Jump to content

ගම්‍යතාවය

විකිපීඩියා වෙතින්
(Momentum වෙතින් යළි-යොමු කරන ලදි)
ගම්‍යතාවය
A pool break-off shot
එක්තැනි රිටි බෝලයක ගම්‍යතාවය ගැටුමෙන් පසුව සහල්ල බෝල වලට මාරු වන අයුරු.
පොදු සංකේත
p, p
SI ඒකකයතත්පරයට කිලෝග්‍රෑම් මීටර කිග්‍රෑ • මී/තත්
වෙනත් ඒකක
සැලගියඅඩි/තත්
සංස්ථිත?yes

නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවෙහි, ගම්‍යතාවය (වඩාත් විශේෂිත වශයෙන් රේඛීය ගම්‍යතාවය හෝ උත්තාරණ ගම්‍යතාවය) යනු, වස්තුවක ස්කන්ධයෙහි සහ ප්‍රවේගයෙහි ගුණිතය වෙයි. එය, විශාලත්වයක් සහ දිශාවක් සහිතවූ දෛශික රාශියකි. වස්තුවක ස්කන්ධය m නම් සහ එහි ප්‍රවේගය v නම් (එයද දෛශික රාශියකි), එවිට වස්තුවෙහි ගම්‍යතාවය p වන්නේ: වෙයි.

අන්තර්ජාතික ඒකක පද්ධතියෙහි (SI), ගම්‍යතාවයෙහි මිනුම් ඒකකය වන්නේ කිලෝග්‍රෑම් තත්පරයට මීටර (kg⋅m/s) වන අතර, මෙය නිව්ටන්-තත්පර වෙතට මානමය සමතුල්‍ය බවක් දක්වයි.

චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය පවසන්නේ, වස්තුවක ගම්‍යතා වෙනස්වීමේ සීඝ්‍රතාවය, එය මත ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලයට සමාන බවයි. ගම්‍යතාවය, සමුද්දේශ රාමුව මත පදනම් වන මුත්, ඕනෑම අවස්ථිති සමුද්දේශ රාමුවක, එය සංස්ථිත රාශියක් වන අතර, එයින් ගම්‍ය වන්නේ, සංවෘත පද්ධතියක් බාහිර බල වෙතින් බලපෑමට ලක්නොවන්නේ නම්, එහි මුළු ගම්‍යතාවය නොවෙනස්ව පවතින බවයි.

පුස්තක නාමාවලිය

[සංස්කරණය]
  • හැලිඩේ, ඩේවිඩ්; රෙස්නික්, රොබට්. ෆන්ඩමෙන්ට්ල්ස් ඔෆ් ෆිසික්ස්. ජෝන් විලී සහ පුත්‍රයෝ. pp. පරිච්ඡේදය 9. {{cite book}}: Unknown parameter |nopp= ignored (help)


බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගම්‍යතාවය&oldid=745373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි