හල්දුම්මුල්ල ජාතික ඔසු උයන

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පිහිටීම[සංස්කරණය]

Jathika.png

කොළඹ-බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල පසුකර බෙරගල දෙසට ගමන් කරන විට හමුවන බත්ගොඩ ගම්මානයේ මෙම ඔසුඋයන පිහිටා ඇත. එය කොළඹ සිට කි.මී.184ක් දුරින් බෙරගල හන්දිය ආසන්නයේ පිහිටා තිබේ.

ආරම්භය[සංස්කරණය]

1764දී අාරම්භ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ලෝක වන සත්ව අරමුදලේ ආධාර වලිනි. දැනට මෙය පවත්වාගෙන යනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසිනි.

හල්දුම්මුල්ල ඔසු උයන ඇරඹීමේ අරමුණු[සංස්කරණය]

1) ඖෂධ සහ ඖෂධ පැළෑටි පිළිබඳ පර්යේෂණ කිරීම.

2) වඳ වී යන පැළෑටි ආරක්‍ෂා කිරීම සහ ශාක පිළිබඳ පර්යේෂණ සඳහා සහය දීම.

3) දුර්ලභ පැළෑටි දැක ගැනීමට අවස්ථාව සලසා දීම.

ශාක වි‍ශේෂ[සංස්කරණය]

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ රැසක් මෙහි ඉතා සාර්ථකව වැඩී ඇති අයුරු දැක ගත හැකිය. වඳ වී ගොස් ඇතැයි සැලකුණු දුහුදු වැල් සහ වඳ වීමේ තර්ජනයට ලක් වූ බිං කොහොඹ ඒ අතර වේ. මෙහි රෝපණය කර ඇත්තේ බලංගොඩ රජවක වනාන්තර වලින් ලැබුණු දුහුදු ශාඛයක් වන අතර ඊට පසුව නිල්ගල ප්‍රදේශයෙන්ද මෙම වටිනා ශාකය වාර්තා වීම සතුටට කරුණකි. හිමාලය කඳු බෑවුම් වලද මෙම ශාඛය වැවේ. පුරාණයේ ජ්‍යොතිෂ්මතී නම් මොළයේ සෛල වර්ධනය කරනා වටිනා තෙල සිඳ ඇත්තේ දුහුදු ඇට වලින් බව සඳහන්වේ. වඳ වී යමින් පවතින ශාඛ විශේෂ ද ඇතුළුව ඔසු විශේෂ 425ක් පමණ මෙහි වගා කර ඇත.

ඔසු උයන කලාප 4කට ‍බෙ‍දා ඇත[සංස්කරණය]

1)ඒ කලාපය

මෙය ස්වභාවික වනාන්තර කොටසකි. එය ඖෂධ ශාඛ වලට පමණක් නොව වන සීපාවන්ට සහ පක්ෂි විශේෂ 112කට අධික සංඛ්‍යාවකට අභය භූමියක් වී ඇත. මේ අතරින් 57ක් පයර්යටනික පක්ෂීහු වෙති. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ රැසක්ද මෙහි හමු වේ. අලු කෑදැත්තා, වලිකුකුළා, රන් නලල් කොට්ටෝරුවා, ගිරා මලිත්තා පිට රතු බට ගොයා, මහ නීලගොයා වැනි ආයේණික පක්ෂීන් ඒ අතර දැක ගත හැකිය. ඕලු මුවා, කොළ දිවියා, බළල් දිවියා, දිය බල්ලා, හාවා ඇතුළු ක්‍ෂීරපායීහුද මෙහි වසති. අවට බොහෝ ඉඩම් තේ වගාවට එළි කර තිබෙන නිසා ප්‍රදේශයේ වන සීපාවන් හා පක්‍ෂීන් නිදහසේ හැසිරීමට මෙම වනපෙත තෝරාගෙන ඇති බව පෙනේ. එසේම සමනළයන්ටබිත්තර දැමීම සඳහා සුදුසු සප්සඳ වැල් සහ පැගිරි කුලයේ ශාක පැවතීම එයට හේතුවයි. ලාජ් බර්ඩ්, වින්ග් බ්ලූ, බොට්ල් රෙඩ් හෙලන්, බ්ලූ මෝමන් වැනි සමනළයන් ඒ අතර වේ.

