ක්‍රමලේඛන භාෂාව

විකිපීඩියා වෙතින්
(Programming language වෙතින් යළි-යොමු කරන ලදි)

ක්‍රමලේඛන භාෂාව යනු විශේෂයෙන් පරිගණකය වැනි යන්ත්‍රයක හැසිරීම පාලනය කිරීමට යොදා ගනු ලබන කෘත්‍රිම භාෂාවකි. ක්‍රමලේඛන භාෂාව පිළිවෙලින් ඒවායේ ව්‍යුහය හා අර්ථය විස්තර කරන ව්‍යාකරණ හා අර්ථ විචාර හා රීති මගින් අර්ථකථනය කෙරෙයි. බහුතර ක්‍රමලේඛන භ‍ාෂාවලට ඒවායේ ව්‍යාකරණ හා අර්ථ විචාරවල විශේෂ ලි‍වීමේ ආකාර ඇත. සමහර ඒවා නිලවශයෙන් ක්‍රියාවට නැංවීමක් මගින් පමණක් අර්ථ දක්වයි.

ක්‍රමලේඛන භාෂාව භාවිතා කරනුයේ තොරතුරු සංවිධානය හා මෙහෙයවීම යන කටයුත්තට පහසුකම් සැලසීමට මෙන්ම, අතිශයින් නිරවද්‍ය ලෙස ඇල්ගෝරිතම ප්‍රකාශ කිරීමටය. ඇතැම් ක්‍රමලේකයන් පවතින සියලු ඇල්ගෝරිතම් ප්‍රකාශ කළ හැකි භාෂා බවට ක්‍රමලේඛන භාෂා සීමා කරයි. සමහර විට‍ “පරිගණක භාෂාව” යන වදන වඩාත් සීමාසහිත කෘත්‍රීම භාෂා සදහා භාවිතා කරයි.

දහස් ගණන් වෙනස් ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර තිබෙන අතර නව භාෂා සෑම වසරකම නිර්මාණය කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රමලේඛන_භාෂාව&oldid=471235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි