Carp

විකිපීඩියා වෙතින්

වී ගොවියා සහ නිශ්කිගොයි.

අද මම ජපානයේ කොයි මසුන්ගේ ආරම්භය හා පරිණාමය ගැන ටිකක් දිග කතාවක් කියන්නයි යන්නේ.

පර්සියාවේ හෝ බටහිර ආසියාවේ උපන් කොමන් කාෆ්(Carpio Carpio ) වෙලදාම් හා ස්වභාවික ජල මාර්ග ඔස්සේ චීනයට සංක්‍රමණය උනා.

පසුව ආක්‍රමණ හා වෙළදාම මගින් මෙම මසුන් චීනයෙන් ජපානයට හදුන්වා දුන්නා කියලා තමයි ඉතිහාස වාර්තා වල සඳහන් වන්නේ.

ඒත් කාෆ් මසුන් ජපානයට මුලින්ම හදූන්වා දුන් නිශ්චිත කාල වකවානු ගැන පැහැදිලි සටහනක් හොයාගන්න අමාරුයි.

අද අපි දකින ලස්සන වර්ග වල කොයි මාළු වර්ග වැඩිදියුණු කරන්න Yamakoshi ප්‍රදේශයේ වී ගොවියන් දැන හෝ නොදැන ලොකු සේවයක් කලා.

භූගෝලීය වශයෙන් බලද්දී අදටත් Yamakoshi වී වගාවට ඉතා සුදුසු ප්‍රදේශයක් නෙවෙයි.

වර්ශ 1800 වගේ කාලයේ මේ කදුකර ප්‍රදේශයේ වී ගොවිතැන කොතරම් අමාරු වෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේද.

1800 ගනන් වල මෙම ප්‍රදේශයේ කුඩා ගම්මාන 20 ක් විතර තිබුණා.

සමහර ගම්මාන වල ඉඩම් හා ගෙවල් පවා අයිති වුණේ ප්‍රභූ පවුල් වලට හා සමුරායි පවුල් වලටයි.

ගොවීන්ට මෙම ගෙවල් වල වාසය කරමින් ඉඩම් වල ගොවිතැන් කිරීමට ඔවුන් අණ දී තිබුනා.

අස්වැන්නෙන් කොටසක් පරිභෝජනය කරන්නත් ගොවීන්ට අවසර තිබුණා.

ගිම්හානය කාලයේදි අධික අවුරස්නයට ජලය වාෂ්ප වීම නිසා කදු වල වී වගාවට අවශ්‍ය ජලය ලබාගැනීම ගොවීන්ට ලොකු ප්‍රශ්නයක් උනා.

මේ ප්‍රශ්නයට විසදුමක් විදියට කදු උඩ නොගැඹුරු ජලාශ සෑදීමට ඉඩම් හිමියන් විසින් ගොවීන්ට අණ කලා.

සීතල කාලයට හිමෙන් සහ වැසි ජලයෙන් පිරී යන මේ ජලාශ වසන්ත කාලය වනවිට කට මට්ටමට ජලයෙන් පිරී යනවා.

එම කෘතිම ජලාශ මගින් ඔවුන් වී වගාවට අවශ්‍ය ජලය ලබා ගත්තා.

මෙම ගොවීන්ට සීත කාලයට අවශ්‍ය ආහාර තිබුනත් මාංශමය ආහාර සැපයුමක් නම් තිබුණේ නෑ.

වර්ශ 1800දී වගේ මේ කදු උඩ තියෙන පොකුණු වලට කාෆ් මසුන් හදුන්වා දුන්නා. ගොවීන්ගේ අරමුණ වුණේ මේ කාෆ් මසුන් බෝකර පසුව ආහාරයට ගැනීමයි.

නමුත් සාමාන්‍ය කලු කාෆ් (Magoi) මසුන්ට Yamakoshi ප්‍රදේශයේ දීර්ග සීත දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව තිබුණේ නෑ.

වසන්ත කාලය පැමිණීමත් සමඟම වෙනත් ප්‍රදේශ වලින් කාෆ් මව් සතුන් ගෙනවිත් ඔවුන් අභිජනනය කර පැටවුන් අගල් තුනක් දක්වා වර්ධනය කරගැනීම ගොවීන්ට කල් තිබුනා.

සරත් ඍතුව අවසාන වීමට පෙර එම පැටවුන් අල්ලාගෙන ලුණු දමා කරවල කර සීත කාලය පුරාවට ආහාරයට ගැනීමට සකසා ගත්තා.

ටික දවසක් යනකොට බොහෝ වී ගොවියන් මේ විදිහට ආහාර සදහා කාෆ් මසුන් ඇති කිරීමට පටන් ගත්තා. සමහර අය තමන්ගේ මව් සතුන් ගෙවල් වල සාදාගත් ගැඹුරු පොකුණු වල දමා සීත කාලය නිම වන තෙක් ආරක්ෂා කර ගත්තා.

නැවතත් වසන්ත කාලය ආරම්භයත් සමග අලුත් මව් සතුන් මිලදී ගැනීම එතරම් ගැටලුවක් උනෙත් නෑ.

මේ අලුතින් මිලදී ගත් මසුන් හා තමන් කලින් අවුරුදු වල මිලදීගත් මසුන් සාර්ථකව අභිජනනය කර ගොවීන් තමන්ට ආහාර සදහා අවශ්‍ය මසුන් ලබා ගත්තා.

නමුත් 'Cyprinus carpio' යනු එක් කාෆ් ප්‍රභේදයක් (strain) පමණක් නොව ප්‍රභේද කිහිපයක්(there are few strains of carp) බව ඒ කාලයේ කවුරුත් දැන සිටියේ නෑ.

මේ විදිහට මවු සතුන් මිශ්‍රකර අභිජනනය කල නිසා කලාතුරකින් සමහර පැටවුන්ගේ ඇගේ තැනින් තැන වර්ණවත් කොරපොතු කිහිපයක් දකින්නට ලැබුණා.

මේ විදිහට මුලින්ම ජපානයේ කාෆ් මසුන්ගේ වර්ණ මුලින්ම දකින්න ලැබුනේ කොයි කාලයේදී ද කියා ඉතිහාස වාර්තා වල සඳහන් වන්නේ නෑ. එයට හේතුව මෙලෙස වර්ණ වෙනස්වීම් ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක් නිසා වෙන්න පුළුවන්.

Takezawa නම් ගමේ වර්ශ 1843 දී පළමුවරට මෙම සිදුවීම වාර්තා කර තිබෙනවා. "Asagi, Becco, Sarasa(Kohako) වර්ග වල වර්ණවත් කාෆ් මසුන් දකිනා ලදි" යනුවෙන් පමණක් ඔවුන් සටහන් කර තිබෙනවා.

ඊට පසුව වර්ශ 1874 වෙනකම් මේ ගැන සටහනක් හොයාගන්න අමාරුයි. වර්ශ 1874 දී සමහර ගොවීන්

Sarasa, Asagi, හා Ki Utsuri මසුන් එක මාළුවෙක් යෙන් 50 බැගින් අනෙක් ගොවීන්ට විකිණුවා කියලා වාර්තා කරලා තියෙනවා. 1874 දී යෙන් 50ක් කියන්නෙ අද කාලයේ හැටියට යෙන් 200,000ට (ලක්ෂ දෙකකට) ආසන්න මුදලක්.

මේ විදිහට සමහර වී ගොවියන් ගොවිතැන අත්හැර කාෆ් මසුන් වගාකරුවන් බවට පත්වුනා. ඔවුන් ලස්සන වර්ණවත් මසුන් සුරතලුන් ලෙස තමන්ගේ ගෙවල් වල තබාගත්තා.

ඔවුන් විවිධ වර්ණ වල මසුන් අභිජනනය කරමින් විවිධ අත්හදා බැලීම් කරමින් අලුත් වර්ණ වල දෙමුහුන් මසුන් හදුන්වා දුන්නා. (Gregor Mandel බෝන්චි වලින් ප්‍රවේණිය/ආවේණික ලක්ෂණ ගැන පරීක්ෂණ කලේත් මේ කාලයේයි)

වර්ශ 1900 පමණ වනවිට Yamokoshi ප්‍රදේශයේ මෙම කුඩා කාෆ් මසුන් ඉතා විශාල වශයෙන් වගාකල නිසා වෙන පලාත් වල මාළු වෙළෙන්දන් අඩු මුදලකට මාළු මිලදී ගැනීමට මෙහි පැමිණියා.

ඔවුන් මේ අලුත් , වර්ණවත් කාෆ් මසුන් දැක්කත් වෙනත් ප්‍රදේශ වලට පණ පිටින් මසුන් ගෙනයන්න ඔවුන්ට ක්‍රමයක් තිබුණේ නෑ.

වර්ශ 1914දී ටෝකියෝ Taishō ප්‍රදර්ශනය සදහා Yamokoshi (Niigata Prefecture) ප්‍රදේශයේ ප්‍රදර්ශන අංගය උනේ වර්ණවත් කොයි කාෆ්.

Yamokoshi සිට Tokyo දක්වා මෙම මසුන් ප්‍රවාහනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වුණා. දීර්ඝ දුම්රිය ගමන නිසා ගොඩක් මසුන් මිය ගියා.

Yamakoshi ප්‍රදේශය අවට (Niigata) ජනතාව සහ එහි වෙළදාමේ ගිය අය හැරුණුකොට ජපානයේ ජනතාව මෙම වර්ණවත් කාෆ් මසුන් මුලින්ම දැක්කේ Taishō ප්‍රදර්ශනයෙන්.

ප්‍රදර්ශනය ඉවර උනාට පස්සේ ඉතුරු වෙලා හිටිය මාළු ටික ජපන් අධිරාජයාගේ (Emperor Taishō) මාළිගාව වටා ඇති දිය අගලට නිදහස් කලා.

දෙවන ලෝක යුද්ධයත් සමඟ ජපානයේ බොහෝ දෙනා හමුදාවට බැඳුනා. යුද්ධය අවසන් වී ඔවුන් නැවත තමන්ගේ ගෙවල් වලට පැමිණෙන විට සමහර ගම් වල වර්ණවත් කාෆ් මසුන් පමණක් නොව සාමාන්‍ය කලු කාෆ් මසුන් පවා ඉතිරිව සිටියේ නෑ.

යුද්ධය අවසන් වී නැවතත් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වුණාට පසු වර්ශ 1947දී පමණ ඔවුන් නැවතත් කාෆ් සහ වර්ණවත් කාෆ් නිශ්පාදන ආරම්භ කරා.

මේ වර්ණවත් කාෆ් මසුන්ට ජපානය පුරා හොඳ ඉල්ලුමක් තිබුණත් ප්‍රවාහණය ඉතා අපහසු කටයුත්තක් වුනා.

1962දී ජපානය ප්ලාස්ටික් (Vinyl bags) බෑග් භාවිතය ආරම්භ කිරීම නිසා ගොවීන්ට ප්‍රධාන නගර වලට මෙම මසුන් ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරීම පහසු උනා. ගොවීන්ට ඉතා ඉහළ මිලකට මේ මසුන් විකිණීමට හැකිවුණා.

වී ගොවිතැන නොතිබෙන්න අද අපි දකින ඉතා අලංකාර කොයි මසුන් බිහි නොවීමට තිබුනා.

වී වගාව සහ ආහාර සදහා කාෆ් වගාව නිසා අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ නම් කිහිපයකට පසු අවසානයේ අද අපි දකින ලස්සන මසුන් නිශ්කිගොයි ලෙස නම් කලා.

මට මේ කතාවෙන් කියන්න ඕන උනේ ජපන් ජාතිකයන්ට දෙවන ලෝක යුද්ධයෙන් පසුව අවුරුදු 70කින් ( යුද්ධයට කලින් ඉදලම නම් අවුරුදු 200-250 පමණ)

සාමාන්‍ය කලු කාෆ් මසුන් ගෙන් පටන් අරන් අද තිබෙන තත්වයට මසුන් වැඩිදියූණු කරන්න පුළුවන් නම් ලංකාවේ අපිටත් මේ දේ කරන්න පුළුවන් කියන එකයි.

අපිට කලු කාෆ් ගෙන් හෝ කොමන් කාෆ් ගෙන් මුල ඉඳලම පටන් ගන්න ඕනෙ නෑනෙ. අලංකාර, හරි පැටර්න්ස් හා නිවැරදි හැඩය තියෙන මාළු ලංකාවේ ඉන්නවා.

(අවශ්‍ය නම් ,ජපානයෙන්,එංගලන්තයෙන්,

ඊස්රායලයෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන්, චීනයෙන් , ජර්මනියෙන්, හෝ වෙන රටකින් ගෙනාපු හොද මාළුන්ගෙන් පටන් ගන්නත් පුළුවන්. )

ඒ මාළුන්ගේ හොද පැටවුන් තෝරා වෙන්කර ගෙන(Cull) හොදම පැටවුන් පමණක් ලොකු කර ඔවුන්ගේ පැටව් නැවත තෝරා ගෙන ලොකු කර පරම්පරා (මිනිස් පරම්පරා නොව කාෆ් පරම්පරා) කිහිපයක් උසස් තත්වයේ මසුන් නිපදවා ගැනීමට අපිටත් පුළුවන්. [R D D Peries]

"https://si.wikipedia.org/w/index.php?title=Carp&oldid=471218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි