ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න
ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න Alfred Edirimanne | |
---|---|
උපත | ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න 25 මාර්තු 1929 |
මියගිය දිනය | 27 November 2000 | (වයස 71)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | ලෝරන්ස් විද්‍යාලය, මර්දාන ශ්‍රී ලංකා විද්‍යාලය, මර්දාන |
රැකියාව | නළුවෙක්, සිනමා ලෝලියෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්, දේශපාලනඥයෙක් |
සක්‍රීය වසර | 1952–1990 |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
කලත්‍රයා(යන්) | සුමනා ලියනගේ වැහිහේන (m. 1966) |
දරුවන් | 4 |
දෙමව්පියන් |
|
ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න (උපත 1929 මාර්තු 25 - විපත 2000 නොවැම්බර් 27), ශ්‍රී ලාංකේය සිනමාවෙහි නළුවෙක් මෙන්ම චිත්‍රපට ලෝලියෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය.[1] ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ ප්‍රධාන පුරෝගාමියෙකු වූ අතර ඉන්දියානු චිත්‍රපට විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයෙකු ද විය.[2]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]එදිරිමාන්න 1929 මාර්තු 25 වැනිදා නුගේගොඩ කොස්වත්තේදී සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා ජෝකින් එදිරිමාන්න ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව ගාල්ලේ උපන් කැරොලයින් එදිරිමාන්නයි. ඔහු මරදාන ලෝරන්ස් විද්‍යාලයෙන් සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.[3]
පාසල් කාලයෙන් පසු ඔහු රජයේ ලිපිකරු තනතුරට බැඳුණි. ඔහු වරාය කොමිෂන් සභාවේ රාජ්‍ය සේවයේ ද සේවය කළේය.[3][2]
එදිරිමාන්න විවාහ වී සිටියේ හෙදියක් වූ සුමනා ලියනගේ වැහිහේන සමඟය.[2] එදිරිමාන්නට අසාධ්‍ය අසනීපයක් ඇති වූ විට ඔහුට කොළඹ අක්ෂි රෝහලේදී ඇය මුණගැසුණු අතර සුමනා ශිෂ්‍ය හෙදියක් ලෙස හෙද විභාගයකට පෙනී සිටීමට අක්ෂි රෝහලට පැමිණියාය. හෙදිය සමඟ සමීප සබඳතාවක් ආරම්භ කළ ඔහුට සුව වන තෙක් රෝහලේ දින 21ක් බලා සිටීමට සිදු විය. එදිරිමාන්න සනීප වූ විට ඉස්පිරිතාලෙට ගොස් සුමනා හමුවී කසාද බඳින්න අවශ්‍ය බව පවසා ඇත. නමුත් හෙද නීතියට අනුව හෙද සේවයට යන කිසිම හෙදියකට අවුරුදු 6ක් යනකල් විවාහ විය නොහැක. වසර 7කට පසු කොළඹ අක්ෂි රෝහලේ ප්‍රධාන මාණ්ඩලික හෙදිය බවට පත් වූ සුමනා, ඇල්ෆ්‍රඩ් සමග විවාහ වූයේ 1966 මාර්තු 31 වැනිදාය. සුමනා ඇල්පිටිය නාවත්ගල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය බිම්බා යශෝධරී රාජිකා වන අතර දෙවැනි පුතා චින්තක දේවින්ද චන්දිම වේ. මීළඟ දියණිය ගයත්‍රි ප්‍රජාපති පූර්ණා වන අතර බාල පුත්‍රයා ලක්විජය හරීන්ද්‍ර වංශනාථය.[3]
කෙටි අසනීපයකින් පසු ඔහු කිහිලිකරු ආධාරයෙන් ඇවිද ගියේය. එදිරිමාන්න 2000 නොවැම්බර් 27 වන දින වයස අවුරුදු 71 දී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
[සංස්කරණය]ඔහු මුලින්ම රඟපෑවේ සිරිසේන විමලවීර ලියූ ගුවන් විදුලි රඟමඬල නම් වූ ගුවන් විදුලි නාට්‍යවලය. ඉන්පසු ‘‘කුරුළු බැද්ද’’, ‘‘ලන්දේසි දූපත’’, ‘‘වජිරා’’, ‘‘මොනරතැන්න’’, ‘‘යකාගේ වංගුව’’, ‘‘ඇස් දෙක’’, ‘‘සුගන්ධිකා’’, ගජමුතු සහ සඳගලතැන්න වැනි ගුවන්විදුලි නාට්‍යවලට ඔහු හඬ කැවීම් කළා. ඉන්පසුව ටී.බී. ඉලංගරත්න නිෂ්පාදනය කරන ලද "හඳහන" වේදිකා නාට්‍යයට තෝරා ගත් අතර අනතුරුව 1953 වසරේ ඉලංගරත්න විසින් රචනා කරන ලද ‘‘මන්ත‍්‍රී හාමුදුරුවෝ’’ හි 'වැඩිහිටි මුදලිවරයකු' ලෙස රඟපාන්නට ඔහුට අවස්ථාව ලැබුණි.[3]
වරාය කොමිෂන් සභාවේ රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වීම නිසා එදිරිමාන්නට ‘‘රදල පිළිරුව’’ චිත්‍රපටයේ රඟපාන්නට තිබූ අවස්ථාව අහිමි විය. ඉන්පසුව ඔහු "දුප්පතාගේ දුක" චිත්‍රපටයේ "කතෝලික පියෙකු" ලෙස රඟපෑමට තෝරා ගන්නා ලදී. මේ කාලයේදී ඔහු “වෙස්සන්තර” කෙටි චිත්‍රපටයේ රඟපෑවා.[2] 1954 දී පී වැලිකල නිෂ්පාදනය කළ "කුළු හරක්" වේදිකා නාට්‍යයේ මෙන්ම "කලාගෝල", "සිවම්මා ධනපාල" වැනි තවත් නාට්‍ය කිහිපයකම ඔහු රංගනයෙන් දායක විය. ඔය අතරේ ඔහු “හඳපාන” වේදිකා නාට්‍යයෙන් නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙසින් මතු වෙනවා. ඔහු සිනමා ජීවිතය ආරම්භ කළේ 1957 වසරේ තිරගත වූ ‘සූරයා’ චිත්‍රපටයේ “සරත්” ගේ ප්‍රධාන චරිතයෙන්.[4] පේ‍්‍රක්ෂකාගාරය පිළිකුල් කළ ‘‘නාලංගනා’’ චිත‍්‍රපටයේ ‘‘විකී’’ සමාජයේ හිමිකරුවා ලෙස දුෂ්ඨ හැසිරීමක රඟපාන තුරුම රසිකයෝ මේ සිනමාපටයේ චරිතයට ආදරය කළහ.[3]
ඉතා ලාබාල වියේදීම ඔහුට මහළු පියෙකුගේ හෝ වියපත් පියෙකුගේ චරිතයක් ලැබුණේ ඔහු ගුවන්විදුලි නාට්‍යවල පැරැණි චරිත රඟපෑ නිසා වීම විශේෂත්වයකි. මේ පැරැණි චරිත සියල්ල ආවේ 1963 වසරේ ‘උඩරට මැණිකේ’ චිත්‍රපටයේ එදිරිමාන්න “ඩිංගිරි අප්පු” ගේ චරිතයෙන් පසුවයි. ඔහු අදට වැඩිය හෙට හොදයි, ලා දළු, මහ රෑ හමු වූ ස්ත්‍රිය, සීගිරි කාශ්‍යප, ආත්ම පූජා, පිපෙන කුමුදු, සිංගප්පූරු චාලි සහ ලොකුම හිනාව ඇතුළු වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිපයකම රඟපෑවා.[2] එදිරිමාන්න "රන්මසු උයන", "කබලෙන් ලිපට" සහ "නවෝදයේ අරුණළු" වැනි මුල්කාලීන රූපවාහිනී කතාමාලා කිහිපයකටද දායක විය.[3]
රංගනයෙන් ඔබ්බට
[සංස්කරණය]එදිරිමාන්න උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් විය. 1989 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෝට්ටේ මහ නගර සභාවට තරග කළත් පක්ෂයෙන් තරග කළත් පරාජයට පත්වුණා. 1966 මුල් භාගයේ පිහිටුවන ලද දේශීය චිත්‍රපට නළු සංගමයේ ගාමිණී ෆොන්සේකා ප්‍රධානියා ලෙස කටයුතු කරන විට ඔහු නියෝජ්‍ය ලේකම්වරයා විය. 1970 ගණන්වල ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ රැස්වීම් සිය ගණනක කතා කළේ සිංහල සිනමාව ඉන්දියානු චිත්‍රපට රැල්ලෙන් මුදා ගැනීමටය. 1972 දී ඔහුගේ උත්සාහය යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන ලදී.[3][2]
චිත්‍රපටකරණය
[සංස්කරණය]නළුවෙක් ලෙස
[සංස්කරණය]Year | Film | Role | Ref. |
---|---|---|---|
1957 | සූරයා | සරත් | |
1958 | දෙයියන්ගේ රටේ | ||
1960 | නලගන | විකී | [5] |
1960 | වන මල | ||
1960 | වීර විජය | ||
1963 | අදට වැඩිය හෙට හොදයි | ඇල්ෆ්‍රඩ් | [6] |
1963 | උඩරට මැණිකේ | ඩිංගිරි අප්පු | |
1965 | ලා දලු | ||
1966 | මහ රෑ හමු වූ ස්ත්‍රිය | විල්බට් | [7] |
1967 | පිපෙන කුමුදු | ||
1970 | ආත්ම පූජා | ||
1972 | සිංගප්පූරු චාලි | ||
1972 | හතර වටේ | ||
1972 | ලොකුම හිනාව | සාරි මුදලාලි | |
1978 | විශ්මය | දියෝනිස් 'රාල' | |
1979 | එක හිත | ||
1982 | ප්‍රදීපා | ||
1988 | දුර්ගා | ||
1990 | ජය ශක්ති |
References
[සංස්කරණය]- ^ "Actors of Sinhala cinema - Alfred Edirimanne". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 March 2020.
- ^ a b c d e f "Alfred Edirimanne: Man of many parts". Daily Mirror. සම්ප්‍රවේශය 3 March 2020.
- ^ a b c d e f g "Alfred Edirimanne, the cinema champion". Sarasaviya. සම්ප්‍රවේශය 3 March 2020.
- ^ "Alfred Edirimanne: Man of many parts". Daily Mirror. සම්ප්‍රවේශය 3 March 2020.
- ^ "All about the film "Nalangana"". sarasaviya. සම්ප්‍රවේශය 2021-01-22.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "All about the film "Adata Wadiya Heta Hondai"". sarasaviya. සම්ප්‍රවේශය 2021-01-12.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "All about "Maha Ra Hamuwu Sthriya"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-10.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help)
External links
[සංස්කරණය]- සිනමාවට නැඟුණු නව කතාව සංරක්ෂණය කළ පිටපත 2021-12-31 at the Wayback Machine