2)බී කලාපය

තෘණ වගා නර අලංකාරව සකසා ඇති මාවතක් ඔස්සේ ඒ කලාපයේ සිට බීකලාපයට පිවිසිය හැක. බී කලාපයේ අතිවිඩයම්. අති උදයම්, මස් බැද්ද, බක් මී,බදුල්ල, හීන් අරත්ත, කයිප්පු, කනේරු,කතුරුපිල, ලොත් සුඹුල්, මූන මල්,නෙල්ලි,කොස් ගොන්න ඇතුළු ඔසු විශේෂ 61ක් නැරඹීමට පුළුවන.

3)සී කලාපය

අහු, අක්මැල්ල, අඳු, අරළු, අශෝක, ඇටඹ, අත්තා, අරූද, සංජීවනී, බාකුවි, හීං බං කොහොඹ, කයිල, කරුවල, කට්ටකුමංජල්, භූමී චම්පා, දැත්ත, දියමිත්ත, දුහුදු,දුටුසතුටු, එළිනිතුල් ගොඩ මානෙල්, ගල් කප්පරවල්ලිය, බිං කොහොඹ, ජයපාල,කහ කරඹු, කරල් හැබ, කටුවැල් බටු, කුඩුදවුලා, කුඩා සුදනා, මලිත, කුකුරු මාන්,මහ නාම්බා, මහ මැඩියා, මයුරපාද, සප්සද, යක්බේරිය ඇතුළු ශාක විශේෂ 157කට නිවහන වේ.

4)ඩී කලාපය

ඩී කලාපයේ ඇත්තේ අඔ,අඬනහීරියා,අශ්වගන්ධ,ගස්පුපුල, බටදොඔ,ගස් කයිලා, ගම්මාලු, කලවැල්, රත් හඳුන්, සවුක්කු, තෙලඹු, වා, වල් කොහොඹ,මදටිය ඇතුළු ඔසු විශේෂ 56කි.

ඔසු උයනේ වැදගත්කම[සංස්කරණය]

මෙතෙක් වචනයෙන් පමණක් අසා ඇති බොහෝ ඔසු විශේෂ දැකබලාගෙන අධ්‍යයනය කිරීමට මෙම සුන්දර පර්යේෂණ ඔසු උයන කදිමය. පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම පර්යේෂකයන්ටත් එය විවෘත වී ඇත. ඔසු වගා වලින් ලැබෙන අස්වැන්න අලෙවි කිරීමෙන් ආදායමක් උපයා ගැනීමටත් අවස්ථාව ලැබී ඇත.මෙහි පිහිටි පැළ තවානෙන් අයශ්‍ය එසු පැල මිලදී ගැනීමටත් පහමුකම් සලසා තිබේ. ඉතා දුර්ලභ බිං කොහොඔ පැළ පවා හරිත ගෘහ වල බෝ කර මෙහි අලෙවියට ඇත.සෙවණ ප්‍රිය කරන ශාකයක් වූ බිං කොහොඔ, ගෘහකරණය කරවිසිතුරු පැළෑටියක් ලෙස වගා කිරීම සඳහා මෙහි සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබේ. එක් හරිත ගෘහයක් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ බිං කොහොඔ පැළසඳහාය. ඔසු උයනට වෙනත් පරිසර වපින් රැගෙන එන ඖෂධ පැළෑටි ක්‍ෂෙත්‍රයේ සිටුවීමට පෙර මෙම පරිමරයට හුරු කරවීම සඳහා දැල් ගෘහ භාවිතා කරයි.පරිසරයට ආදරය කරනා ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට කැමති කාටත් මෙම උද්‍යානයෙන් ලබා ගත හැක්කේ වටිනා අත්දැකිම් සම්භාරයකි.

රාජ්‍ය අනුග්‍රහය[සංස්කරණය]

මෙම ඔසු උයන තුළ පර්යේෂණ සිදු කිරීම් සහ ඉගෙනීමේ කටයුතු සඳහා දේශන ශාලාවක් සහ නවාතැන් පහසුකම් සහිත ශාලාවක් 2006.06.01 දින දේශීය ඖෂධ පිළිබඳ ගරු අමාත්‍ය සහ ආගමික සබඳතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම ඡායාරූපයෙන් දර්ශනය වන්නේ එම සමාරම්භක උළෙලට සහභාගි වු,දේශීය ඖෂධ පිළිබඳ ගරු අමාත්‍ය සහ ආගමික සබඳතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා,ආයුර්වේද කොමසාරිස් ආර්.පී.ඩබ්.ගුණවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය(දකුණ).

උපුටා ගැනීම්[සංස්කරණය]

නවයුගය 2007 නොවැම්බර් කලාපය.

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

  • www.ayurweda.gov.lk