චොම්සොංදේ
ඛණ්ඩාංක: 35°50′11″N 129°13′18.4″E / 35.83639°N 129.221778°E
චොම්සොංදේ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 첨성대 |
හන්ජා | 瞻星臺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Cheomseongdae |
මැකූන්–රයිෂවර් | Ch'ŏmsŏngdae |
චොම්සොංදේ යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ ග්යොංජුහි පිහිටි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයකි. චොම්සොංදේ යන්නෙහි අර්ථය කොරියානු බසින් තාරකා-නිරීක්ෂණ කුළුණ යන්නයි. ආසියාවේ ශේෂව පවත්නා පැරණිතම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ද චොම්සොංදේ ය.[1][2][3] එය ලෝකයේ පවත්වා නිරුපද්‍රිතව ඇති පැරණිතම තාරකා විදයා නිරීක්ෂණාගාරය වීමට ද ඉඩ ඇත.[4][5][6] මෙය ඉදි වූයේ ක්‍රි.ව. 7වන සියවසේ සිල්ලා රාජධානි යුගයේ ය. සිල්ලාවේ අගනුවර වූයේ සොරබොල් හෙවත් වර්තමාන ග්යොංජු ප්‍රදේශයයි. 1962 දෙසැම්බර් 20 දින චොම්සොංදේ නිරීක්ෂණාගාරය කොරියාවේ 31වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි.[7] වර්තමානයේ දක්නට නොලැබෙන, ඓතිහාසික මූලාශ්‍රයන්හි පමණක් හමුවන බෙක්ජේහි ජොම්සොංදේ ආදර්ශයට ගනිමින් චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිකොට ඇත. චොම්සොංදේහි ආභාසය ලබා 675දී ජපන් නිරීක්ෂණාගාරයක් සහ 723දී චීනයේ චෞ ආදිපාදවරයාගේ නිරීක්ෂණාගාරය ඉදි විය.[8]
දළ විශ්ලේෂණය
[සංස්කරණය]සම්ගුක් යුසා මූලාශ්‍රය අනුව, චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ (ක්‍රි.ව. 632-647) රාජ්‍ය සමයේ රාජධානියේ අගනුවර ආසන්නයේ ය. චොම්සොංදේ යන්නෙහි අර්ථය "තරාකා නිරීක්ෂණ මණ්ඩපය" යන්නයි. මෙම කුළුණ ඉදිකොට ඇත්තේ කපන ලද ග්‍රැනයිට් කුට්ටි 362ක් භාවතයට ගෙන ය. මේ නිසා ඇතැමුන් යෝජනා කරන්නේ එමගින් චන්ද්‍ර වර්ෂයේ අන්තර්ගත දින 362 නිරූපණය වන බවයි.[9] මෙහි සමචතුරස්‍රාකාර හැඩැති ව්‍යූහයක් මත පාෂාණ කුට්ටි වෘත්තාකාර ස්තර 27ක් ලෙස සකස් කොට ඇත. (ඇතැම්හු මෙය හා සම්බන්ධ කොට සොන්දොක් රැජින සිල්ලාවේ 27වන පාලකයා බවට වූ කරුණ හෝ තාරකා රාහියක් සම්බන්ධ මතයක් ගෙන හැර දක්වති) කවුළුවේ මට්ටමට පහළින් ස්තර 12ක් ඇති අතර, එයට ඉහළින් තවත් ස්තර 12ක් වේ. පාදමේ සමචතුරස්‍රයක ආකාරයට එක් පැත්තක ගල් කුට්ටි 3 බැගින් පිහිටන සේ සැකසූ විශාල අත්තිවාරම් ගල් 12කින් යුත් සමචතුරස්‍රාකාර ව්‍යූහයක් ඇත. මෙම ගල් කුට්ටි 12 මගින් වර්ෂයේ වූ මාස දොළහ නිරූපණය වනවා වන්නට හැක.
කුළුණෙහි පත්ළෙහි පළල මීටර 5.7කි. එය මීටර 9.4ක් උසැති ය. කවුළුව තෙක් අවකාශය පස්වලින් පුරවා ඇත. මෙහි ඉදිකිරීම් ශෛලිය ග්යොංජුහි බුන්හ්වංසා විහාරයේ ශෛලියට අනුරූප ය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
[සංස්කරණය]2009 වර්ෂයේ සුප්‍රකට කොරියානු නාට්‍යයක් වන ක්වීන් සොන්දොක් කතාමාලාව තුළ චොම්සොංදේ පිළිබඳ වේ. මෙම නාට්‍යයේ චොම්සොංදේ ඉදිවන්නේ සොන්දොක් රැජින කුමරියකව සිටි කාලයේ ය. මෙය කුමරිය ලෙස ඇගේ පළමු ආඥාව අනුව ඉදිවන්නකි. මෙය අනුව චොම්සොංදේ ඉදිවන්නේ තාරකා විද්‍යා දැනුම තනි පුද්ගලයකුගේ ග්‍රහණයෙන් (මිෂිල් ආර්යාවගේ) අවභාවිතයට පත්වීම වළක්වනු සඳහා සෑමදෙනාටම එම ඥානය බෙදාහැරීමේ අරමුණ ඇතිව ය. එසේ සිදු කිරීමෙන් ඇය විසින් මිෂිල් ආර්යාවගේ දිව්‍යමය අයිතිය ද අහෝසි කරයි. මෙය එකල සාමාන්‍ය දෙයක් නොවූ හෙයින් බොහෝ ගතානුගතික පුද්ගලයින් මීට සහාය දක්වන්නේ නැත. මේ නිසා කතාමාලාව අනුව චොම්සොංදේ විවෘත කිරීමට වංශවතුන් කිසිවකු සහභාගී වන්නේ නැත.
ගැලරිය
[සංස්කරණය]-
වැසිබර දසුනක්
-
රාත්‍රී දසුනක්
සටහන්
[සංස්කරණය]- ^ Storey, Glenn. Urbanism in the Preindustrial World: Cross-Cultural Approaches (ඉංග්‍රීසි බසින්). University of Alabama Press. p. 201. ISBN 9780817352462. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Dicati, Renato. Stamping Through Astronomy (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 30. ISBN 9788847028296. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Bernardi, Gabriella. The Unforgotten Sisters: Female Astronomers and Scientists before Caroline Herschel (ඉංග්‍රීසි බසින්). Springer. p. 40. ISBN 9783319261270. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Kelley, David H.; Milone, Eugene F. Exploring Ancient Skies: A Survey of Ancient and Cultural Astronomy (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 79. ISBN 9781441976246. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Pak, Ch?ang-b?m. Astronomy: Traditional Korean Science (ඉංග්‍රීසි බසින්). Ewha Womans University Press. p. 63. ISBN 9788973007790. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Selin, Helaine. Encyclopaedia of the History of Science, Technology, and Medicine in Non-Westen Cultures (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 503. ISBN 9789401714167. සම්ප්‍රවේශය 16 November 2016.
- ^ Indiana University Resources [1] සංරක්ෂණය කළ පිටපත 2007-07-06 at the Wayback Machine. Retrieved February 13th, 2006.
- ^ Park, Changbom. Astronomy: Traditional Korean Science (ඉංග්‍රීසි බසින්). Ewha Womans University Press. p. 65. ISBN 9788973007790. සම්ප්‍රවේශය 24 March 2017.
- ^ සොං (1983, පි.17) පවසන්නේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක හොං සා-ජුන් විසින් සිදුකරන ලද 1962 මුල් සමීක්ෂණය අනුව ගල් කුට්ටි 366ක් හමුවූ බවයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Jeon, Sang-woon. (1998). A history of science in Korea. Seoul:Jimoondang. ISBN 89-88095-11-1
- Nha, Il-seong. Silla's Cheomseongdae. (2001) Korea Journal 41(4), 269-281 (2001)
- Song, Sang-Yong. A brief history of the study of the Ch'ŏmsŏng-dae in Kyongju; Korea Journal 23(8), 16-21 (1983)