ගංගා
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ගඟ හෙවත් ඔය යනු තවත් ගඟ/ඔය කට, විලකට හෝ සාගරයට ගලාබසින විශාල ස්‍වභාවික ජල ධාරාවකි.
ගංගාවක් නිර්මාණය වීම
[සංස්කරණය]ගංඟාවක් ආරම්භය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථිරවම ප්‍රකාශ කළ නොහැක. මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාල ජල කඳකි. මිට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි. එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ.
දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි. එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.
කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්(Glaciers)හෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.
මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය. නොගැඹුරැය. ජලය ගලන්නේද සෙමිනි. එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි. එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ. ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පතුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.
අමතර අවධානයට
[සංස්කරණය]- Arts, entertainment, and media
- "Old Man River"
- The Riverkeepers (book)
- General
- Crossings
- Habitats
- Lists
- Transport
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය] Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Jeffrey W. Jacobs. "Rivers, Major World – dam, sea, effects, important, largest, salt, types, system, source". Water Encyclopaedia. http://www.waterencyclopedia.com/Re-St/Rivers-Major-World.html.
- Luna B. Leopold (1994). A View of the River. Harvard University Press. ISBN 978-0-674-93732-1. OCLC 28889034. – a non-technical primer on the geomorphology and hydraulics of water.
- Middleton, Nick (2012). Rivers: a very short introduction. New York: Oxford University Press. ISBN 978-0-19-958867-1.