Jump to content

හසේකි සුල්තාන්

විකිපීඩියා වෙතින්
හසේකි සුල්තාන් -
ඕටමන් අධිරාජ්‍යය
සුලෙයිමාන් Iගේ නීත්‍යානුකූල භාර්යාව වූ රුතේනියානු ජාතික හුරෙම් සුල්තාන්ගේ සමකාලීන සිතුවම. හසේකි සුල්තාන් යන පදවි නාමය දැරූ ඔටෝමාන් සුල්තාන්වරයෙකුගේ පළමු බිරිඳ ඇයයි.
විලාසයහසේකි සුල්තාන්
නිල නිවසටොප්කප මාලිගාව
තනතුර ඇතිකල දිනයආ. 1534
මුලින්ම තනතුර දැරූයේහුරෙම් සුල්තාන්
අවසන් වරට තනතුර දැරූයේරාබියා සුල්තාන්
තනතුර අහෝසිකල දිනය1695

හසේකි සුල්තාන් යනු ඔටෝමාන් සුල්තාන්වරයෙකුගේ ප්‍රධාන භාර්යාව සඳහා භාවිතා කරන ලද පදවි නාමයයි. පසු කාලීනව, මෙහි අර්ථය "අධිරාජ්‍ය භාර්යාව"[1] ලෙස වෙනස් විය. සුලෙයිමාන් I ගේ ප්‍රධාන බිරිඳ සහ නීත්‍යානුකූල භාර්යාව වූ හුරෙම් සුල්තාන් මෙම පදවියේ පළමු හිමිකාරිය විය[2]. ඊබ්‍රහීම් I යටතේ මෙම පදවියට එහි සුවිශේෂත්වය අහිමි විය, ඔහු එය කාන්තාවන් අට දෙනෙකුට එකවර ප්‍රදානය කළේය. හසේකි සුල්තාන් යන මාතෘකාව 17 වන සියවස දක්වා භාවිතා විය. ඊට පසු, කඩිනෆෙන්ඩි අධිරාජ්‍ය භාර්යාවන් සඳහා ඉහළම ශ්‍රේණිගත කිරීමේ පදවි නාමය බවට පත් විය, නමුත් මෙම මාතෘකාව හසෙකි සුල්තාන් තරම් කීර්තිමත් නොවීය.

හසේකිවරියන්ගේ ලයිස්තුව

[සංස්කරණය]

මෙම පදවිය ප්‍රථම වරට 16 වන සියවසේදී රොක්සෙලානා ලෙසද හැඳින්වෙන හුරෙම් සුල්තාන් සඳහා භාවිතා කරන ලදී, ඇයට සුලෙයිමාන් I විසින් අනුග්‍රහය ලබා දුන් විට. ඇය ඔහුගේ ප්‍රධාන බිරිඳ වූ අතර සෙලීම් II මව විය. හුරෙම් සුල්තාන් සුල්තාන් සුලෙයිමාන් සමඟ විවාහ වූ අතර, ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ සහ ඔටෝමාන් අධිරාජ්‍යයේ බලවත්ම කාන්තාවක් බවට පත්විය. මීළඟට මෙම පදවිය හිමිවූයේ සෙලීම් II ගේ නීත්‍යානුකූල බිරිඳ සහ ඊළඟ සුල්තාන් මුරාද් III ගේ මව වූ නුර්බානු සුල්තාන්ටය. 1575 දී, මුරාද්ගේ බලයට පත්වීමෙන් පසුව, සාෆියේ සුල්තාන් හසේකි බවට පත් වූ අතර, සුල්තාන්ගේ සොහොයුරියන් වන ඉස්මිහාන් සුල්තාන්, ගෙව්‍රහන් සුල්තාන් (සෙලීම් II ගේ දියණිය) සහ ශාහ් සුල්තාන්ට වඩා උසස් නිලයක් ලබා දෙන ලදී.

"ලෙස්ලි පී පීරිස්" පෙන්වා දෙන්නේ III වන මෙහෙමෙද්ගේ පාලන සමයේදී හසේකි යන මාතෘකාව භාවිතයට නොපැමිණි බවයි. කෙසේ වෙතත්, සමකාලීන ඉතිහාසඥ "මුස්තාෆා සෙලනිකිට" අනුව, මෙහෙමෙද්ගේ පුතෙකුගේ මවක් වූ හසේකිවරියක් සිටි අතර, ඔහුගේ පාලන සමයේ මුල් භාගයේදී 1598 ජූලි මාසයේදී වසංගතයෙන් ඇය මිය ගිය බවයි. මෙහෙමෙද්ගේ පුත් ආහමෙද් I ඔහුගේ ප්‍රියතම බිරිඳ සහ IV වන සුල්තාන් මුරාද්ගේ සහ ඉබ්‍රාහිම්ගේ මව වන කොසෙම් සුල්තාන් හට හසේකි යන නාමය ලබා දුන්නේය. ඔස්මාන් II සතුව අයිශේ සුල්තාන් නම් එක් හසේකිවරියක් සිට ඇත. "ප්‍රිවි පර්ස්" වාර්තා කරන්නේ මුරාද්ගේ 17 වසරක පාලන සමය අවසන් වන තුරුම අයිශේ සිටි බවයි. නමුත් තවමත් හසේකිවරු කුමාරිකාවන්ට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීමක් දිගටම කරගෙන ගියහ. ඉබ්‍රාහිම්ට හසේකිවරුන් අට දෙනෙක් සිටියහ. ටුර්හාන් සුල්තාන්, අශුබ් සුල්තාන්, මුවාසෙස් සුල්තාන්, අයිශේ, මහියෙන්වෙර්, ශිවෙකාර් සුල්තාන්, සජ්බාලි සහ හුමාශා සුල්තාන්. ඉබ්‍රාහිම්ගේ පුත්‍රයාට සහ අනුප්‍රාප්තිකයාට ගුල්නුශ් සුල්තාන් නම් එක් හසේකිවරියක් සිටින බව දන්නා කරුණකි. සුලෙයිමාන් IIට හසේකිවරියක් නොසිටියහ. ඔහුගේ සොහොයුරා වන අහමෙද් IIට රබියා සුල්තාන් නම් එක් හසේහසේකිවරියක් සිටියේය.

Name Maiden Name Origin Ceased to be the Imperial Consort Death Spouse
හුරෙම් සුල්තාන්
خُرَّم سلطان
ඇලෙක්සැන්ඩ්‍රා හෝ
ඇනස්ටාසා ලිසොව්ස්කා
රුතේනියානු ඕතඩොක්ස් පූජකයෙක්ගේ දියණිය15 April 1558සුලෙයිමාන් I
නූර්බානු සුල්තාන්
نور بانو سلطان
Cecilia Venier-Baffo or
රේචල් හෝ
කාලේ කර්තානූ
වංශවත් වෙනීෂියන් හෝ යුදෙව් හෝ ග්‍රීක15 දෙසැම්බර් 1574
ස්වාමියාගේ මරණය
7 දෙසැම්බර් 1583සෙලීම් II
සෆියේ සුල්තාන්
صفیه سلطان
Albanian or noble birth from Venetian15 January 1595
husband's death
10 November 1618මුරාද් III
කොසෙම් සුල්තාන්
قسّم سلطان
AnastasiaGreek.Daughter of a priest on the island of Tinos22 November 1617
husband's death
3 September 1651Ahmed I
Ayşe Sultan
عایشه سلطان
unknown[3]1622
husband's deposition
after 1640Osman II
Ayşe Sultan
عایشه سلطان
Greek1640
husband's death
1680Murad IV
Şemsişah Sultan
Possible second Haseki of Murad
Unknow1640
husband's death
After 1640Murad IV
Turhan Sultan
ترخان سلطان
NadyaRussian or Ukrainian12 August 1648
husband's death
4 August 1683Ibrahim I
Saliha Dilaşub Sultan
آشوب سلطان
unknown[4]12 August 1648
husband's death
4 December 1689
Muazzez Sultan
معزز سلطان
unknown[4]12 August 1648
husband's death
1687
Ayşe Sultan
عایشه سلطان
AyşeCrimean Tatar12 August 1648
husband's death
Mahienver Sultan
ماه انور سلطان
Circassian12 August 1648
husband's death
Saçbağlı SultanLeylaCircassian12 August 1648
husband's death
1694
Şivekar Sultan
شوکار سلطان
MeryemArmenian12 August 1648
husband's death
11 September 1688
Hümaşah Sultan
ھما شاہ سلطان
HumasahCircassian or probably from Georgian12 August 1648
husband's death
28 April 1680
Gülnuş Sultan
گلنوش سلطان
Evmania VoriaGreek8 November 1687
husband's deposition
6 November 1715Mehmed IV
Rabia Sultan
رابعه سلطان
UnknownUnknown6 February 1695
husband's death
14 January 1712Ahmed II

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Peirce 1993, පිටු අංකය: 107.
  2. Peirce (1993) p. 91
  3. Peirce 1993, පිටු අංකය: 106.
  4. 1 2 A.D. Alderson, The Structure of the Ottoman Dynasty, Clarendon Press, Oxford, 1955, p.83
"https://si.wikipedia.org/w/index.php?title=හසේකි_සුල්තාන්&oldid=778803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි