හෙක්ටර් මැක්ඩොනල්ඩ්

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ්
හෙක්ටර් මැක්ඩොනල්ඩ්
ඊජිප්තියානු හමුදා නිල ඇඳුමෙන් සැරසී
වෙනත් නම්ෆයිටිං මැක්
උපත4 මාර්තු 1853(1853-03-04)
බ්ලැක් අයිල්, ස්කොට්ලන්තය
මරණය25 March 1903(1903-03-25) (වයස 50)
පැරිසිය, ප්‍රංශය
පක්ෂපාතිත්වය එක්සත් රාජධානිය
සේවය කළ වසර1870–1903
පදවියමේජර් ජනරාල්
අණදීම්හයිලන්ඩ් බ්‍රිගේඩ්
සටන්/යුද්ධදෙවන එංගලන්ත-ඇෆ්ගන් යුද්ධය
පළමුවන බෝර් යුද්ධය
සුඩාන් මෙහෙයුම
දෙවන බෝර් යුද්ධය
ප්‍රදානනයිට් කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බාත්
ඩිස්ටින්ගිෂ්ඩ් සර්විස් ඕඩර්

ෆයිටිං මැක් ලෙසින්ද හැඳින්වූ, මේජර් ජනරාල් ශ්‍රීමත් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ්, KCB, DSO (4 මාර්තු 1853 – 25 මාර්තු 1903), වික්ටෝරියානු යුගයේ කීර්තිමත් සොල්දාදුවෙකි.

කුඩා වතු හිමියෙකුගේ පුතෙකුවූ මැක්ඩොනල්ඩ්, වයස අවුරුදු 15 වීමට ප්‍රථම පැසැල් හැර ගොස්, වයස අවුරුදු 17 ක්වත්ම සාමාන්‍ය භටයෙකු ලෙසින් ගෝර්ඩන් හයිලන්ඩර්ස් වෙත බැඳී, තම වෘත්තිය කෙළවර මේජර් ජනරාල් වරයෙකු වූ අතර, "තම කුසලතාවය හා වෘත්තිය දක්ෂතාවය නිසාවෙන්ම සාමාන්‍ය භටයෙකුව සිට ඉහළ නැග පැමිණි බ්‍රිතාන්‍ය හමුදා ජනරාල්වරුන් ස්වල්ප දෙනා අතුරින් එක් අයෙකු විය."[1] ඔම්ඩර්මන්හි ක්‍රියාන්විතයන්හිදී (1896) විශිෂ්ටත්වය පෙන්නුම් කල ඔහු, එංගලන්තයෙහි හා ස්කොට්ලන්තයෙහි ජනප්‍රිය වීරයෙක් වූ අතර, දෙවන බෝර් යුද්ධයෙහිදී ඔහුගේ සේවාව වෙනුවෙන් නයිට් පදවියෙන් පුදනු ලැබීය.[1] බ්‍රිතාන්‍ය හමුදාවන්හී ආඥාපති ලෙසින් ලංකාවට (ශ්‍රී ලංකාව) පත් කරනු ලැබුනු ඔහු 1903දී සිය දිවි නසා ගත්තේ ස්වදේශීය පිරිමි ලමුන් හා සමගින් සමලිංගික ඇසුරෙහි යෙදුනු බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.[2]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 හැරල්ඩ් ඊ. රෝහ්, "ද වික්ටෝරියන්ස් ඇට් වෝ, 1815-1914: ඇන් එන්සයික්ලොෆීඩියා ඔෆ් බ්‍රිටිෂ් මිලිටරි හිස්ට්‍රි, (ABC-CLIO, 2003)
  2. ඩෙනිස් ජඩ්, එම්පයර්: ද බ්‍රිටිෂ් ඉම්පීරියල් එක්ස්පීරියන්ස්, ෆ්‍රොම් 1765 ටු ද ප්‍රසන්ට්, 2001, පි.171.
"https://si.wikipedia.org/w/index.php?title=හෙක්ටර්_මැක්ඩොනල්ඩ්&oldid=208104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි