ෆරීදා ඛානුම්
HI PP ෆරීදා ඛානුම් فرِیدہ خانُم | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | ෆරීදා ඛානුම් |
උපත | 1929 (වයස 94–95) අම්රිත්සාර්, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
ප්‍රභේද | ඝසල් • දාද්රා • ඛ්යාල් • ථුම්රි |
වෘත්තිය | ගායිකා |
සක්‍රීය වර්ෂ | 1949–2015 |
ලේබල | කෝක් ස්ටූඩියෝ පාකිස්තාන් PTV රේඩියෝ පාකිස්තාන් |
සම්බන්ධිත රඟපෑම් | අමානත් අලි ඛාන් • නූර් ජෙහාන් |
ෆරීදා ඛානුම් HI PP (උර්දු/පන්ජාබි: فرِیدہ خانُم ) යනුවෙන් හැඳින්වෙන්නේ පන්ජාබයේ පාකිස්තානි සම්භාව්‍ය ගායන ශිල්පිනියකි.
මුල්කාලීන දිවිය
[සංස්කරණය]ඇය උපත ලැබූයේ 1929 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කල්කටා හි ය. ඇයට සොයුරියක සහ සොහොයුරන් තිදෙනකු විය. ඇගේ සොයුරිය වන මුඛ්තර් බෙගම් ප්‍රසිද්ධ ගායිකාවකි. ඇයට වයස 18 වන විට, ඇගේ මුළු පවුලම බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අම්රිත්සාර් සිට පාකිස්තානයේ ලාහෝර් වෙත සංක්‍රමණය වී ඇත.[1]
පාතියාලා ඝරණ හි උස්තාද් ආෂික් අලි ඛාන් වෙතින් ඇය ඛයාල්, ථුම්රි සහ දද්‍රා හැදෑරුවා ය. ළමා වියේ දී ඇගේ සොයුරිය වූ මුඛ්තර් බෙගම් ඇයව ඛාන්ගේ රියාස් (සම්භාව්‍ය සංගීත පුහුණුව) වෙත රෙගෙන ගියා ය.[2][3] 1947 ඉන්දියාව බෙදීමත් සමඟ ඇගේ පවුල පාකිස්තානය වෙත සංක්‍රමණය වූහ.[2]
වෘත්තිය
[සංස්කරණය]ෆරීදා සිය ප්‍රථම මහජන ප්‍රසංගය පැවැත්වූයේ 1950 දී ය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 21 කි. අනතුරුව ඇය රේඩියෝ පාකිස්තාන් වෙත සම්බන්ධ වූ අතර, එමඟින් ප්‍රසිද්ධියට පත් විය.[4] 1960 දශකයේ පාකිස්තාන ජනාධිපති ආයුබ් ඛාන් විසින් ඇයට මහජන ගායනාවක් සඳහා ආරාධනා කිරීමත් සමංග ඇය ජනාදරයට පාත්‍ර විය. ඇය පාකිස්තාන් ටෙලිවිෂන් ඇතුළු අනෙකුත් පාකිස්තාන රූපවාහිනී නාලිකා රැසක පෙනී සිට තිබේ.[5] ඇගේ ඝසල් ගායනා අතුරින් වඩාත්ම ප්‍රකට ගායනාව වන්නේ ප්‍රකට කවියකු වූ ෆයියාස් හෂ්මි විසින් රචිත ආජ් ජානේ කි සිද් නා කරෝ ගීතයයි.[6] 2015 දී, 86 වන වියේ සිටි ඇය මෙම ඝසල් ගීය කෝක් ස්ටූඩියෝ වාරය 8 සඳහා ගායනා කළා ය.[7]
පසුකාලීන 1960 හෝ මුල්කාලීන 1970 දශකයන් හි ෆරීදා ඛානුම් ප්‍රසංග සඳහා ඇෆ්ඝනිස්තානයේ කාබුල් වෙත පැමිණ තිබේ. එහි දී ඇය, ඇෆ්ඝන් සංගීතඥයන් සමඟ එක්ව පර්සියානු-භාෂා ඝසල් ගායනා ඉදිරිපත් කොට ඇත.
පෞද්ගලික දිවිය
[සංස්කරණය]ෆරීදා ඛානුම් පාකිස්තානයේ ලාහෝර් හි ජීවත් වේ ඇයට දියණියන් පස්දෙනකු සහ එක් පුත්‍රයකු වේ. PTV මාලා නාට්‍යයක් වූ සෝනා චන්දි (1982) හි රංගනය නිසා කීර්තියට පත් ශීබා හසන් යනු ඇගේ ලේලියයි. පාකිස්තානය තුළ ෆරීඩා ඛානුම් ඝසල් රැජින යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.[7]
ගීතාවලිය
[සංස්කරණය]- 1978 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට්
- 1979 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට් වෙළු. 2
- 1985 Taghazzul Farida Khanum Vol 1
- 1980 Farida Khanum in Concert Vol. 3
- 1993 Farida Khanum: Meri Pasand Vol 2
- 1993 Farida Khanum: Meri Pasand Vol 1
ශබ්දාගාර නිකුතු
[සංස්කරණය]වර්ෂය | තේමාව | ඇල්බම විස්තර | පථ ලැයිස්තුව |
---|---|---|---|
1993 | Farida Khanum: Meri Pasand Vol 1 | Digital Release Date: 9 April 1993
|
|
1993 | Farida Khanum: Meri Pasand Vol 2 | Digital Release Date: 9 April 1993
|
|
Compilations and live albums
[සංස්කරණය]Year | Title | Album details | Track listing |
---|---|---|---|
1978 | Farida Khanum In Concert | Digital Release Date: 1 December 1978
|
|
1980 | Farida Khanum In Concert Vol. 3 | Digital Release Date: 1 January 1980
|
|
1985 | Taghazzul Farida Khanum Vol 1 | Digital Release Date: 1 July 1985
|
|
1979 | Farida Khanum In Concert Vol. 2 | Digital Release Date: 1 October 1979
|
|
සම්මාන සහ ගෞරවයන්
[සංස්කරණය]2005 පාකිස්තානයේ ජනාධිපති වෙතින් හිලාල්-ඉ-ඉමිතියාස් ගෞරවය[2][7]
1970 පාකිස්තානයේ ජනාධිපති වෙතින් ප්‍රයිඩ් ඔෆ් පර්ෆෝමන්ස් සම්මානය
2005 ඉන්දියාව මඟින් හෆීස් අලි ඛාන් සම්මානය[2]
මලිකා-ඉ-ඝසල් (ඝසල් රැජින) ලෙස ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා විසින් නම්කරන ලදී (2007)[4][7]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Farida Khanum: Memories New and Old : ALL THINGS PAKISTAN". Pakistaniat.com. 12 December 2007. සම්ප්‍රවේශය 20 June 2018.
- ^ a b c d "Pride of Pakistan -- Farida Khanum: The Iconic Ghazal Singer (includes Hilal-i-Imtiaz Award info)". Pakistan360degrees.com website. 19 July 2010. සම්ප්‍රවේශය 20 June 2018.
- ^ "Song Sung True (Farida Khanum interview)". Indian Express (newspaper). 4 May 2010. සම්ප්‍රවේශය 21 June 2018.
- ^ a b "Fareeda Khanum: Made in India, queen of Pak music". The Times of India. 10 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Retrieved 21 June 2018
- ^ Farida Khanum performance on YouTube Retrieved 21 June 2018
- ^ Rajan, Anjana (13 November 2006). "When mood and melody merged". The Hindu (newspaper). සම්ප්‍රවේශය 8 April 2018.
- ^ a b c d Profile of Farida Khanum on Coke Studio (Pakistan) website Retrieved 20 June 2018
බාහිර සබැඳි
[සංස්කරණය]- ෆරීදා ඛානුම් සඳහා IMDb හි ඇති තොරතුරු
- Farida Khanum's 2015 performance at Coke Studio (Pakistan)