C/2022 E3 (ZTF)

විකිපීඩියා වෙතින්

C/2022 E3 (ZTF) යනු ඕර්ට් වළාවෙන් ජනිත වූ සහ ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (ZTF) විසින් 2022 මාර්තු 2 දිනදී සොයා ගන්නා ලද දිගු-කාලාවර්ත ධූමකේතුවකි.[1] එහි න්‍යෂ්ටිය අවට තීව්‍ර කොළ පැහැ දීප්තියක් මෙම ධූමකේතුවෙහි දක්නට ලැබෙන්නේ, ද්විපරමාණුක කාබන් සහ සයනජන් වෙත හිරුඑළියෙහි බලපෑම නිසාවෙනි.[2][3]

ධූමකේතුවෙහි ක්‍රමානුකූල නාමකරණය ඇරඹෙන්නේ ඉංග්‍රීසි C අක්ෂරයෙන් වන අතර එයින් පෙන්නුම් කරනුයේ එය ආවර්තක ධූමකේතුවක් නොවන බව සහ "2022 E3" යන්නෙන් අදහස් වන්නේ 2022 වසරෙහි මාර්තු මාසයෙහි පළමු අර්ධයෙහිදී සොයාගත් තුන්වන ධූමකේතුව බවයි.[3]

ධූමකේතු න්‍යෂ්ටිය කිලෝමීටරයක් පමණ ප්‍රමාණයකින් යුතු බවත්, පැය 8.7 කට වරක් භ්‍රමණය වන බවත් ඇස්තමේන්තු කොට ඇත.[4] [5] එහි ධූලි සහ වායු වලිගයන් කිලෝමීටර් මිලියන ගණනක් දුරට විහිදෙන අතර, 2023 ජනවාරියෙහිදී, තුන්වන ප්‍රති-වලිගයක් පෙනෙන්නට තිබුණි.[6]

1.11 AU (166 මිලියන කිමී; 103 මිලියන සැතපුම්) දුරකින් එහි සූර්ය සමීපකය වෙත 2023 ජනවාරි 12 දිනදී ධූමකේතුව ලඟාවූ අතර, පෘථිවියට කිට්ටුම දුර වන 0.28 AU (42 මිලියන කිමී; 26 මිලියන සැතපුම්) වෙත 2023 පෙබරවාරි 1 දිනදී ලඟා විය. ධූමකේතුව තීව්‍රතාවය 5 අත්කරගත් අතර සඳ නොමැති අඳුරු අහස තුලදී පියවි ඇසට නිරික්ෂණය වෙයි.[7][8][9][10] පෙබරවාරි 5 දින වන විට ධූමකේතුව කපෙල්ලා සිට අංශක 6 පමණ කිට්ටුවෙන් පැවති අතර (සාමාන්‍ය දෙනෙතියක දර්ශන ක්ෂේත්‍රය තරම්) තීව්‍රතාවය 6 පමණ යැයි ඇස්තමේන්තුගත කෙරෙයි.[7]

නිරික්ෂණ ඉතිහාසය[සංස්කරණය]

සොයාගැනීම[සංස්කරණය]

බ්‍රයිස් බොලීන් සහ ෆ්‍රැන්ක් මෂ්කි යන තාරකා විද්‍යාඥයින් විසින් 2022 මාර්තු 2 දිනදී C/2022 E3 (ZTF) සොයාගත්තේ ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (ZTF) සමීක්ෂණය විසින් වන අතර, එය භාවිතා කරන්නේ පැලොමාර් නිරික්ෂණාගාරයෙහි 1.2-m f/2.4 ෂ්මිට් දුරේක්ෂය වෙයි.[1]

සූර්ය සමීපකය සමීපයෙහි[සංස්කරණය]

ධූමකේතුවෙහි පෘථිවියට සමීපතමය සිදුවූයේ 2023 පෙබරවාරි 1 දිනදී වන අතර, එය වූයේ 0.28 AU (42 මිලියන කිමී; 26 මිලියන සැතපුම්) දුරකිනි. 2023 ජනවාරි 31 දින වන විට, ධූමකේතුවෙහි දෘශ්‍ය තීව්‍රතාවය 5 පමණ විය; එහි ධූමය 20' පමණ පරාසයක පැවතුනි.[7]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 බොලීන්, බී. (21 මාර්තු 2022). "MPEC 2022-F13 : COMET C/2022 E3 (ZTF)". මයිනර් ප්ලැනට් ඉලෙක්ට්‍රොනික් සර්කියුලර්. මයිනර් ප්ලැනට් සෙන්ටර්. 25 මාර්තු 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-08-24. {{cite web}}: Invalid |display-authors=ආදිය (help)
  2. ජියෝජියො, ඇරිස්ටෝ (2023-01-10). "වට් මේක්ස් ද ග්‍රීන් කොමට් ග්‍රීන්?". නිව්ස්වීක් (ඉංග්‍රීසි බසින්). 2023-01-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-01-25.
  3. 3.0 3.1 "අ රෙයාර් ග්‍රීන් කොමට් ඊස් බිකමිං විසිබල් ඉන් නෝදන් ස්කයිස්. හවු ටු සී ඉට් විත්අවුට් අ ටෙලස්කෝප්". www.usatoday.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-02-02.
  4. "වන්ස් ඉන් 50,000-ඉයර් කොමට් මේ බී විසිබල් ටු ද නේකඩ් අයි". ෆ්‍රාන්ස් 24 (ඉංග්‍රීසි බසින්). 2023-01-07. සම්ප්‍රවේශය 2023-02-02.
  5. "ATel #15879: රොටේෂන් පීරියඩ් ඔෆ් කොමට් C/2022 E3 ZTF ෆ්‍රොම් CN මෝෆොලොජි". දි ඇස්ට්‍රොනොමර්ස් ටෙලිග්‍රම්. 30 ජනවාරි 2023. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2023.
  6. "අන්ඩර්ස්ටෑන්ඩිං ද ටේල්ස් ඔෆ් කොමට් ZTF (C/2022 E3)" (en-US බසින්). 2023-02-01. https://skyandtelescope.org/astronomy-news/understanding-the-tails-of-comet-ztf-c-2022-e3/. 
  7. 7.0 7.1 7.2 "COBS: කොමට් C/2022 E3 (ZTF) ඔබ්සර්වේෂන් ලිස්ට්". 1 පෙබරවාරි 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 ජනවාරි 2023.
  8. "සර්කම්පෝලර් කොමට් ZTF (C/2022 E3) ඊස් හියර්!". ස්කයි ඇන්ඩ් ටෙලස්කෝප්. 2023-01-16. 17 ජනවාරි 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-01-17.
  9. හෝල්, ෂැනන් (20 ජනවාරි 2023). "හවු ටු වොච් ද ‘ග්‍රීන් කොමට්’ ඉන් නයිට් ස්කයිස්. - කමෙන්ට්". ද නිව්යෝර්ක් ටයිම්ස්. Archived from the original on 24 ජනවාරි 2023. https://archive.ph/wip/1evly. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජනවාරි 2023. 
  10. මැක්, එරික් (2023-01-23). "බ්‍රයිට් ග්‍රීන් කොමට් පාසිං අර්ත් ඊස් විසිබල් නව් ඉන් ඩාක් ස්කයිස්". CNET (ඉංග්‍රීසි බසින්). 2023-01-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-01-24.
"https://si.wikipedia.org/w/index.php?title=C/2022_E3_(ZTF)&oldid=538355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි