හත්කෝරළේ
Appearance
(හත්කෝරලේ වෙතින් යළි-යොමු කරන ලදි)
පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට තරමක් අනුරූපී වෙ.
උප බෙදීම්
[සංස්කරණය]මහනුවර යුගය
[සංස්කරණය]ඉහල දොළොස්පත්තුව
[සංස්කරණය]- 1. තිරගංදහය කෝරළේ
- 2. වෑඋඩ කෝරළේ
- 3. මාදුරු කෝරළේ
- 4. දෙගල්බොඩ කෝරළේ
පහල දොළොස්පත්තුව
[සංස්කරණය]- 5. කටුගම්පොල කෝරළේ
- 6. දේවමැද්දේ කෝරළේ
- 7. මාගල් කෝරළේ
ඉංග්‍රීසි යුගය
[සංස්කරණය]ඉංග්‍රීසීන් සිංහල රාජධානිය ගිවිසුමක් මගින් ලබාගත් පසු මෙම උප පාලන ඒකක පරිපාලන ඒකක බවට පත්කෙරිනි.
1. වෑඋඩවිල්ලි හත්පත්තුව
[සංස්කරණය]ප්රධාන ලිපිය: වෑඋඩවිල්ලි හත්පත්තුව
- තිරගංදහය කෝරළේ, වෑඋඩ කෝරළේ සහ මාදුරු කෝරළේ එක්කර සාදන ලදී
- වෑඋඩවිල්ලි හත්පත්තුව පහත කොට්ඨාශ වලින් සමන්විත වේ.
- තිරගම් දහය
- ගම් දහය
- ගම් නවය
- වෑ උඩ
- හේවාවිස්ස
- මාදුරේ ඉහළ විසිදෙක
2. හිරියාල හත්පත්තුව
[සංස්කරණය]ප්රධාන ලිපිය: හිරියාල හත්පත්තුව
- දෙගල්බොඩ කෝරළේ නම වෙනස්කිරීමෙන්
3. කටුගම්පොල හත්පත්තුව
[සංස්කරණය]- කටුගම්පොල කෝරළේ නම වෙනස්කිරීමෙන්
- කටුගම්පොල හත්පත්තුව පහත කෝරළ වලින් සමන්විත වේ.
- රැකෝ පත්තුව
- උඩපොල මැදලස්ස
- උඩපොළ ඕතොට
- මැද්දේකැටිය කටුගම්පොල
- කටුගම්පොල මැද පත්තුව
- පිටිගල් කෝරළය
- යටිකහ සහ අංගමු කෝරළය
4 දේවමැදි හත්පත්තුව
[සංස්කරණය]- දේවමැද්දේ කෝරළේ නම වෙනස්කිරීමෙන්
- දේවමැදි උඩකහ
- දේවමැදි ගම් දහය
- ගිරිතලාන් බලදොර ගම් දහය
- කිනියම
- දේවමැදි
- දේවමැදි වලගම්පත්තුව
- කප්පරගම සහ යගම්පත්තු කෝරළය
- යන කෝරළ වලින් දේවමැදි හත්පත්තුව සෑදී ඇත.
5. වන්නි හත්පත්තුව
[සංස්කරණය]- මාගල් කෝරළේ නම වෙනස්කිරීමෙන්
- වන්නි හත්පත්තුවේ කෝරළ
- මගුල් මැද
- ගං දහය
- මගුල් ඕතොට
- හතලිස් පහ
- ගං තිහ
- පහල විසි දෙක සහ ඔයෙන් එගොඩ කෝරළය
විශේෂ කරුණු
[සංස්කරණය]දඹදෙණි හත්පත්තුව වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වුවද අතීත සත්කෝරළයට අයත්ව තිබී නැත.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]වැඩිදුර කියවීම්
[සංස්කරණය]- Journal of Dutch Burgher Union of Ceylon, July 1935