හම්දී ෆස්ලීන්
හම්දී ෆස්ලීන් | |
---|---|
උපත | 2020 අප්‍රේල් |
විපත | 2023 ජුලි 28 රිජ්වේ ආර්යා ළමා රෝහල |
වාසස්ථානය | කොටහේන, කොළඹ |
හම්දී ෆස්ලීන් නොහොත් හම්දි ෆෂ්ලීම් වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට 2023 ජුලි මස 27 දින, අවුරුදු 3 මාස 3ක වයසේදී ජීවිතක්ෂයට පත්විය[1]
එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වී ඇත.
කෙසේවෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරයි.
වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබේ.
සිද්ධිය පිලිබඳ කාලරාමුව
[සංස්කරණය]දිනය | විස්තරය |
---|---|
2022
දෙසැ 22 |
වෛද්‍ය නිර්දේශ මත රෝහලට ඇතුළත් කිරීම[2][3] |
2022
දෙසැ 24 |
විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් විසින් ශල්‍යකර්මය සිදු කිරීම[4] |
2023 මැයි 23 |
|
2023
ජුලි 28 |
දරුවාගේ මරණය |
2023
ජුලි 29 |
දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය. |
2023
ජුලි 30 |
පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වීමෙන් පසු දරුවාගේ දේහය දෙමාපියන් වෙත භාරදුන් අතර පසුව දේහය ඔහු පදිංචිව සිටි කොටහේන නිවස වෙත රැගෙන ආවේය. පැයකට ආසන්න කාලයක් නිවසේ තැන්පත් කර තිබුණු දේහය පසුව මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමිය වෙත රැගෙන විත් භූමදාන කෙරුණි.[5] |
2023 අගෝස්තු 31 |
|
මියගිය දරුවාගේ මව ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්
[සංස්කරණය]''බයවෙන්න එපා මාස තුනකින් වගේ ඕගොල්ලන්ට අපි වකුගඩුව හොයලා එයාට බද්ධ කරලා එයාව ජීවත් කරවන්නම් කියලා තමා කිවුවේ. ඒකෙ විශ්වාසට තමා ළමයගේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙලා ඉවසගෙන හිටියේ. අන්තිමට මගේ ළමයගේ වකුගඩු දෙකම නෑ කියලා කිවුවා. එන්ඩ එන්ඩ තමා එයා වීක් වුණේ. එයාට බඩ යන්න පටං ගත්තා. එයාට ඉන්ෆ්ලෙක්ෂන් එක වැඩි වුණා. එහෙම එහෙම වෙලා දුර්වල වෙලා කන්නෙ බොන්නෙ නැතිවෙලා වතුර උගුරක් වත් අන්තිමට බිවුවෙ නෑ. අන්තිමට මගේ ළමයා මට නැතිවුණා''
සිය දරුවා රෝගි වූ මුල් අවස්ථාවේ සිටම එක්තරා විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් බවත් පෙර කී සැත්කම ඔහු විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔහු වෙනුවට ඔහුගේ සහායක ලෙස කටයුතු කළ වෙනත් වෛද්‍යවරයකු විසින් එම ශල්‍යකර්මය සිදුකර ඇති බවත් එම වෛද්‍යවරයාගේ අත්වැරදීම නිසා සිය දරුවා මියගිය බවටත් දෙමාපියෝ චෝදනා කරති.
සැත්කම සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මියගිය දරුවාගේ දෙමාපියෝ පවසති.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශය
[සංස්කරණය]මේ සම්බන්ධයෙන් අද දෙරණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතාගෙන් විමසීමකදී ඔහු පැවසුවේ, දරුවාගේ වකුගඩු අක්‍රමවත්ව පිහිටීම හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකළ අතර, එම සැත්කම අතරතුර නිරෝගී වකුගඩුවද ඉවත්වී ඇති බවයි.
''මේ දරුවාගේ උප්පත්තියෙන්ම වකුගඩු දෙක යාබද වෙලා පිහිටීම නිසා එම එක වකුගඩුවක් අකර්මන්‍ය වෙලා, විෂබීජ ගිහිල්ලා එය නරක් වීම මත ඒක ඉවත් කිරීමේදී අනිත් වකුගඩුවත් ඉවත් වෙලා තියනවා. ශල්‍යකර්මයේදී ඒක හඳුනාගන්න හැකි වෙලා නෑ. ඒ නිසා වකුගඩුවක් බද්ධ කිරීමට පෙර විෂබීජයක් ආසාදනය වෙලා තමා මේ දරුවා මියගිහිල්ලා තියෙන්නේ''
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "රිජ්වේ රෝහලේ දරුවා මියගියේ වෛද්‍ය නොසැලකිල්ලෙන් ද?", අද දෙරණ, 2023 ජුලි 28
- ^ අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කළ වෛද්‍යවරයා පවුල සමග රට ගිහින් (gossiplankanews.com)
- ^ අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කරලා! | Divaina
- ^ වරද ශල්‍යකර්මයේ නම් ජීවිතයට වන්දි ගෙවනු, මවුබිම , 2023 ජුලි 31
- ^ ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (adaderana.lk)
- ^ සැත්කමින් ඉවත් කර ඇත්තේ දරුවාගේ නිරෝගී වකුගඩුව - අධිකරණයේදී හෙළිවේ (gossiplankanews.com)