ෆ්ලොරන්ස් නයිටිංගේල්
| ෆ්ලොරන්ස් නයිටිංගේල් | |
|---|---|
| උපත | 12 මැයි 1820 ෆ්ලොරන්ස්හි, ටස්කනි හි මහා ආදිපාද දනව්ව |
| විපත | 13 August 1910 (aged 90) පාක් වීදිය, ලන්ඩන්, එක්සත් රාජධානිය |
| වෘත්තිය | හෙදිය හා සංඛ්‍යානවේදී |
| ආයතනයන් | සෙලිමියේ බැරැක්ක, ස්කුටාරි |
| විශේෂඥතාවය | රෝහල්ස්වස්ථතාව හා සනීපාරක්ෂාව |
| ප්‍රසිද්ධයට හේතු | නූතන හෙද වෘත්තියට පූරෝගාමී වීම |
| සංගණ්‍ය ත්‍යාගයන් | රාජකීය රතු කුරුසය (1883) ඕඩර් ඔෆ් මෙරිට් (1907) |


ෆ්ලොරන්ස් නයිටිංගේල්, OM, RRC (උසුරුවනුයේ /ˈflɒɾəns ˈnaɪtɪŋɡeɪl/; 12 මැයි 1820 – 13 අගෝස්තු 1910), පසුව "පහනක් අතින් ගත් ආර්යාව" ලෙසින් හැඳින්වුනු, පුරෝගාමී හෙදියක, ලේඛිකාවක සහ සුපතල සංඛ්‍යානවේදියක වූවාය.
ජිවිත කතාව
[සංස්කරණය]මුල් දිවිය
[සංස්කරණය]ටස්කනි මහා ආදිපාද දනව්ව හි, ෆ්ලොරන්ස්හි, විලා කොලොම්බයියා හි, ධනවත්, ඉහළ-පෙලැන්තියෙහි, වැදගත් නෑදෑයන් ඇති, බ්‍රිතාන්‍ය පවුලක ඉපදුනු ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ලැබුයේ ඇය උපන් නගරය අනුසාරයෙනි. ෆ්ලොරන්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ පාර්තිනෝපේ (වැහැරෙන්නේ [pɑ:'θi:nəpɪ]) ද මේ ආකාරයටම නම් තැබුණේ, ග්‍රීක ජනපදයක් වන දැනට නේපල්ස් හි කොටසක් වන, ඇය උපන් ස්ථානය අනුවමය.
ඇයගේ මව්පියන් වූයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් (1794–1874) සහ ෆ්‍රාන්සස් ("ෆැනී") නයිටිංගේල් විවාහයට පෙර ස්මිත් (1789–1880) වේ. විලියම් නයිටිංගේල් උපත ලැබුයේ විලියම් එඩ්වඩ් ෂෝ ලෙසිනි. ඔහුගේ මව මේරි විවාහයට පෙර ඉවාන්ස් යනු පීටර් නයිටිංගේල් නමැත්තෙකුගේ ලේලියක් වූ අතර, මොහුගේ අන්තිම කැමති පත්‍රයෙහි කොන්දේසි ප්‍රකාර විලියම් ෂෝ හට ඩර්බිෂයර් හි මෙහුගේ ලියා හර්ස්ට් වතු යාය හිමි වූවා පමණක් නොව, නයිටිංගේල් නම හා වංශ විහ්නයද අයත් විය. ෆැනී ගේ පියා (ෆ්ලොරන්ස්ගේ මාතෘ පාර්ශවයෙන් සීයා) වූයේ අවලංගු වාදී විලියම් ස්මිත් වේ.