2014 ඔටාවා පාර්ලිමේන්තු වෙඩි තැබීම
පෙනුම
| කැනඩාවේ ඔටාවා අගනුවර පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීම | |
|---|---|
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔටාවා අගනුවර කැනඩා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල වේ. එක් තුවක්කුකරුවෙක් පොලිස් වෙඩි පහරකින් මියගියේ මෙම ගොඩනැගිල්ල තුලදීය.[1] | |
| ස්ථානය | ඔටාවා, ඔන්ටාරියෝ, කැනඩාව |
| දිනය | ඔක්තෝබර් 22, 2014 පෙ.ව. 09:52 (EDT) |
| ආයුධය(න්) | Double-barreled shotgun |
| මරණ | 2 (ආරක්ෂක අංශ නිලධාරියෙක් සහ එක් තුවක්කුකරුවෙක්)[1][2] |
| තුවාලකරුවන් | 3[3] |
| සැකකෙරෙන අපරාධකරුවෝ | Michael Zehaf-Bibeau,[4] |
2014 ඔක්තෝබර් 22වන බදාදා දින උදෑසන කැනඩාවේ අගනුවර වන ඔටාවාහි පාර්ලිමේන්තු සංකීර්ණය (Parliament Hill) අවටින් වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. වෙඩි තැබීම් ආරම්භ වී ඇත්තේ එදින පෙ.ව. 10:00 ට සුළු මොහොතක් තිබිය දීය. මෙම අවස්ථාවේදී කැනඩා ජාතික යුධ ස්මාරකයේ සේවයේ දී සිටි කැනඩා යුධ හමුදාවේ කෝප්‍රල් නේතන් සිරිලෝ එම වෙඩි පහරවලින් බරපතල තුවාල ලැබීය. ඉන් සුළු මොහොතකට පසු දෙවන වෙඩි තැබීමක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිදුවිය. එම අවස්ථාව වන විට අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල රැඳී සිට ඇත. කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීෆන් හාපර් විසින් මෙම වෙඩි තැබිම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පසුව කල ජාතිය ඇමතීමේ කතාවේ දී හඳුන්වන ලදී.

- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;CBC liveනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;BBC Newsනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Ottawa shooting: Cpl. Nathan Cirillo dies of wounds, gunman also shot dead". CBC News, October 22, 2014.
- ^ Polly Mosendz (October 22, 2014). "'Parliament Hill Is Under Attack'". The Atlantic. සම්ප්‍රවේශය October 22, 2014.