Equestrianism

විකිපීඩියා වෙතින්
A young rider at a horse show in Australia
Central Park - New York in May, 1940

Equestrianism (ලතින් භාෂාවෙන් equester, equestr-, equus, අසරුවා, අශ්වයා)[1] (අශ්වාරෝහක),horseback riding (American English) හෝ horse riding (British English)[2] යනුවෙන් හැඳින්වෙන්නේ අසුන් පැදවීමේ, මෙහෙයවීමේ, බාධක මතින් හැසිරවීමේ හෝ බාධක මතින් පැන්නවිමට ඇති හැකියාවයි. කාර්යයන් ඉටු කරවා ගැනීමට අසුන් යොදා ගැනීම, ප්‍රවාහනය, විනෝදාත්මක ක්‍රියාකාරකම්, කලාත්මක හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සහ අශ්ව රේස් යනාදියෙහි ලා අසුන් යොදා ගැනීම ද මෙයට අයත් වේ.

මෙය ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. 1900 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මෙය ප්‍රථම වරට ඔලිම්පික් තරඟාවලියට එක් විය. නමුත් 1904 සහ 1908 ඔලිම්පික් උළෙල වලට මෙය එක් නොවිය. 1912 සිට පැවති සෑම ඔලිම්පික් තරඟාවලියකටම අසුන් හැසිරවීමේ ක්‍රීඩාව එක් විය. වර්තමානයේ දී මෙම ක්‍රීඩාවට අදාළව ඔලිම්පික් උළෙලේ දී පැවැත්වෙන ඉසව් වන්නේ Dressage(අසුන් හැසිරවීම), Eventing (ඉවෙන්ටින්ග්) සහ Jumping වෙයි. එම සෑම ඉසව්වකදී ම තනි සහ කණ්ඩායම් පදක්කම් පිරිනැමෙන අතර පිරිමි සහ කාන්තාවෝ එකට තරඟ වදිති.

නවීන පංච ප්‍රයාමයෙහි එක් ඉසව්වක් ලෙස ද මෙම ක්‍රීඩාව අයත් වෙයි. මේ අනුව ඔලිම්පික් තරඟාවලියේ සතුන් සහභාගී කරගන්නා ක්‍රීඩා වන්නේ Equestrian සහ නවීන පංච ප්‍රයාමය පමණක් වෙයි. මෙම තරඟ වලදී අසරුවා මෙන්ම අශ්වයා ද තරඟකරුවෙකු ලෙස සළකනු ලබයි.

අසුන් හැසිරවීමේ ක්‍රීඩාව අන්තර්ජාතිකව පරිපාලනය කරනු ලබන්නේ Fédération Équestre Internationale (FEI) මගිනි.

  1. "equestrian - definition of equestrian by the Free Online Dictionary, Thesaurus and Encyclopedia". Thefreedictionary.com. සම්ප්‍රවේශය 2013-07-01.
  2. "equitación - Diccionario Inglés-Español". Wordreference.com. සම්ප්‍රවේශය 2013-07-01.
"https://si.wikipedia.org/w/index.php?title=Equestrianism&oldid=426332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි