Jump to content

ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය

විකිපීඩියා වෙතින්
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
Αντικύθηρα
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – ඉදිරිපස සහ පසුපස); යාන්ත්‍රණයෙහි ශාලතම ගියරය දිස්වන අතර එය දළ වශයෙන් 13 සෙන්ටිමීටර (5.1 in) පමණ විශ්කම්භයකින් යුතු වෙයි.
ලේඛනයපුරාතන ග්‍රීසිය
යුගය/සංස්කෘතියහෙලනිස්තික
සොයාගනු ලැබූයේ1901
ඇන්ටිකිතෙරා, ග්‍රීසිය
වර්තමාන පිහිටුමජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, ඇතන්ස්
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – ඉදිරිපස)
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – පසුපස)

ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය යනු, පුරාතන ඇනලොග් පරිගණකයක්[1][2][3][4] වන අතර, දින දර්ශනමය සහ ජ්‍යෝතිෂමය කටයුතු සඳහා තාරකා විද්‍යාත්මක ස්ථාන සහ ග්‍රහණ පිළිබඳව [5][6][7]මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උත්සව හා බැඳි පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවයන්හී කාලක්‍රමය පිළිබඳවද [8]පුරෝකථනයන් සිදු කිරීමට සැලසුම් කර තිබුණි.

340 මිමී × 180 මිමී × 90 මිමී ලී පෙට්ටියක බහා ලා තිබූ මෙම උපකරණය, ඇමිණුනු පිත්තල ගියර අවම වශයෙන් 30 ක් වෙතින් සමන්විත වී තිබුණු ඔරලෝසුවක් වැනි යන්ත්‍රයක් ලෙසින් ක්‍රියාකරන සංකීර්ණ යාන්ත්‍රණයක් විය. සොයාගන්නා විට, එහි ශේෂයන් එක ගොන්නක් ලෙසින් පැවති අතර, පසුව කොටස් තුනකට වෙන් කරන ලදුව, සංරක්ෂණ කටයුතු වලින් පසුව, වර්තමානයෙහි විභින්න කොටස් 82 කට බෙදා ඇත. මෙම කොටස් අතුරින් සතරක් තුල ගියර දක්නට ලැබෙන අතර, අනෙක් බොහෝ ඒවායේ කොටන ලද අක්ෂර හා සංකේත දක්නට ඇත.[9][10] විශාලතම ගියරය (දකුණු පසින් දක්වා ඇති A කොටසෙහි පැහැදිලිව පෙනෙයි), දළ වශයෙන් 140 මිමී පමණ විෂ්කම්භයකින් යුතු වන අතර මුලින්ම එහි දැති 223 තිබී ඇත.

මෙම මානවකෘතිය බොහෝ විට 1901 ජූලි මාසයේදී[11] ඇන්ටිකිතෙරා නම් ග්‍රීක දිවයින අසබඩ මුහුදේදී සොයාගත් ඇන්ටිකිතෙරා බුන් නැව් බඩු වෙතින් ඉස්මතු වන්නට ඇත.[12] ග්‍රීක විද්‍යාඥයින් විසින් සැලසුම් කොට තැනූවක් ලෙසින් සිතන මෙය, ක්‍රිපූ 150 සිට 100 අතරතුර කාල සීමාවක් වෙත හෝ,[5] වඩා මෑත මතයකට අනුව ක්‍රිපූ 205 වෙත හෝ කාල නිර්ණය කර තිබුණි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම් රිසර්ච් ප්‍රොජෙක්ට්". ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය පර්යේෂණ ව්‍යාපෘතිය. සම්ප්‍රවේශය 1 ජූලි 2007. The Antikythera Mechanism is now understood to be dedicated to astronomical phenomena and operates as a complex mechanical 'computer' which tracks the cycles of the Solar System." "ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය පිළිබඳව දැනට තේරුම් ගෙන සිටින පරිදී, එය තාරකා විද්‍යාත්මක සිද්ධීන් සඳහා වෙන්කර තිබූ යන්ත්‍රයක් වන අතර, සෞර ග්‍රහ මණ්ඩලයෙහි කාලක්‍රමයන් පිළිබඳ මග පෙන්වන සංකීර්ණ යාන්ත්‍රික 'පරිගණකයක්' ලෙසින් ක්‍රියා කරයි.
  2. ^ සීමන්, බිල්; රොසෙලර්, ඔටෝ ඊ. (1 ජනවාරි 2011). නියෝෂෙන්ෂන්ස්: ද බෙනෙවලන්ස් එන්ජින්. ඉන්ටලෙක්ට් බුක්ස්. p. 111. ISBN 978-1-84150-404-9. සම්ප්‍රවේශය 28 මැයි 2013. Mike G. Edmunds and colleagues used imaging and high-resolution X-ray tomography to study fragments of the Antikythera Mechanism, a bronze mechanical analog computer thought to calculate astronomical positions" "තාරකා විද්‍යාත්මක පිහිටීම් ගණනය කිරීමට භාවිතා කළේ යැයි සිතන පිත්තල යාන්ත්‍රික ඇනලොග් පරිගණකයක් වන ඇන්ටිකිතෙරා යාන්ත්‍රණයෙහි ශේෂයන් අධ්‍යයනය කිරීමට, මයික් ජී. එඩ්මන්ඩ්ස් සහ සගයන් විසින්, මූර්තනය සහ අධි-විසර්ජන X-කිරණ ස්ථර රේඛය භාවිතා කළහ
  3. ^ ස්වෙඩින්, එරික් ජී.; ෆෙරෝ, ඩේවිඩ් එල්. (24 ඔක්තොම්බර් 2007). කම්පියුටර්ස්: ද ලයිෆ් ස්ටෝරි ඔෆ් අ ටෙක්නොලජි. ජේඑච්යූ ප්‍රෙස්. p. 1. ISBN 978-0-8018-8774-1. සම්ප්‍රවේශය 28 මැයි 2013. It was a mechanical computer for calculating lunar, solar, and stellar calendars." "එය වනාහී, චන්ද්‍ර, සූර්ය සහ තාරකාමය දින දසුන් ගණනය කිරීම සඳහා වූ යාන්ත්‍රික පරිගණකයක් විය.
  4. ^ පැෆයිටිස්, නිකොලස් (30 නොවැම්බර් 2006). "එක්ස්පර්ට්ස්: ෆ්රැග්මන්ට්ස් ඇන් ඒන්ෂන්ට් කම්පියුටර්". Washington Post. http://www.washingtonpost.com/wp-dyn/content/article/2006/11/30/AR2006113001303.html. ""Imagine tossing a top-notch laptop into the sea, leaving scientists from a foreign culture to scratch their heads over its corroded remains centuries later. A Roman shipmaster inadvertently did something just like it 2,000 years ago off southern Greece, experts said late Thursday." "සියවස් ගණනකට පසු විදේශීය සංස්කෘතියක විද්‍යාඥයින් විසින් එහි මලකෑ ශේෂයන් පිරික්සමින් හිස කැසීමට ඉඩ සලසමින් ඉස්තරම් ගණයේ ලැප් ටොප් පරිගණයක් මුහුදට විසි කිරීමක් සිතෙහි මවා ගන්න. වසර 2,000 කට පෙර දකුණු ග්‍රීසිය අසබඩ මුහුදේදී රෝමානු නැව් කප්පිත්තෙකු විසින් නොසැලකිලිමත් කම නිසා සිදු කර ඇත්තේද එයම බව පසුගිය බ්‍රහස්පතින්දා විශේෂඥයෝ ප්‍රකාශ කළහ."" 
  5. ^ a b ෆ්‍රීත්, ටෝනි; බිට්සාකිස්, යානිස්; මවුසස්, සෙනෆන්; සියරාඩාකිස්, ජෝන්. එච්.; සෙලයිකස්, ඒ.; මෙන්ගූ, එච්.; සේෆියරෝපුලූ, එම්.; හැඩ්ලන්ඩ්, ආර්.; et al. (30 නොවැම්බර් 2006). "ඩිකෝඩිං දි ඒන්ෂන්ට් ග්‍රීක් ඇස්ට්‍රොනමිකල් කැල්කියුලේටර් නෝන් ඈස් දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම්" (PDF). නේචර්. 444 සප්ලිමන්ට් (7119): 587–91. Bibcode:2006Natur.444..587F. doi:10.1038/nature05357. PMID 17136087. සම්ප්‍රවේශය 20 මැයි 2014.
  6. ^ ෆ්‍රීත්, ටෝනි; ජෝන්ස්, ඇලෙක්සැන්ඩර් (2012). "ද කොස්මොස් ඉන් දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම්". ඉන්ස්ටියුට් ෆෝ ද ස්ටඩි ඔෆ් දි ඒන්ෂන්ට් වර්ල්ඩ්. සම්ප්‍රවේශය 19 මැයි 2014. {{cite journal}}: Cite journal requires |journal= (help)
  7. ^ පීනොසස්, ඒ. ඩී. (30 අගෝස්තු 2007). "දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම්: හූ වෝස් ඉට්ස් ක්‍රියේටර් ඇන්ඩ් වට් වෝස් ඉට්ස් යූස් ඇන්ඩ් පර්පස්?". ඇස්ට්‍රොනමිකල් ඇන්ඩ් ඇස්ට්‍රොෆිසිකල් ට්‍රාන්සැක්ෂන්ස්. 26: 211–226. Bibcode:2007A&AT...26..211P. doi:10.1080/10556790601136925. සම්ප්‍රවේශය 9 ජනවාරි 2015.
  8. ^ ෆ්‍රීත්, ටෝනි; ජෝන්ස්, ඇලෙක්සැන්ඩර්; ස්ටීල්, ජෝන් එම්.; බිට්සාකිස්, යානිස් (31 ජූලි 2008). "කැලෙන්ඩර්ස් විත් ඔලිම්පියාඩ් ඩිස්ප්ලේ ඇන්ඩ් ඉක්ලිප්ස් ප්‍රඩික්ෂන් ඔන් දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම්". නේචර්. 454 (7204): 614–617. Bibcode:2008Natur.454..614F. doi:10.1038/nature07130. PMID 18668103.
  9. ^ "ඩිකොඩිං දි ඇන්ටිකිතෙරා මිකැනිස්ම් - ඉන්වෙස්ටිගේෂන් ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඇස්ට්‍රොනොමිකල් කැල්කියුලේටර්". Bibliotecapleyades.net. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2012.
  10. ^ Vetenskapens värld: Bronsklumpen som kan förutsäga framtiden. SVT. 17 ඔක්තොම්බර් 2012. වේබැක් මැශින් මගින් Archived 20 ඔක්තෝබර් 2012
  11. ^ "හිස්ට්‍රි | දි ඇන්ටිකිතෙරා මිකැනිසම් රිසර්ච් ප්‍රොජෙක්ට්". www.antikythera-mechanism.gr. සම්ප්‍රවේශය 2016-05-02.
  12. ^ ප්‍රයිස්, ඩෙරික් ඩි සොල්ලා (1974). "ගියර්ස් ෆ්‍රොම් ද ග්‍රීක්ස්. දි ඇන්ටිකිතෙරා මිකැනිසම්: අ කැලෙන්ඩර් කම්පියුටර් ෆ්‍රොම් සර්කර් 80 බී. සී". ට්‍රාන්සැක්ෂන්ස් ඔෆ් දි ඇමරිකන් ෆිලෝසොෆිකල් සොසයිටි, නිව් සීරීස්. 64 (7): 1–70. doi:10.2307/1006146.