ආක්ටික් කවය
අක්ෂ වෘත්ත රේඛාවේ කවයන් පහෙන් ප්‍රධාන එකකි. පෘථිවි සිතියමේ ලකුණු කර ඇති ආක්ටික් කවය එහ රේඛාවට උතුරින් අක්ෂ වෘත්ත රේඛාවට සමාන්තරව (2000 වර්ෂයේ දී ) 0 33'39 (හෝ 0 56'0830 ) දිවයේ. මෙමකවයට උතුරින් පිහිටි ප්‍රදේශය ආක්ටික් නමින් හැදින්වේ. උතුරට ඇති කලාපය උතුරැ සමගිතෝෂ්ණ කලාපය නමින් හැදින්වේ දක්ෂීන අර්ධ ගෝලයේ මෙයට සමානව ඇති අක්ෂි වෘත්තයේ රේකාව ඇන්ටාක්ටික් කවය යනුවෙන් හැදින්වේ.
ආක්ටික් කවය ධ්‍රැව දිනයේ දක්ෂින අන්තය ලකුණු කරයි. (24 පැයේ ම හිරැ එළිය ඇති බොහෝ විට මධ්‍යම රාත්‍රියේ හිරැ යනුවෙන් ද හැදින්වේ ධ්‍රැව රාත්‍රිය. ( පැය 24 ම හිරැ නැති රාත්‍රිය ) අඩු වශයෙන් වසරකට වරක් ආක්ටික් කවයට උතුරින් හිරැ අඛණ්ඩව 24 පැටක් ක්ෂිතිජයට ඉහලින් තිබෙන අතර වසරකට වරක් ක්ෂිතිජයට යටින් අඛණ්ඩ ව පැය 24 තිබේ. ආක්ටික් කවයේ ද මේ සිදුවීම්ඇති වේ. නියම වශයෙන් අනුපිළිවෙලින් ජුනි හා දෙසැම්බර් වලදී උර්සාමේජර් නමැති තරැවලට දකුණින්ම ස්ථානයට සමව ඇති බැවින් එයට ආක්ටික් යැයි කියනු ලැබේ. (ග්‍රීක් භාෂාවෙන් මෙගල් අක්ටෝස් හෝ මහා වලසි)
ඇත්ත වශයෙන් ම වායුගෝලයේ කැරකීම හා හිරැ තිතක් මෙන් නොව මංචලය වශයෙන් පෙනෙන හෙයින් මධ්‍යමරාත්‍රි හිරැගේ කොටසක් උත්තරායන ආක්ටික් කවයට දකුණින් 50 (කි.මි. 90) දැකිය හැක. එමෙන්ම දක්ෂිණායතනය දින රාත්‍රියේ ආක්ටික් කවයට උතුරෙන් 50 0 දක්වා හිරැගේ කොටසක් දැකිය හැක. මුහුදු මට්මමේ දී මෙය සත්‍ය වේ. මේ සීමාවන් මුහුදු මට්ටමින් උස් වීමෙ දී වැඩි වේ. කදුකර ප්‍රදේශවල දී බොහෝ විට කෙලින් පෙනීමක් නැත.
ආක්ටික් කවයේ පිහිටිම ස්ථිර නැත නමුත් කල්යෑමේන් සංකීර්ණ ආකාරයට මෙය වෙනස් වේ. විස්තර සදහා අක්ෂ වෘත්ත රේඛාවේ කවයක් බලන්න.