඩල් වරු ගෝල්, ස්පාඥඤය සහ උතුරු අප්‍රිකාවේ වූ රෝමයට අයත් පළාත් ආක්‍රමණය කළ අතර 455 දී රෝමය පැහැරූහ. 476 හි සැප්තැම්බර් 4 වන දින ජර්මානු නායක ඔඩෝසර්, අපරදිග රෝම අධිරාජ්යගයේ අවසාන පාලකයා වූ රොමියුලස් ඔගස්ටස් හට රජකම අත හරින ලෙස බල කළේය. මෙලෙස වසර 1200 කට ආසන්න කාලයක් පැවති අපර දිග රෝම පාලනය අවසානයට පත් විය.
පෙරදිග අධිරාජ්‍යයටද අත්වූයේ එවැනිම ඉරනමකි. නමුත් අපරදිග අධිරාජ්‍යයට අත් වූ ඉරණම තරම් උග්‍ර එකක් නොවේ. ජස්ටීනියම් ඉතාලිය හා උතුරු අප්‍රිකාව ක්ෂණිකව යටත් කර ගත්තේය. නමුත් අපරදිග වූ බයිසන්ටයින් හි බල ප්‍රදේශ ජස්ටීනියන්ගේ මරණයෙන් වසර කීපයකට පසු දකුණු ඉතාලිය හා සිසිලිය දක්වා අඩු විය. පෙර දිගෙහි ඉස්ලාම් නැගීමත් සමග බයිසන්ටයින්වරුන්ට තර්ජන එල්ලවන්නට විය. ඉස්ලාම් අනුගාමිකයින් සීග්‍රයෙන් සිරියාවේ හා ඊජිප්තුවේ බල ප්‍රදේශ යටත් කර ගෙන ඉක්මණින්ම කොන්ස්තන්තිනෝපලයට ඍජු ලෙස තර්ජන ඉදිරිපත් කිරීමට සමත් විය. කෙසේ වෙතත් ක්‍රි.පූ 8 වන සියවස තුළදී බයිසන්ටයින්වරු තම භූමි ප්‍රදේශයෙන් ඉස්ලාම් පැතිරීම නවත්වා ගත් අතර 9 වන සියවස ආරම්භයේදී යටත් වී තිබූ භූමි නැවත මුදා ගත්හ. නැවත ක්‍රි.ව : 1000 දී පෙරදිග අධිරාජ්යබය එහි උපරිමයේ සිටියේය. බැසිලියස් II වන බල්ගේරියාව හා ආමේනියාව නැවත පැරද වූ අතර සංස්කෘතිය හා වෙළඳාම සමෘද්ධිමත් වුණි. නමුත් 1071 ඇති වූ මැන්සිකර්ට් යුද්ධය නිසා මෙම ප්‍රදේශ පුළුල් කිරීම එකවර නැවතුණි. මෙම අධිරාජ්‍යය පුදුමාකාර ලෙස පසුබෑමට හේතු විය. අභ්‍යන්තර අර්බුද හා ටර්කික් ආක්‍රමණ සහිත ශතවර්ෂ ගණනාවකට පසු ඇලෙක්සියස් I කොම්නෙසස් අධිරාජ්‍යයා 1095 දී අපරදිගින් උපකාර ඉල්ලීය. අපරදිග රෝම අධිරාජ්‍යය ඊට ප්‍රතිචාර දැක්වූයේ කුරුස යුද්ධය ඇති කරමිණි. අවසානයේ IV වන කුරුස යුද්ධයට සහභාගී වූවන් කොන්ස්තන්තිනෝපලය පැහැරූහ. 1024 කොන්ස්තන්තිනෝපලය පැරදවීම , අධිරාජ්‍යයේ ඉතිරි වූ කුඩා කොටස පදවි ප්‍රාප්තිකයන්ගේ ආණ්ඩු බවට පත් වෙමින් කැඩී බිඳී යාමක් ලෙස දැකිය හැක. එයි අවසාන ජයග්‍රහකයා වූයේ නිකායීයාය. රාජකීය හමුදාව විසින් කොන්ස්තන්තිනෝපලය නැවත අත්පත් කර ගැනීමෙන් පසු රෝම අධිරාජ්‍යයා ඊජියන් වෙරළ තීරයට කොටු වූ ග්‍රීක ආණ්ඩුවකට වඩා මදක් වැඩි අධිරාජ්‍යයක් බවට පත් විය. 1453 මැයි 29 දින මේහ්මඩ් II වන කෝන්ස්තන්තිනෝපලය නැවත පැරදවීමෙන් පසු පෙරදිග අධිරාජ්‍යය නිමාවට පත්විය.
පුරාණ ග්‍රීසිය සමග රෝමානු ශිෂ්ඨාචාරයද ඉතා පැරණි ශිෂ්ඨාචාර ලෙස වර්ගීකරණය කෙරෙයි. මෙහිදි ග්‍රීසියානු ශිෂ්ඨාචාරය රෝම සංස්කෘතිය සදහා දැඩි ලෙස බලපෑම් සිදු කළ ශිෂ්ඨාචාරයක් වෙයි. බටහිර ලෝකයේ නීතිය, යුධ කටයුතු, කලා කටුයුතු, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය සහ භාෂාව යන ක්ෂේත්‍ර කෙරෙහි පුරාණ රෝම ශිෂ්ඨාචාරයෙන් එල්ල වු බලපෑම අති විශාල වන අතර වර්තමානයේ පවා රෝමානු ඉතිහාසය ලෝකය වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි.
ඇමරිකාවට අයත් පැරණි රාජ්‍ය
· ඇඩීනා |
· ඇස්ටෙක් |
· ඉන්කා |
· මායා |
· මිසිසිපියානු සංස්කෘතිය |
· ස්වදේශික ඇමරිකානුවන් |
· ඕල්මැක්වරු |
· පවර්ටිපොයින්ට් සංස්කෘතිය |
රෝම සමූහාණ්ඩුව
[සංස්කරණය]ගේයස් මේරියස්, රෝම හමුදාව ප්‍රතිසංස්කරණය කළ රෝම සේනාපතියෙක් සහ දේශපාලනඥයෙක්.
රෝම සමූහාණ්ඩුව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 509 දී පමණය. ලිවී වැනි පසුකාලීන ලේඛකයන් කියනා ලෙසට එය සිදු වී ඇත්තේ රෝමයේ රජවරු සත්දෙනාගෙන් අන්තිම රජු වූ ගෞරවනීය ටාකුන් රාජ්‍යත්වයෙන් පහ කර වාර්ෂිකව මහේස්ත්‍රාත්වරු පත් කර රැස්වීම් පවත්වා රට පාලනය ගෙන යන්නට වූ කාලයේ දීය. ප්‍රධානම මහේස්ත්‍රාත්වරුන් වූයේ තානාපතිවරු දෙදෙනාය. ඔවුන් අධිරාජ්‍යයේ විධායක අධිකාරිය හෝ හමුදා විධි විධාන දීම එක්ව කළහ. ඔවුන් සෙනෙට් සභාව සමඟ කටයුතු කළහ. සෙනෙට් සභාවේ සිටියේ බලයෙන් ඔද වැඩී ගිය වංශවතුන් හෝ උපදේශකයන් වූහ. සමූහාණ්ඩුවේ අනෙකුත් මහේස්ත්‍රාත්වරු හෝ උපදේශකයන් වූහ. සමූහාණ්ඩුවේ අනෙකුත් මහේස්ත්‍රාත්වරු වූයේ ප්‍රීටස්, ඊඩිලයිස් හා ක්විස්ටර්ය. මහේස්ත්‍රාත්වරු ඇත්තෙන්ම වංශවතුන්ට බාධාවක් වියග නමුත් පසුව සාමාන්‍ය ජනතාවට විවෘත විය. සමූහාණ්ඩු ඡන්ද විමසීමේ රැස්වීම්වලට සේනාධිනායක රැස්වීම් අන්තර්ගත විය. එමඟින් ඉතාම වැදගත් කාර්යාලවලට නිළධාරීන් තෝරා පත් කර ගන්නා ලදී. එසේම ගෝත්රික රැස්වීම්වලින් එතරම් නොවැදගත් කාර්යාල සඳහා නිළධාරීන් පත් කර ගන්නා ලදී. රෝම සංස්ථාපනයේ ගණුදෙණු සටහනේ පෙන්වා ඇත.
ක්‍රි.පූ.5 වන සියවසේ මුල් භාගයේ දී සිසල්පයින් ගෝල්හි දකුණු කොටසේ සිට එට්රුස්කන් ප්‍රදේශයට ගෝල් ජනතා පාලනයක් දැකිය හැක. සෙනොන්ස් ගෝත්‍රයේ බ්‍රිනස් ගෝල්වරුන්ට මුල් තැන දුන්හ. රෝමවරු රාජ දූතයින් තිදෙනෙක් ඔහු මුණගැසීමට යැවූහ. තවද ඔහුගේ යුධ බලය පිළිබඳ අදහස් තීන්දු කර ගත්හ. රැස්වීම හොඳින් නොව ප්‍රචණ්ඩ ලෙස කෙළවර විය. රෝමවරු තිදෙනාට දඬුවම් ලැබීමට සිදු විය. ඉන්පසු ගෝල්වරු පෙරටු කොට ගමන් කිරීම රෝමවරු විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ ක්‍රි.පූ. 387 ජුලිවලදීය. රෝමවරු ක්වින්ටස් සල්පිකස් යටතේ ගෝල්වරුන්ගේ ආගමනයට තහංචි පැනවූහ. එහි ප්‍රතිඵලය වූයේ අලියා නදිය අසල දී රෝමවරු නැවත පරාජයට පත් වීමයි. එය රෝමය මුහුණ පෑ පශ්චාත් නඟර පැහැරීමයි. කැපිටලින් කඳු දුර්ගය හරහා රෝමවරු නැවත පහර දුන් අතර පණ බේරා ගත්තේ කොල්ල කෑම් හා නඟරය ගිනි තැබීම් දෙස බලා සිටියහ. නගරයේ ගෝල්වරු රජ කිරීමට පටන් ගෙන මාස හතකට පසු රෝමවරු බ්රීනස් වෙත සාම කොන්දේසි රැගෙන ගියහ. බ්‍රිනස් රත්රන් රාත්තල් දහසක් ඔවුන්ට ණය ගෙවීමක් ලෙස ගෙවූහ. ගෝලවරු දෙවැනිවරට ද රෝමය අතහැර ගියහ. රෝමවරු ක්‍රම ක්‍රමයෙන් ඉට්රස්කන්ස් ඇතුළු ඉතාලි අර්ධවීපයට අයත් මිනිසුන් යටත් කර ගත්හ. රෝම අධිරාජ්‍යයට අවසාන වශයෙන් තර්ජන එල්ල වූයේ ක්‍රි.පූ. 281 දී එපිරස්ගේ පිර්හස් ආධාර සහිතව ප්‍රධාන ග්‍රීක ජනපදයක් වූ ටාරින්ටම්වලිනි. නමුත් එම උත්සාහය වාර්තා විය. රෝමවරු තම ජනපදවල ස්ථායී පාලනයක් ගෙන යාමෙන් තම ජයග්‍රහණ තහවුරු කර ගත්හ. ක්‍රි.පූ. 3 වන ශත වර්ෂ දී රෝමය විසින් මැසිඩෝනියාව හා සිලියුසික් අධිරාජ්‍යය පැරදවීමෙන් පසු මධ්‍යධරණී මුහුදේ අශ්‍රිතම මිනිසුන් කොටස බවට රෝමවරුන්ට පත් වීමට හැකි විය.
අභ්‍යන්තර ප්‍රශ්න ඇති වීමට විදේශීය බලපෑම් බලපෑවේය. පළාත්වල සිදු වූ අය කිරීම් මඟින් සෙනෙට්වරු ධනවත් වූහ. නමුත් බොහෝ විට කුඩා පරිමාණයේ ගොවීන් වූ යුධ භටයෝ නිවෙස්වලින් දිගු කාලවලට ඈත්ව විසූ අතර තම භූමි නඩත්තු කර ගත නොහැකි තත්වයට පත්ව සිටියෝය. විදේශීය වහල්ලුන් ගැන විශ්වාසය තබන්නට සිදු වූ අතර ලැටිෆුන්ඩියා හි වර්ධනය නිසා වැඩ සඳහා ගෙවීම් කටයුතු අඩු විය. යුද්ධයේ දී කොල්ල කෑ දෙයින් ලැබුණු ආදායම, නව ප්‍රදේශවල වෙළඳාම සහ බදු ක්‍රමයට ගොවිතැන් කිරීම යන දේවලින් නව ආර්ථික අවස්ථා හඳුන්වා දීමත් සමඟින් වෙළඳ හා අශ්වාරෝහක පන්තියක් බිහි විය. වෙළඳ කටයුතුවලට සම්බන්ධ වීමෙන් ඉවත් කරනු ලැබූ සෙනෙට් සභිකයන් වූ ලෙක්ස් ක්ලවුඩියා තහනම් සාමාජිකයින් හේතුවෙන් අසරුවන්ට සෙනෙට් සභාවට නිල වශයෙන් සම්බන්ධ වීමේ හැකියාව ලැබිණි. ඔවුන්ට දේශපාලන බලය නිසා සෑම විටම බාධා වූයේය. වැදගත් නඟර පිළිසකර කිරීම්වලට අවහිර බාධා පමුණුවමින් සහ අසරුවන්ට ආණ්ඩුවේ වැදගත් තැනක් ලබා නොදීමෙන් සෙනෙට් සභාව තුළ නිරන්තර දබර ඇති විය. සෙනෙට්වරුන් විසින් පාලනය කරන ලද රැකියා විරහිත නාගරික ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් තර්ජනවලින් ජනතාව බය ගැන්වූහ. ක්‍රි.පූ. 2වන සියවස වන විට තත්වය නරක අතට හැරුණි. එය සිදු වූයේ වංශවතුන් අල්ලා ගෙන තිබූ ඉඩම් නැවත සාමාන්‍ය ජනයා අතර බෙදා දීමට උත්සාහ ගත මහජන නායක දෙපළක් වන ග්‍රාඩි සොහොයුරන් යටතේය. පසුව ඔවුන් දෙදෙනා මරා දමන ලදී. නමුත් සෙනෙට්වරුන් එම දේපල සමහරක් මහජනතාවට හා අසරුවන්ට බෙදා දුන්හ. ඉතාලියේ එක්සත් නඟරවලට රෝම පුරවැසිභාවය ලබා නොදීම ක්‍රි.පූ. 91-88 සමාජ යුද්ධයට හේතු විය. හමුදා ප්‍රතිසංස්කරණ (ගැයස් මැරියස්ගේ) නිසා සොල්දාදුවන් තම සේනාපතිට නිතරම හිතවත් වූහ. එවන් බලවත් සේනාපතියකුට නඟරයට මෙන්ම සෙනෙට් මුදල් ද අඛණ්ඩව පවත්වා ගත හැකි විය. මෙය මේරියස් හා ඔහුගේ සංරක්ෂිත සුල්ලා අතර සිවිල් යුද්ධයට හේතු විය. ක්‍රි.පු. 81-79 දී සුල්ලාගේ ආඡාදායක පදවිය අග තැන් විය.
ක්‍රි.පූ. 1 වන සියවසේ මැද භාගයේ දී ජුලියස් සීසර්ළ පොම්පේ සහ ක්‍රෙසස් යන තුන් දෙනා විසින් සමූහාණ්ඩුව පාලනය කිරීමට රහස් ගිවිසුමක් පිහිටුවන ලදී. මෙය ප්‍රථම තුන් කොන් ආධිපත්‍යය වේ. සීසර් ගෝල් රාජ්‍යය යටතේ කර ගැනීමෙන් පසු ඔහුත් සෙනෙට් සභාවත් අතර ඇති වූ දුරස් වීමකින් සිවිල් යුද්ධය ඇරඹුණි. එහි දී සෙනෙට් හමුදාවේ පෙරමුණ ගත්තේ පොම්පේය. සීසර් ජයග්‍රාහකයෙකු මෙන්ම මිනිසුන්ට ආඥාදායකයකු විය. ක්‍රි.පූ. 44 දී සීසර්ගේ අහංකාරකමට අකමැති වූ සෙනෙට්වරු ඔහු මරා දැමීය. තවද ඔවුනට ව්යවස්ථායික ආණ්ඩුවක් යළි පිහිටුවීමේ අවශ්‍යතාවය ද ඊට හේතු විය. ඉන්පසු සීසර්ගේ ඊළඟ උරුමක්කායා වූ ඔක්ටවියන් ද ඔහුගේ සහකරුවන් ලෙස මාක් ඇන්තනී හා ලෙපිඩස් ද එක් වී දෙවන තුන්කොන් අධිපත්යය හිමි කර ගත්හ. කෙසේ වෙතත් මෙම සන්ධානය ඉක්මනින්ම, ප්‍රධානියා වීමට තරඟ කරන බල අරගලයක් බවට පත් විය. ලෙපිඩස් රටින් පිටුවහල් කරන ලදී. ක්‍රි.පු. 31 දී ඇක්ටියම් රණ බිමේ දී ඊජිප්තුවේ ක්ලියෝපැට්රා හා ඇන්තනී පරාද කළ ඔක්ටවියන් නිතරඟයෙන්ම රෝමයේ පාලකයා බවට පත් විය.
රාජ්‍ය පාලනය
[සංස්කරණය]අතීතයේ රෝමය රජ්ජුරුවන් විසින් පාලනය කරන ලදි. එම රජවරු තෝරාගනු ලැබුවේ රෝමයේ ප්‍රධාන ගෝත්‍ර විසිනි. එහිදී එම රාජ්‍යත්වය ගෝත්‍ර වලට මාරුවෙන් මාරුවට ලැබුණි. එහෙත් මෙහිදී රජතුමාගේ බලතල නිවැරදිව හඳුනාගෙන නොමැත. ඔහුට විධායක බලතල තිබීමට ද, නැතහොත් සෙනෙට් සභිකයෙකුගේ පමණ බලතල සහිතව කටයුතු කිරීමට ද සිදුවු බව සඳහන් වේ. එහෙත් යුධමය කටයුතු වලදී රජතුමාගේ බලතලවලට ප්‍රධාන තැනක් හිමිවුණි. එසේම රාජ්‍යය ආගමේ මුලිකයා වුයේ ද රජතුමාය. රජතුමාගේ බලතල වලට අමතරව පරිපාලනමය ඒකක තුනක් තිබිණි. රජතුමාගේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කළ සෙනෙට් සභාව, රජතුමා විසින් ඉදිරිපත් කරන නීති රෙගුලාසි සම්මත කර කොමිටියා කුරියාටා සභාව හා රජයේ පූජකතුමාලාගේ එකමුතුවක් වන කොමිටියා කලාටා සභාව එම ඒකක තුනයි. පන්ති කුල භේද හේතුවෙන් රෝමානු සමූහාණ්ඩුවේ රාජ්‍ය පාලකයා තෝරාගැනීමේ හැකියාව තිබුනේ ඉහළ තල හා පන්ති වලට අයත් පිරිසටය. එබැවින් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හා අනුබද්ධව ක්‍රියාත්මක වූ රාජ්‍ය පාලනයක් විය. ඉංග්‍රීසි භාෂාවෙන් සමූහාණ්ඩුවට භාවිතාවන රිපබ්ලික් නම් වචනය ලතින් භාෂාවේ රෙස්ට් පබ්ලිකා යන වචන දෙකේ එකතුවෙන් ඇති වූවකි. එම රෙස්ට් පබ්ලිකා යන වචනයේ තේරුම “පොදු ජනතාවගේ කටයුතු” යන්නයි. රෝමානු නීති සම්ප්‍රදායිකව සම්මත වන්නේ කොමිටියා ට්‍රිබියුටා නම් සමුහ රැස්වීම් ඡන්ද විමසීමෙනි. ඒ ආකාරයෙන් රාජ්‍ය තනතුරු සඳහා පත්වීමට නම් ප්‍රථමයෙන් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් පත්විය යුතුය. නමුදු රෝමානු සෙනෙට් සභාව පාලනය වුයේ ඉහල තල හා පන්ති වල ජනතාවගේ ඡන්දයෙනි. සමූහාණ්ඩුව තුළ සෙනෙට් සභාවට විශාල බලතල තිබු නමුත් ව්‍යවස්ථාදායක බලතල නොතිබිණි. එබැවින් එය පැවතියේ උපදේශක මණ්ඩලයක් ලෙසය. සෙනෙට් සභිකයෝ පෞද්ගලිකවම බලතල වලින් හෙබි බැවින් සෙනෙට් සභාවේ සාමුහික අදහස් වලට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතිනි. නව සෙනෙට් සභිකයන් පත්වන්නේ වඩාත් අත්දැකීම් බහුල හා තම සේවාවන් නිවැරදිව ඉටුකල පුද්ගලයන් අතරිනි. සෙන්සර්ස් නම් සෙනෙට් සභික කණ්ඩායම විසින් එය සිදු කරන ලදි. එසේම ඔවුන්ට වර්තමාන සෙනෙට් සභිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට ද බලතල තිබුණි. එසේ සිදු කෙරුණේ වර්තමාන සෙනෙට් සභිකයන්, දූෂණ හා වංචාමය ක්‍රියාදාමවල නිරතවන්නේ නම්ය. පසුකාලීනව සුල්ලා නම් අධිරාජ්‍යයා යටතේ ක්වස්ටර්ස් නම් සාමාජිකයන් ඡන්දයකින් තොරව ස්වාධීනව සෙනෙට් සභිකයන් ලෙස පත්කෙරිණි. එහෙත් එම අධිරාජ්‍යයාගේ සංශෝධන වැඩිකල් නොපැවතුනි.
පුරාණ රෝම සමාජය
[සංස්කරණය]පුරාණ රෝමය සංවර්ධනය වූ කේන්ද්‍ර ස්ථාන වුයේ රෝම ප්‍රසිද්ධ වෙළෙඳපළ වු අතර එය දෛනික රෝම ජීවිතයේ චක්‍රනාභියක් විය. පුරාණ රෝම සමාජය, කඳු හතක් මත පිහිටා තිබු රෝම නගරය සමග සම්බන්ධව තිබිණි. එහි ක්ලෝසියම්, ට්‍රාජන් වෙළෙඳ පොළ සහ පැන්තියනය වැනි ස්මරණීය ගොඩනැගිලි විශාල ගණනක් තිබිණි. සිය ගණන් වාරිමාර්ග පද්ධති මඟින්, ක්‍රීඩා මණ්ඩප, පුස්තකාල සහ සාප්පු සහිත සනීපාරක්ෂක සංකිර්ණ, වෙළෙඳ පොළවල් වලට නැවුම් පානීය ජලය බෙදා හැරුණු අතර ක්‍රමවත්ව සෑදු කාණු පද්ධති මගින් ඒවා ඉවතට ගෙනයාම සිදු විණි. පුරාණ රෝම පාලනය යටතේ ගෘහයන් නිර්මාණ ශිල්පය නවීන නිවෙස් වල සිට අති විශාල තනි නිවෙස් දක්වා ව්‍යාප්ත විය. රෝමයේ අග නගරයේ අධිරාජ්‍යවරුන්ගේ ගෘහ ඉදිවුණේ පැලටයින් කන්ද මතය. පැලස් නම් වචනය බිදී ආවේද පැලටයින් නම් වචනයෙනි. පහත් සහ මධ්‍යම පන්තිවල ජනයා වාසය කළේ නගරයේ මධ්‍යයේය. ඒ යුදෙවුවන් වසන ගෙවල් වැනි කුඩා වෙන්වු කාමරවලය.
මිලියනයක පමණ ජනගහනයක් සහිතව විශාලම නාගරික මධ්‍යස්ථානය වුයේ රෝම අධිරාජ්‍යයි. (19 වැනි ශතවර්ෂයේදී ලෝකයේ විශාලම නගරය වු ලන්ඩනයේ භූමි ප්‍රමාණයට සමාන ලෙස) එය උපරිම ලෙස මිලියන 14 ක් ද අවම ලෙස 450 000 ක් ද විය. කුර ගැටෙන හඩින් සහ රථවල රෝදවල හඩින් රෝම නගරය ඝෝෂාකාරී වන්නට වු අතර එය ඉසිලිය නොහැකි වු අතර ජුලියස් සීසර් රජ වරක් රථ ගමනාගමනය (දවල් කාලයේ) අත් හිටුවීමට යෝජනා කර ඇත. ඓතිහාසික ඇස්තමේන්තු ප්‍රකාශ කර සිටින්නේ පුරාණ රෝමයට අයත් ප්‍රදේශය යටතේ වු ජනගහනයෙන් 20% ක් නාගරික මධ්‍යස්ථාන වල දිවි ගෙවු බවයි. ඊට හමුදා භටයන් 10000 හෝ ඊට වැඩි ජනකායක් ද පන්සල් හා වෙනත් ගොඩනැගිලිද අයත් විය. ඒවා රෝමයේ මෙන් කුඩා පරිමාණයේ ඒවා විය.
සාමාජීය පන්ති සැකැස්ම
[සංස්කරණය]රෝමානු සමාජය තුළ පන්ති වලට බෙදුනු සාමාජීය සැකැස්මක් පවතී. එම සාමාජීය සැකැස්ම තුළ පහළින්ම සිටින්නේ වහල්ලුන්ය. ඔවුනට ඉහළින් නිදහස ලැබූ මිනිසුන්ය. ඔවුන්ට ඉහළින් නිදහස්ව ඉපදුණු මිනිසුන්ය. නිදහස්ව ඉපදුණු පුරවැසියන් නැවතත් පන්ති දෙකකට වෙන් කෙරිණි. එනම් ප්‍රභූ පැලැන්තීන්ට අයත් හා සාමාන්‍ය පවුල්වලට අයත් පුරවැසියන් වශයෙනි. පසුකාලීනව මෙම දේපාර්ශවීය බෙදීම වැදගත් කොට නොසැලකිණි. සාමාන්‍ය පුරවැසියන් ධනවත් වී දේශපාලනයට එක්වීමත්, ප්‍රභූ පැලැන්තියේ සමහරුන්ගේ ධනය අඩුවී යාමත් ඒ සඳහා හේතුවිය. පුරවැසියන් ඕනෑම කෙනෙකුගේ පවුලේ ඥාතියෙක් ඉහළ තනතුරු දරන්නේ නම්, එම පුරවැසියන් ද ප්‍රභූන් ලෙස සැලකීය. එසේම යම් පුද්ගලයකු ප්‍රභූ හෝ ඉහළ තනතුරු දරන්නෙකු බවට පත්වුවහොත් ඔහුගෙන් පසු එම පරම්පරාව ප්‍රභූන් ලෙස සැලකිණි. එවන් පුද්ගලයෙක් නෝවස් හෝමෝ, නැතහොත් නව මිනිසා ලෙස හැඳින්විය. එවැනි තත්ත්වයක දී වුවද අතීතයේ පටන් පැවත එන ප්‍රභූ වංශයන්ට, වැඩිපුර සමාජ පිළිගැනීමක් හිමිවිය. එසේම ඇතැම් ආගමික නායකත්ව තනතුරු, අතීතයේ සිට පැවත එන ප්‍රභූ වංශයන්ට අයත් පුරවැසියන්ට වෙන්කර තිබිණි.
ඉන්පසු ඇති වූ සමාජ පන්ති බෙදීම්වලට මුලික වූයේ ආරක්ෂක සේවාවන්හි නියුතු වීම හා ඒවායේ පැවති නිල තල දැරීමය. උදාහරණයක් ලෙස පුරවැසියන් දෙදෙනකු සංසන්දනය කරන විට ආරක්ෂක සේවයේ නිරත වූ පුද්ගලයාට ඉහළ සමාජ පිළිගැනීමක් හිමිවිය. එම සමාජ පන්තිවල සමාජිකත්වය තීරණය වුයේ තමන් සතු වත්කම් ප්‍රමාණය අනුවය. වැඩි වත්කම් දැරුවේ සෙනෙට් සභිකයන් අයිති පන්තීන් හි සාමාජිකයන් ය. ඔවුහු දේශපාලනයේ හා ආරක්ෂක අංශයන් හි ඉතා ඉහළ තනතුරු දැරූහ. ඔවුන්ට පහළ පන්තිය වුයේ එකොස්ට්‍රියන්ස් පන්තියයි. එම පන්තියට අයත් වුයේ ධනවත් වෙළෙඳ ව්‍යාපාරික පුරවැසියන් ය. ඔවුන්ටත් පහළ පිහිටි පන්තිය වුයේ කිසිදු ධනයක් නොමැති පුරවැසියන්ගේ පන්තියයි. මේරියස් නම් ප්‍රභූවරයාගේ සංශෝධන වලට ප්‍රථම එම අවසාන පන්තියේ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ කිසිඳු තනතුරක් දැරීමට නොහැකි විය. ඔවුන්ට සැලකුවේ වත්කම් හා සමාජ පිළිගැනීම අතින් නිදහස ලැබූ පුරවැසියන්ට මඳක් ඉහළ මට්ටමකිනි.
ඉපැරණි රෝමයේ ආර්ථිකය
[සංස්කරණය]ඉපැරණි රෝමය මිනිස් සහ ස්වභාවික සම්පත් අතිවිශාල ප්‍රමාණයකට හිමිකම් කී විශාල භූමි ප්‍රමාණයක බලය පවත්වා ගත් රාජ්‍යයකි. එබැවින් රෝමයේ ආර්ථිකය වෙළෙඳාම හා කෘෂිකර්මය මත පදනම් විය. කෘෂිකාර්මික නිදහස් වෙළෙඳාම ඉතාලියේ භූ දර්ශනයද වෙනස් කරනට සමත්විය. බුද්ධ වර්ෂ පළමු ශත වර්ශය වන විට ,විශාල මිදි සහ ඔලිව් වතුවල සේවයේ නිරත ගොවීන් තනතුරෙන් පහ කරන ලදී. ඒ ඔවුන්ට ආනයනය කරන ලද ධාන්‍ය මිලට සරිලන දේ නිපදවීමට නොහැකි වූ බැවිනි. ඊජීප්තුව, සිසිලියාව සහ උතුරු අප්‍රිකාවේ මුනිසියාව වැනි රටවල් යටත් කරගැනීමෙන් නිරන්තර ධාන්‍ය සැපයීම සිදුවුණි. එමෙන්ම ඔලිව් තෙල් සහ වයින් ඉතාලියේ ප්‍රධාන අපනයනයන් විය. ධාන්‍ය වටමාරුවක් භාවිතා කළද ගොවිපල වල ඵලදායීතාවය(හෙක්ටයාරයකට ටොන් 1ක් පමණ ) පහල මට්ටමක පැවතුණි.
කර්මාන්ත සහ නිෂ්පාදන ක්‍රියාකාරීත්වය ඉතා කුඩා විය. තරමක් හෝ මහ පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය වූයේ පතල් කර්මාන්තය සහ මැණික් ගල් කඩතොලු කිරීමයි.(ගල් මූලිකම ඉදිකිරීමේ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන ලදී ) නිෂ්පාදන ආසන්න ලෙස කුඩා ප්‍රමාණයක පැවතුණු අතර සාමන්‍යයෙන් කුඩා කඩ සහ කර්මාන්ත ශාලා වලින් සමන්විත විය. කෙසේ වෙතත් සමහර උළු ගඩොල් කර්මාන්ත ශාලා වල සියගණන් සේවකයින් රැකියාවේ නියුක්ත වූහ.
සමහර ආර්ථික ඉතිහාසඥයන් පැරණි රෝම අධිරාජ්‍යයේ ආර්ථිකය වෙළෙඳපොල මූලික කරගත් ආර්ථිකයක් බව තර්ක කළහ. එය වඩාත්ම දියුණු කෘෂිකාර්මික ආර්ථිකයකි. සියලුම වර්ගවල භාණ්ඩ, ඉඩම්,නැව් බඩු තොග සඳහා වෙළඳපොල පැවතුණි. තවද රක්ෂණ වෙළෙඳපොලක්ද පැවතුණි. පැරණි ජන රජයේ ආර්ථිකය විශාල වශයෙන් කුඩා ඉඩම් හා ගෙවන ශ්‍රමය මත පදනම් විය. කෙසේ වෙතත් විදේශීය යුද්ධ හා යටත් කිරීම්, වහල් වැඩ ලාභ වීමට හා අවශ්‍ය තරම් ලබාගැනීමට හේතුවූ අතර මෑත වනවිට ආර්ථික වශයෙන් විශාල ලෙස වහල් කම්කරුවන් (පුහුණු හා නොපුහුණු ක්‍රියාවන් දෙකම සඳහා) නීතිමය පසුබිම මත පදනම් වුණි. මේ කාලය තුළ කරන ලද ගණනය කිරීම් අනුව රෝම අධිරාජ්‍යයේ ජනගහනයෙන් 20% වහලුන් වු අතර, 40% රෝම නගරය තුළ විසුහ. රෝම අධිරාජ්‍යයේ පමණක් යටත් කිරීම් නතර වනවිට හා වහලුන්ගේ මිල ගණන් වැඩි වනවිට, වහලුන් කුලියට ගැනීම වඩා සකසුරුවම් සහිත විය.
අතීත රෝමානුවන්ගේ භාෂාව
[සංස්කරණය]රෝමනුවන්ගේ ජන්ම භාෂාව ලතින් භාෂාව හා ඉතාලි භාෂාව වේ. මෙම භාෂාවේ ව්‍යාකරණ එතරම් සංකීරණ ඒවා නොවේ.මෙහි අක්ෂර මාලාව සකස් වී ඇත්තේ Etruscan අක්ෂර මාලාව පදනම් කරගෙනය.එම අක්ෂර මාලාව පදනම් වී ඇත්තේ ග්‍රීක අක්ෂර මාලාව මතයි.කෙසේ වෙතත් ලතින් සාහිත්‍ය අලංකාර කර ගැනීමට හා පැවත්මට අලංකෘත සහිත දියුණු කෘත්‍රීම භාෂාවක් ක්‍රිස්තු පූර්ව පලමුවන සියවසයේ දී භාවිත කරන ලදී.රෝම අධිරාජ්‍යයේ ව්‍යවහාරික භාෂාව වූයේ Vulgar ලතින් ය.මෙම Vulgar ලතින් පැරණි ලතින්වලට වඩා සුවිශේෂී ලෙස වෙනස්ය.එහිදී භාෂා උච්ඡාරණය, ව්‍යාකරණ, මෙන්ම වචන මාලා ආදිය බොහෝ ලෙස වෙනස්ය.
රෝමයේ ප්‍රධාන ලිඛිත භාෂාව ලතින් භාෂාව වන අතර දැන උගත් බුද්ධිමත් ප්‍රභූ ජනයා ග්‍රීක භාෂාවෙන් කතා කළහ.සාහිත්‍යධරයෝ ලේඛන කලාවට ද ග්‍රීක භාෂාව භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට තිබූ බ්යිසැන්ටින් අධිරාජ්‍යයේ ලතින් භාෂාව භාවිත වූයේ නැති තරම්ය.නමුත් බයිසැන්ටින්හි (Byzantine) විසූ ජුස්ටිනියන් අධිරාජ්‍යයා මියයෑමෙන් පසු ග්‍රීක භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය.රෝම අධිරාජ්‍යයේ බලපෑමට ඒ අවට රාජ්‍ය නතු වනවිට ලතින් භාෂාව මුළු යුරෝපයේම ව්‍යාප්ත විය.මේ කාලයේ vulgar ලතින් උප භාෂාව වන විට රෝම භාෂාව සෑහෙන්න ප්‍රමාණයක් යුරෝපයේ ව්‍යාප්තව පැවතුණි.
ලතින් නෂ්ට වූ භාෂාවක් වුව ද භාෂාව හොඳින් හැසිරවිය හැකි ස්වල්පයක් දෙනා ඉන් ප්‍රයෝජන ගත්හ.ඔවුන් ඒ ඇසුරින් Ecclesiatical ලතින් භාෂාව නිර්මාණය කළහ.එය රෝමයේ වැනිස් නගරයේ ක්‍රිස්තියානි දේවස්ථානවල නිල භාෂාවයි.දැනටමත් බටහිර යුරෝපයේ භාවිතා වන Lingua Franca නමැති භාෂාවේ ලතින් භාෂාවේ ආභාෂය ඇතුළත්ව ඇත.මෙය ජාත්‍යන්තර භාෂාවකි.අවසානයේ 19 වැනි සියවසයේ දී ප්‍රංශ භාෂාව ද 20 වන සියවසයේ දී ඉංග්‍රීසි භාෂාව ද යුරෝපයේ ජනප්‍රිය භාෂා බවට පත් විය.ඉංග්‍රීසි භාෂාවේ එන වචන 80% ක් පමණ ඍජු හෝ වක්‍ර ආකාරයෙන් ලතින් භාෂාවෙන් දායාද වුණු වචන වේ.
ඓතිහාසික රෝම සංස්කෘතිය
[සංස්කරණය]ඓතිහාසික රෝම සංස්කෘතිය වසර 1,200ක් පැරණි එම ශිෂ්ටාචාරය පුරා විකාශනය වූවකි. මෙම යෙදුම මුල්කාලීන රෝම ජනරජයක් ද පසුව තම්බි‍්‍රයාව, මොරොක්කෝව සිට උතුරු අප‍්‍රිකාව හා ස්කොට්ලන්තය තෙක් කලාපයේ ද සංස්කෘතිය විදහා දක්වති.
ඓතිහාසික රෝමයේ ජීවිතය හැඩගැසුණේ රෝම නගරය, සුප‍්‍රසිද්ධ කඳු හත, එහි අතිවිශාල ස්මාරක (කොලෝසියම, ට්‍රොජන් විනිශ්චය සභාව, පැන්තියන් වැනි දේ වටාය. නගරයෙහි බොහෝ නාට්‍යාගාර, ක‍්‍රීඩාගාර සහ තැබෑරුම්, නානශාලා සහ ගණිකා මඩම් විය. රෝම පාලනය යටතේ පැවති භූමි ප‍්‍රදේශය පුරා නිවාසවල ගෘහ නිර්මාණ ශිල්පය වැසුණු නිවාසවල සිට ගම්බද විශාල නිවෙස් දක්වා පිහිටා තිබුණි. ජනගහණයෙන් වැඩි පිරිස වාසය කළේ නගරය තුළ පිහිටි නිවාස සංකීර්ණ තුළය.
එවක පැවති නගර අතුරින් රෝමය විශාලතම නගරය වූ අතර, ජනගහණය උපරිම වශයෙන් මිලියන 3.5ක් ද, අවම වශයෙන් 450,000ක් ද ලෙස ගණන් බලා ඇත. නගරය යකඩ කරත්ත රෝදවල ශබ්දය නිසා ඝෝෂාකාරී වූ අතර, ජූලියස් සීසර් වරක් රාත‍්‍රියට යකඩ කරත්ත ගමන් කිරීම තහනම් කළේය. රෝම අධිරාජ්‍යයේ පුරවැසියන්ගෙන් 20%කට අධික ප‍්‍රමාණයක් නගරබඳ ව විසූ බව ඓතිහාසිකව තහවුරු වී ඇත. ජනගහණය අවම වශයෙන් 10,000ක් ද, හමුදා භටයින් ද සහිතව එය අතිශයින් නාගරීකරණයට ලක් වී තිබේ. 1800 දී එංගලන්තයේ නාගරීකරණයට සමාන ප‍්‍රමාණයක්, එනම් 32% ක් පමණ නාගරීකරණයක් එවකට ඉතාලියේ පැවතුණි. බොහෝ නගරවල රෝමයේ දක්නට ලැබුණු අධිකරණ ශාලා හා ආගමික ස්ථානවල ස්වරූපයෙන්ම කුඩා ගොඩනැඟිලි පැවතුණි. නාගරික ජනගහණය වැඩිවීම නිසා, ආහාර ලබා ගැනීම, ප‍්‍රවාහනය, ගබඩා කිරීම හා බෙදා හැරීම නොනවතින මෙන්ම සංකීර්ණ ක‍්‍රියාවලියක් විය. ඉතාලි ගොවිපළවලින් එළවලූ හා පළතුරු ලබාගත් අතර, මාළු සහ මස් සුඛෝපභෝගී ආහාර විය. නාගරික ප‍්‍රදේශවල ජලය ගෙන ඒම සඳහා වාරි මාර්ග තනවන ලද අතර, හිස්පැනියාව, ගෝල් සහ අප‍්‍රිකාව යන ප‍්‍රදේශවලින් වයින් හා තෙල් ගෙන්වන ලදී.
රෝම අධිරාජ්‍යයේ පළාත් අතර ඉතා කාර්යක්ෂම ප‍්‍රවාහන සේවයක් පැවති හෙයින් ඒවා අතර විශාල වාණිජ ගනුදෙනු සිදුවිය. ප‍්‍රවාහනය හා තාත්ෂණය සඳහා වැය වූ වියදම 18 වන සියවසේ යුරෝපයේ වැය කළ වියදමට සමාන විය.
ග‍්‍රාමීයව ජීවත් වූ පිරිස 10,000කටත් අඩු විය. ඉඩම් හිමිකරුවන් සිය ඉඩම් කළමානාකරුවන්ට භාර දී නාගරිකව පදිංචි වූහ. ග‍්‍රාමීය වහලූන්ගේ තත්ත්වය, නාගරිකව නිවෙස්වල සේවය කළ වහලූන්ට වඩා අයහපත් විය. වඩා හොඳ නිෂ්පාදනයක් ලැබීමේ අරමුණින් ඉඩම් හිමියෝ වහලූන් නිදහස් කොට වැටුප් ගෙවූහ. සමහර වාර්තා අනුව, ‘එක් ඔලිව් ගසක් පවුල් 6කට අයිති වූ අතර, ඊජිප්තුවේ කුඩා ගොවිපළ කූඩාරමක වැසියෝ 42ක විසූහ'. මේ නිසා ඔවුන් නාගරික ප‍්‍රදේශවලට පැමිණිමට පටන් ගත් අතර, නාගරික ජනගහණය වැඩිවීම දෙවන සියවසේ මුල් භාගය තෙක්ම අඩු නොවීය.
ඉහළ පංතික පෞද්ගලික සංස්කෘතිය ලෙස ග‍්‍රීක සංස්කෘතියේ නැඟීම ක‍්‍රි:පූ: 2 වන සියවසේ මැද භාගයේ ආරම්භ විය. එසේ වුවත් සම්ප‍්‍රදායික සදාචාරවාදීන්ගේ ‘හෙලනික’ සංස්කෘතිය වෙනස් කිරීම කෙරෙහි බොහෝ විවේචන පැවතුණි. ඔගස්ටස්ගේ සමය වන විට, සංස්කෘතික හැදියාවක් සහිත ගෘහස්ත වහලූන්, තරුණයින්ට උගැන්වීමට පටන් ගත්හ (සමහර විටක ගැහැණු ළමයින්ට පවා කෝකියන්, අලංකරණ ශිල්පීන්, ලේකම්වරුන්, වෛද්‍යවරුන් හා කේශාලංකරණ ශිල්පීන් නැගෙනහිර ග‍්‍රීසියෙන් පැමිණුන හ). ග‍්‍රීක ප‍්‍රතිමා ගෘහස්ත උද්‍යාන තුළ ඉදි වූ අතර, රෝම ප‍්‍රතිමා ග‍්‍රීක වහලූන් අතින් ඉඳි විය. ්චසජසමි නම් ආහාර වට්ටෝරු පොත්, ග‍්‍රීක ඒවා විය. රෝම ලේඛකයින් ග‍්‍රීක විලාසිතාවට ලතින් හැසිර වූහ. නීතිය හා පරිපාලනය පමණක් ඉතාලි ස්වරූපය ගන්නා ලදී. නාගරික හා ග‍්‍රාමීය පසුතලය තුළ සිදු වූ මෙම මානුෂික පසුබිම මත ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත ශිෂ්ටාචාරය හැඩ ගැසුණි. එය අදට ද ඉතිරිව පවතින සංස්කෘතික උරුමයක් ඉතිරි කර ගොස් ඇත.
පුරාණ රෝම කලාව - සංගීතය හා සාහිත්‍ය
[සංස්කරණය]දැනට ඉතිරිව ඇති ඉපැරණි ගොඩනැගිලිවල, බිත්තිවල, වහලවල දැකිය හැකි රෝම බිතුසිතුවම් වල ග්‍රීක ආභාෂයක් දැකිය හැකිය. රෝම සාහිත්‍යයේ සඳහන්වන පරිදි එකල දැව සහ ඇත්දත් සිතුවම් නිර්මාණකරණයට භාවිතා කර ඇත. මෙවැනි නිර්මාණවලට උදාහරණ කීපයක් දැනට රෝමයේ පොම්පේහි ඉතිරිව ඇත. පළමුවන ශතවර්ෂයත් දෙවන ශතවර්ෂයත් අතර කාලයට අයත් මුල් යුගයේ රෝම නිර්මාණයන් පබළු සහ පාෂාණ උපයෝගී කොටගෙන නිමකොට ඇත. දෙවන ශතවර්ෂයේ මුල් යුගයේදී නිමවූ නිර්මාණවල ත්‍රිමාන ගති ලක්ෂණද දැකිය හැකිය.
මුලසිටම ලතින් සාහිත්‍යයේ වැදගත් ස්ථානයකක් ග්‍රීක ගත්කතුවරුන්ට හිමිවිය. රෝම රාජ්‍යයේ ව්‍යාප්තියත් සමගම සාහිත්‍යකරුවන් විවිධ ශෝකය, හාස්‍යය වැනි මාතෘකා යටතේ නිර්මාණ එළිදැක්විම වඩාත් කැපී පෙනිණි.
එකල ග්‍රීක ආභාෂයෙන් පණපෙවුන රෝම සාහිත්‍යය සාමාන්‍ය ජන ජීවිතයේ වඩාත් කැපීපෙනෙන අංගයක් විය. විවිධ අවස්ථාවන්වලදී රෝම හමුදාවන්ද ට්‍රම්පට්ටුව වැනි සංගීත භාණ්ඩ යොදාගෙන ඇති බවත් සඳහන් වේ. සමහර ඉතිහාසඥයන් පවසන ආකාරයට සාමාන්‍ය ජනතාව සහභාගී වූ විවිධ උත්සව අවස්ථාවන්වලදී සංගීතය වැදගත් අංගයක් විය.