එවරස්ට් කන්ද

විකිපීඩියා වෙතින්
එවරස්ට් කන්ද
එවරස්ට් කන්ද
නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම
එවරස්ට් කන්දේ පිහිටීම
නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම
උස ප්‍රමාණයමීටර 8848 (අඩි 29,029)
මුල් ම තරණය1953 මැහි 29 වැනි දා
නවසීලන්තයඑඩ්මන්ඩ් හිලරි
නේපාලයඉන්දියාවටෙන්සිං නෝර්ගේ

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

ගවේෂණ ඉතිහාසය[සංස්කරණය]

පීත කලාපය පසුකරන කඳු නගින්නන්

එවඑස්ට් කන්ද යනු ලෝකයෙහි උසම කන්ද බැවින්, සැලකිය යුතු තරම් අවධානයක් සහ කඳු නැගීම් උත්සාහයන් මාලාවක් යොමු කර ගැනීමට එය සමත් වී ඇත. දශක කිහිපයක් මුළුල්ලේ කන්ද වෙත සිදුවී ඇති කඳු නැගීමේ ගවේෂණ නිසා කඳු නැගීමේ මාර්ග මාලාවක් තහවුරු වී ඇත. පුරාතන කාලයෙහිදී කන්ද වෙත නගින ලද්දේ යන බව නොදනී; 1924 දී එය වෙත නගින ලද බවක් සිතිය හැක.

සමාලෝචනය[සංස්කරණය]

1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි.[1] ගවේෂණ සඳහා යොමු වූ උද්‍යෝගය සහ අවධානය මහත් වුවද, 1987 වසර වන විට කඳු මුදුන තරණය කර සිටියේ 200 ක් පමණ දෙනෙක් පමණි.[1]වෘත්තිය කඳු නගින්නන්ගේ සහ විශාල ජාතික ගවේෂණයන්හී බරපතල උත්සාහයන් හමුවේ පවා, එවරස්ට් කන්ද දශක ගණනක් මුළුල්ලේ දුෂ්කර ඉලක්කයක් බවට විදහා පෑවේ, 1990 ගණන් වලදී එම සම්මතය බිඳ දමමින් වාණිජ යුගය මුළු දෙන තෙක්ය.[2]

2016 කඳු නැගුම් කාලවාරය[සංස්කරණය]

නප්ට්සී සහ ලෝට්ස් කඳු මුදුන් ඉහළ දකුණු කෙළවරෙහි දක්වමින් එවරස්ට් කන්ද 2016 මැයි මාසයෙහිදී දිස් වුනු අයුරු
2016 මැයි 19 දිනදී කඳු නගින්නන් තිදෙනෙක් එවඑස්ට් කඳු මුදුනෙහි සිටින අයුරු

නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි.[3] කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි. [3] 2016 මැයි 11 දින වන විට එවරස්ට් කන්දෙහි දකුණු පැත්තෙහි රැහැන් සවි කර තිබූ අතර කඳු නගින්නන් සිය ගණනක් විසින් අවදානම් සහිත කාලගුණ කාල කවුළු තුල කන්ද නගින ලදි.[4]

2016 මැයි 11 දිනදී ෂර්පාවරු නව දෙනෙක් එවරස්ට් කඳු මුදුන තරණය කලහ. ඊළඟ දිනයෙහි තවත් පුද්ගලයන් සය දෙනෙක් කඳු මුදුනට සැපත් වූහ.[5] 106 දෙනෙකු කඳු මුදුනට ළඟාවූ 2014 වසරට පසු කඳු මුදුන තරණය කල පළමු පිරිස මොවුන් වූහ.[6] මැයි 13 වන විට, කඳු නගින්නන් 42 දෙනෙකු කඳු මුදුන තරණය කොට තිබූ අතර [7] මැයි 22 වන විට, යහපත් කාලගුණයෙහි උපකාරයද සහිතව 400 කට වැඩි කඳු නගින්නන් ගණනක් කඳු මුදුන තරණය කිරීමට සමත්ව සිටියහ. කෙසේවෙතත්, කඳු නගින්නන් 30 දෙනෙකු පමණ ශීත-කුෂ්ඨ සැදීම හෝ වෙනත් අසනීප වැලඳීම සිදුවූ අතර උන්නතාංශ ආබාධය විය හැකි ව්‍යාධියක් නිසා කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා විය .[8] (අමතර වාර්තා සඳහා අනතුරු ඡේදය බලන්න)

එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි. [9]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "මවුන්ට් එවරස්ට්ස් පොපියුලෑරිටි ඊස් ස්ටිල් ක්ලයිම්බිං". ලැටයිම්ස්. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2015.
  2. ජේම්ස්, වික්ටෝරියා (27 මැයි 2012). "ජැපෑන්ස් එවරස්ට් ටයිම්ලයින්". ද ජැපෑන් ටයිම්ස්. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.
  3. 3.0 3.1 "මවුන්ට් එවරස්ට් රෙකෝඩ්ස් 456 සවුත් සමිට්ස්,ෆයිව් ඩෙත්ස්". ද හිමාලයන් ටයිම්ස්. 19 මැයි 2016. සම්ප්‍රවේශය 17 ජූනි 2016.
  4. [1][permanent dead link]
  5. "ක්ලයිම්බර්ස් රීච් මවුන්ට් එවරස්ට් සමිට් ෆො ද ෆර්ස්ට් ටයිම් ඉන් 2 ඉයර්ස්".
  6. "එවරස්ට් 2014: සීසන් සමරි – අ නේපෝල් ට්‍රැජඩි". Alanarnette.com. සම්ප්‍රවේශය 17 ජූනි 2016.
  7. "කත්මන්ඩු පෝස්ට් - 27 මවුන්ටනියර්ස්, ඉන්ක්ලූඩිං 13 නෙපලීස්, ස්කේල් මවුන්ට් එවරස්ට්".
  8. "ආෆ්ටර් 2 ඩෙත්ස්, 30 අදර්ස් ෆ්‍රොස්ට්බිට්න් ඕ සික් ඔන් එවරස්ට්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (22 මැයි 2016). සම්ප්‍රවේශය 22 May 2016.
  9. "2016 එවරස්ට් එක්ස්පෙඩිෂන් නේපෝල්". ඉන්ටර්නැෂනල් මවුන්ටන් ගයිඩ්ස්. සම්ප්‍රවේශය 20 මැයි 2016.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "WillEverest" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=එවරස්ට්_කන්ද&oldid=591551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි