2014 එවරස්ට් කන්ද හිමධාවය
Appearance
2005 වසරෙහිදී කුම්බු අයිස් ඇල්ල දිස්වුනු අයුරු. මෙම ඇයිස් ඇල්ලට ඉහළින් එවරස්ට් කන්දේ බෑවුම් (මැද වම් පස) වෙතින් කඩාහැලුනු හිම කඳු වැටියක් නිසා හිමධාවය ඇති විය | |
| වේලාව | 06:45 දේශීය වේලාව (01:00 UTC) |
|---|---|
| දිනය | 18 අප්‍රේල් 2014 |
| පිහිටුම | කුම්බු අයිස් ඇල්ල, එවරස්ට් කන්ද |
| ඛණ්ඩාංක | 27°59′32″N 86°52′38″E / 27.99222°N 86.87722°E |
| හේතුව | හිමධාවය |
| මරණ | 16 |
| මරණීය-නොවන තුවාල | 9 |
2014 අප්‍රේල් 18 දිනදී, එවරස්ට් පර්යන්ත කඳවුර අසලදී එවරස්ට් කන්දේ ඇතිවූ හිමධාවයක් නිසා, නේපාල ජාතික මාර්ගෝපදේශකයෝ දහසය දෙනෙක් මිය ගියහ. අප්‍රේල් 20 වන දින වන විට, සිරුරු දහතුනක් සොයා ගෙන තිබුණි. ඒවා සොයා යෑමේ දුෂ්කරතාවය හා ඇතිවන අවදානම නිසා, ඉතිරි සිරුරු තුන සෙවීම අත්හැරදමා ඇත. මෙම අනතුරට ගොදුරු වූවන්ගේ පවුල් වලට රජය විසින් පිරිනමා ඇති ඉතා මඳ වන්දිය පිළිබඳ කෝප වී ඇති සමහර ෂර්පා මාර්ගෝපදේශකවරු තර්ජනය කර සිටිනුයේ "දැඩි විරෝධයක්" හෝ වර්ජනයක් වෙත එළඹෙන බවයි. අප්‍රේල් 22 දිනදී, ෂර්පාවරු ප්‍රකාශ කර සිටියේ, අනතුරට ලක්වූවනට උපහාරයක් ලෙසින්, 2014 කාල සීමාව තුල ඔවුන් කන්ද තරණය කොකරන බවයි.