මා සහ ෂි හමුව 2015
මා යිං-ජු (වමෙහි) සහ ෂි ජිංපියුං (දකුණෙහි) 2015 නොවැම්බර් 7 දිනදී සිංගප්පූරුවෙහිදී මුණගැසී සමාචාර කරති | |||||||||||||||||||||||||||||||||||||||||||
| වේලාව | 3:00 ප.ව. SST (UTC+8) | ||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| දිනය | 7 නොවැම්බර් 2015 | ||||||||||||||||||||||||||||||||||||||||||
| Venue | ෂැංග්රී-ලා හෝටලය සිංගප්පූරුව | ||||||||||||||||||||||||||||||||||||||||||
| පිහිටුම | සිංගප්පූරුව | ||||||||||||||||||||||||||||||||||||||||||
| ඛණ්ඩාංක | 1°18′40.4″N 103°49′35.2″E / 1.311222°N 103.826444°E | ||||||||||||||||||||||||||||||||||||||||||
| සහභාගිවන්නන් | මා යිං-ජු, ෂි ජිංපියුං | ||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
2015 මා–ෂි හමුව යනු, මහජන චීන සමූහාණ්ඩුවේ (චීමස) නායකයා වන ෂි ජිංපියුං සහ චීන සමූහාණ්ඩුවේ (චීස) නායකයා වන මා යිං-ජු අතර සිදුවූ හමුවකි. මෙම හමුව පිළිබඳ විස්තර, ලිබර්ටි ටයිම්ස් නම්වූ තායිවාන පුවත්පත විසින් 2015 නොවැම්බර් 3 දිනදී හෙළිදරව් කරන ලද අතර [1] ඉදිරි දින කිහිපය ඇතුලතදී නිල වශයෙන් සහතික කරන ලදි. සිංගප්පූරුවෙහි ෂැංග්රී-ලා හෝටලයේදී නොවැම්බර් 7 දිනදී සිදුවූ මෙම හමුව,[2] 1949 වසරෙහිදී සිදුවූ චීන සිවිල් යුද්ධයෙන් (චීන කොමියුනිස්ට් විප්ලවයෙන්) පසුව, චීන සමූහාණ්ඩුවේ සහ මහජන චීන සමූහාණ්ඩුවේ (ප්‍රධාන භූමි චීනය) නායකයන් අතර සිදුවූ පළමු හමුවයි.[3]
පසුබිම
[සංස්කරණය]
මා යිං-ජු ගේ පරිපාලනය විසින්, ඔහු සහ ෂි ජිංපියුං අතර හමුවක් පැවතිය යුතු බවට විටින් විට යෝජනා කරන ලද්දේ, 2012 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයෙහි මහා ලේකම් ලෙසින් ෂි ගේ තේරීපත්වීමෙන් අනතුරුවය.[4] 2015 ඔක්තොම්බර් මාසයෙහිදී, චීනයේ ගුවංචූ හිදී පැවැති අන්තර්-සමුද්‍රසන්ධි කටයුතු පිළිබඳ සංවාදයක් අතරතුර, ප්‍රධාන භූමි කටයුතු මණ්ඩල (MAC) අමාත්‍ය ඇන්ඩෲ ෂියා සමග සිදුවූ හමුවකදී තායිවාන කටයුතු කාර්යාල (TAO) අධ්‍යක්ෂක චං චුයිං විසින් මෙම 2015 හමුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලදි.[5] මුල් වශයෙන්, ෂියා විසින් යෝජනා කරන ලද්දේ, මෙම හමුව සිදුවිය යුත්තේ පිලිපීනයෙහි මැනිලා නගරයෙහිදී, ඇපෙක් පිලිපීනය 2015 අතරතුරදී බවයි. කෙසේවෙතත්, මෙම නිර්දේශය නුසුදුසු බව චං ගේ අදහස විය. පසුව, ෂියා යෝජනා කර සිටියේ, බ්‍රිතාන්‍ය හොංකොං හිදී ඇතිවූ ඊනියා 1992 සම්මුතියෙන් වසරකට පසුව, පළමු අන්තර්-සමුද්‍රසන්ධි කතිකාවන් ඇතිවූ, 1993 අප්‍රේල් 27–29 අතරතුර වං-කූ සමුළුව පැවැති සිංගප්පූරුවෙහිදීම මෙම හමුව සිදු විය යුතු බවයි.
සූදානම
[සංස්කරණය]
රජයන් දෙක අතර පවතින දේශපාලන මතභේදය නිසා, චීන සමූහාණ්ඩුවේ නායකයා සහ මහජන චීන සමූහාණ්ඩුවේ නායකයා (සරල චීන: 两岸领导人; සම්ප්‍රදායික චීන: 兩岸領導人) වෙනුවෙන්, නිලධාරින් දෙදෙනම එකඟවූයේ, එකිනෙකා අමතන විට "මහතා" (先生) යන්න භාවිතා කිරීමට සහ එම දෙදෙන මෙම හමුවට සහභාගි වන්නේ පිළිවෙලින් තායිවානයේ නායකයා සහ ප්‍රධාන භූමිප්‍රදේශ චීනයේ නායකයා ලෙසින් බවයි.
චීන සමූහාණ්ඩු ජනාධිපතිමය කාර්යාලය ප්‍රකාශ කර සිටියේ, මෙම රැස්වීමෙන් මා මහතා බලාපොරොත්තු වන්නේ "සාමය ශක්තිමත් කර ගනිමින් යථා තත්ත්වය පවත්වාගෙන යෑම" බවයි. ජනාධිපති මා සහ, ජනාධිපතිමය කාර්යාල මහලේකම් සෙං යුං-චුවාං සහ නියෝජ්‍ය මහලේකම් ෂියාඕ ෂු-සෙං (蕭旭岑), ජාතික ආරක්ෂක මණ්ඩල මහාලේකම් කාඕ හුවා-චූ සහ උපදේශක චියු කුං-ෂුවාං, ප්‍රධාන භූමි කටයුතු මණ්ඩල අමාත්‍ය ඇන්ඩෲ ෂියා සහ නියෝජ්‍ය අමාත්‍ය වූ මෙයි-හුං යන නිලධාරින්ගෙන් සමන්විතවූ ඔහුගේ ඉහළ උපදේශකයෝ ඔහු සමග මෙම හමුවට සහභාගි වූහ.[6]
ලොව පුරා වාර්තාකරුවෝ, නොවැම්බර් 5 දින වන විට, ඔවුන්ගේ උපකරණ, ෂැංග්රී-ලා හෝටලයේ සවි කිරීම ඇරඹූහ. හමුවෙහි ප්‍රධාන රැස්වීම් ස්ථානය වූ, ෂැංග්රී-ලා උත්සව ශාලාවට මාධ්‍ය ප්‍රවේශය, හෝටල කාර්යමණ්ඩලය විසින් සීමා කොට තිබුණි. ආරක්ෂක හේතූන් නිසා, හමුව සඳහා මාධ්‍ය සහභාගිත්වය පුද්ගලයින් 400 බවට සීමා කොට තිබුණි.[7] නොවැම්බර් 7 දින පෙ.ව. 2 සිට අමුත්තන් විසින් උත්සව ශාලාව වෙත ප්‍රවේශය වලක්වා තිබුණි.[8]
අමතර අවධානයට
[සංස්කරණය]- දෙවන මා සහ ෂි හමුව, 2024
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ "馬總統7日密訪新加坡 「馬習會」不期而遇" (චීන බසින්). ලිබර්ටි ටයිම්ස්. 3 නොවැම්බර් 2015. http://news.ltn.com.tw/news/politics/breakingnews/1496483. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ↑ යිං, ෂුං-චියෙ; ලී, මෙයි-යූ (4 නොවැම්බර් 2015). "මා, ෂි ටු ස්ප්ලිට් ඩිනර් බිල් ඉන් සිංගප්පූර්". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/acs/201511040053.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ↑ ලී, ෂූ-හුවා; චැං, එස්.සී. "ප්‍රසිඩන්ට් මා ටු මීට් චයිනාස් ෂී ඉන් සිංගප්පූර් සැටර්ඩේ (අප්ඩේට්)". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/afav/201511040001.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 නොවැම්බර් 2015.
- 1 2 චෙං, රීටා; සූ, එලිසබෙත් (4 නොවැම්බර් 2015). "මා–ෂි මීටිං සුඩ් බී ඇපලෝඩඩ්: එක්ස්-වයිට් හවුස් ඔෆීෂියල්". සෙන්ට්‍රල් පුවත් කාර්යාංශය. http://focustaiwan.tw/news/aipl/201511040017.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 නොවැම්බර් 2015.
- ↑ "MAC, TAO ටු හෝල්ඩ් ටෝක්ස් ඉන් ගුවංචූ". තායිවාන් ටුඩේ. 2 ඔක්තොම්බර් 2015. http://taiwantoday.tw/ct.asp?xItem=237280&ctNode=2175. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 නොවැම්බර් 2015.
- ↑ චියාඕ, යුවාං-මිං (5 නොවැම්බර් 2015). "ඩීටේල් ඉමර්ජ් ඔන් මා-ෂි මීටිං". ද චයිනා පෝස්ට්. http://www.chinapost.com.tw/taiwan/national/national-news/2015/11/05/450151/Details-emerge.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ↑ චියාඕ, යුවං-මිං (7 නොවැම්බර් 2015). "හොටේල් සෙකියුරිටි ටයිට්න්ස් ප්‍රී-මා-ෂි මීට්". ද චයිනා පෝස්ට්. http://www.chinapost.com.tw/taiwan/china-taiwan-relations/2015/11/07/450333/Hotel-security.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 නොවැම්බර් 2015.
- ↑ ලියු, චෙං (6 නොවැම්බර් 2015). "සිංගප්පූර්ස් ෂැංග්රී-ලා හොටේල් ප්‍රිපෙයාර්ස් ටු හෝස්ට් හිස්ටොරික් මීටිං බිට්වීන් මේන්ලන්ඩ් චයිනාස් 'මිස්ටර් ෂි' ඇන්ඩ් තායිවාන්ස් 'මිස්ටර් මා'". සවුත් චයිනා මෝර්නිං පෝස්ට්. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]- Chang, S.C. (10 November 2015). "Full text of President Ma's remarks in meeting with Xi Jinping". Central News Agency. සම්ප්‍රවේශය 10 November 2015.
- "Coverage of the meeting". 'South China Morning Post.