හුරෙම් සුල්තාන්

විකිපීඩියා වෙතින්
හුරෙම් සුල්තාන්
"ලා සුල්තානා රොසා" නම් වූ ටිටියන් විසින් ආලේඛ්‍ය චිත්‍රය, c. 1550
ඔටෝමාන් අධිරාජ්‍යයේ
(අධිරාජ්‍ය භාර්යාව) හසේකි සුල්තාන්
නිල කාලය1533 – 15 අප්‍රේල් 1558
අනුප්‍රාප්තිකයානුර්බානු සුල්තාන්
උපතඇලෙක්සැන්ඩ්රා හෝ ඇනස්ටේෂියා
ආ. 1500-1502
රොහටින්, රුතේනියාව, පෝලන්ත රාජධානිය (වර්තමානයේ යුක්රේනය)
මරණය15 අප්‍රේල් 1558 (වයස 55-58)
ටොප්කප මාලිගාව, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය (වර්තමානයේතුර්කිය)
භූමදානයසුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය, ඉස්තාන්බුල්
වල්ලභයාසුලෙයිමාන් I (වි. 1533)
දරුවන්
පියාලිසොව්ස්කි, සමහරවිට රුතේනියානු ඕතඩොක්ස් පූජකයෙක්[1]
ආගමසුන්නි ඉස්ලාම්, previously පෙරදිග ඕතඩොක්ස් ක්රිස්තියානි

හුරෙම් සුල්තාන් ආ.1500-1502 – 15 අප්‍රේල් 1558), රොක්සෙලේනා ලෙසද හැඳින්වේ(Ukrainian: Роксолана; ඇය ඔටෝමාන් සුල්තාන්, සුලෙයිමාන් I ගේ ප්‍රධාන බිරිඳ සහ නීත්‍යානුකූල භාර්යාව වූවාය. ඇය ඔටෝමාන් ඉතිහාසයේ බලවත්ම සහ බලගතු කාන්තාවක් මෙන්ම කාන්තාවන්ගේ සුල්තාන් රජ්‍යය ලෙස හැඳින්වෙන යුගයේ ප්‍රමුඛ හා මතභේදාත්මක චරිතයක් බවට පත්විය.

රුතේනියාවේ(එවකට පෝලන්ත රාජධානියේ නැගෙනහිර ප්‍රදේශයක්, දැන් රොහාටින්, යුක්රේනය) නැගෙනහිර ඕතඩොක්ස් පූජකයෙකුට දාව රුතේනියාවේ උපත ලද හුරම් වහල් වැටලීමකදී ක්‍රිමියානු ටාටාර්වරුන් විසින් අල්ලා ගන්නා ලද අතර අවසානයේ ඔටෝමාන් අගනුවර වන ඉස්තාන්බුල් වෙත ගෙන යන ලදී.[2]

ඇය 'ඉම්පීරියල් හරේම්' වෙත ඇතුළු වී, ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගොස් සුල්තාන් සුලෙයිමාන්ගේ ප්‍රියතමයා බවට පත්විය. ඔටෝමාන් සම්ප්‍රදාය බිඳ දමමින්, ඔහු හුරෙම් සමඟ විවාහ වූ අතර, ඇයව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කර ගත්තේය. සුල්තාන්වරුන් මීට පෙර විවාහ වී ඇත්තේ විදේශීය නිදහස් උතුම් කාන්තාවන් පමණි. හසේකි සුල්තාන් යන පදවි නාමය ලැබූ පළමු අධිරාජ්‍ය භාර්යාව වූයේ ඇයයි. හුරෙම් ඇගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ සුල්තාන්ගේ මළුවෙහි රැඳී සිටි අතර, ඇගේ ස්වාමිපුරුෂයා සමඟ සමීප සහ විශ්වාසවන්ත සබඳතාවක් භුක්ති විඳිමින්, අනාගත සුල්තාන් සෙලීම් II ඇතුළුව ඔහු සමඟ දරුවන් හය දෙනෙක් සිටියාය. ඇය මුරාද් IIIගේ මිත්තනිය වේ.

ඔටෝමාන් අධිරාජ්‍යයේ දේශපාලනයට බලපෑම් කරමින් අවසානයේ හුරෙම් බලය ලබා ගත්තේය. ඇගේ සැමියා හරහා ඇය රාජ්‍ය කටයුතුවල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළාය. ඇය බොහෝ විට සුල්තාන්ගේ උපදේශකවරිය ලෙස ක්‍රියා කර, පෝලන්තයේ සිගිස්මන්ඩ් II ඔගස්ටස් රජුට (රා.  1548  –  1572) රාජ්‍ය තාන්ත්‍රික ලිපි ලියා ඇති අතර හසෙකි සුල්තාන් සංකීර්ණය සහ හායා සොෆියා හුරෙම් සුල්තාන් ස්නානාගාරය තැනීම ඇතුලු ප්‍රධාන පොදු කටයුතුවලට අනුග්‍රහය දැක්වීය. ඇය 1558 දී ඉස්තාන්බුල් හි මිය ගිය අතර සුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය සංකීර්ණය තුළ ඇති සොහොන් ගෙයක තැන්පත් කරන ලදී.

  1. Dr Galina I Yermolenko (2013). Roxolana in European Literature, History and Culturea. Ashgate Publishing, Ltd. p. 275. ISBN 978-1-409-47611-5. 14 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. "2 Reasons Why Hurrem Sultan and Empress Ki were similar". Hyped For History (ඉංග්‍රීසි බසින්). 2022-09-13. සම්ප්‍රවේශය 2022-09-19.
"https://si.wikipedia.org/w/index.php?title=හුරෙම්_සුල්තාන්&oldid=519372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි